කොරෝනා එන්නත ගන්නැයි, වයස 70ට වැඩි පිරිසට නුදුරේදීම රජයෙන් ලිපියක්

ජුනි 15 වන අඟහරුවාදා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ කාලීන වැඩසටහනේ අන්තර්ගතය කෙටියෙන් ලිපියක් ලෙසින් ඉදිරිපත් කෙරේ...

Minister for Health Greg Hunt.

Minister for Health Greg Hunt Source: AAP

Highlights

  • දෙවන කොරෝනා අසදිතයා හඳුනා ගැනීමත් සමග දකුණු දිග මෙල්බර්න් හි නිවාස සංකීර්ණයක නිවැසියන්ට සති දෙකකට හුදකලා වීමට වන ලකුණු
  • ඕස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත්කරන වැඩසටහනේ වත්මන් තත්වය

දෙවන කොරෝනා අසදිතයා හඳුනා ගැනීමත් සමග දකුණු දිග මෙල්බර්න් හි නිවාස සංකීර්ණයක නිවැසියන්ට සති දෙකකට හුදකලා වීමට වන ලකුණු

පසුගිය පැය 24 ක කාලය තුල කොරෝනා පරීක්ෂණ 15,067 ක් සිදු කොට ඇති අතර ප්‍රජාව අතුරින් කිසිදු කොරෝනා ආසාදිතයකු වාර්තා වී නොමැත

මේ වන විට ප්‍රාන්තය තුල සිටින සක්‍රීය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 54 ක් ලෙස සටහන් වේ.

එමෙන්ම ඊයේ දිනයේදී කොරෝනා එන්නත් මාත්‍රා 9,997ක් වික්ටෝරියා ප්‍රාන්ත වැසියන්ට ලබා දීමටද ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන් කටයුතු කොට තිබේ.

කොරෝනා වෛරසය අසාදිත බවට පසුගිය සෙනසුරාදා හඳුනාගත් 30 හැවිරිදි එක් අසාදිත පුද්ගලයකු වාසය කල මෙල්බර්න් හි දකුණු දිග ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයක නිවැසියන් හට සති දෙකක හුදකලා කාලසීමාවකට යටත් වීමේ අවදානමක් මතුව තිබේ

මින් පෙර Arcare වැඩිහිටි සේවා මධ්‍යස්ථානයේ සේවය කල කොරෝනා ආසාදිත බවට හඳුනාගත් පුද්ගලයකුද මෙම නිවාස සංකීර්ණයේම ජීවත් වන අතර 30 හැවිරිදි මෙම පුද්ගලයා වෛරසයට ධනාත්මක වීමත් සමග ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන් මේ පිළිබඳව අවදානය යොමු කොට තිබේ.

මෙම ආසාදිතයින් දෙදෙනාගෙන්ම ලබාගත් සාම්පල වල තිබෙන කොරෝනා වෛරසයේ ජානමය අනුක්‍රමය සමාන වන අතර නිවාස සංකීර්ණය තුලදී යම් හෙයකින් මෙම දෙවන පුද්ගලයා හට වෛරසය සම්ප්‍රේෂණය වන්නට ඇති බව විශ්වාස කෙර්.

 


 SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


 

මෙම නිවාස සංකීර්ණය සම්බන්ධයෙන් ගනු ලබන තීරණ වලදී ප්‍රවේශම් සහගත පියවරක් ගන්නා අතර එම නිවාස සංකීර්ණයේ පිරිස හැකි ඉක්මනින් කොරෝනා පරීක්ෂණ කටයුතු සඳහා යෙදවීමට තාවකාලික මධ්‍යස්ථාන පිහිටුවා ඇති බව වික්ටෝරියානු ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය Martin Foley පවසයි.

සති දෙකක කාලයකට පසු මෙල්බර්න් නගරය පසුගිය සිකුරාදා දින lockdown තත්වයෙන් මිදුණු අතර ,එම නගරය තවමත් නිවාස තුල රැස්වීම, එළිමහනේ සහ ගෘහස්ත ස්ථාන වල මුහුණු ආවරණ පැළඳීම සහ කිලෝ මීටර 25ක ගමන් සීමාව වැනි සීමා මධ්‍යයේ පවතී.

නමුත් ප්‍රාදේශීය වික්ටෝරියානු වැසියන් හට තම නිවසට අමුත්තන් දෙදෙනෙකු ගෙන්වා ගැනීමට හැකියාව හිමි වන අතර පුද්ගල සීමාවන්ට යටත්ව ප්‍රදේශයන්හි පබ්, කැෆේ, කායවර්ධන මධ්‍යස්ථාන වැනි ස්ථාන විවුර්ත කොට තිබේ.

