ඕස්ට්‍රේලියාවද ඇතුළුව රටවල් 45 කට ගාස්තු අය කිරීමකින් තොරව On arrival වීසා ලබාදීමට ශ්‍රී ලංකා රජය තීරණය කරයි (SBS සිංහල / වාර්තා)

va

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව රටවල් 39කට වීසා ගාස්තු අය කිරීමකින් තොරව ලබා දීමට යෝජිතව තිබු on arrival වීසා ලබා දීම රටවල් 45 කට ලබා දීමට ශ්‍රී ලංකා රජය තීරණය කොට තිබේ. රජය මැයි 1 වැනිදා සිට මෙම වීසා ලබා දීමට යෝජනා කර තිබුනත් පාස්කු ඉරිදා ප්‍රහාර හේතුවෙන් ආරක්ෂාව මත එය කල් තැබිණ.
රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ සංචාරක ප්‍රවර්ධන අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ අනුදැනුමෙන් මෙසේ මෙම වීසා ලබා දෙන රටවල් සංඛ්‍යාව වැඩි කොට ඇති බවයි.
මේ අනුව අගෝස්තු 1 වන දා සිට වීසා ගාස්තු අය කිරීමකින් තොරව මසක කාලයක් සඳහා On arrival වීසා ලබාදීමට ශ්‍රී ලංකා රජය තීරණය කොට ඇත.
වාර්තා වන අන්දමට මේ වන විට ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු නැවත ඉක්මනින්ම යතා තත්වයට පත් වෙමින් පවතී. ලෝකයේ සාමාන්යෙන් ත්‍රස්ත ප්‍රහාරයකින් පසුව රටක් යතා තත්වයට පත් වීමට මාස 13 ක් පමණ ගත වන බව සදහන්.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපති කිෂූ ගෝමස් මහතා ගේ වාර්තා අනුව මැයි මසදී 71% කින් අඩු වූ සංචාරකයන්ගේ පැමිණීම ජුලි මස 3වැනි සතිය වන විට 38%ක අඩුවීමක් දක්වා පහත බැස තිබේ.

ඔහු බලාපොරොත්තු වන්නේ තවත් මාස 4 කින් පමණ එය යතා තත්වයට පත් වනු ඇති බවයි. 

මේ අතර රජය රුපියල් බිලියනයක සංචාරක ප්‍රවර්ධන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ශ්‍රී ලංකාවට ගුවන් ටිකට් පත් වල මිල අඩු කිරීමේ ක්රියාමාර්ගයක්ද ගැනීමට තීරණය කොට තිබේ.

එසේ On Arrival වීසා ලබා දෙන රටවල් මෙසේයි

1. Australia
 
2. Austria
 
3. Belgium
 
4. Bulgaria
 
5. Cambodia
 
6. Canada
 
7. China
 
8. Croatia
 
9. Cyprus
 
10. Czech Republic
 
11. Denmark
 
12. Estonia
 
13. Finland
 
14. France
 
15. Germany
 
16. Greece
 
17. Hungary
 
18. Iceland
 
19. India
 
20. Ireland
 
21. Italy
 
22. Japan
 
23. Latvia
 
24. Lithuania
 
25. Luxembourg
 
26. Malta
 
27. Malaysia
 
28. Netherlands
 
29. Norway
 
30. New Zealand
 
31. Philippines
 
32. Poland
 
33. Portugal
 
34. Romania
 
35. Russia
 
36. Singapore
 
37. Slovak Republic
 
38. Slovenia
 
39. South Korea
 
40. Spain
 
41. Sweden
 
42. Switzerland
 
43. Thailand
 
44. United Kingdom
 
45. United States of America 
sc
Source: SBS

Share
Published 8 August 2019 11:18pm
Updated 9 August 2019 9:14am
By Charitha Adikari

Share this with family and friends