වසර 5 ක පූර්ණ කාලීන රැකියා වීසාවක් ලබා දෙන නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ 491 වීසා සඳහා අයදුම්පත් බාරගැනීම දැන් විවෘතයි (SBS සිංහල/ වාර්තා)

NSW announced that they will commence the 491visa program from Feb 2021

NSW announced that they will commence the 491visa program from Feb 2021 Source: Getty Images

පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී හඳුන්වා දුන් ඔස්ට්‍රේලියාවේ නව ප්‍රාදේශීය වීසා ඛාණ්ඩයක් වන Skilled Work Regional (Provisional) වීසා හෙවත් 491 වීසා සඳහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය අයදුම්පත් බාරගන්නා බව නිවේදනය කර තිබේ.


SBS සිංහල සේවය

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download)


නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය 491 වීසා සඳහා අයදුම්පත් බාරගැනීම පසුගිය ජුනි 15 වන දින සිට ආරම්භ කර ඇත.
Migration agents
Queensland'in sunduğu vizenin bazı avantajları var. Source: Getty Images

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ 491 වීසා

පසුගිය ජුනි 15 වන දින සිට ඔබට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ 491 වීසා සඳහා Expression of Interest හෙවත් EOI එකක් යොමු කළ හැකිය.

එලෙස නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ 491 වීසා සඳහා EOI එකක් යොමු කිරීමට ඇති කාලය 2020 ජුනි 23 වන දින පස්වරු 5 න් අවසන් වන බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය පවසයි.

ඒ සියලු EOI 2019/20 මුල්‍ය වර්ෂය අවසානයේදී සලකා බැලෙන බවද සඳහන්.

491 වීසා සඳහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ රැකියා ලැයිස්තු (occupation lists) දෙකක් ඇති බව www.business.nsw.gov.au වෙබ් අඩවිය වාර්තා කරයි.

ඔබ මේ වන විට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වාසය කරමින් රැකියා කරනවානම් ඔබගේ රැකියාව/වෘත්තීය තිබිය යුතු වේ.

ඔබ මෑතකදී අධ්‍යාපනය හමාර කර හෝ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් පිටත සිට හෝ අයදුම් කරනවානම් ඔබගේ රැකියාව/වෘත්තීය දෙවැනි ලැයිස්තුවේ (stream 2) තිබිය යුතු වේ.
These interim allocations will be updated after the Budget is handed down in October.
These interim allocations will be updated after the Budget is handed down in October. Source: AAP

මේ සඳහා අයදුම් කළ හැක්කේ කා හටද?

මේ සඳහා අයදුම් කිරීමට ඔබ වයස අවුරුදු 45 ට අඩු විය යුතුය.

පහත සඳහන් සියලුම අවශ්‍යතාවන් සපුරන අයදුම්කරුවන්ට මේ සඳහා අයදුම් කළ හැකිවේ.

ඔබට පහත සඳහන් එක් අවශ්‍යතාවක් හෝ සැපිරිය නොහැකි නම් මේ සඳහා අයදුම් නොකරන ලෙස නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය අවධාරණය කරයි.

මෙම අයදුම් කිරීම සඳහා ඩොලර් 330 ක ගාස්තුවක් අය කරන අතර එය නැවත නොගෙවනු ලබයි.

සැපිරිය යුතු අවශ්‍යතා

  • ඔබේ රැකියාව/වෘත්තීය Regional (Provisional) වීසා (subclass 491) - NSW Stream 1ලැයිස්තුව යටතේ තිබිය යුතුය.
  • අවම වශයෙන් පසුගිය මාස 12 ඇතුළත නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාපයක ජීවත් වීම.
  • අවම වශයෙන් පසුගිය මාස 12 ඇතුළත නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාපයක රැකියා කිරීම.
  • අවම වශයෙන් පසුගිය මාස 12 ඇතුළත ඔබගේ නිර්දේශිත රැකියාවේ/වෘත්තියේ (nominated occupation) නිරත වීම හෝ ඊට ආසන්න රැකියාවක/වෘත්තියක නිරත වීම.
The number of people able to migrate to Australia per year once borders reopen also hasn’t increased, with a cap of 160,000 set for 2021-22.
Yeni bütçede yıllık sürekli oturum hakkı veren vize sayısında 160 bin sınırı korundu. Source: Getty Images

අයදුම් කරන අයුරු

පළමු පියවර

ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ හරහා ඔබේ EOI එක යොමු කළ යුතුය.

