ඕස්ට්‍රේලියාවේ ලබාදෙන Bridging visa පිළිබඳ තොරතුරු SBS සිංහල වෙතින්

2021 වසරේ මාර්තු මාසය වනවිට ඔස්ට්‍රේලියාව තුල bridging visa බලපත්ලාභීන්ගේ සංක්‍යාව ඓතිහාසිගත වශයෙන් 350,000 ඉක්මවා තිබේ. ඕස්ට්‍රේලියාවේ ලබාදෙන මෙම bridging visa යනු මොනවාද සහ ඒවා ඔස්සේ එම බලපත් ලාභීන් හට ලැබෙන අයිතීන් පිලිබඳව මෙම ලිපියේ අන්තර්ගත වේ.

passports visa

A bridging visa acts as a bridge between lodgement of a visa and the determination of that application. Source: Getty Images/Jodie Griggs

Highlights
  • Bridging visa යනු වීසා බලපත් දෙකක් අතර කාලය තුල ලබාදෙන බලපත්‍රයකි
  • BVA සහ BVB යන bridging visa බලපත්ලාභීන් හට ඕස්ට්‍රේලියාවෙන් පිටවීමට සහ නැවත පැමිණීමට හැකියාව පවතී
  • BVC හෝ BVE යන bridging visa සාමාන්‍යයෙන් රැකියා කිරීමේ අවසර නොමැතිව ලබාදෙන අතර නමුත් මෙම බලපත්ලාභීන් හට රැකියා සිදු කිරීම සඳහා ඉල්ලීමක් සිදු කල හැක
යම් අයකු ඕස්ටේලියාවේ යම් වීසා බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කරන විට එම වීසා බලපත්‍රය පිළිබඳව තීරණයක් ගන්නා තුරු ඔවුනට ඔස්ට්‍රේලියාව තුල රැඳී සිටීමට අවසර ලබාදීම සඳහා මෙලෙස bridging visa බලපත්‍රයක් නිකුත් කිරීම සිදු කරයි.

මෙම bridging visa විවිධ කොන්දේසි සහ අයිතිවාසිකම් යටතේ නිකුත් කිරීම සිදු වන අතර ඒවා වීසා අයදුම්කරන්නා මත පදනම් වේ.

Bridging visa යනු

ඕස්ට්‍රේලියානුවන් නොවන තාවකාලික වීසා හිමියන් හට ඔවුන්ගේ ඕස්ට්‍රේලියාවේ වෙසෙන කාලය තුලදී නීත්‍යනුකුලව රැඳී සිටීම සඳහා සුදුසු වීසා බලපත්‍රයක් අවශ්‍ය වේ. යම් අයකුගේ වත්මන් වීසා බලපත්‍රය කල් ඉකුත් වූ විට සහ ඔවුන් අයදුම් කල මීළඟ වීසා බලපත්‍රය ලැබී නොමැති අවස්ථාවකදී නීත්‍යනුකුලව රැඳී සිටීමට මෙලෙස ලබාදෙන bridging visa බලපත්‍රය උපකාරී වේ.

මෙම bridging visa බලපත්‍රය වීසා ලබාදීමේ ප්‍රතිපලයක් නොවන අතර එය එම වීසා ලබාදීමේ එක් කොටසක් පමණක් වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Alan Rigas Solicitors හි Alan Rigas පවසන්නේ, මෙම bridging visa බලපත්‍රයෙන් පසු ලැබෙන වීසා ප්‍රතිපලය නව වීසා බලපත්‍රයක් හෝ ඔබ ඔස්ට්‍රේලියාව තුල නීතිවිරෝධීව රැඳී සිටියේ නම් ඔබට නීත්‍යනුකුලව ඕස්ට්‍රේලියාවෙන් පිටත් වීමට ලබාදෙන බලපත්‍රයක් හෝ විය හැකි බවයි.
surfing
The Australian migration zone is a legal device created by the Australian government for the purpose of Australia's visa policy and immigration policy. Source: Pexels/Pixabay


ඔස්ට්‍රේලියාව තුල bridging visa බලපත්‍ර රැසක් පවතී, ඒවා නම් BVA, BVB, BVC, BVD, BVE, BVF සහ BVR වශයෙන් නම් කෙරේ.

මෙම bridging visa බලපත්‍ර වල කොන්දේසි සහ ඒවායින් ලබාදෙන අයිතිවාසිකම් එකිනෙකට වෙනස් වේ.

සිඩ්නි හි PocketLegal හි සංක්‍රමණ සොලිසිටර් Ravi Vaswani පවසන්නේ BVA වලින් ආරම්භ වන මෙම bridging visa බලපත්‍ර සෙසු බලපත් හරහා BVR දක්වා ක්‍රමයෙන් යාමේදී ඒවායෙහි පවතින කොන්දේසි වඩාත් අභියෝගාත්මක වන බවයි.

