ශ්‍රී ලංකාවේ කොවිඩ් පාලනයට ඔස්ට්‍රේලියාවෙන් හදිසි මුල්‍ය සහ වෛද්‍ය ආධාර

Sri Lankans become the 10th largest ethnic group in Australia

Source: Pixabay/ David_Peterson

ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ නේපාලය යන රටවල මතුව ඇති බරපතල කොරෝනා වසංගත තත්ත්වය පාලනය කරගැනීම සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් හදිසි සහන වශයෙන් ඩොලර් මිලියන 17.5 ක් ලබා දීමට තීරණය කර තිබේ.

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන, පුරවැසිභාවය, සංක්‍රමණ සේවා සහ බහු සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය Alex Hawke මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පැවසීය.

මෙම ආධාර මුදල් පිළිබඳ මීට පෙරාතුව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ විදේශ කටයුතු පිළිබඳ ඇමතිනී සෙනට් සභික Marise Payne විසින් නිවේදනය කළාය.

ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ නේපාලය යන රටවලට මේ අවස්ථාවේ අවශ්‍ය කරන දේවල් ලබාදීම සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ මෙහිදී සෘජුවම ප්‍රතිචාර දක්වා ඇත.

එම ආධාර සඳහා ඔක්සිජන් සහ ventilators ද ඇතුළත් වේ.

ඊට අමතරව ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ නේපාලය යන රටවල ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයින් සඳහා ඔස්ට්‍රේලියාව සහය සැපයීමට අපේක්ෂා කරන අතර ආසදිතයින්ගේ ආශ්‍රිතයින් සොයා යාම වැඩි දියුණු කිරීමට ද සහය වනු ඇත.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


 

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අත්‍යවශ්‍ය සැපයුම් සහ සෞඛ්‍ය පද්ධතියේ සහාය සඳහා ඔස්ට්‍රේලියාව එක්සත් ජාතීන්ගේ SDG අරමුදලට අතිරේක ඩොලර් මිලියන 5.5 ක් ලබා දීමටද අපේක්ෂා කරයි.

මෙය 2020-21 දී සපයන ලද ඩොලර් මිලියන 6.2 ක ආධාර සහ පසුගිය සතිය මුලදී UNICEF සංවිධානය හරහා ඔක්සිජන් හා ඒ ආශ්‍රිත සැපයුම් ලබා දීම මත පදනම් වේ.

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ විදේශ කටයුතු පිළිබඳ ඇමතිනී සෙනට් සභික Marise Payne විසින් නිවේදනය කළ පරිදි ඉන්දියන් සාගර කලාපයේ ඊසාන දිග රටවල් සඳහා ඔස්ට්‍රේලියාව උපකාර කිරීමට කැපවී සිටී.

විශේෂයෙන් එම කලාපයේ රටවල මෑතකදී ඉතා ශීග්‍රයෙන් කොරෝනා වයිරසය පැතිරීමේ බරපතල තත්ත්වයක් හටගෙන තිබීම ඊට හේතුව වේ.
Australia will provide emergency funding for Covid-19 administration in Sri Lanka
Source: Supplied: ALEX HAWKE MP

Share
Published 26 May 2021 7:21pm
By Madhura Seneviratne

Share this with family and friends