එළඹෙන 18 වැනිදා මෙම කොරෝනා නීති තවදුරටත් ලිහිල් කිරීමට නියමිත අතර ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අවශ්‍ය කලට එම නීති ලිහිල් කිරීම සිදුවනු ඇති බවයි.

එමෙන්ම හැකි ඉක්මනින් ප්‍රාන්තය තුල ජන ජීවිතය නැවත යතා තත්වයට පත් කිරීමට අවශ්‍ය වන අතර නිසි මහජන සෞඛ්‍ය උපදෙස් මත එය කල හැකි බවට විශ්වාස බවද ඔහු පවසයි.

ඕස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත් වැඩසටහනේ වත්මන් තත්වය

මේ වනවිට ඔස්ට්‍රේලියාව තුල කොරෝන එන්නත් මාත්‍රා මිලියන 5.8කට වැඩ ලබා දී ඇති අතර ඕස්ට්‍රේලියානුවන් මිලියන 5කට පමණ එන්නත් ලබා දී ඇති බව ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පවසයි.

පසුගිය සතියේදී මෙම වැඩසටහන ඔස්සේ එන්නත් ලබාදීමේ වන ඉලක්කය වෙනස් කිරීම ඔස්සේ එන්නත්කරන වැඩසටහනේ කාර්යක්ෂමතාවය ඉහල ගොස් තිබේ. එමෙන්ම රට පුරා තවත් පවුල් වෛද්‍ය මධ්‍යස්ථානද මේ සඳහා එක්ව ඇති අතර ඒ හේතුවෙන් ලබාදෙන ප්‍රතිපාදනද ඉහල යනු ඇති බව අපේක්ෂා කෙරේ.

වයස අවුරුදු 70 ට වැඩ වැඩි ඔස්ට්‍රේලියනුවන්ගෙන් 61%ක් පමණ කොරෝනා එන්නත මේ වනවිට ලබාගෙන ඇති අතර එන්නත් ලබාගැනීමට ඉදිරියට පැමිණෙන ලෙස එම වයස් සීමාවේ පිරිසගෙන් ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ඉල්ලා සිටී.

එමෙන්ම ඔහු සඳහන් කොට සිටින්නේ මේ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු අගමැතිවරයාගේ , ප්‍රධාන වෛද්‍ය නිලධාරියාගේ සහ තමන්ගේ ඉල්ලීම සහිත ලිපියක් ඉදිරි සතියක හෝ දින 10ක කාලය ඇතුලත වයස අවුරුදු 70 වැඩ වැඩි ඕස්ට්‍රේලියානුවන් වෙත යොමු කරන බවයි.

ඕස්ට්‍රේලියානු කොරෝනා එන්නත් කරන මෙහෙයුම් සම්බන්ධීකාරක Eric Young පෙන්වා දෙන්නේ කොරෝනා එන්නත් සැපයුමට අදාලව වන එන්නත් ගැටලුවකින් තොරව රට තුළට පැමිණෙන බවයි.

නුදුරේදීම ඕස්ට්‍රේලියානු චිකිත්සක භාණ්ඩ පරිපාලය Pfizer එන්නත් මාත්‍රා 300,000 ක් පමණ නිකුත් කිරීමට නියමිත අතර මේ වනවිට එම එන්නත් තොගය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කෙරේ.

පසුගිය සතිය තුලදී පමණක් ඕස්ට්‍රේලියානු චිකිත්සක භාණ්ඩ පරිපාලනය Pfizer සහ AstraZeneca එන්නත් මාත්‍රා 232,000 ක් ජනතාව වෙත මුදාහැර තිබේ.

Eric Young පවසන්නේ යම් ආකාරයක ප්‍රමාදයකින් වුවද මෙම එන්නත් බෙදාහැරීම හොඳින් සිදු වන බවයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කොට සිටින්නේ පසුගිය දින කිහිපයේදී පවතී අයහපත් කලගුයත් සමග හටගත් අසීරු තත්වය හමුවේ වුවද එම සතිය තුලදී එන්නත් 1,118,000 ක් රට පුරා බෙදාහැරීම සිදු කල බවයි.

එමෙන්ම මෙම සතිය තුලදී ඕස්ට්‍රේලියාවේ මධ්‍යස්ථාන 2,800 පුරා එන්නත් මිලියන 1.1ක් ලබාදීමටද නියමිතව ඇති බව ඔහු පවසයි.

 

 ** පහත ලින්ක් එක හරහා SBS සිංහල සේවයේ අද - ජුනි මස 8 වන අඟහරුවාදා වැඩසටහනේ කාලීන විශේෂාංගයට   සවන් දිය හැකියි

Share
Published 15 June 2021 1:34pm
By Nipuna Dodangoda

Share this with family and friends