2023 බූස්ටර් එන්නත් 4ක් දැන් ඔස්ට්‍රේලියාවේ, ලබාගත හැක්කේ කාටද සහ ලබාගත යුත්තේ කුමක්ද?

2023 මාර්තු 6 සිට සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානුවන්ට Pfizer's BA.4/5 bivalent එන්නත ලබා ගත හැක.

Further COVID-19 Restrictions Come Into Effect Across Greater Sydney As NSW Lockdown Continues

People at a vaccination centre in Sydney. (file) Credit: Lisa Maree Williams/Getty Images

Key Points
  • Australians can access Moderna's BA.4/5 bivalent vaccine in April
  • Bivalent boosters targeting Omicron's original variant and BA.1 variant are available to residents
බොහෝ දෙනෙකුට මාස හයකට පෙර අවසන් COVID එන්නත ලබා දී ඇති බැවින් ඔවුන්ගේ 2023 බූස්ටර් මාත්‍රාව ලබා ගන්නා ලෙස වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී මහාචාර්ය Brett Sutton ප්‍රාන්ත වැසියන්ගෙන් ඉල්ලා සිටියේය.

ඔබගේ කොවිඩ් බූස්ටර් මාත්‍රාව ලබා ගැනීම බැටරියේ ආරෝපණය අඩු වූ විට ඔබගේ දුරකථනය නැවත ආරෝපණය කිරීමක් වැනි බව ඔහු පැහැදිලි කළේය.

2023 බූස්ටර් මාත්‍රාව පසුගිය මාස හය තුළ COVID ආසාදනයක් නොතිබුණු හෝ බූස්ටර් මාත්‍රාවක් නොලැබූ සියලුම ඔස්ට්‍රේලියානු වැඩිහිටියන් සඳහා ලබා ගත හැකිය.

බරපතල ලෙස COVID-19 අවදානම වැඩි කරන සෞඛ්‍ය ගැටළු සහිත වයස අවුරුදු 5-17 පුද්ගලයින්ට ද එය ලබා ගත හැකිය.

නමුත් bivalent එන්නත් හතරෙන් තමන්ට වඩාත් සුදුසු එන්නත් කුමක්ද යන්න තීරණය කරන්නේ කෙසේද?

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:

SBS සිංහල Facebook පිටුව:

SBS Audio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————

නිවැරදි bivalent එන්නත

එක් එන්නතක් පරයා තවත් එන්නතක් ප්‍රවර්ධනය නොකරන බව ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය හා Aged Care දෙපාර්තමේන්තුව පැවසුවේය.

කොවිඩ් එන්නත් වර්ගවලට අදාළ සායනික තීරණ එක් එක් පුද්ගලයන්ට සහ ඔවුන්ගේ එන්නත් සපයන්නන්ට අදාළ වන බවද දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

කෙසේ වෙතත්, දෙපාර්තමේන්තුව විසින් තීරණයකරන ලද සුදුසුකම් නිර්ණායක අනුව වයස අවුරුදු 18 සහ ඊට වැඩි පුද්ගලයින්ට මෙම bivalent එන්නත් හතරෙන් එකක් තෝරා ගත හැකිය: Pfizer BA.1, Moderna BA.1, Pfizer BA.4/5, සහ Moderna BA.4/5.

නමුත් වයස අවුරුදු 12-18 අතර අයට තෝරාගත හැක්කේ BA.4/5 bivalents පමණි.

පවතින සියලුම එන්නත් මඟින් සංසරණය වන සියලුම වයිරස් වලට එරෙහිව ආරක්ෂිත ප්‍රතිදේහ වැඩි කරන බව නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලයේ Kirby ආයතනයේ සහකාර මහාචාර්ය Stuart Turville පැවසුවේය.

දෙපාර්තමේන්තුවේ සහ ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඕස්ට්‍රේලියානු තාක්ෂණික උපදේශන කණ්ඩායමේ දත්ත (ATAGI) BA.4/5 bivalent එන්නත් මගින් ඉහළ ප්‍රතිදේහ නිපදවන බව පෙන්වා දී ඇත.

ප්‍රතිදේහ

Pfizer හි BA.4/5 එන්නත Omicron හි BA.4/5 උප ප්‍රභේදවලට එරෙහිව Pfizer මුල් එන්නත ලබා ගත් විටදී වඩා 2.9 ගුණයකින් වැඩි ප්‍රතිදේහ නිපදවූ බව දෙපාර්තමේන්තුව පැවසුවේය.

මෙම අධ්‍යනය වයස අවුරුදු 55 සහ ඊට වැඩි වැඩිහිටියන් සඳහා සිදු කරන ලදී.

"නව BQ.1.1 සහ XBB.1 උප ප්‍රභේද උදාසීන කිරීම ද මුල් එන්නතට වඩා වැඩි බව එහිදී හෙළි විය.

Moderna හි සායනික අත්හදා බැලීම් දත්ත වලට අනුව BA.4/5 bivalent Omicron හි BA.4/5, BQ.1 සහ XBB උප ප්‍රභේදවලට එරෙහිව 5.1-6.3 ගුණයකින් වැඩි ප්‍රතිදේහ නිපදවන බව මීට පෙර Moderna හි මුල් එන්නත හෝ BA.1 bivalent ලබා ගත් අයට වඩා වැඩි බව දෙපාර්තමේන්තුව පවසයි.

