Superannuation ගිණුමෙන් ඔබට මුදල් අහිමි විය හැකි අයුරු ගැන දැනුවත්ද?

Superannuation යනු ඔස්ට්‍රේලියානුවන් විශ්‍රාම යාමේදී ප්‍රවේශ විය හැකි අනිවාර්ය ඉතුරුම් ක්‍රමයක් වේ.කෙසේ නමුත් ඔස්ට්‍රේලියාවේ සිටින ඇතැම් සංක්‍රමණික සේවකයින් හට Superannuation පිළිබඳව නිසි දැනුමක් නොතිබීම මත අනවශ්‍ය ගාස්තු ගෙවීමෙන් ඔවුන්ගේ ඉතුරුම් අහිමිව යා හැකි බව විශේෂඥයින් අනතුරු අඟවා සිටී.

About a quarter of all super account holders in Australia end up with multiple super funds, paying unnecessary fees

About a quarter of all super account holders in Australia end up with multiple super funds, paying unnecessary fees Source: Getty Images

Superannuation යන්න Super ලෙසද ඔස්ට්‍රේලියාවේ හැඳින් වේ. එය ඔබ විශ්‍රාම යාමේදී ලබාගත හැකි මුල්‍යමය අරමුදලක් වන අතර ඔබේ රැකියාවේ ආදායමෙන් කොටසක් මේ සඳහා වෙන් කෙරේ.

ඔබේ අදායමෙන් අවම ප්‍රතිශතයක් Superannuation ගිණුම සඳහා බැර කිරීම ඔබේ සේවායෝජකයා සිදු කල යුතු අනිවාර්ය කටයුත්තක් වේ.

මෙය සාමාන්‍යයෙන් අදායමෙන් 9.5%ක් වන අතර 2021 ජූලි මස සිට මෙම ප්‍රතිශතය 10% දක්වා ඉහල යාම සිදු වේ.

බද්දට පෙර (Before tax) මාසිකව ඩොලර් 450කට වඩා උපයන සේවකයින් මෙම Superannuation ගිණුම සඳහා සුදුසුකම් ලබයි.

 


Highlights

  • Superannuation ගිණුම් කිහිපයක් පැවතීම ඔබේ ඉතුරුම් සඳහා කෙසේ බලපායිද?
  • ඔබේ ක්‍ෂය වූ ශේෂය නැවත ගොඩනැගීම සඳහා කුමක් කල යුතුද?
  • Superannuation ගිණුමක් තෝරාගැනීම 

Superannuation ගිණුම් කිහිපයක් පැවතීම ඔබේ ඉතුරුම් සඳහා කෙසේ බලපායිද?

ඔස්ට්‍රේලියාවට පැමිණ සිටින බොහෝ සංක්‍රමණික ප්‍රජාව සහ විශේෂයන්ම මෑතකදී ඔස්ට්‍රේලියාවට පැමිණි පිරිසට මෙම Superannuation ගිණුම ක්‍රියාත්මක වන අකාරය සම්බන්ධයෙන් දැනුමක් නොපවතී.
According to the Association of Super Funds Australia, an individual retiring today would need $28,179 and a couple $40,739, to live a modest retired life.
According to the Association of Super Funds Australia, an individual retiring today would need $28,179 and a couple $40,739, to live a modest retired life. Source: Getty Images
මෙල්බර්න් Fortune Wealth Creation Group හි මුල්‍ය උපදේශක Rashesh Bhavsar පෙන්වා දෙන්නේ බොහෝ පිරිසක් Superannuation ගිණුම් කිහිපයක් අරඹන අතර එමගින් ඔවුනට වැඩි ගාස්තුවක් ගෙවීමට සිදු වන බවයි.

මෙම පුද්ගලයින් සිය රැකියාව හෝ රැකියා ආයතනය මාරු කිරීමේදී නව Superannuation ගිණුම් අරඹන අතර ඒ ඔස්සේ ඔවුනට වැඩි ගාස්තු ගෙවීමට සිදු වේ. එමෙන්ම මෙහි අවසන් ප්‍රතිපලය වශයෙන් ඔවුන් සතු Superannuation ගිණුමේ ශේෂය ශුන්‍ය වීමට පවා ඉඩ පවතින බව Rashesh Bhavsar පවසයි.

