ඔස්ට්‍රේලියාවේ PR ගැනීමට දකුණු ඔස්ට්‍රේලියානු Skilled වැඩසටහනට අතිරේක ඉංජිනේරු වෘත්තීන් 24 ක් (SBS සිංහල/ වාර්තා)

දැනට ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටින අයදුම්කරුවන් සඳහා මෙම අතිරේක වෘත්තීන් 24 විවෘත කර ඇත.

Important information about international travel

Important information about international travel Source: Getty Images

දකුණු ඔස්ට්‍රේලියාවේ Skilled Migration වැඩසටහන සඳහා අතිරේක ඉංජිනේරු වෘත්තීන් 24 ක් එකතු කර තිබේ.

කොවිඩ් වසංගතයෙන් අනතුරුව දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය යළි ගොඩනැංවීමේ අරමුණින් දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජය මෙම තීරණය ගෙන තිබේ.


Highlights

  • මෙම අතිරේක ඉංජිනේරු වෘත්තීන් 24 නොවැම්බර් 02 වනදා සිට විවෘත කර තිබේ.
  • දැනට ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටින අයදුම්කරුවන් සඳහා මෙම අතිරේක වෘත්තීන් 24 විවෘත කර ඇත.
  • මේ සඳහා අයදුම් කිරීමට නම් අදාළ ඉංජිනේරු වෘත්තීයේ හෝ ඊට ආසන්න වෘත්තියක අවම වශයෙන් වසර 8 ක සේවා පළපුරුද්දක් තිබිය යුතුය.

දකුණු ඔස්ට්‍රේලියාවේ Skilled Migration වැඩසටහනට අතිරේක ඉංජිනේරු වෘත්තීන් 24 ක්

දකුණු ඔස්ට්‍රේලියාවේ Skilled Migration වැඩසටහන යටතේ අතිරේක ඉංජිනේරු වෘත්තීන් 24 ක් නොවැම්බර් 02 වනදා සිට විවෘත කිරීමට දකුණු ඔස්ට්‍රේලියානු ආගමන කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

දැනට ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටින අයදුම්කරුවන් සඳහා මෙම ඉංජිනේරු වෘත්තීන් 24 විවෘත කර ඇත.

ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටින අයදුම්කරුවන් සඳහා දැනට විවෘත වී ඇති ඔස්ට්‍රේලියාවේ එකම Skilled Migration වැඩසටහන ද දකුණු ඔස්ට්‍රේලියා Skilled Migration වැඩසටහන වේ.


මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


 

නොවැම්බර් 02 සිට විවෘත කළ අතිරේක ඉංජිනේරු වෘත්තීන් 24

දකුණු ඔස්ට්‍රේලියාවේ Skilled Migration වැඩසටහන සඳහා නොවැම්බර් 02 සිට විවෘත කළ අතිරේක ඉංජිනේරු වෘත්තීන් 24 පහත පරිදි වේ.
24 Engineering occupations opened for South Australia Skilled Migration program
Source: SA Migration

අදාළ ඉංජිනේරු වෘත්තීන් හරහා state nomination ලබාගැනීමට අවශ්‍ය අවම සුදුසුකම්

  • අදාළ ඉංජිනේරු වෘත්තීයේ හෝ ඊට ආසන්න වෘත්තියක අවම වශයෙන් වසර 8 ක සේවා පළපුරුද්දක් තිබිය යුතුය.
  • Superior English level හෙවත් ඉංග්‍රීසි භාෂාවේ ඉහළම ප්‍රවීණතා මට්ටමක් පෙන්විය යුතුය. නැතිනම් එක්සත් රාජධානිය, ඇමෙරිකාව, නවසීලනත්ය, අයර්ලන්තය හෝ කැනඩාව යන රටවල විදෙස් ගමන් බලපත්‍රයක් දැරිය යුතුය.
  • Skilled Work Regional වීසා (subclass 491) සඳහා වන ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වේ ලකුණු ක්‍රමය මගින් අවම වශයෙන් ලකුණු 85 ක් ලබාගත යුතුය.
දකුණු ඔස්ට්‍රේලියාවේ Skilled Occupation ලැයිස්තුවේ ඇති සියලුම වෘත්තීන් සඳහා
Engineers office at Escondida, Chile
Source: Getty Images

දකුණු ඔස්ට්‍රේලියා state nomination

දකුණු ඔස්ට්‍රේලියා state nomination සඳහා අපේක්‍ෂිත අයදුම්කරුවන් ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ අවශ්‍යතා, දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ නිපුණතා රැකියා ලයිස්තුවේ ඇති රැකියාවල නිශ්චිත අවශ්‍යතා සපුරාලිය යුතුය.

අවම වශයෙන් ප්‍රකාශයට පත් කළ අවශ්‍යතා සපුරාලන ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටින අයදුම්කරුවන්ට දැන් Registration of Interest හෙවත් තම RoI එක යොමු කළ හැකිය.

දකුණු ඔස්ට්‍රේලියා state nomination අවශ්‍යතා පිළිබඳ සම්පූර්ණ විස්තර 


 

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.





Share
Published 4 November 2021 4:43pm
By Madhura Seneviratne

Share this with family and friends