ඔස්ට්‍රේලියාවෙන් ලංකාවට ඩොලර් මිලියන 50 ක්, බෝට්ටු නවත්වන්න ස්වදේශ කටයුතු ඇමතිනියත් ලංකාවට (SBS සිංහල/ වාර්තා)

මෙම අරමුදල් ශ්‍රී ලංකාවේ ආහාර සහ සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීමට සහාය වනු ඇත.

Protesters shout slogans outside the Presidential Secretariat in Colombo over the economic crisis in Sri Lanka.

Source: EPA / CHAMILA KARUNARATHNE

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 50 ක ආධාර කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාව සිය ආර්ථික හා සාමාජීය අර්බුද සමඟ නොකඩවා අරගල කරමින් සිටීම නිසා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මෙම තීරණය ගෙන ඇත.


Highlights

  • ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 50 ක ආධාර දීමේ තීරණය පිළිබඳ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අද (ජුනි 20) නිවේදනය කළේය.
  • මෙම අරමුදල් ශ්‍රී ලංකාවේ ආහාර සහ සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීමට සහාය වනු ඇත.
  • මේ අතර අද දිනයේදී ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ස්වදේශ කටයුතු පිළිබඳ ඇමතිනි Clare O’Neil ශ්‍රී ලංකාවට ගොඩබැසීමට නියමිතය.

ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 50 ක ආධාර

ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 50 ක ආධාර දීමේ තීරණය පිළිබඳ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අද (ජුනි 20) නිවේදනය කළේය.

මෙම අරමුදල් ශ්‍රී ලංකාවේ ආහාර සහ සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීමට සහාය වනු ඇත.

වසර 70 කට පසු ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදය ආහාර, ඖෂධ සහ ඉන්ධන හිඟයකට හේතු වී ඇති බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ විදේශ කටයුතු පිළිබඳ ඇමතිනි Penny Wong පැවසුවාය.
"ශ්‍රී ලංකාවේ ජනතාවට අවශ්‍ය වේලාවට උපකාර කිරීම අපට අවශ්‍ය වන අතර මෙම අර්බුදය දිගටම පැවතුනහොත් කලාපයට ගැඹුරු ප්‍රතිවිපාක ඇතිවීමට පුළුවන්" යනුවෙන් ඇය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියාය.

ඔස්ට්‍රේලියාවෙන් ලබාදෙන ආධාර කොටස් කිහිපයකින් සමන්විත වේ.

ශ්‍රී ලංකාවේ ජනතාවට උපකාර කිරීමට ඇස්තමේන්තු කර ඇති World Food Programme for emergency food assistance හෙවත් හදිසි ආහාර ආධාර සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ලෝක ආහාර වැඩසටහනට ඩොලර් මිලියන 22ක් ලබා දෙනු ඇත.

එමෙන්ම 2022-23 වසර තුළ ඔස්ට්‍රේලියාව තවත් ඩොලර් මිලියන 23 ක සංවර්ධන ආධාරයක් ශ්‍රී ලංකාවට ලබා දෙනු ඇත.
Australian Prime Minister Anthony Albanese (right) and Australian Foreign Affairs Minister Penny Wong speak to the media during a press conference in Jakarta.
Australian Prime Minister Anthony Albanese (right) and Australian Foreign Affairs Minister Penny Wong Source: AAP Image/Lukas Coch

ස්වදේශ කටයුතු පිළිබඳ ඇමතිනිය ශ්‍රී ලංකාවට

මේ අතර අද දිනයේදී ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ස්වදේශ කටයුතු පිළිබඳ ඇමතිනි Clare O’Neil ශ්‍රී ලංකාවට ගොඩබැසීමට නියමිතය.

මෑත සතිවලදී ශ්‍රී ලංකාවෙන් ඔස්ට්‍රේලියාවට මිනිසුන් රැගෙන පැමිණුන නීති විරෝධී යාත්‍රා ඔස්ට්‍රේලියාව විසින් අත්අඩංගුවට ගෙන ආපසු හරවා යැවීම සමග ඇයගේ මෙම සංචාරය සැලසුම් කෙරිණි.
ඇය සිය සංචාරයේදී ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහත්වරුන්ද මුණ ගැසීමට නියමිතය.

ආර්ථික අරගලය හේතුවෙන් ශ්‍රී ලංකාවට සහය විය හැකි ආකාරය මෙන්ම මිනිස් ජාවාරමට එරෙහිව සටන් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ස්වදේශ කටයුතු පිළිබඳ ඇමතිනිය මෙම සාකච්ඡා යොදා ගනු ඇත.


 

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


අගමැති Albanese ගෙන් මිනිස් ජාවාරම්කරුවන්ට දැඩි ප්‍රකාශයක්

ශ්‍රී ලංකාවේ මිනිස් ජාවාරම්කරුවන් විසින් භාවිතා කරන නොමඟ යවන උපක්‍රමවලට එරෙහිව සටන් කිරීම සඳහා ස්වදේශ කටයුතු පිළිබඳ ඇමතිනියගේ  මෙම සංචාරය භාවිතා කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට අවශ්‍ය බව අගමැති Anthony Albanese පැවසීය.

මනුෂ්‍යත්වය මත දුර්වල නොවී ඔස්ට්‍රේලියාවේ දේශසීමා ශක්තිමත් කරන බවද ඔහු සඳහන් කළේය.

"ශ්‍රී ලංකාවේ ප්‍රශ්න ඇති බවත්, මිනිස් ජාවාරම්කරුවන් විසින් වැරදි පණිවිඩ ලබා දෙන බවත් අපට වැටහෙනවා, නමුත් අපගේ පණිවිඩය ඉතා පැහැදිලියි." යනුවෙන් අගමැති Albanese ප්‍රකාශ කළේය.

පසුගිය මැයි 21 වැනි දින පැවති ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් පසු ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව පැමිණි යාත්‍රා තුනක් ඔස්ට්‍රේලියානු දේශසීමා ආරක්ෂණ බලකාය විසින් අල්ලාගෙන ඇති බව වාර්තා වේ.

මේ තත්ත්වය මෙම ගැටලුව වහාම සාකච්ඡා කර විසඳා ගැනීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට අවශ්‍ය වී තිබේ.



Share
Published 20 June 2022 6:35pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends