ඕස්ට්‍රේලියාවේ ළමා අයිතිවාසිකම් මොනවාද සහ ඒවා ආරක්ෂා කරන්නේ කෙසේද? SBS සිංහල වෙතින්

United Nations Convention on the Rights of the Child නොහොත් ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය යනු, ළමුන්ට සහ තරුණයින්ට ඉල්ලා සිටිය හැකි නිශ්චිත අයිතිවාසිකම් ගෙනහැර දක්වන ජාත්‍යන්තර ගිවිසුමක් වේ. මෙම ප්‍රධාන අයිතිවාසිකම් මොනවාද සහ ඕස්ට්‍රේලියාවේ එම අයිතිවාසිකම් ආරක්ෂා කරන්නේ කෙසේද යන්න පිළිබඳව මෙම ලිපිය ඔස්සේ රැගෙන එයි.

Two girls playing

Source: Pexels/RODNAE Productions

Highlights
  • එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය මගින් සියලුම දරුවන් ආරක්ෂා කොට තිබේ.
  • සැක සහිත ළමා අපයෝජන වාර්තා කිරීම ඕස්ට්‍රේලියානු අනිවාර්ය වාර්තා කිරීමේ නීතිවලට අනුව අත්‍යවශ්‍ය වේ.
  • ඕස්ට්‍රේලියානු නීතීන් මගින් ළමුන් කුඩා වයසේදීම ශ්‍රම බලකායට ඇතුළු වීමෙන් ඔවුන්ව ආරක්ෂා කරයි.
  • සාපරාධී වගකීම් දැරීමේ වයස අවම වශයෙන් අවුරුදු 10 සිට 14 දක්වා ඉහල දමන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ඕස්ට්‍රේලියාවෙන් ඉල්ලා තිබේ.
ඔස්ට්‍රේලියාව ඇතුළු ලෝකයේ සෑම රටක්ම පාහේ එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියට කැපවී සිටින අතර මේ වනවිට එය වඩාත් පුළුල් ලෙස සහාය දක්වන මානව හිමිකම් ගිවිසුම බවට පත්ව තිබේ.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ ළමා අයිතිවාසිකම් වශයෙන් සඳහන් වන්නේ:

  • ළමුන්ට සාධාරණ ලෙස සැලකීමේ අයිතිය
  • ඔවුන්ට බලපාන තීරණ ගැන කීමට ඇති අයිතිය
  • නිරෝගීව ජීවත් වීමට සහ වැඩීමට ඇති අයිතිය
  • ඔවුන් කොතැනක සිටියත් ආරක්ෂිතව සිටීමට ඇති අයිතිය
  • අධ්‍යාපනය සඳහා ඇති අයිතිය
  • සෙල්ලම් කිරීමට සහ විනෝද වීමට ඇති අයිතිය
නිරෝගීව වැඩීමට ඇති අයිතිය

ළමා අයිතිවාසිකම් පිළිබඳව අවධානය යොමු කරමින් ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති Paula Gerber, Monash විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ මහාචාර්යවරියක වශයෙන් කටයුතු කරයි.

ඇය පවසන්නේ සියලුම දරුවන්, ඉපදුණු දා සිට ජාතික සෞඛ්‍ය පද්ධතියට හිමිකම් කියන බවයි.

නමුත් පැහැදිලිවම දරුවන් හොඳින් තබා ගැනීම, ඔවුන් වෛද්‍යවරයා වෙත රැගෙන යාම සහ එන්නත් ලබා දීමේ මූලික වගකීම පැවරෙන්නේ දෙමාපියන් හට බව ඇය පෙන්වා දෙයි.
Child healthcare
Child healthcare Source: Getty Images/Fly View Productions
ආරක්ෂිතව සිටීමට ඇති අයිතිය

කොතැනක සිටියත් සුරක්ෂිතව සිටීමට දරුවන්ට අයිතියක් තිබේ.