ඔස්ට්‍රේලියානු බදු කාර්යාල (Australian Tax Office) දත්ත වලට අනුව ඔස්ට්‍රේලියානු බදු ගෙවන්නන්ගෙන් 4න් 1ක් පමණ මෙම තත්ත්වයට මුහුණ දී සිටී.

2021 ජූලි මස 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි, යම් පුද්ගලයකු සිය රැකියාව මාරු කිරීමේදී නව Superannuation ගිණුමක් නම් නොකළහොත් එම පුද්ගලයා සතුව පවතින Superannuation ගිණුමට මුදල් බැර කිරීම නව සේවායෝජකයා සිදු කල යුතුය.

මෙම Superannuation ගිණුම සඳහා ප්‍රවේශ විය හැක්කේ ඔබ විශ්‍රාම යාමේදී හෝ ඔබේ වයස අවුරුදු 65 වූ විට පමණි. ඊට පෙර මෙම ගිණුම සඳහා ප්‍රවේශ විය හැක්කේ අතිශය සීමිත වූ අවශ්‍යතා කිහිපයක් සඳහා පමණි.
During the COVID-19 pandemic, 4.8 million workers accessed their super early.
During the COVID-19 pandemic, 4.8 million workers accessed their super early. Source: Rio Helmi/LightRocket via Getty Images
Australian Prudential Regulation Authority (APRA) දත්ත පෙන්වා දෙන පරිදි ඔස්ට්‍රේලියාව තුල හටගත් කොරෝනා වසංගත තත්වය අතරතුර ඔස්ට්‍රේලියනුවන් මිලියන 4.8ක් දෙනා සිය Superannuation ගිණුම සඳහා ප්‍රවේශ වී තිබේ.

ඔබේ ක්‍ෂය වූ ශේෂය නැවත ගොඩනැගීම සඳහා කුමක් කල යුතුද?

ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත වරලත් ගණකාධිකාරීවරුන්ගේ අධිපති Tony Negline පෙන්වා දෙන්නේ මෙලෙස අදාළ කාලසීමාවට වඩා ඉක්මනින් සිය Superannuation ගිණුම සඳහා ප්‍රවේශ වූ පුද්ගලයින් සිය වැටුප් වලින් වැඩි ප්‍රතිශතයක් වෙන්කිරීම මගින් එම ගිණුම නැවත යථා තත්වයට පත් කරගතයුතු බවයි.

උදාහරණයක් වශයෙන් ඔහු පෙන්වා දෙන්නේ, ඔබට වසරකට $40,000ක අදායමක් පවතී නම් එහිදී ඔබට $37,000ක වැටුපක් ලබාදී ශේෂය වන $3,000ක මුදල Superannuation ගිණුමට බැර කරන ලෙස ඔබේ සේවායෝජකයාගෙන් ඉල්ලීමට හැකි බවයි.

අඩු අදායම් ලාභී පුද්ගලයින් සඳහා ඔවුන්ගේ Superannuation ගිණුමට මුදල් එක් කෙරන යෝජනාක්‍රමයක් ඕස්ට්‍රේලියානු රජය සතුව පවතී.

Tony Negline පෙන්වා දෙන්නේ වසරකට $41,000කට වඩා අඩු ආදායමක් ලබන පුද්ගලයින්ගේ Superannuation ගිණුම සඳහා බදු වලින් පසු (After-tax) $1,000ක් බැර කොට ඒ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු බදු කාර්යාලයට දැනුම් දීමෙන් අනතුරුව ඔවුන් එම ගිණුමට $500ක මුදලක් එක් කරන බවයි.

Association of Superannuation Funds of Australia (ASFA) පෙන්වා දෙන්නේ වයස 65න් විශ්‍රාම යාමේදී හොදින් විශ්‍රාමික දිවිය ගෙවීමට නම් අවම වශයෙන් එක් පුද්ගලයකු සඳහා $28,179ක සහ යුවලක් සඳහා $40,739 වාර්ෂික අයවැයක් අවශ්‍ය වන බවයි.
Experts say super is the most tax effective way to saving for the future as super contributions are taxed at a lower rate than the marginal income tax rate.
Experts say super is the most tax effective way to saving for the future as super contributions are taxed at a lower rate than the marginal income tax rate. Source: Paul Kane/Getty Images
නමුත් ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ (Australian Bureau of Statistics) 2017-18 වසර සඳහා වන දත්ත වලට අනුව වයස අවුරුදු 15 සහ ඊට වඩා වැඩි පුද්ගලයින්ගේ Superannuation ගිණුමේ ශේෂය පිරිමින් සඳහා ඩොලර් 168,500 ක් සහ කාන්තාවන් සඳහා ඩොලර් 121,300 ක් වශයෙන් සඳහන් විය.

