ඔස්ට්‍රේලියාවේ දෙමාපියන්ට සුබ ආරංචියක්, කොවිඩ් childcare සහනාධාරය වසරකින් දීර්ග කෙරේ (SBS සිංහල/ වාර්තා)

කොවිඩ් කාලයේ ලබාදීම ඇරඹු මෙම child care සහනය 2022 ජුනි 30 වන දිනෙන් අවසන් වීමට නියමිතව තිබේ.

Australian Federal Government extends childcare support services

Australian Federal Government extends childcare support services Source: AAP

කොවිඩ් වසංගතය අතරතුර ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක කර ඇති child care ගෙවීම් ආශ්‍රිත උපකාර ක්‍රියාමාර්ග පුළුල් කිරීමට අලුතෙන් තේරී පත්වූ Albanese රජය තීරණය කර තිබේ.

ඉහළ යන ජීවන වියදම හමුවේ රැකියා කරන දෙමාපියන් හට මෙය විශාල සහනයක් සපයනු ඇති බවට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විශ්වාස කරයි.


Highlights

  • කොවිඩ් කාලයේ ලබාදීම ඇරඹු මෙම child care සහනය තවත් වසරකින් දීර්ග කෙරේ.
  • මීට පෙර එම සහනය 2022 ජුනි 30 වන දිනෙන් අවසන් වීමට නියමිතව තිබුණි.
  • මේ වන විට, COVID-19 ආසාදන සහ ඉන්ෆ්ලුවෙන්සා හේතුවෙන් සෑම දිනකම childcare මධ්‍යස්ථාන 19ක් පමණ තාවකාලිකව වසා දමන බවද සඳහන්.

කොවිඩ් කාලයේ ලබාදීම ඇරඹු child care සහන දිගටම

කොවිඩ් කාලයේ ලබාදීම ඇරඹු මෙම child care සහනය 2022 ජුනි 30 වන දිනෙන් අවසන් වීමට නියමිතව තිබේ.

නමුත් එම සහනය තවත් වසරකින් දීර්ග කරන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍ය Jason Clare මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

තම දරුවන් ඉක්මනින් ඉගෙනීමට සහ රැකවරණය සඳහා ඇතුළත් කර ගැනීමට පවුල්වලට උපකාර කිරීම පිණිස මෙම තීරණය ඉවහල් වනු ඇති බව ඔහු එම නිවේදනයේ පවසා ඇත.
Australian Federal Government extends childcare support services
Source: AAP/Jeremy Piper

මෙම සහන යටතේ ලබාදෙන උපකාර

  • සෑම දරුවෙකුටම ඔවුන්ගේ childcare subsidy හෙවත් childcare සහනාධාරය අහෝසි නොකරගෙන වසරකට දින 52 ක් childcare මධ්‍යස්ථානයට  නොපැමිණීමට අවසර ලැබීම, සාමාන්‍යයෙන් මෙලෙස නොපැමිණිය හැකි දින ගණනට වඩා මෙය දින 10 ක් වැඩිය.
  • extra paid absences හෙවත් නොපැමිණීම සඳහා අමතර ගෙවීම් පිණිස කොවිඩ් ආසාදිත බවට දැනුම්දුන් රජයේ සාක්ෂියක් භාවිතා කිරීම
  • 2023 ජූනි 30 දක්වා පහත අවස්ථා හිදී childcare සහනාධාරය ලබා ගැනීමට සහ gap fee අත්හැරීමට childcare සේවාවන්ට ඉඩ ලබා දීම:
    • කාර්ය මණ්ඩලය රෝගාතුර වීම හේතුවෙන් childcare මධ්‍යස්ථානය සම්පුර්ණයෙන් හෝ අර්ධ වශයෙන් වසා ඇති විට
    • දරුවෙකුගේ හෝදරුවාගේ පවුලේ ආසන්නතම පවුලේ සාමාජිකයෙකුට COVID-19 ඇති බැවින් දරුවෙකු නොපැමිණේ නම්
    • COVID-19 මගින් දරුණු රෝග වැළඳීමේ වැඩි අවදානමක් ඇති බැවින් childcare වෙත නොපැමිණෙන ළමුන් සඳහා

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


Childcare සහන ලබාදීම ඔස්ට්‍රේලියානු ආර්ථිකයටත් වැදගත්

වසංගතය අතරතුර දරුවන් ඉක්මනින් ඉගෙනීම සහ රැකවරණය සඳහා ඇතුළත් කර ගැනීම දරුවන්ට වැදගත් වන අතර, ඔස්ට්‍රේලියාවේ childcare  මධ්‍යස්ථානවලට සහ ඔස්ට්‍රේලියානු ආර්ථිකයටද වැදගත් වන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍ය Jason Clare පැවසීය.

මේ වන විට, COVID-19 ආසාදන සහ ඉන්ෆ්ලුවෙන්සා හේතුවෙන් සෑම දිනකම childcare මධ්‍යස්ථාන 19ක් පමණ තාවකාලිකව වසා දමයි.

එය childcare  සපයන්නන්ට සහ දෙමාපියන්ට තම කටයුතු නිශ්චිතව සැලසුම් කිරීම දුෂ්කර කරයි.
ඔස්ට්‍රේලියාවේ COVID-19 ආසාදන අනුපාතය ඉහළ මට්ටමක පවතින අතර, පහට අඩු ළමයින්ට එන්නත් කිරීමට නොහැකිතත්ත්වයක් ඒ අතරතුර පවතියි.

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මෙම සහනය තවත් වසරක් දීර්ග කිරීමට ප්‍රධාන හේතු බවට ඒවා ද සැලකු බව මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍ය Jason Clare පැවසීය.



Share
Published 27 June 2022 11:08am
By Madhura Seneviratne

Share this with family and friends