ඕස්ට්‍රේලියානු අනිවාර්ය වාර්තා කිරීමේ නීති අධිකරණ බල ප්‍රදේශ අනුව වෙනස් වුවද, සැක කරන අපයෝජන අදාළ වෘත්තිකයන් මගින් ළමා ආරක්ෂණ සේවා වෙත වාර්තා කිරීම අවශ්‍ය වේ.

මහාචාර්ය Paula පෙන්වා දෙන්නේ මෙය ශාරීරික, ලිංගික සහ මානසික අපයෝජන, නොසලකා හැරීම සහ පවුල් ප්‍රචණ්ඩත්වයට නිරාවරණය වීම වැනි අවස්ථා වලදී අදාළ වන බවයි.


මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත් කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


'අනිවාර්ය වාර්තා කිරීමේ වගකීම්' යනුවෙන් හඳුන්වනු ලබන නීතිය යටතේ දරුවන්ට කොතැනක සිටියත් ආරක්ෂිතව සිටීමට අයිතියක් පවතී. දරුවෙකු ප්‍රචණ්ඩත්වයට, අපයෝජනයට හෝ නොසලකා හැරීමකට පවා ලක් වන බව විශ්වාස කිරීමට ඔවුන්ට හේතුවක් තිබේ නම්, අදාළ වෘත්තිකයන් කළ යුතු වන්නේ එය රජයේ මානව සේවා දෙපාර්තමේන්තුවට අයත් ළමා ආරක්ෂණ සේවා වෙත වාර්තා කිරීමයි.

වෛද්‍යවරුන්, හෙදියන්, ගුරුවරුන්, පොලිසිය සහ ආගමික සංවිධානවල සේවය කරන පුද්ගලයින් මෙලෙස අනිවාර්ය වාර්තා කිරීමේ වගකීම් ඇති වෘත්තිකයන් වශයෙන් හැඳින්විය හැක.

අධ්‍යාපනය ලැබීමේ අයිතිය

ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 06 - 17ත් අතර ළමුන් සඳහා පාසල් යාම අනිවාර්ය වේ.

ළමයින් පාසල් යන බව සහතික කිරීම දෙමාපියන්ට මෙන්ම පාසල්වලටද වගකීමක් පවතී. යම් සිසුවකු වසරකට දින පහකට වඩා වැඩි එමෙන්ම පැහැදිලි කළ නොහැකි නොපැමිණීමක් වාර්තා කළහොත් ඒ පිළිබඳව පසු විපරම් කිරීමට පාසලේ විදුහල්පතිවරයා සති කාර්යභාරයකි.

ඇතැම් දරුවන්ට ඔවුන්ගේ දෙමාපියන් නිවසේ අධ්‍යාපනය ලබාදීම සිදු කරයි, නමුත් එහිදී ඔවුන් බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කළ යුතු අතර අධ්‍යාපන දෙපාර්තමේන්තුවට නිතිපතා වාර්තා කළ යුතු වේ.
Teacher in class
Source: Getty Images/JohnnyGreig
ළමා ශ්‍රමිකයින්

මහාචාර්ය Paula පෙන්වා දෙන්නේ ඕස්ට්‍රේලියානු දරුවන්ට වැටුප් සහිත රැකියාවක් කළ නොහැකි නිශ්චිත වයස් සීමාවක් පවතින බවයි.

රැකියා පරිසරයක් තුළ ළමුන් යොදා ගැනීම පිළිබඳ ඉතා පැහැදිලි නීති ඔස්ට්‍රේලියාව සතුව ඇති අතර, ළමයෙකුට ශ්‍රම බලකායට ඇතුළත් විය හැකි වයස අවුරුදු 15ක් වන බවට ඕස්ට්‍රේලියානු නීතියේ සඳහන් වේ.

නමුත් ඇය සඳහන් කොට සිටින්නේ පුවත්පත් බෙදා හැරීම හෝ විනෝදාස්වාද අංශයේ කටයුතු කිරීම වැනි ඇතැම් ලිහිල් සීමා පවතින බවයි.

වයස අවුරුදු 15 ත් 18 ත් අතර දරුවන්ට පාසල් වාරය තුළ දිනකට පැය තුනකට වඩා හෝ සතියකට පැය 12 කට වඩා වැඩ කළ නොහැක.

