ඕස්ට්‍රේලියාවේදී, දරුවාට උසස් පාසලක් තේරීමේදී දෙමාපියන් දැනගතයුතු දේ SBS සිංහල වෙතින්

Leaving for school

Source: Getty Images/davidf

Highlights
  • High schools නොහොත් උසස් පාසල් පුළුල් ලෙස වර්ග තුනකට අයත් වේ: ඒ රජයේ, කතෝලික සහ ස්වාධීන
  • පාසල් වශයෙනි.
  • පාසල් තේරීම සඳහා, දරුවාගේ අධ්‍යයන කාර්ය සාධනයට වඩා වැඩි යමක් පදනම් විය යුතුය.
  • උසස් පාසල් සංසන්දනය කිරීමට සහ ඔබේ ප්‍රදේශයේ පාසල් ස්ථානගත කිරීමට උපකාර කිරීමට online සබැඳි තිබේ.
  • පාසලේ සංස්කෘතිය ඔබේම වටිනාකම්වලට ගැලපීමට උත්සාහ කිරීම.
ඕස්ට්‍රේලියාවේ උසස් පාසලක් තෝරා ගැනීම, දෙමාපියන්ට මෙන්ම දරුවන්ට ද අනපේක්ෂිත ආතතියක් විය හැකියි. නමුත් ප්‍රධාන කරුණු කිහිපයක්  අනුගමනය කිරීමෙන් තම දරුවාගේ තත්වයට වඩාත් ගැළපෙන පාසලක් සොයා ගැනීම සඳහා තොරතුරු සොයා ගත හැක.

ඕස්ට්‍රේලියානු ද්විතීයික හෝ උසස් පාසලක් තෝරා ගැනීමට කාලය පැමිණි විට, එම පාසල් තේරීමේ ක්‍රියාවලිය තුල සලකා බැලීමට අවශ්‍ය කරුණු ගණනාවක් පැවතීම හේතුවෙන් බොහෝ පිරිසකට එය ආතතියක් ගෙන දීමට ඉඩ පවතී.

Raising Children Network හි අධ්‍යක්ෂක Derek McCormack පවසන්නේ උදාහරණයක් වශයෙන්,මෙහිදී දෙමාපියන්, ඔවුන්ගේ ප්‍රායෝගික අවශ්‍යතා, ඔවුන්ගේ පුද්ගලික වටිනාකම් සහ ඔවුන්ගේ දරුවාගේ අධ්‍යයන ජයග්‍රහණ වැනි බොහෝ දේ සමග පාසල සැසඳීම සිදු කරන බවයි.

  හි ප්‍රකාශක වන Good Education හි සාමාන්‍යාධිකාරී Ross White පෙන්වා දෙන්නේ මෙහිදී දෙමාපියන් ඇති විශාල තොරතුරු ප්‍රමාණයක් සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවයි.

සලකා බැලිය යුතු කරුණු

ඕස්ට්‍රේලියානු ද්විතීයික පාසල් සාමාන්‍යයෙන් වර්ග තුනකට අයත් වේ: ඒ රජයේ, කතෝලික සහ ස්වාධීන පාසල් වශයෙනි.

Ross පවසන්නේ මේ හේතුවෙන් දෙමාපියන් සැබවින්ම පාසැල සඳහා වන පිරිවැය, පාසල පවතින ස්ථානය, කාර්ය සාධනය සහ ඒ සඳහා වන සුදුසුකම සම්බන්ධයෙන් දැඩි ලෙස සිතන බවයි.

 


මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත් කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


 

එමෙන්ම Derek පවසන්නේ පාසලක සංස්කෘතිය, ඔබේම වටිනාකම්වලට වන ගැලපීම පිළිබඳ අදහස, පාසලක් ගැන සිතන විට ඇත්තෙන්ම දෙමාපියන්ට වැදගත් වන බවයි.

උදාහරණයක් වශයෙන්, අධ්‍යයන ජයග්‍රහණ පිළිබඳ අවධාරණය කිරීම, පාසල් ඇඳුම් පිළිබඳව වන ප්‍රතිපත්ති, අනිවාර්ය ක්‍රීඩාවක් හෝ සති අන්ත ක්‍රියාකාරකම් තිබේද? යන දේ දෙමාපියන් සහ ඔවුන්ගේ දරුවා උනන්දු වන වැදගත් කරුණු වශයෙන් දැක්විය හැක.

