ඔස්ට්‍රේලියාවේ දේශ සීමා තවදුරටත් වසා දැමේ, විදේශයන්හි සිරවී සිටින ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීමට අවසර (SBS සිංහල/ වාර්තා)

"අපගේ දේශසීමා සැබවින්ම වසා ඇති බව අප මතක තබා ගත යුතුය. කිසිවෙකුට ඔස්ට්‍රේලියාවට පැමිණිය නොහැක." යනුවෙන් අගමැති මොරිසන් සිය කතාවේදී අවධාරණය කළේය.

Prime Minister Scott Morrison.

Prime Minister Scott Morrison. Source: AAP

විදේශ රටවල සිරවී සිටින ඔස්ට්‍රේලියානු පුරවැසියන් සහ ස්ථිර පදිංචිකරුවන් ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමේදී සතියකට පනවා ඇති කෝටාව ඉහළ දැමීමට අද (05/02) තීරණය කෙරුණි.

ඔස්ට්‍රේලියානු අග්‍රාමත්‍ය Scott Morrison ගේ ප්‍රධානත්වයෙන් අද පැවති ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමේදී මේ බව තීරණය කර ඇත.


Highlights

  • ඔස්ට්‍රේලියාවේ දේශ සීමා තවදුරටත් වසා දැමේ.
  • විදෙස් රටවල සිට පැමිණෙන ඔස්ට්‍රේලියානුවන් සතියකට 530 බැගින් බාරගැනීමට දකුණු ඔස්ට්‍රේලියාව එකඟ වෙයි
  • වික්ටෝරියාවේ සතියක කෝටාව 1,310 දක්වා වැඩි කරයි

සතියකට පනවා ඇති කෝටාව ඉහළට

ඔස්ට්‍රේලියානුවන් නැවත ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමේ කෝටාව වික්ටෝරියා හා දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත වල ඉහළ දැමීමටත් ක්වීන්ස්ලන්ත හා නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වල කප්පාදු කළ කෝටාව පෙර පැවති අගයටම නැවත රැගෙන ඒමටත් අද (05/02) තීරණය කළ බව අගමැති Scott Morrison නිවේදනය කළේය.

ශීග්‍රයෙන් පැතිරී යන නව Covid-19 ප්‍රභේදය බ්‍රිස්බේන් නුවර හෝටල් නිරෝධායන මධ්‍යස්ථානයකින් හමුවීම නිසා මීට මාසයකට පමණ පෙර ඔස්ට්‍රේලියාවට පැමිණෙන ජාත්‍යන්තර මගීන් ගේ සංඛ්‍යාව හරි අඩකින් කප්පාදු කිරීමට තීරණය කෙරුණි.

පෙබරවාරි 15 සිට විදෙස් රටවල සිට පැමිණෙන ඔස්ට්‍රේලියානුවන් සතියකට 530 දක්වා බාරගැනීමට දකුණු ඔස්ට්‍රේලියාවත් 1,310 දක්වා බාරගැනීමට වික්ටෝරියා ප්‍රාන්තයත් එකඟ වී තිබේ.


SBS සිංහල සේවය 

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


මේ කාලයේ විදෙස් රටවල සිරවී සිටින ඔස්ට්‍රේලියානුවන් යළි ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීම මධ්‍යම රජයේ ප්‍රමුඛතම කාර්ය වී ඇති බව අගමැති මොරිසන් පැවසීය.

"අපගේ දේශසීමා සැබවින්ම වසා ඇති බව අප මතක තබා ගත යුතුය. කිසිවෙකුට ඔස්ට්‍රේලියාවට පැමිණිය නොහැක." යනුවෙන් අගමැති මොරිසන් සිය කතාවේදී අවධාරණය කළේය.

කොරෝනා වසංගතය හේතුවෙන් විදෙස් රටවල සිටි ඔස්ට්‍රේලියානුවන් 211,000 කට අධික පිරිසක් ආපසු ඔස්ට්‍රේලියාවට පැමිණ ඇති නමුත් තවත් ඔස්ට්‍රේලියානුවෝ 40,000 ක් පමණ විදේශයන්හි සිරවී සිටිති.
Passengers arriving from Sydney get tested for COVID- 19 at Melbourne Airport.
Passengers arriving from Sydney get tested for COVID- 19 at Melbourne Airport. Source: AAP

හෝටල් නිරෝධායන වැඩපිළිවෙල මධ්‍යම රජය යටතට?

ඉදිරියේදී විදෙස් රටවල සිට ඔස්ට්‍රේලියාවට පැමිණෙන පුද්ගලයින්ව නිරෝධායනය කිරීම සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් මෙහෙයවනු ලබන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙසට බොහෝ දෙනා ඉල්ලා තිබේ.

මේ පිළිබඳවද අද දින ජාතික කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා වූ බවද සඳහන්.

මේ වන විට ඒ ඒ ප්‍රාන්ත හා ටෙරිටරි වල ක්‍රියාත්මක වන හෝටල් නිරෝධායන වැඩපිළිවෙලේ පූර්ණ වගකීම දරනුයේ ඒ ඒ ප්‍රාන්ත හා ටෙරිටරි රජයන්ය.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW 

නැතිනම්  රූපවාහිනියේ channel 38


COVID-19 වයිරසය ඔස්ට්‍රේලියාව තුළ පැතිරීම මන්දගාමී කිරීම සඳහා හෝටල් නිරෝධායන පද්ධතිය ඇදහිය නොහැකි තරම් ඵලදායී බව අගමැති මොරිසන් පැවසීය.

හෝටල් නිරෝධායනය වන විදේශයන් හි සිට පැමිණි පුද්ගලයින් ගෙන් ප්‍රජාව තුළ ට වයිරසය පැතිරීමේ සිදුවීම් කිහිපයක් වාර්තා වුවත් අදාළ හෝටල් නිරෝධායන වැඩපිළිවෙල නොකඩවා ක්‍රියාත්මක කෙරෙන බවද අගමැති මොරිසන් ප්‍රකාශ කළේය.

මේ අතර ප්‍රධාන නගර වල ක්‍රියාත්මක හෝටල් නිරෝධායනය වෙනුවට විකල්පයක් ලෙස ප්‍රාදේශීය ප්‍රදේශ වල නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවා ප්‍රධාන නගරවල කොරෝනා පැතිරීම වළක්වාලීමට ද ඇතැම් නායකයන් යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

ඒ පිළිබඳ මධ්‍යම රජයේ අවධානය යොමුවී ඇති බවද අගමැතිවරයා වැඩි දුරටත් පැවසීය.

පිටුවට පිවිස ඔස්ට්‍රේලියාව පිළිබඳ නවතම තොරතුරු දැනගන්න.

Share
Published 5 February 2021 4:39pm
Updated 12 August 2022 3:10pm
By Maani Truu, Madhura Seneviratne


Share this with family and friends