පාසල් නිවාඩු කාලය තුළ එය දිනකට පැය හයක් හෝ සතියකට පැය 30ක් දක්වා දීර්ඝ වේ.

ළමා විවාහ

වයස අවුරුදු 18 යනු ඕස්ට්‍රේලියාවේ පුද්ගලයන්ට නීත්‍යානුකූලව විවාහ විය හැකි වයසයි.

මහාචාර්ය Paula සඳහන් කොට සිටින්නේ ඕස්ට්‍රේලියාවේ ළමා විවාහ සම්බන්ධයෙන් ඉතා දැඩි නීති පවතින බවයි.


ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ "Settlement Guide" සතිපතා විශේෂාංගය ට සවන්දෙන්න සෑම අඟහරුවාදා දිනකම පෙරවරු 11 සිට


ළමුන්ට බලහත්කාරයෙන් විවාහයක් හෝ විවාහයක් වැනි විධිවිධානයක් සිදු කළහොත් එය වසර නවයක් දක්වා වූ සාපරාධී දඬුවමකට යටත් වේ. එය වසර නවයක් දක්වා සිරදඬුවමක් සහ විවාහයක් සඳහා ළමයකු රටින් පිටතට ගෙන ගියහොත් වසර 25 දක්වා සිරදඬුවමක් වශයෙන් දැක්වේ.

ප්‍රාන්ත සහ ටෙරිටරි වශයෙන් වන වෙනස්කම්

මහාචාර්ය Faith Gordon, Australian National University හි නීති විද්‍යාලයේ සහකාර මහාචාර්යවරයෙකු සහ නියෝජ්‍ය සහකාර පීඨාධිපතිවරයෙකු වශයෙන් කටයුතු කරයි.

ඇය පෙන්වා දෙන්නේ අවාසනාවකට,එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය ඔස්ට්‍රේලියානු ව්‍යවස්ථාදායක රාමුව තුළ අන්තර්ගත වී නොමැති අතර ළමුන් සහ තරුණයින් සඳහා වන ජාතික උපාය මාර්ගයක් ඕස්ට්‍රේලියාවට නොමැති බවයි.

ළමා ආරක්ෂාව සහ තරුණ යුක්තිය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත සහ ටෙරටරි විවිධ නීති සම්පාදනය කොට තිබේ. මේ හේතුවෙන් ඕස්ට්‍රේලියාව පුරා සිටින ළමුන් සහ තරුණයින් සඳහා අදාළ වන නීති සම්පාදන සහ රාමු වල හිඩැස් පවතින බවත් ඇය අවධාරණය කොට සිටී.
Child with soccer ball
Source: Getty Images/franckreporter
මේ හේතුවෙන් මහාචාර්ය Faith පෙන්වා දෙන්නේ ඕස්ට්‍රේලියාවට දරුවන්ගේ අයිතීන් පිළිබඳ වඩාත් පැහැදිලි නීති අවශ්‍ය බවයි.

ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියක් තිබෙන නමුත් ඕස්ට්‍රේලියාවේ ළමා අයිතිවාසිකම් පනතක් නොපවතී. මේ හේතුවෙන් ළමා අයිතිවාසිකම් පිළිබඳ වැදගත් ජාත්‍යන්තර ගිවිසුම ක්‍රියාත්මක කිරීමට දිගු කාලයක් ගත වේ.

අපරාධ වගකීම පවතින වයස

ඕස්ට්‍රේලියාවේ නීතියට අනුව වයස අවුරුදු 10ක් තරම් කුඩා ළමයකු අත්අඩංගුවට ගෙන සිරගත කළ හැක.

නමුත් මෙම වයස් සීමාව අවම වශයෙන් වයස අවුරුදු 14 දක්වා වැඩි කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ඕස්ට්‍රේලියාවට ඉල්ලා තිබේ.

ඕස්ට්‍රේලියාව මේ වන විට එක්සත් ජාතීන්ගේ නිර්දේශය ප්‍රතික්ෂේප කොට තිබේ.