එහිදී ඔබ අයදුම් කරන ප්‍රාන්තය ලෙස නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය සඳහන් කළ යුතුය.

ඉන් අනතුරුව ඔබටම වෙන්වූ EOI අංකයක් ලැබෙනු ඇත.

දෙවැනි පියවර

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ 491 වීසා සඳහා අයදුම් පත්‍රය සම්පූර්ණ කිරීම.

මේ සඳහා පහත සඳහන් ලියවිලි ඔබ ඇමිණිය යුතුවේ.

  • ඔබගේ සම්පූර්ණ විස්තර රැගත් ජීව දත්ත පත්‍රිකාව
  • ඔබගේ වලංගු skills assessment එක
  • ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය මැන බලන වලංගු පරීක්ෂණයේ ප්‍රතිඵල සටහන
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාපයක වාසය කරන බව සහ රැකියා කරන බව සනාථ කිරීමට අදාළ ලියවිලි
  • ඔබගේ EOI ලකුණු සනාථ කිරීමට අදාල ලියවිලි
ඔබගෙන් වැඩිදුර තොරතුරු හෝ ලියවිලි ඉල්ලා සිටියහොත් ඒවා දින 14 ක් ඇතුළත ලබා දිය යුතුවේ.

තුන්වන පියවර

අයදුම් පත් ගාස්තුව ගෙවීම.

මෙම අයදුම් කිරීම සඳහා ඩොලර් 330 ක ගාස්තුවක් අය කරන අතර එය නැවත නොගෙවනු ලබයි.

ගෙවීමට ලැබෙන රිසිට් පත ඔබේ අයදුම්පත සමග ඇමිණිය යුතුවේ.


 

SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)


 

සිව්වන පියවර

ඔබේ අයදුම්පත යොමු කිරීම.

ඔබේ අයදුම්පත regional.migration@treasury.nsw.gov.au යන ලිපිනයට යොමු කළ යුතුවේ.

ඔබේ අයදුම්පත සමග ඊට අදාළ සියලු ලියවිලි සහ අයදුම්පත් ගාස්තුව ගෙවූ රිසිට් පතද ඇමිණිය යුතුවේ.

එහිදී ඊමේල් පණිවිඩයේ subject line එක සඳහා Application - EOI number - SURNAME Given name - DOB යන පිළිවෙලට ඔබේ තොරතුරු වලින් සටහන් කළ යුතුය.

එමෙන්ම සියලු ලියවිලි PDF මාදිලියෙන් එවිය යුතුවන අතර ඔබේ ඊමේල් පණිවිඩය 50MB ට වඩා විශාල නොවිය යුතුය.

පස්වන පියවර

ඔබේ අයදුම්පත යොමු කළ පසුව ඔබට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත භාණ්ඩාගාරයෙන් එය ලැබුණු බවට සනාථ කළ ඊමේල් පණිවිඩයක් ලැබෙනු ඇත.

හයවන පියවර

අයදුම්පතක් සලකා බැලීමට සාමාන්‍යයෙන් සති හතරක කාලයක් වැයවන බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය පවසයි.

නමුත් අයදුම්පතින් අයදුම්පතට එය වෙනස් වනබවද ඔවුහු පවසති.

කෙසේහෝ ඔබේ අයදුම්පතේ අවසාන තීරණය ඔබට දැනුම් දෙනු ඇත.
Sinhalese
Source: SBS Sinhala

Share
Published 18 June 2020 2:20pm
Updated 7 September 2020 11:18am
By Madhura Seneviratne

Share this with family and friends