ඇමෙරිකාවේ මිය ගිය George Floyd හට කොරෝනා වැළදී තිබු බවට හෙළි වීම, Nine නාලිකා වාර්තාකරුවන් ට පහර දීම් හා ඔහුගේ මරණය වෙනුවෙන් පවත්වන විරෝධතා පිළිබද නවතම තොරතුරු (SBS සිංහල / වාර්තා )

d

Source: AAP

ඇමෙරිකාවේ Minneapolis පොලීසියේ ග්‍රහණයට හසු වී මිය ගිය George Floyd ට මිය යාමට පෙර කොරෝනා වයිරසය ආසාධනය වී තිබු බවට දැන් ඔහුගේ මරණ පරීක්ෂණයෙන් හෙළි වී තිබේ. මෙම වාර්තාවට අනුව ඔහුගේ මරණය සිදුවී ඇත්තේ පොලීසියේ ග්‍රහණයට හසුව සිටියදී ඇති වූ හර්ද්යාබාධයකින් බවයි. පසුගිය මැයි 25 වෙනිදා ඔහුගේ මරණය ඝාතනයක්  බවට ප්‍රකාශයට  පත් විය.

මරණ පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කල පරීක්ෂක Andrew Baker පවසා ඇත්තේ Floyd අප්‍රේල් 3 වැනිදා covid -19 ආසාධනයට ලක්ව සිටි වුවද ඔහු කිසිදු රෝග ලක්ෂණ නොපෙන්වූ අයෙක් බව. ඔහුගේ පෙනහළු හොඳ තත්වයේ තිබු අතර හර්ද රුධිර  නාලිකා වල යම් සිහින් වීමක් වාර්තා වී තිබේ. මීට පෙර ඔහු පිළිබද ඉදිරිපත් කල වාර්තාවේ ඔහු methamphetamine භාවිතා කර ඇති බව පවසා තිබුනද මරණයට හේතුව එය බව පවසා නැහැ.

Nine නාලිකාවේ වාර්තාකරුවන්ට ප්‍රහාර

මේ අතර ලන්ඩනයේ පැවති උද්ඝෝෂණ හමුවේ ඔස්ට්‍රේලියාවේ Nine නාලිකාවේ වාර්තාකරුවන්ටද ප්‍රහාරයක් එල්ල වූ අතර , එය සජීවී වැඩසටහනක් අතරතුරදී සිදු විය. Nine නාලිකාවේ යුරෝපා වාර්තාකරු Ben Avery මෙසේ ඊයේ උදැසන වැඩසටහනේ Karl Stefanovic  සමග කතා කරමින් සිටියදී මෙම සිදුවීම සිදු විය. 

නමුත් Avery හා ඔවුන්ගේ කැමරාකරුට දිව ගොස් එම අවස්තාව මග හැරීමට හැකිවිය. මේ අතර Nine නාලිකාවේ Sophie Walsh ද ලන්ඩනයේදී  වැඩසටහනකට සම්බන්ධ වන අවස්ථාවේ විරෝධතා කරුවෙකු ඇය වෙතට පැමිණ ඇය ඇල්ලීමට තැත් කල බවද සදහන්. මෙම සිදුවීමට සම්බන්ධ පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කොට ඇති බවද සදහන්
s
Source: Nine
මේ අතර මියගිය George Floyd හේ පුත්‍රයා Quincy තම පියා මියගිය ස්ථානයට ගොස් ඇති අතර , එම ස්ථානයේ ජනතාව විසින් ඔහු සිහි වීමට මල් තබා තිබේ.

 

Floyd පවුලේ නීතිඥ Ben Crump සමග මෙම ස්ථානයට ඔහු ගොස් තිබේ. ඔහු එහිදී ප්‍රකාශ කලේ තම පියාට සාධාරණයක් බලා පොරොත්තු වන බවත් , කිසිවකුට  තම පියා  අහිමි වීමේ ශෝකය අත් වනු  ඔහු අපේක්ෂා නොකරන බවයි
s
Source: AAP

හිටපු ආරක්ෂක ලේඛම් ගේ විවේචනය

මේ අතර ඇමෙරිකාවේ හිටපු ආරක්ෂක ලේඛම් James Mattis පවසා ඇත්තේ ඔහුගේ ජීවිතයේ ඇමෙරිකානු ජනතාව බේද කිරීමට තැත් කල ඔහු දුටු ප්‍රථම නායකයා ජනපති Trump බවයි. මුහුකුරා ගිය නායකත්වයක් නොමැති වීම නිසා මේ තත්වය උදා වී ඇති බවත් , එනමුත් අනාගත පරපුර වෙනුවෙන් මෙහිදී කටයුතු කල යුතු බවත් ඔහු පවසා තිබේ. 

*********************************************************************

සවන්දෙන්න SBS  සිංහල සේවයට , සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC, 97.7 fm NSW, 93.3 fm QLD, 96.9fm WA, 105.5 fm – ACT, 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38

සජීවීව සහ පසුව SBS  සිංහල සේවයට සවන්දෙන්න SBS Radio APP නොමිලේ Download කරගන්න

*********************************************************************

මේ අතර අද දින Floyd පවුල ඔහු වෙනුවෙන් ස්මරුම් සිදු කරන අවස්ථාවේ , මෙම සිදු වීමට චෝදනා ලබා ඇති Minneapolis පොලීසියේ හිටපු නිලධාරීන් වන J Alexander Kueng, Thomas Lane , Tou Thao ප්‍රථම වරට අධිකරණය ඉදිරියේ  පෙනී සිටිනු ඇති අතර Floyd ව දණහිසෙන් ග්‍රහණයට හසු කර ගෙන සිටි Derek Chauvin ට  මරණය සිදු කිරීමට මොවුන් සහය දුන් බවට චෝදනා  ලබා තිබේ 

Chauvin ට මුලදී එල්ල කර තිබු 3rd degree murder චෝදනා වෙනුවට ඊට ඉහල තත්වයේ යයි සැලකෙන 2nd degree මිනී මැරුම් චෝදනා දැන් එල්ල කොට තිබේ.
s
Source: Nine
Source: Nine News
s
Source: SBS Sinhala



Share
Published 5 June 2020 6:31am
Updated 5 June 2020 9:30am
By Charitha Adikari

Share this with family and friends