වයස අවුරුදු 66 සහ ඊට වැඩි ඕස්ට්‍රේලියානුවන් හට වයස් විශ්‍රාම නොහොත් age pension එකක් ගෙවීම සිදු කරන නමුත් ඔබට වෙනත් ආදායමක් හෝ ඉතිරියක් නොතිබුනේ නම් ඔබ විශ්‍රාම යාමේදී ලබාගතහැකි අරමුදල සඳහා එම මුදල ප්‍රමාණවත් නොවේ.

Rashesh මහතා පෙන්වා දෙන්නේ ඔබේ අනාගතය සඳහා ඉතිරි කල හැකි වඩාත්ම ඵලදායි ක්‍රමය Superannuation ගිණුම බවයි.

එමන්ම ඔහු පවසන්නේ ඔබේ මුදල් Superannuation ගිණුමේ තැම්පත් වීමට ඉඩහැරීම මගින් ඔබේ බදු අනුපාතයට සාපේක්ෂව ඔබට 15% ක බදු අය කෙරෙන අතර ඔබ Medicare බද්ද ඇතුළුව ඉහළ ආදායම් ලබන අයෙක් නම් එය 47% දක්වා ඉහල යන බවයි.

Superannuation ගිණුමක් තෝරාගැනීම

මෙම Superannuation ගිණුම් හි ක්‍රියාකාරීත්වය ලැයිස්තුගත කිරීම සඳහා ස්වාධීන මෙවලමක් නොපවතී. මේ හේතුවෙන් මෙම ගිණුම් ඇරඹීමේදී ඔබේ පුද්ගලික වටිනාකම් හා මූල්‍ය අවශ්‍යතා සමඟ ගැලපෙන පරිදි එය සිදු කලයුතු වේ.

ඕස්ට්‍රේලියාවේ එකම ඉස්ලාමීය Superannuation ගිණුම් සමාගම වන Crescent Wealth හි ව්‍යාපාර මෙහෙයුම් කළමනාකරිනිය වන Fatma Saaoud සඳහන් කොට සිටින්නේ සදාචාරාත්මක කරුණු මත පදනම්ව බොහෝ මුස්ලිම් නොවන පිරිස, විශේෂයෙන්ම ගුරුවරුන් සිය සමාගම තෝරාගන්නා බවයි.

Tony Negline පවසන්නේ ඔබගේ කාර්යයේ ස්වභාවය කුමක් වුවත් ඔබේ විශ්‍රාමික ඉතුරුම් ගොඩනැගීම අත්‍යාවශ්‍ය කරුණක් වන බවයි. එමෙන්ම ඔබ අද වෙන් කරන සුලු මුදල සඳහා වන වට්ටම් පිළිබඳව අවධානයක් යොමු නොකළයුතු අතර ඔහු පවසන්නේ අද වෙන් කරණ සුලු මුදල ඉදිරියේදී ඔබට විශාල වෙනසක් සිදු කරන බවයි.

අද ඔබ ඉතිරි කරන $1,000ක මුදල ඉදිරි වසර 10 දී $2,000ක් වන අතර ඉදිරි වසර 20දී $4,000ක් සහ ඉදිරි වසර 30දී $8,000ක් වන බව ඔහු පෙන්වා දෙයි.

Superannuation ගිණුම පිළිබඳව වැඩි විස්තර සඳහා moneysmart.gov.au වෙත පිවිසෙන්න.

සිංහල භාෂාවෙන් නොමිලයේ මුල්‍ය තොරතුරු ලබාගැනීම සඳහා ඔස්ට්‍රේලියාවේ මූල්‍ය තොරතුරු සේවාව වන 131 202 ට අමතන්න.


Share
Published 21 June 2021 8:32am
Updated 12 August 2022 3:05pm
By Amy Chien-Yu Wang, Nipuna Dodangoda

Share this with family and friends