විදේශයකදී ඔස්ට්‍රේලියානුවකු ලෙස ඔබ හදිසි අවස්ථාවකට මුහුණ දුන හොත් ඔබට ලබා ගත හැකි කොන්සියුලර් සේවා මෙසේයි ( SBS සිංහල/ වාර්තා)

d

ආධාර කල හැකි අය කවුරුද ?

  • ඕස්ට්‍රේලියානු පුරවැසියන් 
  • කැනඩා පුරවැසියන් - Australia-Canada Consular Services බෙදා ගැනීමේ වැඩපිළිවෙලට අයත් ප්‍රදේශ වල සිටින පිරිස්
ඕස්ට්‍රේලියානු පුරවැසියන්ට මෙසේ කොන්සියුලර් සේවා ලබා ගත හැක්කේ විදෙස් යම් හදිසි අවස්තාවක් ඇති වුවොත් පමණි. එවිට ඔබව රජයට එම රටින් ඉවත් කර ගැනීම සදහා පවා හැකියි. නමුත් ඔබ ද්විතව පුරවැසියෙකු නම්, ඔබට අනෙක් පුරවැසිභාවය ඇති රටේ සීමාසහිත ලෙස පමණයි සේවා ලබා දිය හැකි වන්නේ.

ඕස්ට්‍රේලියානු රජයේ අරමුණු

  • ඔබේ ඉල්ලීමට ඉක්මනින්ම ප්‍රතිචාර දැක්වීම 
  • ඔබට පිහිට විය හැකි ආකාරය හා වෙනත් ස්ථානයකට උපකාර සදහා යොමු කිරීම 
  • සෙවා සදහා මුදල් ගෙවීමක් අවශ්‍ය නම් ඒ බව දැන්වීම 
  • ඕස්ට්‍රේලියානු පෞද්ගලික තොරතුරු රැකගැනීමේ නීති අනුව ඔබේ දත්ත රැකීම

ඔබෙන් ඉල්ලා සිටින්නේ:

• ඔබ වෙනත් රටකට ගිය විට එරටේ නීති රීති වලට අනුකූල විය යුතුයි. වෙනත් රටක සිටිනා විට ඔබ ඔබගේ ගමන් කටයුතු, ආරක්ශාව, මූල්‍යමය තත්වය සහ හැසිරීම සම්බන්දයෙන් වගකීම ගත යුතුයි.
• නිසි ලෙස විදේශ ගමන් වලට අදාල වන සෞඛ්‍යය ආවරණයක් ලබා ගත යුතුයි.
• ඔබේ සුරැකිව තබාගන්න. එය නැති වුවහොත් වහාම පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න.
• කොන්සුලර් කාර්ය මණ්ඩලයට සත්‍ය තොරතුරු ලබා දී සහය වන්න.
වෙබ් අඩවියට පිවිස වැඩි විස්තර ලබාගන්න.

Smart Traveller සමාජ වෙබ් අඩවි තුලින්ද ඔබට තොරතුරු ලබා ගත හැකියි  


ඕස්ට්‍රේලියාවෙන් ලැබෙන සහයෝගය සීමා සහිත වූවක් බව මතක ලබාගන්න. මෙවැනි හේතුන් මත ඔබට අපගේ සහය ලබා දීමට නොහැකි විය හැකිය.
• ඔබ නීති විරෝධී ලෙස හැසිරී ඇත.
• ඔබ නොසැලකිලිමත්ව එක් වරකට වඩා හැසිරී ඇත. ඔබ සිතාමතාම වගකීමක් රහිතව හැසිරී ඇත.
• ඔබ ඔබවත් අනුන්වත් අනතුරේ හෙලා ඇත.
• ඔබ මින් පෙරද කිහිප වතාවක් මෙවැනි සිදුවීම් නිසා කොන්සුලර් කාර්යය මණ්ඩලයෙන් පිහිට ලබා ගෙන ඇත.

