ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් පිරිසිදු කිරීමේ කර්මාන්තයෙන් ඉවත්ව යාමේ ප්‍රවණතාවයක්

ජුනි 11 වන සිකුරාදා SBS සිංහල ගුවන්විදුලියේ කාලීන වැඩසටහනේ අන්තර්ගතය කෙටියෙන් ලිපියක් ලෙසින් ඉදිරිපත් කෙරේ...

International students working in cleaning

International students working in cleaning Source: Getty Images

Highlights

  • තම මිතුරන් වෙනත් රැකියා වෙත ගොස් ඇති බව සිඩ්නිහි ජාත්‍යන්තර සිසුවකු වන Saurav පවසයි
  • ක්ෂේස්ත්‍ර කිහිපයකට පමණක් පැය 20 ඉවත් කිරීම 
  • පිරිසිදු කිරීම් රැකියා වල දැඩි හිඟයක් 
  • ඕස්ට්‍රේලියාවේ පිරිසිදුකිරීම් ක්ෂේස්ත්‍රය රැක දෙන මෙන් ඉල්ලීම් 
  • පිරිසිදු කිරීම් ක්ෂේස්ත්‍රයේ පැය 20 ඉවත් කිරීම් ගැන ඔස්ට්‍රේලියානු රජයේ මතය

 ඇතැම් ක්ෂේස්ත්‍රයන්හි රැකියාවේ නිරත ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් සඳහා රැකියාවේ නිරතවීමට පැවති සතියට පැය 20 ක් වූ සීමාව ඉවත් කලද ඒ සඳහා Cleaning හෙවත් පිරිසිදුකිරීමේ රැකියා ඇතුලත් නොවීම සම්බන්ධයෙන් එම ක්ෂේස්ත්‍රයට දැඩි තර්ජන මතුව තිබේ.

ඔස්ට්‍රේලියාව තුල ක්‍රියාත්මක වන පිරිසිදු කිරීමේ කටයුතු සිදු කරන ක්ෂේස්ත්‍රය තුල ජාත්‍යන්තර සිසුන් වැඩි පිරිසක් රැකියාවෙහි නිරත වේ.

තම මිතුරන් වෙනත් රැකියා වෙත ගොස් ඇති බව සිඩ්නිහි ජාත්‍යන්තර සිසුවකු වන Saurav පවසයි

නේපාල ජාත්‍යන්තර සිසුවකු වන Saurav සිඩ්නි හි වසර දෙකක පමණ කාලයක් තිස්සේ පිරිසිදු කිරීම් කටයුතු වල නිරත වන අතර එම රැකියාව ඔහුගේ අධ්‍යාපන කටයුතු සමග ගැටලුවකින් තොරව සිදු කල හැකි බව ඔහු පෙන්වා දෙයි..

කෙසේ නමුත් ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය ඇතැම් ක්ෂේස්ත්‍රයන්හි ජාත්‍යන්තර සිසුන් සඳහා සිදු කල පැය 20 සීමාව ඉවත් කිරීම හේතුවෙන් 22 හැවිරිදි Saurav හට මේ වනවිට වෙනත් රැකියාවක් සොයාගැනීමට සිදුව තිබේ.

ඔහු පවසන්නේ ඔහුගේ මිතුරන් බොහෝ දෙනෙක් පිරිසිදු කිරීමේ රැකියාවෙන් ඉවත්ව ආගන්තුක සත්කාරක ක්ෂේස්ත්‍රයේ රැකියා සඳහා යොමුව ඇති බවයි. ඒ ඔස්සේ ඔවුනට වැඩි පැය ගණනක් හිමි වන බවද ඔහු පවසයි.

ක්ෂේස්ත්‍ර කිහිපයකට පමණක් පැය 20 ඉවත් කිරීම

කොරෝනා වසංගතයට පෙර ඔස්ට්‍රේලියාව තුල ජාත්‍යන්තර සිසුන් හට රැකියාවේ නිරත වීමට සතියකට පැය 20 සීමා සහිත කාලයක් පැවතුනද කොරෝනා වසන්ගතයත් සමග ව්‍යාපාර බිඳවැටීම හේතුවෙන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මෙම සීමා ලිහිල් කිරීම සිදු කළේය.

ඒ අනුව කෘෂිකර්මාන්ත, ආහාර සැකසීම, සෞඛ්‍ය සේවා, වයස්ගත සත්කාරක , ආබාධිත සත්කාරක සහ ළමා රැකවරණ යන ක්ෂේස්ත්‍රයන්හි රැකියාවේ නිරත ජාත්‍යන්තර සිසුන් හට පැවති පැය 20 සීමාව ඉවත් කෙරුණු අතර ඔවුනට සීමා රහිතව රැකියාවේ නිරත වීමට අවකාශය හිමි විය.

පැය 20 වඩා රැකියාවේ නිරත වීමට ජාත්‍යන්තර සිසු හට හැකිවන රැකියා ක්ෂේස්ත්‍ර ඇතුලත් එම ලැයිස්තුව සඳහා ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය මැයි මාසයේදී සංචාරක හා ආගන්තුක සත්කාරක යන ක්ෂේස්ත්‍රයන්ද ඇතුලත් කළේය.

නමුත් ඔස්ට්‍රේලියාව තුල පිරිසිදු කිරීම් ක්ෂේස්ත්‍රය මීට ඇතුලත් නොකෙරුණ අතර ඒ හේතුවෙන් එම රැකියාවන්හි නිරත ජාත්‍යන්තර සිසුන් වැඩි පැය ගණනක් සඳහා වෙනත් රැකියා සඳහා යොමුව තිබේ.

