මෙල්බර්න් ට්‍රෑම් පද්ධතිය මුළුමනින්ම සූර්ය බලයෙන් ක්‍රියා කරවීමට පියවර. (SBS සිංහල/වාර්තා)

Melbourne tram network

Melbourne Source: Flickr

මෙල්බර්න් නුවර ට්‍රෑම් රථ සූර්ය බලයෙන් ධාවනය කිරීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය සූදානම් වෙයි.


 

SBS සිංහල සේවය සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download)


 

ඒ අනුව සමස්ත මෙල්බර්න් ට්‍රෑම් පද්ධතියම ක්‍රියා කිරීමට සූර්ය බලය උපයෝගී කරගැනීම මෙම නව ව්‍යාපෘතිය හරහා සිදු කෙරෙනු ඇත.
Melbourne tram network
Source: AAP

මෙල්බර්න් ට්‍රෑම් සහ සූර්ය බලය

මෙල්බර්න් නුවර ට්‍රෑම් රථ සූර්ය බලයෙන් ධාවනය කිරීමට ප්‍රබල පිටිවහලක් වී ඇත්තේ වික්ටෝරියානු ප්‍රාන්තයේ අලුතින් විවෘත කළ සූර්ය බලශක්ති මධ්‍යස්ථානය (Solar Farm) නිසාවෙනි.

Numurkah Solar Farm නැමති මෙම සූර්ය බලශක්ති මධ්‍යස්ථානය පසුගිය ජූලි 19 වන දින විවෘත කෙරිණි.

මෙලෙස සූර්ය බලශක්තිය යොදාගැනීමෙන් මෙල්බර්න් නුවර ට්‍රෑම් රථ වලින් විමෝචනය කෙරෙන කාබන් ප්‍රතිශතය බින්දුව බවට පත් කිරීමට හැකියාව ලැබෙන බව වික්ටෝරියානු ප්‍රාන්ත රජය පවසයි.

මේ වන විට මෙල්බර්න් නුවර ට්‍රෑම් රථ 400 ක් පමණ දෛනිකව ධාවනය කෙරෙන අතර ඒ සියලුම ට්‍රෑම් ධාවනය සඳහා සූර්ය බලශක්තිය යොදාගැනීමෙන් සැලකිය යුතු කාබන් විමෝචනයක් කප්පාදු කරගැනීමට හැකිවන බව ද ඔවුන් පෙන්වා දෙයි.
Melbourne tram network
Source: AAP

Numurkah Solar Farm

Numurkah සූර්ය බලශක්ති මධ්‍යස්ථානය හරහා වාර්ෂිකව මෙගාවොට්  255,000 ක බලශක්තියක් නිපදවීමට නියමිතය.

ඩොලර් මිලියන 198 ක පිරිවැයකින් යුක්ත මෙම සූර්ය බලශක්ති මධ්‍යස්ථානයේ photovoltaic මාදිලියේ සූර්ය පැනල 373,839 ක් ස්ථාපිත කර ඇති බවත් ඒවා හෙක්ටයාර 515 ක භූමි ප්‍රමාණයක ව්‍යාප්ත වී ඇති බවත් වාර්තා වේ.

මෙය වික්ටෝරියානු ප්‍රාන්තයේ විශාලතම සූර්ය බලශක්ති මධ්‍යස්ථානය ලෙසද හැඳින්වේ.

මෙම නව සූර්ය බලශක්ති මධ්‍යස්ථානය නිසා අවම වන කාබන් විමෝචනය අලුතින් ගස් 390,000 සිටුවීමට හෝ ධාවනයෙන් මෝටර් රථ 75,000 ක් ඉවත් කිරීමට සමාන වන බව මෙල්බර්න් timeout වෙබ් අඩවිය වාර්තා කරයි.

වසර 2030 වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ 50% ක බලශක්තිය පුනර්ජනනීය බලශක්ති ප්‍රභව වලින් නිෂ්පාදනය කිරීමට වත්මන් වික්ටෝරියානු ප්‍රාන්ත රජය අපේක්ෂා කරයි.
Solar farm
Source: SBS

මෙල්බර්න් ට්‍රෑම් පද්ධතිය

මෙල්බර්න් ට්‍රෑම් පද්ධතිය ලොව විශාලතම ට්‍රෑම් පද්ධතියට හිමිකම් කියනු ලබයි.

කිලෝ මීටර් 250 කට අධික දුරක් දක්වා විහිදෙන මෙල්බර්න් ට්‍රෑම් පද්ධතියට මේ වන විට ට්‍රෑම් මාර්ග 25 ක් අයත්වෙයි.

එම මාර්ග වල ට්‍රෑම් නැවතුම් ස්ථාන 1763 ක් ඇති බවද වාර්තා වේ.

ලොව දෙවැනි හා තෙවැනි විශාලතම  ට්‍රෑම් පද්ධතියට හිමිකම් කියනුයේ පිළිවෙලින් රුසියාවේ Moscow නුවර සහ Saint Petersburg නුවරය.

වසරකට සාමාන්‍යයෙන් ට්‍රෑම් හරහා මිලියන 200 ක පමණ ගමන් වාර සිදුකෙරෙන බවද සඳහන්.
Melbourne tram network
Source: SBS

Share
Published 8 August 2019 1:09pm
By Madhura Seneviratne

Share this with family and friends