ඔබට ලබා ගත හැකි සේවාවන්


• ඔබෙගේ තත්වය සලකා බලා අප විසින් ඔබ සඳහා පහත සේවාවන් ලබාදීමේ හැකියාව ඇත
• නැති වූ ගුවන් බලපත්‍රය වෙනුවෙන් අලුත් බලපත්‍රයක් හෝ ගුවන් ගමන් වලට අදාළ ලිපිලේඛන (ගාස්තුවක් සහිතයි )
• ඔබට අවශ්‍ය නම් රෝහල් සහ දොස්තරවරුන්ගේ සම්බන්දිකරන විස්තර
• ඔබට අවශ්‍ය නම් නීතිඥයින්ගේ සහ භාශා පරිවර්තකයින්ගේ සම්බන්දිකරන විස්තර
• අදාළ රටේදී ඔබ රිමාන්ඩ් භාරයේ හෝ සිර ගත වී ඇත්නම්, ඔබට අනෙක් සිරකරුවන්ට වඩා අඩු සැලකිලි නොලැබෙන බව තහවුරු කිරීමට පියවර ගැනීම
• ඔබගේ පවුලේ කෙනෙකු අදාළ රටේදී මියයාම, අතුරුදහන් වීම, පැහැරගැනීම වැනි අවස්තා වලදී උපදෙස් සහ සහය ලබා දීම.
• ඔබ වෙනුවෙන් ඔබගේ පවුලේ සාමාජිකයින් හට තොරතුරු යැවීම. අවස්ථාවට අවැසි ලෙස ඔබගේ අවසරයක් නොමැතිව වුවද ඔබගේ පවුලේ අය සම්බන්ද කරගැනීමට අවශ්‍ය විය හැකිය.
• ලිපිලේඛන තහවුරු කිරීම වැනි නොතාරිස් කටයුතු වලට සහය ලබා දීම (ගාස්තුවකට යටත්ව )
• පිටරටකදී ස්වාභාවික ආපදා සහ ත්‍රස්ත ප්‍රහාර වැනි නොසිතූ තත්වයක් මතු වූ විට විශේෂ පහසුකම් ලබා දීම
• ඔස්ට්‍රේලියාවේ තිබෙන මැතිවරණ සඳහා ඡන්දය පිටරටක සිට භාවිතා කිරීමට උපකාර කිරීම.

ඔබ වෙනුවෙන් කළ නොහැකි දේ

ඔබට අවශ්‍ය සමහර සේවාවන් කොන්සුලර් කාර්යය මණ්ඩලයේ රාජකාරි වලින් පිටත ඇති නිසා එවැනි අවස්තා වලදී ඔබහට උපකාර කිරීමට නොහැකි වෙනවා. පහත දැක්වෙන්නේ එවැනි උදාහරණ කිහිපයක්.

  • වෙනත් රටකදී ඔබගේ ආරක්ශාව තහවුරු කිරීම. වෙනත් රටකදී ඔබගේ ගමන් සංචාර පිළියෙල කරදීම.
  • නීතිමය උපදෙස් ලබා දීම සහ ලිපිලේඛන පරිවතනය කරදීම.
  • වෙනත් රටක කුමන හෙතුවක් මත හෝ (වාණිජ, අපරාධ, ළමා භාරකාරත්වය ) විභහාගයට ගන්නා නඩු කිසිවකට කිසිම බලපැමක් කළ නොහැකිය.
  • දඩ මුදල්, ඇප මුදල්, නීතිඥ වැනි ගාස්තු ඔබ වෙනුවෙන් ගෙවීම.
  • ඔබගේ සෞඛ්‍යය සහ වෛද්‍ය ගාස්තු ගෙවීම.
  • වෙනත් රටවල ආගමන විගමන කටයුතු, රේගු කටයුතු වලට මැදිහත් වීම.
  • වෙනත් රටවල නීතියට අනුකූලව එරට සඳහා වීසා බලපත්‍ර, රියදුරු බලපත්‍ර වැනි දෑ ලබා දීම.
  • ඔබගේ පුද්ගලික ගමන් මලු හෝ වෙනත් බඩු භාණ්ඩ ආරක්ශා කිරීම.
  • ඔබ වෙනුවෙන් තැපෑලෙන් එන පාර්සල් භාර ගැනීම සහ ඔබගේ පාර්සල් ඔබ වෙනුවෙන් තැපැල් කිරීම
 