ඇතැම් විට දෙමාපියන් හට රජයේ හෝ රාජ්‍ය නොවන පාසල් සඳහා මනාපයක් තිබිය හැක. එමෙන්ම ඇතැම් විටෙක ආගමික අධ්‍යාපනය දෙමාපියන් හට වැදගත් වෙයි. නමුත් තම දරුවා සමග මේ සම්බන්ධයෙන් සාකච්චා කිරීම, දෙමාපියන්ගේ තීරණයට බලපෑ හැක.

එමෙන්ම Derek පෙන්වා දෙන්නේ විෂය බාහිර ක්‍රියාකාරකම් හෝ මිතුරන් සම්බන්ධයෙන් දරුවන්ට විශේෂන්ම කැමති දෑ හෝ අවශ්‍යතාවන් තිබිය හැකි බවයි.

Image

රජයේ උසස් පාසල්

ඕස්ට්‍රේලියාවේ රජයේ පාසල් අඩු වියදම් සහිත වන නමුත් ඒ සඳහා ස්වේච්ඡා දායකත්වයන් ඇතුළත් විය හැකියි.

Online ඔස්සේ තම ප්‍රදේශයේ පවතින රජයේ පාසල් හඳුනාගැනීමට හැකි අතර Derek පවසන්නේ තමන් ජීවත් වන ස්ථානය මත පදනම්ව තම දරුවා එම ප්‍රදේශයේ විශේෂිත පාසලකට සුදුසුකම් ලැබිය හැකි බවයි.

නමුත් තමුන් සිටින ප්‍රදේශයෙන් බැහැර පාසලක් ගැන උනන්දුවක් දක්වන්නේ නම්, එම පාසල සම්බන්ධයෙන් තොරතුරු සොයාගැනීම වැදගත් වේ.

මෙම වසරේදී මෙල්බර්න් හි උසස් පාසල වෙත යාම ආරම්භ කළ සිසුවකුගේ මව වන Arlene පවසන්නේ, මෙම කටයුතු සඳහා ප්‍රථමික පාසල්ද සහාය දක්වන බවයි.

 


ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ "Settlement Guide" සතිපතා විශේෂාංගය ට සවන්දෙන්න සෑම අඟහරුවාදා දිනකම පෙරවරු 11 සිට


 

තම දරුවාගේ ප්‍රථමික පාසල මගින්, ද්විතීයික පාසල් පිරිනැමීමට ලබා දෙන තොරතුරු වලට අමතරව විකල්ප පාසල් තෙරීමටද තමන්ට හැකියාව ලබාදුන් බව Arlene පෙන්වා දෙයි.

ඇතැම් ප්‍රාන්තවල තෝරාගත් රජයේ පාසල් හෝ පාසලක් තුළ තෝරාගත් පන්ති පිරිනැමීම සිදු කරයි. නමුත් මේ සඳහා තරඟකාරී ප්‍රවේශ පරීක්ෂණ පවතී.

විශේෂිත උසස් පාසල් මගින්, නිර්මාණාත්මක සහ රංග කලාව, භාෂාව, විද්‍යාව සහ ගණිතය හෝ ක්‍රීඩා වැනි විශේෂිත අධ්‍යයන ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කරයි. මේ හේතුවෙන් සිසුන් නිශ්චිත ප්රවේශ නිර්ණායක සපුරාලිය යුතු වේ.

රජයේ සහ ස්වාධීන විශේෂ අවශ්‍යතා පාසල් ආබාධ සහිත සිසුන් සඳහා සහාය දැක්වීම සිදු කරයි. මෙහිදී ඔවුන්ගේ සෞඛ්‍ය හා සම්බන්ධ තත්වයන් සහ ඉගෙනීමේ දුෂ්කරතා සඳහා සහාය වේ.
Woodwork
Student takes a woodwork class Source: Getty Images/Daniel Pockett

රජයේ නොවන පාසල්

රජයේ නොවන "ස්වාධීන" පාසල් ඕස්ට්‍රේලියාවේ ජනප්‍රිය තේරීමක් වශයෙන් සැලකේ. මේවායෙහි රජයේ පාසල්වලට වඩා උපකාරක ගාස්තු සැලකිය යුතු ලෙස වැඩි අගයක් ගනී.