සුදුසුකම් ලත් පුද්ගලයින් මුල් බූස්ටර් මාත්‍රාවලටවලට වඩා BA.4/5 එන්නත් වලට කැමති විය හැකි බව සිඩ්නි තාක්ෂණ විශ්ව විද්‍යාලයේ සහකාර මහාචාර්ය Jane Frawley පැවසුවාය.

"නව bivalent එන්නත් දැනට සංසරණය වන උප ප්‍රභේදවලට, වඩා හොඳින් ගැලපෙන අතර COVID-19 ට එරෙහිව අපව ආරක්ෂා කිරීමට වඩා හොඳයි," යනුවෙන් ද ඇය පැවසුවාය.

රෝහල්ගතවීම, මරණය සහ අවදානම

රෝහල්ගතවීමට හෝ මරණයට පත්වීමට එරෙහිව BA.4/5 එන්නත්වල සඵලතාවය මුල් බූස්ටර් මාත්‍රාව හා සසඳන විට 62%ක් බවත් මුල් බූස්ටර් මාත්‍රාවේ එම අගය තිබුණේ 25%ක් පමණ බවත් මෑතකාලීන ඇමෙරිකානු අධ්‍යයනයක් උපුටා දක්වමින් දෙපාර්තමේන්තුව පැවසුවේය.

"නව හෝ අනපේක්ෂිත අවදානම් සංඥා කිසිවක් වාර්තා වී නැති බවද ඔවුහු පැවසුහ.

"Moderna bivalent BA.4/5 එන්නතෙන් පසු myocarditis හෝ pericarditis ඇතිවීමේ ඉතා කුඩා අවදානමක් ඇති බවත් Moderna Original ප්‍රථම බූස්ටර මාත්‍රාවෙන් පසුව ඇති අවදානමට වඩා වැඩි බවක් පෙනෙන්නට නැහැ, Pfizer bivalent BA.4/5 එන්නතෙහි බූස්ටර මාත්‍රාව වයස අවුරුදු 12 ට වැඩි පුද්ගලයින් සඳහා ලබාගත හැකියි," ATAGI නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

izer's BA.4/5 එන්නත බූස්ටරයක් ලෙස භාවිතා කරන විට එහි BA.1 සහ මුල් එන්නතෙහි අවදානම සමාන බව පෙබරවාරි 8 වැනි දින වෙනම ප්‍රකාශයක් නිකුත් කරමින් ඔස්ට්‍රේලියාවේ ඉහළම එන්නත් උපදේශක කමිටුව සඳහන් කළේය.

දෙවන බූස්ටර මාත්‍රාව ලෙස Pfizer bivalent BA.4/5 ලබාගත් අයට පහත අතුරු ආබාධ ප්‍රතික්‍රියා ලැබී තිබේ:
  • එන්නත ලබාදුන් ස්ථානයේ වේදනාව ඇතිවීම - 68.5%
  • තෙහෙට්ටුව - 56.4%
  • හිසරදය - 41.4%
  • මාංශ පේශි වේදනාව- 25.8%
  • උණ - 7.3%
  • එන්නත ලබාගත් ස්ථානයේ ඉදිමීම - 5.4%
  • එන්නත ලබාගත් ස්ථානයේ රතුවීම - 4.8%

ලබාගත හැකි දිනයන්

ඔස්ට්‍රේලියානු රජය Pfizer's BA.4/5 bivalent එන්නත් මාත්‍රාවෙන් මිලියන 10ක් සැපයීම තහවුරු කර ඇත. එය මාර්තු 6 සිට ලබා ගත හැකිය.

Moderna's BA.4/5 එන්නතෙහි මාත්‍රා මිලියන තුනක් අප්‍රේල් මාසයේ සිට ලබා ගැනීමට අපේක්ෂා කෙරේ.

Moderna සහ Pfizer Bivalent Original/Omicron BA.1 එන්නත් සුදුසුකම් ඇති සහ දැන් ඔවුන්ගේ බූස්ටරය ලබා ගැනීමට කැමති අය සඳහා ලබා ගත හැකිය.
 

BA.4/5 ප්‍රාථමික මාත්‍රා ලෙස

ඇමෙරිකාව ඇතුළු ඇතැම් රටවල් BA.4/5 එන්නත් මූලික මාත්‍රා ලෙස සලකයි.

COVID-19 එන්නත් සම්බන්ධයෙන් සෑම රටකම එකම නිර්දේශයන් නොමැති බවත්, විවිධ සාධක මත පදනම්ව සෑම කෙනෙකුම තම තීරණයන් ගන්නා බවත් දෙපාර්තමේන්තුව පවසයි.

ද්වි සංයුති bivalent එන්නත් සඳහා තාවකාලික ලියාපදිංචිය මෙම අවස්ථාවේදී බූස්ටර මාත්‍රාවක් ලෙස භාවිතා කිරීමට පමණක් සහාය වන බව එය පවසයි.

ඊළඟ ප්‍රභේදය සහ එය වර්තමාන ඒවාට වඩා වෙනස් වන්නේ කෙසේද යන්න අනාවැකි කීම දුෂ්කර බව මහචාර්ය Tuville පැවසීය.


Share
Published 6 March 2023 5:56pm
Source: SBS


Share this with family and friends