මහාචාර්ය Faith සඳහන් කරන්නේ අවුරුදු 25 දක්වා දරුවන්ගේ සහ තරුණයින්ගේ මොළය වර්ධනය වන බව පර්යේෂණවලින් පෙනී යන අතර වයස අවුරුදු 10 දී ළමයෙකු සාපරාධී වගකීමකට පත් කිරීම සුදුසු නොවන බවයි.

අපරාධ සඳහා වගකීමේ අවම වයස් මට්ටම ඉහළ නැංවීම සඳහා ක්‍රියාකාරීන්, නීතිඥයින් සහ තරුණයන්ගෙන් විශාල සහයෝගයක් මේ වනවිට පවතී.
Children hold Aboriginal flag
Young children hold up the Aboriginal flag during a rally against Black Deaths in Custody in The Domain in July 2020 in Sydney. Source: Don Arnold/Getty Images
ආදිවාසී තරුණයන් රැඳවුම් භාරයේ තැබීම

ඕස්ට්‍රේලියාවේ තරුණ යුක්තිය පසිඳලීමේ පද්ධතිය තුළ "ආදිවාසී තරුණයන්" වැඩිපුර නියෝජනය කිරීම ප්‍රධාන ගැටලුවක් බව මහාචාර්ය Paula පවසයි.

ඇය පෙන්වා දෙන්නේ වයස අවුරුදු 10 ත් 17 ත් අතර ආදිවාසී තරුණයින් ජනගහනයෙන් 6% ක් වන නමුත් එය ඕස්ට්‍රේලියානු තරුණ රැඳවුම් මධ්‍යස්ථාන වල ජනගහනයෙන් 56% ක් වන බවයි.

ඕස්ට්‍රේලියාවේ Court diversion වැඩසටහන් හොඳින් ක්‍රියාත්මක වන නමුත් ඇය සඳහන් කරන්නේ මේ සම්බන්ධයෙන් තවත් සම්පත් අවශ්‍ය බවයි.

සම්පත් සහ සහාය

මහාචාර්ය Faith පවසන්නේ තරුණයින්ට සහ පවුල්වලට බොහෝ විට සම්පත් හිඟයක් පවතින බවයි.

බොහෝ දරුවන් සැබවින්ම අධිකරණ පද්ධතියේ ගොදුරක් වී ඇති නමුත් ඔවුන්ට ඔවුන්ගේ ප්‍රජාව තුළ ප්‍රමාණවත් ආධාරක යාන්ත්‍රණයක් ලැබී නොමැත.

ඒ වෙනුවට, ඔවුන්ව අපරාධ විනිශ්චය පද්ධතිය ඉදිරියට ගෙන එනු ලබන අතර එය ඔවුන්ගේ බොහෝ ගැටලු උග්‍ර කරන බවත් මහාචාර්ය Faith අවධාරණය කරයි.

උපකාර සඳහා වන සහාය

ඕස්ට්‍රේලියාවට ඉතා ජවසම්පන්න ප්‍රජා නීති අංශයක් පවතින බව මහාචාර්ය Faith පවසයි.

මේ ඔස්සේ ඔබේ ආදායම මත පදනම්ව, අවශ්‍යනම් ප්‍රජා නීති මධ්‍යස්ථාන නොමිලේ නීති උපදෙස් ලබා දීම සිදු කරයි.

ආදිවාසී නීති මධ්‍යස්ථාන සහ නීති ආධාර පද්ධති මගින් අපරාධ විනිශ්චය පද්ධතිය ඉදිරියේ පෙනී සිටින පුද්ගලයින්ට අරමුදල් සඳහා ඉල්ලුම් කළ හැක.

 


ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ "Settlement Guide" සතිපතා විශේෂාංගය ට සවන්දෙන්න සෑම අඟහරුවාදා දිනකම පෙරවරු 11 සිට


SBS සිංහලගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

  • ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA
  • රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2
  • අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhalese
  • SBS Radio APP (නොමිලේ Download කරගන්න

Share
Published 22 May 2022 3:59pm
Updated 12 August 2022 2:56pm
By Chiara Pazzano, Nipuna Dodangoda


Share this with family and friends