"ස්වාධීන" පාසල් සාමාන්‍යයෙන් "කතෝලික" පාසල්වලට වඩා ඉහළ ගාස්තු අය කරන අතර, එක් එක් පාසල් අතර පිරිවැය වෙනස් අගයන් ගනී.

එමෙන්ම රාජ්‍ය නොවන අධ්‍යාපනය මඟින් වැඩි පහසුකම් හෝ විෂය තේරීම් හෝ ඔබේ පවුලට වඩාත් ගැලපෙන සංස්කෘතියක් ලබා දීමටද හැකියාව පවතී.

පාසල් සංසන්දනය කිරීම

පාසල් වර්ගය, ස්ථානය, ආගම, හෝ තනි සහ මිශ්‍ර- පාසල් වැනි තත්ත්ව අනුව,   සහ  යන වෙබ් අඩවි ඕස්ට්‍රේලියානු පාසල් ලැයිස්තුගත කිරීම සිදු කොට තිබේ.

මෙහිදී ඔබට අධ්‍යයන කාර්ය සාධනය පිළිබඳ දත්ත ද සොයාගැනීමට හැකියාව පවතී.

Ross පෙන්වා දෙන්නේ, මගින් පාසල් කිහිපයක් එක පැත්තකින් පෙළගැස්වීමට සරල ක්‍රමයක් සපයන අතර එමගින් ඔබට සැබවින්ම සරල සැසඳීම්ද කළ හැකි බවයි.

එමෙන්ම සෑම පාසලකටම තමන්ගේම Profile එකක් සැකසීමට අවස්ථාව පවතී. එහිදී ඒ සඳහා ඔවුන්ට විෂය බාහිර ක්‍රියාකාරකම් හෝ ඔවුන්ගේ පාසල් පිළිබඳ අමතර තොරතුරු වැනි දේවල් එකතු කළ හැක.
Teacher
Source: Getty Images/PhotoAlto/Sigrid Olsson

පාසලක අධ්‍යයන කාර්ය සාධනයෙන් ඔබ්බට බැලිය යුතු දේ

Derek පවසන්නේ සිසුන් ප්‍රකාශ කරන ආකාරය අනුව පාසලකට විශේෂිත සංස්කෘතියක් ඇති බව දෙමාපියන්ට වැටහෙනු ඇති බවයි.

කෙසේ නමුත් පාසලට අඩු අධ්‍යයන කාර්ය සාධනයක් තිබේ නම් දෙමාපියන්ට වෙනත් කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට හැකියාව පවතී.

ලියාපදිංචි විය යුත්තේ කවදාද?

සාමාන්‍යයෙන් ප්‍රාථමික පාසලේ අවසන් වසරින් අනතුරුව අප්‍රේල් හෝ මැයි මාසවලදී රජයේ උසස් පාසල් සඳහා ළමුන් ඇතුලත් කරගැනීම සිදු වේ.

රාජ්‍ය නොවන උසස් පාසල්වල බොහෝ විට දිගු පොරොත්තු ලේඛන පවතින අතර ඒ හේතුවෙන් ඇතුළත් වීමේ ක්‍රියාවලිය බොහෝ කලකට පෙර ආරම්භ කිරීමට අවශ්‍ය විය හැක.

එමෙන්ම ඇතුළත් වීමේ දින සහ ක්‍රියා පටිපාටි පාසල් අතර වෙනස් වේ. කෙසේ නමුත් විවෘත දිනවලදී පාසලට පැමිණීමෙන් හෝ පාසලේ වෙබ් අඩවියට පිවිසීමෙන් පාසලෙන් සෘජුවම ඇතුළත් වීමේ විස්තර ලබා ගත හැක.

 


ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ "Settlement Guide" සතිපතා විශේෂාංගය ට සවන්දෙන්න සෑම අඟහරුවාදා දිනකම පෙරවරු 11 සිට


SBS සිංහලගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

  • ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA
  • රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2
  • අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhalese
  • SBS Radio APP (නොමිලේ Download කරගන්න

Share
Published 5 June 2022 1:38pm
Updated 12 August 2022 2:56pm
By Melissa Compagnoni, Nipuna Dodangoda


Share this with family and friends