ඔස්ට්‍රේලියාවට වැඩිපුරම අවශ්‍ය IT ක්ෂේත්‍රයේ රැකියා මෙන්න (SBS සිංහල/ වාර්තා)

ඔස්ට්‍රේලියාවේ වැඩිම ඉල්ලුමක් ඇති වෘත්තීන් වලින් 10% කට ආසන්න ප්‍රමාණයක් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා බව ඔස්ට්‍රේලියානු පරිගණක සංගමය වාර්තා කරයි.

Australia’s most-needed IT jobs

Source: Pixabay/ Tumisu

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ඔස්ට්‍රේලියාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කුසලතා හිඟය නැවත වරක් හඳුනාගෙන තිබේ.

ඔස්ට්‍රේලියාවට වැඩිපුරම අවශ්‍ය රැකියා මොනවාද යන්න පිළිබඳ නව දත්ත නිකුත් කිරීමත් සමඟ මෙම හඳුනාගැනීම සිදු කෙරිණි.


Highlights

  • ඔස්ට්‍රේලියාවේ ඉහළ ඉල්ලුමක් ඇති තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා කිහිපයක් ජාතික නිපුණතා කොමිසම වාර්තා කරයි.
  • මෙම රැකියා මේ වන විටත් ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය හිමි කරදෙන Priority Migration Skilled Occupation ලැයිස්තුවටද ඇතුළත් කර තිබේ.
  • ඊට අමතරව ගණකාධිකාරීවරුන්, මිනින්දෝරුවන් සහ ඉංජිනේරුවන්ගේ පුරප්පාඩු සංක්‍රමණිකයින්ගෙන් පිරවීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය බලා සිටියි.

ඔස්ට්‍රේලියාවට වැඩිපුරම අවශ්‍ය රැකියා

ඔස්ට්‍රේලියාවේ ජාතික නිපුණතා කොමිසම (National Skills Commission) සිය පළමු Skills Priority Occupation Listහෙවත් නිපුණතා ප්‍රමුඛතා රැකියා ලැයිස්තුව මේ මස මුලදී ප්‍රකාශයට පත් කළේය.


මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


ANZSCO හෙවත් Australian and New Zealand Standard Classification of Occupations යටතේ එහිදී ඔස්ට්‍රේලියාව තුළ වර්තමානයේදී සහ අනාගතයේදී ඉල්ලුමක් ඇති රැකියා 800 ක් පමණ නම් කර තිබුණි.

එහි වැඩිම ඉල්ලුමක් ඇති වෘත්තීන් වලින් 10% කට ආසන්න ප්‍රමාණයක් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා බව ඔස්ට්‍රේලියානු පරිගණක සංගමය වාර්තා කරයි.
තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා සඳහා වර්තමාන ඔස්ට්‍රේලියාවේ ජාතික මට්ටමින් හිඟයක් පවතින බවත් අනාගතයේ ද ඉහළ ඉල්ලුමක් පවතින බවත් එයින් අර්ථ දැක්වෙන බව ඔවුහු පවසති.
Australia’s most-needed IT jobs
Source: Pixabay/ StockSnap

ඔස්ට්‍රේලියාවේ ඉහළ ඉල්ලුමක් ඇති තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා

ජාතික නිපුණතා කොමිසමේ වාර්තාවට අනුව ඔස්ට්‍රේලියාවේ ඉහළ ඉල්ලුමක් ඇති තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රධාන රැකියා පහත පරිදි වේ.

  • Multimedia specialist
  • Developer programmer
  • Software engineer
  • ICT security specialist
  • ICT project manager
මෙම රැකියා මේ වන විටත් ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය හිමි කරදෙන Priority Migration Skilled Occupation ලැයිස්තුවටද ඇතුළත් කර තිබේ.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ විශේෂිත වෘත්තීන් ඇතුළත් කිරීම සඳහා එම ලැයිස්තුව පසුගිය මාසයේ යාවත්කාලීන කරන ලදී.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download)


මේ අතර දැනට ඔස්ට්‍රේලියාවේ ජාතික මට්ටමින් හිඟයක් ලෙස වර්ගීකරණය කර ඇති සියලුම රැකියා මෙම Priority Migration Skilled Occupation ලැයිස්තුවේ නොමැත.

Web developers, systems and network administrators, සහ software testers වැනි වෘත්තීන් සඳහා මේ වන විට ඔස්ට්‍රේලියාවේ ජාතික මට්ටමින් හිඟයක් නොපවතින නමුත් අනාගතයේදී ඒවා සඳහා ද හොඳ ඉල්ලුමක් ඇතිවේ යයි ජාතික නිපුණතා කොමිසම පවසයි.

ජාතික මට්ටමින් හිඟයක් නැති නමුත් analyst programmer මේ වන විට ඔස්ට්‍රේලියාවේ Priority Migration Skilled Occupation ලැයිස්තුවේ ඇත.
මේ අතර ප්‍රමුඛතාව අඩුවෙන්ම හිමි තොරතුරු තාක්‍ෂණය හා සම්බන්ධ රැකියා වඩාත් ව්‍යාපාර කේන්ද්‍රීය බවත් උදාහරණ ලෙස ICT account manager, ICT business development manager, සහ ICT sales representative දැක්විය හැකිය.

එම සෑම භූමිකාවක් සඳහාම වර්තමානයේ හිඟයක් නොමැති අතර අනාගතයේදී ද මධ්‍යස්ථ ඉල්ලුමක් ඇතිවේ යයි අපේක්ෂා කෙරේ.
Australia’s most-needed IT jobs
Source: Pexels

ජාතික මට්ටමින් හිඟයක් ඇති අනෙකුත් රැකියා ක්ෂේත්‍ර

සංක්‍රමණිකයින්ගෙන් පුරප්පාඩු පිරවීම සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය බලා සිටින අනෙකුත් ප්‍රධාන වෘත්තීන් ලෙස පහත රැකියා නම් කළ හැකි බවද ඔස්ට්‍රේලියානු පරිගණක සංගමය පවසයි.

  • ගණකාධිකාරීවරුන්
  • මිනින්දෝරුවන් සහ
  • ඉංජිනේරුවන්
වැටුප් වර්ධනයට බලපාන ප්‍රධාන සාධකයක් ලෙස සංක්‍රමණය හැඳින්විය හැකි බවත් ඇතැම් විට එය ඍණාත්මක බලපෑමක් ඇති කරන බවත් ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවේ අධිපති ආචාර්ය Philip Lowe මෑතකදී සිදුකළ කතාවකදී පැවසීය.

තොරතුරු තාක්‍ෂණ රැකියා සඳහා ඉහළ වැටුප් අඛණ්ඩව පැවතීම යෝජනා කළද එම අංශයට එය අඩු බලපෑමක් ඇති කළ බව පෙනී යන බවත් ඔහු පැවසීය.

Share
Published 30 July 2021 7:06pm
By Madhura Seneviratne
Source: SBS Sinhala program

Share this with family and friends