කොරෝනා පරීක්ෂාවක් කරගත යුතුයි කියා ඔස්ට්‍රේලියානු රජයට ඔබට බල කළ හැකිද? (SBS සිංහල/ වාර්තා)

A healthcare worker conducts a COVID-19 test at a pop-up testing facility in Broadmeadows.

A healthcare worker conducts a COVID-19 test at a pop-up testing facility in Broadmeadows. Source: AAP

වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා වසංගතය යළි හිස එසවීමත් සමග කොරෝනා ආසාදිතයින් ඉතා ඉක්මණින් හඳුනාගැනීමට කොරෝනා පරීක්ෂාවන් විශාල වශයෙන් සිදු කිරීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.


SBS සිංහල සේවය

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download)


ඒ සමග මෙල්බර්න් නුවර කොරෝනා මර්මස්ථාන ලෙස හැඳින්වෙන උප නගර වල වැසියන් කොරෝනා පරීක්ෂාවට මුහුණ දීම ප්‍රතික්ෂේප කළහොත් දඩ ගැසිය යුතු බවට ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison විසින් අනතුරු අඟවා තිබේ.
A COVID-19 testing facility in Melbourne.
A COVID-19 testing facility in Melbourne. Source: AAP

කොරෝනා පරීක්ෂාවට මුහුණ දීම ප්‍රතික්ෂේප කළහොත් රජයට කුමක් කළ හැකිද?

කොරෝනා පරීක්ෂණයකට මුහුණ දිය යුතු බවට යමෙකුට බල කිරීමට සෞඛ්‍ය බලධාරීන්ට බලය ලබා දෙන නීති ප්‍රාන්ත, ටෙරිටරි සහ මධ්‍යම රජය යන මට්ටම් වලින් තිබේ.

වික්ටෝරියා ප්‍රාන්තය තුළ වර්තමානයේ පැතිරී ඇති කොරෝනා රෝගී තත්ත්වය, මහජන සෞඛ්‍ය හා යහපැවැත්ම පිළිබඳ පනත මගින් ප්‍රාන්ත රජයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරියාට යමෙකු කොරෝනා පරීක්‍ෂණයකට යොමු කිරීමට බලය ලබා දෙයි.

අදාළ පරීක්ෂණයට භාජනය වන පුද්ගලයාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට හෝ ඔහු හෝ ඇය වෙනත් ආසාදිතයෙකු ට නිරාවරණය වී ඇති බවට හෝ ප්‍රාන්ත රජයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරියා එහිදී විශ්වාස කළ යුතු වෙයි.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)


එවිට ඔවුන්ට එම පුද්ගලයා පරීක්‍ෂණයකට මුහුණ දිය යුතු බවට යුතු නියෝගයක් කළ හැකිය.

එම පුදගලයා ඊට අනුකූල නොවන්නේ නම් ඔහු හෝ ඇය $165.22 බැගින් penalty units 60 කට හෝ $10,000 කට අඩු දඩයකට හෝ යටත් විය යුතුය.

අදාළ පුද්ගලයා කොරෝනා පරීක්ෂාව ප්‍රතික්ෂේප කළහොත් ඔහුව හෝ ඇයව නිශ්චිත කාල සීමාවක් නිශ්චිත ස්ථානයක රඳවා හුදකලා කෙරේ.

එම රඳවාගැනීමේ කාලය පැය 72 කට වැඩ අඩු වේ.
Clinics
Source: AAP

කොරෝනා පරීක්ෂාවන් ට මුහුණ දීම ප්‍රතික්ෂේප කළහොත් දඩ?

මෙල්බර්න් නුවර කොරෝනා වසංගතයෙන් ගලවා ගැනීම සඳහා ක්‍රියාත්මක කර ඇති වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ දැඩි වැඩපිළිවෙලට ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison සිය සහයෝගය ලබා දී තිබේ.

මේ වන විට මෙල්බර්න් කලාපයේ postcodes 10 කට අයිති උප නගර 37 කට ඊයේ (01/07) මධ්‍යම රාත්‍රියේ සිට එළඹෙන ජූලි 29 දක්වා stay-at-home නියෝගය ක්‍රියාත්මක කෙරේ.

3012, 3021, 3032, 3038, 3042, 3046, 3047, 3055, 3060 සහ 3064 යනු stay-at-home නියෝගය බලපැවැත්වෙන postcodes 10 වේ.

මෙල්බර්න් නුවර කොරෝනා මර්මස්ථාන වල කොරෝනා පරීක්ෂාව නොකඩවා කරගෙන යන බැවින් එම පරීක්ෂා කිරීම ප්‍රතික්ෂේප කරන පුද්ගලයින්ට දඩ මුදල් ගෙවිය හැකි බවට අග්‍රාමාත්‍යවරයා අනතුරු අඟවා තිබේ.

මෙල්බර්න් වැසියන් කොරෝනා පරීක්ෂාවන් සිදු කිරීම ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ කණගාටු වන බව ද අගමැති මොරිසන් පැවසීය.

නමුත් ප්‍රාන්ත වැසියන්ට කොරෝනා පරීක්ෂණ කිරීමට බල නොකරන බව ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසීය.
Sinhalese
Source: SBS Sinhala

Share
Published 2 July 2020 5:12am
By Madhura Seneviratne

Share this with family and friends