Bridging Visa A (BVA)

ඔස්ට්‍රේලියාව තුල වලංගු වීසා බලපත්‍ර හිමිකරුවකු, වෙනත් වලංගු වීසා බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කරන පුද්ගලයකු හට මෙම "Bridging Visa A" බලපත්‍රය ලබා දේ.

සාමාන්‍යයෙන් මෙම bridging visa බලපත්‍රය අයදුම් කරන පුද්ගලයා හට තමන් අවසන් වශයෙන් සිටි වීසා බලපත්‍රයේ පැවති කොන්දේසි සහ අයිතිවාසිකම් ඒ අයුරින්ම ක්‍රියාත්මක වේ.
මේ සම්බන්ධයෙන් Rigas පවසන්නේ visitor visa බලපත්‍රයක සිට student visa බලපත්‍රයක් සඳහා අයදුම් කරන්නේ නම් ඔබට "Bridging Visa A" බලපත්‍රයක් ලබාදෙන බවයි.

මෙම "Bridging Visa A" බලපත්‍රලාභීන් හට ඕස්ට්‍රේලියාවෙන් පිටත්වීමට අවසර ලබාගත හැකි නමුත් එම පුද්ගලයාගේ වීසා බලපත්‍රය සම්බන්ධෙන් අවසන් තීරණය සිදු කරන විට එම පුද්ගලයා ඕස්ට්‍රේලියාවේ රැඳී සිටිය යුතු වේ.

Bridging Visa B (BVB)

"Bridging Visa A" බලපත්‍රයක් හිමි පුද්ගලයකු ඕස්ට්‍රේලියාවෙන් පිටත් වීමට අවසර ලබාගැනීමේදී "Bridging Visa B" බලපත්‍රයක් සඳහා අයදුම් කල යුතු වේ.

මෙම බලපත්‍රය ඔස්සේ යම් පුද්ගලයකු හට යම් නිශ්චිත කාලසීමාවක් තුල ඕස්ට්‍රේලියාවෙන් පිටත් වීමටත් නැවතත් ඔස්ට්‍රේලියාවට ඇතුලුවීමටත් අවසර හිමි වේ.
plane
Only people on a BVA or a BVB can apply for a BVB. Source: Getty Images/Issarawat Tattong

මෙම "Bridging Visa B" බලපත්‍රයේත් "Bridging Visa A"බලපත්‍රයට සමාන කොන්දේසි පවතී. Ravi Vaswani පවසන්නේ මේ හේතුවෙන් ඇතැම් පිරිස නැවතත් ඔස්ට්‍රේලියාවට පැමිණීමෙන් පසුව "Bridging Visa A" බලපත්‍රයක් සඳහා යලි අයදුම් කිරීමක් සිදු නොකරන බවයි.

Bridging Visa C (BVC)

"Bridging Visa C" බලපත්‍රයත් යම් පුද්ගලයකු ඕස්ට්‍රේලියාවේ ලබාදෙන නීත්‍යානුකුල සහ වලංගු වීසා බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කරන විට ලබා දේ.

නමුත් මෙය අයදුම් කරන්නා එම අවස්ථාවේදී වෙනත් bridging Visa බලපත්‍රයක් හෝ ඔස්ට්‍රේලියාව තුල වලංගු කිසිදු වීසා බලපත්‍රයක් නොමැති අවස්ථාවකදී ලබාදීම සිදුවේ.


ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ "Settlement Guide" සතිපතා විශේෂාංගය ට සවන්දෙන්න සෑම අඟහරුවාදා දිනකම පෙරවරු 11 සිට


උදාහරණයක් වශයෙන් යම් පුද්ගලයකු visitor visa බලපත්‍රයක සිට student visa බලපත්‍රයක් සඳහා අයදුම් කරන්නේ නම් එම පුද්ගලයාගේ visitor visa බලපත්‍රය අවසන් වීමෙන් පසු "Bridging Visa A" බලපත්‍රයක් ලබාදීම සිදු වේ. නමුත් ඒ අතරතුරදී එම පුද්ගලයා නැවතත් sponsored work visa වැනි වෙනත් වීසා කාණ්ඩයක් සඳහා අයදුම් කිරීමක් සිදු කළහොත් මෙම "Bridging Visa C" බලපත්‍රය ලබාදීම සිදු කරයි.
එමන්ම යම් පුද්ගලයකු ඔස්ට්‍රේලියාව තුල නීතිවිරෝධීව සිටින නමුත් වීසා ලබාදීමට පෙර රැඳවුම් කඳවුරකට රැගෙන නොගිය හොත් ඔවුන් හටත් මෙම "Bridging Visa C" බලපත්‍රය නිකුත් කරයි.

