වඩාත්ම ප්‍රභල ලැම්ඩා කොරෝනා ප්‍රභේදය 'ඩෙල්ටා' අභිබවා ලොව ව්‍යාප්ත වෙයිද? (SBS සිංහල වාර්තා)

Can Lambda strain of corona virus be controlled by vaccination?

COVID Vaccine / A visualisation of the Lambda virus’ spike protein Source: Getty / Dr Michael Kuiper, Biomolecular modeller, CSIRO’s Data61

Highlights

  • Lambda වෛරස ප්‍රබේදයේ ඇරඹුම 
  • Lambda වෛරස ප්‍රබේදය එන්නත් මගින් පාලනය කල හැකිද?
  • Lambda වෛරස ප්‍රබේදය කෙතරම් භයානකද?

Lambda වෛරස ප්‍රබේදයේ ඇරඹුම

කොරෝනා වෛරසයේ Lambda ප්‍රබේදය 2020 වසරේදී පේරු රාජ්‍යයෙන් පළමුවෙන් වාර්තා වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

පසුව එය දකුණු ඇමරිකානු රටවල් කිහිපයක ව්‍යාප්ත වීම සිදු විය.

මෙම Lambda වෛරස ප්‍රබේදය වැළඳුනු ආසාදිතයකු සම්බන්ධයෙන් පසුගිය අප්‍රේල් මසදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නිරෝධනය මධ්‍යස්ථානයකින් වාර්තා විය.
A health worker prepares a dose of the Pfizer coronavirus vaccine at the newly-opened mass vaccination program for the elderly at a drive-thru vaccination center outside Johannesburg, South Africa,
The Lambda coronavirus variant has been detected in Australia Source: AP
එය එම ප්‍රබේදය ඔස්ට්‍රේලියාව තුල වාර්තා වූ පළමු අවස්ථාව වන අතර මේ වනවිට මෙම ප්‍රබේදය ලොව පුරා රටවල් 20කට අධික සංක්‍යාවක ව්‍යාප්තව තිබේ.

මේ වනවිට මෙම Lambda ප්‍රබේදය අධීක්ෂණ මට්ටමේ පවතින වෛරස ප්‍රබේදයක් ලෙස රෝග නිවාරණය හා පාලනය සඳහා වූ යුරෝපීය මධ්‍යස්ථානය සඳහන් කොට තිබේ. එමෙන්ම මෙය විමර්ශන මට්ටමේ පවතින වෛරස ප්‍රබේදයක් වන බව Public Health England සඳහන් කොට සිටින බව ABC පුවත් සේවය පවසයි.

මෙම වෛරස ප්‍රබේදයේ පවතින පහසුවෙන් සම්ප්‍රේෂණය වීමේ විකෘතිතා මත පදනම්ව ලෝක සෞඛ්‍ය සංවිධානයද මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් සිටි.

කෙසේ නමුත් මෙම ප්‍රබේදය සඳහා මේ වනතෙක් Alpha හෝ Delta වැනි කොරෝනා ප්‍රබේද සම්බන්ධයෙන් තරම් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය යොමුව නොමැත.

 


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

පෙරවරු 11 සිට , 93.1fm, 97.7fm, 105.5fm

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


 

Lambda කොරෝනා ප්‍රබේදයේ ව්‍යාප්තියේ ස්වභාවය සහ එම වෛරස ප්‍රබේදය එන්නත්කරණය මගින් පාලනය කල හැකිද යන්න සම්බන්ධයෙන් මේ වනතෙක් නිශ්චිත විද්‍යාත්මක නිගමනයන්ට එළඹීමට පර්යේෂකයින් අපොහොසත් වී තිබේ.

මෙම ප්‍රබේදය මගින් පුද්ගල ප්‍රතිශක්තිකරණ පද්ධතියට ඉක්මනින් බලපෑම් සිදු කල හැකි නමුත් මේ වනවිට පවතින එන්නත් මගින් සැලකිය යුතු බලපෑමක් කල හැකි බවට ප්‍රාථමික සාක්ෂි වලට අනුව හඳුනාගෙන තිබේ.

Lambda වෛරස ප්‍රබේදය එන්නත් මගින් පාලනය කල හැකිද?