පිරිසිදු කිරීම් රැකියා වල දැඩි හිඟයක්

වානිජ්‍ය පිරිසිදුකිරීමේ සමාගමක් වන Cleancorp සමාගමේ Lisa Macqueen සඳහන් කොට සිටින්නේ රජයේ එම තීරණය පිරිසිදු කිරීමේ ක්ෂේස්ත්‍රයට දැඩි බලපෑමක් සිදු කොට ඇති බවයි. මෙම ක්ෂේස්ත්‍රය තුලද සීමා රහිතව සේවයේ නිරත වීමට බලාපොරොත්තුවෙන් සිටින ජාත්‍යන්තර සිසුන් විශාල පිරිසක් සිටින බව ඇය පෙන්වා දෙයි

මෙම ක්සේස්ත්‍රය ඔස්ට්‍රේලියාව තුල වැඩි වශයෙන්ම ජාත්‍යන්තර සිසුන් සේවය කරන ක්ෂේස්ත්‍රයක් වන අතර එම ශ්‍රම බලකාය අවම වශයෙන් 30%ක් පමණ වේ.

Cleancorp සමාගම පවසන්නේ මේ වනවිට සිය කාර්ය මණ්ඩලයෙන් 20% පමණ පිරිසක් වෙනත් ක්ෂේස්ත්‍ර වෙත ගොස් ඇති අතර මෙම තත්වය මගින් නුදුරේදීම හෝටල් සහ කාර්යාල සඳහා පිරිසිදු කිරීම් කටයුතු අතින් දැඩි බලපෑමක් එල්ල විය හැකි බවයි.

එමෙන්ම මෙම ක්සේස්ත්‍රය කොරෝනා වරසය ඕස්ට්‍රේලියාවේ දැඩිව පැවති කාලසීමාවේදී විශාල මෙහෙයක් සිදු කල අතර මේ වනවිට උද්ගතව ඇති සේවක හිඟය ඔස්සේ නැවතත් කොරෝනා තත්වයක් මතු වුවහොත් දැඩි අවදානමක් ඇතිවන බවද එම සමාගම පවසයි.

ඕස්ට්‍රේලියාවේ පිරිසිදුකිරීම් ක්ෂේස්ත්‍රය රැක දෙන මෙන් ඉල්ලීම්

මෙය සැබෑ ලෙසම සැලකිල්ලක් දැක්විය යුතු තත්වයක් වන බව එක්සත් කම්කරු සංගමයේ Anthony Byrne පවසයි. ඔහු පෙන්වා දෙන්නේ පිරිසිදු කිරීම් සිදු කරන පිරිස අඩු වුවහොත් රැකියා ස්ථාන සඳහා පවතින ආරක්ෂාවද අඩු වන අතර එමගින් දැඩි බලපෑමක් එල්ල විය හැකි බවයි.

සෞක්‍ය සහ කෘෂිකර්මික ක්ෂේස්ත්‍රයන්හි පිරිස මෙන්ම පිරිසිදු කිරීමේ ක්ෂේස්ත්‍රයේ පිරිසද කොරෝනා වසංගතය අතරතුර ඉදිරි පෙළ සේවකයින් ලෙස සලකුනද මේ වනවිට ඔවුන් අමතක කිරීමක් ඕස්ට්‍රේලියානු රජය සිදු කොට ඇති බව Anthony පවසයි.

එමෙන්ම මෙම පිරිස ,අප නිවසේ සිටියදී අපේ රැකියා ස්ථානය පිරිසිදු කරමින් නිහඬ සේවයක් සිදු කරන අතර ඉතා ඔවුන් ඉතා වටිනා ශ්‍රම බලකායක් බවද ඔහු වැඩි දුරටත් පෙන්වා දෙයි

ඔහු ඕස්ට්‍රේලියානු රජයෙන් ඉල්ලා සිටින්නේ වෙනත් ක්ෂේස්ත්‍රයන්හි මෙන්ම පිරිසිදු කිරීමේ ක්ෂේස්ත්‍රයේ ජාත්‍යන්තර සිසුන් සඳහාද සතියකට පවතින පැය ගණන සීමා කිරීම ඉවත් කොට මෙම ක්ෂේස්ස්ත්‍රය ආරක්ෂා කරන ලෙසයි.

පිරිසිදු කිරීම් ක්ෂේස්ත්‍රයේ පැය 20 ඉවත් කිරීම් ගැන ඔස්ට්‍රේලියානු රජයේ මතය

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ස්වදේශ කටයුතු ප්‍රකාශකයකු SBS සේවය වෙත පැවසුවේ ශිෂ්‍ය වීසා බලපත්‍රලාභීන් සඳහා වන පැය ගණන ඉහල දැමීම හෝ සීමා රහිත කිරීම පිලිබඳව තීරණය ඕස්ට්‍රේලියානු රජය ගන්නා අතර එම තීරණය සඳහා ඕස්ට්‍රේලියාවේ ශ්‍රම හිඟය, රැකියා අහිමි වීම සහ සේවක සුරාකෑම වැනි දෑ පිළිබඳව මුලින්ම අවධානය යොමු කරන බවයි.

කෙසේ නමුත් ඔහුගේ එම ප්‍රකාශය ඕස්ට්‍රේලියාවේ පිරිසිදු කිරීම් ක්ෂේස්ත්‍රයට යම් බලාපොරොත්තුවක් එක් කරයි.


Share
Published 11 June 2021 1:51pm
Updated 11 June 2021 7:57pm
By Nipuna Dodangoda

Share this with family and friends