Ravi Vaswani පවසන්නේ සාමන්‍යයෙන් මෙම වීසා බලපත්‍රය රැකියා කිරීම සඳහා අවසර නොමැතිව ලබාදෙන බවයි. නමුත් ඇතැම් අවස්ථාවකදී රැකියා සිදු කිරීමට විශේෂ අවසරයක් ඉල්ලීමක් සිදු කල හැකි අතර එම ඉල්ලීම සාර්ථක වුවහොත් රැකියා තහනම් කොන්දේසිය රහිතව නැවතත් "Bridging Visa C" බලපත්‍රයක් නිකුත් කිරීමට ඉඩ පවතී.

එමෙන්ම මෙම "Bridging Visa C" බලපත්ලාභියකු ඕස්ට්‍රේලියාවෙන් පිටත් වුවහොත් සහ ඉන් අනතුරුව එම පුද්ගලයා හට වෙනත් වීසා බලපත්‍රයක් නොලැබුණහොත් ඔවුනට නැවතත් ඔස්ට්‍රේලියාවට ඇතුලුවීමට අවසර නොලැබේ.

Bridging Visa E (BVE)

"Bridging Visa E" බලපත්‍රය ඔස්සේ යම් අයකුට ඕස්ට්‍රේලියාවෙන් පිටත්ව යනතුරු, සංක්‍රමණ කටයුතු අවසන් කිරීමට හෝ සංක්‍රමණ ගැටලුවක් පිළිබඳව තීරණයක් ලැබෙන තුරු නීත්‍යානුකුලව රැඳී සිටීමට හැකියාව පවතී.

නීති විරෝධීව රැඳී සිටින ඕස්ට්‍රේලියානුවන් නොවන පිරිසට, තම bridging visa බලපත්‍රය කල් ඉකුත් වූ හෝ bridging visa බලපත්‍රය අවලංගු වූ පිරිසට මෙම "Bridging Visa E" ලබා දේ.
ඒම පිරිස ඕස්ට්‍රේලියාවෙන් පිටත් වීම සඳහා කටයුතු සකසන තුරු අත්අඩංගුවට පත්වීමෙන් වලක්වාලීම සඳහා මෙම බලපත්‍රය ලබාදීම සිදු වන බව Ravi Vaswani පෙන්වා දෙයි.

එමෙන්ම යම් අයකු අයදුම් කල වීසා බලපත්‍රය අවලංගු කල අවස්ථාවකදී ඒ සම්බන්ධයෙන් නැවත සමාලෝචනය කරන තෙක්ද මෙලෙස "Bridging Visa E" බලපත්‍රයක් අයදුම් කල හැක.

කෙසේ නමුත් Ravi Vaswani පවසන්නේ මෙලෙස "Bridging Visa C" බලපත්‍රයක සිටින පිරිසට පුහුණු රැකියා වීසා ඇතුළුව වෙනත් වීසා උප පංති රාශියකට අයදුම් කල හැකි නමුත් "Bridging Visa E" බලපත්‍රයක් හිමි පිරිසට අයදුම් කල හැක්කේ ආරක්ෂණ වීසා, හවුල් වීසා හෝ වෛද්‍ය ප්‍රතිකාර වීසා වැනි සීමා සහිත උප පංති කිහිපයකට පමණක් වන බවයි.

රැකියා අයිතිවාසිකම් (Work rights) සඳහා අයදුම් කිරීම

සාමාන්‍යයෙන් "Bridging Visa C" බලපත්‍ර සහ "Bridging Visa E" බලපත්‍ර රැකියා අයිතිවාසිකම් රහිතව ලබා දීම සිදු වේ.

නමුත් මෙම බලපත් ලාභීන් හට රැකියා සිදුකිරීමට අවසර ලබාදෙන මෙන් විශේෂයෙන් ඉල්ලීමක් සිදු කල හැක.

මෙලෙස රැකියා සිදුකිරීම සඳහා වන ඉල්ලීමේදී ඔවුන් සිය මූල්‍ය දුෂ්කරතා සම්බන්ධයෙන් සාක්ෂි ඉදිරිපත් කලයුතු වේ.
builder
Usually a BVE, like a BVC, does not come with work rights. Source: Burst/Pexels

Bridging Visa ලබාදෙන කාලසීමාව

Alan Rigas පෙන්වා දෙන්නේ මෙම Bridging Visa මගින් ඕස්ට්‍රේලියාවේ නීත්‍යනුකුලව සිටීමට ලබාදෙන කාලසීමාව විවිධ හේතුන් මත රඳා පවතින බවයි.