SARS-CoV-2 වෛරසයේ ස්පයික් ප්‍රෝටීන වල පවතින විකෘතිතා මගින් පුද්ගලයකුට වන ආසාදන තත්වය වැඩි කළ හැකි වේ.
මේ වනවිට නිෂ්පාදනය වන සහ නිෂ්පාදනය වී ඇති කොරෝනා එන්නත් බොහොමයක් මෙම ස්පයික් ප්‍රෝටීන මත පදනම්ව තිබේ.

කෙසේ නමුත් මෙම Lambda වෛරස ප්‍රබේදයේ ස්පයික් ප්‍රෝටීන වලද විකෘතිතා රැසක් පවතින බව හඳුනාගෙන තිබේ.

මේ වනවිට හඳුනාගෙන ඇති ප්‍රාථමික දත්ත වලට අනුව මෙම වෛරස ප්‍රබේදයට Alpha හෝ Delta යන ප්‍රබේද වලට වඩා ඉක්මනින් පුද්ගල සෛල වලට අසාදනය වීමේ හැකියාවක් පවතී.

මේ වනවිට පවතින තොරතුරු අනුව බලන කල මෙම Lambda වෛරස ප්‍රබේදයේ දැඩි ව්‍යාප්තියක් පිළිබඳව සාක්ෂි නොමැති වුවද එහි පවතින විකෘතිතා මත ඉහල ව්‍යාප්තියක් දැරීමේ ප්‍රවණතාවයක් පවතී.
එමෙන්ම මේ වනවිට සිදු කොට ඇති මුලික අධ්‍යයන වලින් හෙළිව ඇත්තේ Lambda වෛරස ප්‍රබේදයේ පවතින ස්පයික් ප්‍රෝටීන වල විකෘතිතා මගින් Pfizer සහ Moderna එන්නත් මගින් වෛරසය උදාසීන කිරීම සඳහා සිදු කරන ප්‍රතිදේහ නිෂ්පාදනයටද දැඩි බලපෑමක් සිදු කරන බවයි.

එමෙන්ම මෙහි පවතින එක් විකෘතිතාවයක්, කොරෝනා එන්නත මගින් වෛරසය උදාසීන කිරීම වැලැක්වීමෙන්  එය ආරක්ෂා කරන බවටද හඳුනාගෙන තිබේ.

කෙසේ නමුත් මේ වනවිට සිදු කල පරීක්ෂණ වල සමස්ත ප්‍රතිපල වලට අනුව මෙම Lambda වෛරස ප්‍රබේදය සඳහා, පවතින අනුමත කරන ලද කොරෝනා එන්නත් සාර්ථක ප්‍රතිපල ලබාදෙන බව වාර්තා වේ.

Lambda වෛරස ප්‍රබේදය කෙතරම් භයානකද?

Public Health England මගින් නිකුත් කරන ලද අවදානම් තක්සේරු වාර්තාවක් සඳහන් කරන්නේ මෙය දරුණු ප්‍රතිපල ඇතිකරයිද යන්න පිළිබඳව දැනගැනීම සඳහා තවමත් නිසි තොරතුරු නොමැති බවයි.

කෙසේ නමුත් මෙම Lambda වෛරස ප්‍රබේදය Delta ප්‍රබේදය අභිබවා යාමේ අවදානමක් පවතීද යන්න පිළිබඳව පරීක්ෂණ සිදු කරන බවද එම වාර්තාව පවසයි.
A visualisation of the Lambda virus’ spike protein
A visualisation of the Lambda virus’ spike protein Source: Dr Michael Kuiper, Biomolecular modeller, CSIRO’s Data61
එමෙන්ම එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මේ වනවිට ලොව පුරා පවතින වෛරස ව්‍යාප්තිය මත විවිධ කොරෝනා වෛරස ප්‍රබේද මතුවීමේ දැඩි අවදානමක් ද පවතින බවයි.

මෙම වෛරස ප්‍රබේදය ඉදිරි කාලසීමාවේදී ගෝලීය වශයෙන් දැඩි අවදානමක් ගෙන දෙන්නේද යන්න සම්බන්ධයෙන් අඛණ්ඩව පරීක්ෂණ සිදු කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානයද සඳහන් කොට සිටී.

Share
Published 22 July 2021 7:47pm
Updated 22 July 2021 8:42pm
By Nipuna Dodangoda

Share this with family and friends