කොරෝනා තිබියදීත් හතර අතේ ගිය භාණ්ඩ බෙදාහැරීමේ රියදුරෙකු නිසා මෙල්බර්න් වැසියන්ට තවත් රතු එළියක් (SBS සිංහල/ වාර්තා)

මෙම පුද්ගලයා හට වයිරසය ආසාදනය වුවද කොරෝනා රෝග ලක්ෂණ නොපෙන්වා ඇති බවත් එනිසාම ඔහු සාමාන්‍ය පරිදි තම රාජකාරී කටයුතු සිදු කළ බවත් වාර්තා වේ.

A symptomless delivery driver visited a number of Melbourne venues and has sparked the alert

A symptomless delivery driver visited a number of Melbourne venues and has sparked the alert Source: Getty Images

වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගෙන් එක් ආසාදිතයෙකු හේතුවෙන් බරපතල අවදානම් තත්ත්වයක් මතුව තිබේ.

එම ආසාදිතයා මෙල්බර්න් නුවර විශාල ආහාර බෙදාහැරීමේ මධ්‍යස්ථානයක භාණ්ඩ බෙදාහැරීමේ රියදුරෙකු (Delivery driver) වන අතර වයිරසය ආසාදනය වී තිබියදී තම රාජකාරී කටයුතු සඳහා ඔහු ප්‍රදේශ ගණනාවක සැරිසරා තිබීම ඊට හේතුව වී ඇත.


Highlights

  • වයිරසය ආසාදනය වී තිබියදී මෙම පුද්ගලයා මැයි 18 - 27 අතර දිනවල මෙල්බර්න් කලාපයේ විවිධ වෙළඳසැල් වෙත ගොස් තිබේ.
  • මෙම ආසාදිතයා Epping, Dandenong, Craigieburn උප නගර හා ඒ ආශ්‍රිත ප්‍රදේශ වල වයිරසය ආසාදනය වී තිබියදී සැරිසරා ඇත.
  • මෙම පුද්ගලයා හට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ පසුගිය බ්‍රහස්පතින්දා (27/05) සිදුකළ කොරෝනා පරීක්ෂාවෙනි.

භාණ්ඩ බෙදාහැරීමේ රියදුරා නිසා මෙල්බර්න් නුවරට රතු එළි

මෙම පුද්ගලයා හට වයිරසය ආසාදනය වුවද කොරෝනා රෝග ලක්ෂණ නොපෙන්වා ඇති බවත් එනිසාම ඔහු සාමාන්‍ය පරිදි තම රාජකාරී කටයුතු සිදු කළ බවත් වාර්තා වේ.

කෙසේවෙතත්, වයිරසය ආසාදනය වී තිබියදී මෙම පුද්ගලයා මැයි 18 - 27 අතර දිනවල මෙල්බර්න් කලාපයේ විවිධ වෙළඳසැල් වෙත ගොස් තිබේ.

මෙම පුද්ගලයා හට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ පසුගිය බ්‍රහස්පතින්දා (27/05) සිදුකළ කොරෝනා පරීක්ෂාවෙනි.

මෙම ආසාදිතයා Epping, Dandenong, Craigieburn උප නගර හා ඒ ආශ්‍රිත ප්‍රදේශ වල වයිරසය ආසාදනය වී තිබියදී සැරිසරා ඇති අතර ඒ හේතුවෙන් ඔහු ආ ගිය ස්ථාන 20 ක් පමණ වූ ලැයිස්තුවක් වික්ටෝරියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබේ.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


කොරෝනා ආසාදිත භාණ්ඩ බෙදාහැරීමේ රියදුරා ආ ගිය ස්ථාන

මැයි 18

  • Vic fields Summerhill Shopping Centre, Reservoir - 16:20 සිට 17:30
  • Khalsa Sweets and Snacks, Epping - 12:20 සිට 13:10
  • Erol's Fruit Shop, Wollert - 11:25 සිට 12:10
  • Hamara Bazaar, Wollert - 10:30 සිට 11:30
 

මැයි 19

  • Bestway Supermarket, Lonsdale Street, Dandenong - 12:15 සිට 13:15
  • Bestway Supermarket, Cleeland Street, Dandenong - 13:00 සිට 13:40
  • Marmara Halal Meats, Dandenong, 11:35 සිට 12:25
  • Sabrini Foods, Carrum Downs - 14:00 සිට 18:00
  • Spice Inn Groceries, Cleeland Street, Dandenong - 13:00 සිට 13:40
  • Indiagate Spices & Groceries, Epping - 09:45 සිට 10:30
 

මැයි 22

  • Epping Spices & Nuts Grocery Store, Epping - 09:00 සිට 21:00
  • Star Car Wash 1, Westfield Plenty Valley, Mill Park - 08:00 සිට 17:30
 

මැයි 23

  • Star Car Wash 1, Westfield Plenty Valley, Mill Park - 08:00 සිට 17:30
 

මැයි 24

  • Epping Spices & Nuts Grocery Store, Epping - 09:00 සිට 21:00
 

මැයි 25

  • Epping Spices & Nuts Grocery Store, Epping - 09:00 සිට 21:00
  • Dosa Hut Craigieburn - 17:45 සිට 19:15
  • Star Car Wash 1, Westfield Plenty Valley, Mill Park - 08:00 සිට 17:30
 

මැයි 26

  • Epping Spices & Nuts Grocery Store - 09:00 සිට 21:00
  • Star Car Wash 1, Westfield Plenty Valley, Mill Park - 08:00 සිට 17:30
 

මැයි 27

  • Healthy India, on Broadway, Reservoir - 09:30 සිට 14:00
ඉහත ස්ථාන වලට අදාළ දින වලදී සහ සහ අදාළ වේලාවන් හිදී ගොස් ඇති පුද්ගලයින් වෙතොත් ඔවුන් වහාම කොරෝනා පරීක්ෂාවක් සිදුකර දින 14 ක් නිරෝධායනය විය යුතු බව වික්ටෝරියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව දන්වයි.

වික්ටෝරියානු ප්‍රාන්තයේ මෙතෙක් වාර්තා වූ සියලුම කොරෝනා ආසාදිතයින් ආ ගිය ස්ථාන ලැයිස්තුව

Share
Published 29 May 2021 6:27pm
By Madhura Seneviratne

Share this with family and friends