සාමාන්‍යයෙන් මෙලස ලබාදෙන bridging Visa බලපත්‍රයක් යම් අයකු අයදුම් කල වීසා බලපත්‍රය ලැබීමෙන් පසු දින 35ක කාලයකට වලංගු වේ.

මෙය ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව, යම් අයකුගේ වීසා බලපත්‍රය ප්‍රතික්ෂේප කිරීමෙන් පසු දින 35ක් විය හැකි අතර ප්‍රතික්ෂේප වූ වීසා බලපත්‍රයක් පිළිබඳව නැවත සිදු කල සමාලෝචනයක් අසාර්ථක වීමෙන් පසුව දින 35ක්ද විය හැක.

Alan Rigas පවසන්නේ මෙලෙස ලබාදෙන දින 35 කාලය තුලදී එම පුද්ගලයින් හට ඕස්ට්‍රේලියාවෙන් පිටත් වීමට සුදානම් වීමට හෝ වෙනත් වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට කාලය ලැබෙන බවයි.

"Bridging Visa E" බලපත්‍ර සඳහා වන කාලසීමාවක් නියමිත කෙටි කාල සීමාවක් විය හැකි අතර කෙසේ නමුත් එම වීසා බලපත්‍රය දරන්නා වෙනත් වීසා බලපත්‍රයක් හෝ අමාත්‍යාංශ මැදිහත්වීමේ ඉල්ලීමක් සඳහා ඉල්ලුම් කර ඇත්නම් කාලය දිගු විය හැක.
suitcase travelling
If you hold a BVC you cannot travel abroad under any circumstances. Source: Alexandr Podvalny/Pexels

මේ අතර ඔස්ට්‍රේලියාව තුල BVD, BVR සහ BVD වැනි එතරම් ප්‍රචලිත නොවන bridging Visa බලපත්‍රද පවතී.

යම් අයකු ඔස්ට්‍රේලියාව තුල සැලකියයුතු වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට උත්සාහ කලද එලෙස අයදුම් කිරීමට නොහැකි වූ විට "Bridging Visa D" බලපත්‍රය ලබාදීම සිදුවේ.

උදාහරණ වශයෙන්, බලයලත් නිලධාරියකු මෙම අයදුම් කරන්නන් සමග සම්මුඛ පරීක්ෂණ සිදු කරීමට නොමැති අවස්ථාවන් වලදී, අයදුම් කරන්නා නිවැරදි ගාස්තු නොගෙවා හෝ වැරදි වීසා අයදුම් පත්‍රය පුරවා ඇති අවස්ථාවකදී නමුත් එම ගෙවීම් ඉදිරි දින 5ක (වැඩ කරන) කාලය තුලදී ගෙවීමට හැකියාව පවතින අවස්ථාවකදී මෙම "Bridging Visa D" බලපත්‍රය ලබාදේ.

ඉන් අනතුරුව ඔවුන් "Bridging Visa C" බලපත්‍රය සඳහා සුදුසුකම් ලැබිය හැක.

"Bridging Visa R" බලපත්‍රය යනු සංක්‍රමණික රැඳවුම් භාරයේ සිටින පුද්ගලයින් සඳහා ලබාදෙන bridging Visa බලපත්‍රයක් වන අතර මේ ඔස්සේ ඔවුන් ඕස්ට්‍රේලියාවෙන් පිටත් කරන තෙක් ඔස්ට්‍රේලියාව තුල රැඳී සිටීමට අවසර හිමි වේ.

"Bridging Visa F" යනු ඔස්ට්‍රේලියාව තුල නිශ්චිත වීසා බලපත්‍රයක් නොමැති ජාවාරම් හෝ වහල්භාවයට ගොදුරු වූවන් සඳහා ලබාදෙන වීසා බලපත්‍රයකි. නමුත් මෙම වීසා බලපත්‍රය කලාතුරකින් ලබාදීම සිදු කරයි.

ඇතැම් අවස්ථා වලදී ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් bridging Visa බලපත්‍ර සඳහා සෘජු ලෙසම අයදුම් කිරීමට හැකියාව පවතින නමුත් තම වීසා බලපත්‍රය කල් ඉකුත් වූ පසු වැනි සංකීර්ණ අවස්ථාවන්හිදී නීතිමය උපදෙස් ලබාගැනීම යෝග්‍ය වේ.


ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ "Settlement Guide" සතිපතා විශේෂාංගය ට සවන්දෙන්න සෑම අඟහරුවාදා දිනකම පෙරවරු 11 සිට


SBS සිංහලගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

  • ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA
  • රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2
  • අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhalese
  • SBS Radio APP (නොමිලේ Download කරගන්න)

Share
Published 31 October 2021 11:00pm
Updated 12 August 2022 3:01pm
By Chiara Pazzano, Nipuna Dodangoda


Share this with family and friends