ජාත්‍යන්තර වශයෙන් ඉතා හදිසි තත්වයක් ඇති වුව හොත් ඕස්ට්‍රේලියානු පුරවැසියන්ටත් , ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචි කරුවන්ටත් ඔවුන් බෙරා ගැනීම සදහා ඕස්ට්‍රේලියානු රජය ප්‍රතිචාර දක්වන අතර සමහර අවස්තාවලදී ද්විත්ව පුරවැසියන්ව ඔවුන්ගේ අනෙක් පුරවැසිභාවය ඇති රටේ ද සහය දැක්වීමට හැකි වේ

එවන් අවස්ථා වන්නේ ,

විශාල සංඛ්‍යාවක් ඕස්ට්‍රේලියානුවන් මිය යන හෝ ප්‍රහාරයට ලක් වන අවස්තාවකදී , ත්‍රස්ත ප්‍රහාර , වසංගත හෝ ස්වභාවික ව්‍යසන මගින්. ඕස්ට්‍රේලියානුවන් විශාල සංඛ්‍යාවක් විපතට පත් වී ඇති අවස්ථා වල ඔවුන්ට එම රටෙන් පිට වීමට වෙනත් මාර්ග නොමැති විටදී රජය මගින් ඔවුන් ඉවත් කර ගැනීම සිදුවේ.

එසේම එම රටවල සහයට ඕස්ට්‍රේලියානු කණ්ඩායම් එවීම, විපතට පත්වූ ඔස්ට්‍රේලියානුවන්ගේ පවුල් වලට තොරතුරු සැපයීම හා එම රටවලින් පලා යන පුද්ගලයින් ඔවුන්ගේ පවුල් සමග සම්බන්ධ කිරීම වැනි දේ සිදු කෙරේ.

ඔබට කල හැකි දේ

  • සෑම විටම .නම් වෙබ් අඩවියේ අඩංගු තොරතුරු පිළිපදින්න 
  • ඔබේ ගමන් බලපත්‍රයේ කල් ඉකුත් වීමේ දිනය පිළිබද අවධානයෙන් සිටින්න , ඔබේ ගමන් බලපත්‍රය මාස 6කට වැඩි පුර කාලයක් වලංගු නැත්නම් සමහර රටවල් වලට ඇතුල් වීමට නොහැකි. 
  • අවශ්ය ලබා ගන්න 
  • නිවැරදි වීසා එක ලබා ගෙන දැයි බලන්න 
  • අවශ්‍ය පරිදි යොදා ගෙන යන්න  
  • අවශ්‍ය බෙහෙත් ආදිය රැගෙන යන විට ඒවා එම රටේ නීත්යානුකුල බවට සොයා බලන්න

ඔබේ පෞද්ගලික තොරතුරු

විදේශ කටයුතු අමාත්යංශය විසින් 1988 පෞද්ගලික තොරතුරු පනත යටතේ ඔබේ තොරතුරු මෙම සේවා ලබා දීම සදහා යොදා ගැනේ
වැඩිපුර විස්තර ඔස්සේ දැන ගන්න.

පැය 24 පුරාම ඇති කොන්සියුලර් සේවය කැන්බරා හි ඇති Consular Emergency Centre (CEC) මගින් ක්‍රියාත්මක වේ. එම දුරකථන අංක පහත දැක්වේ.

1300 555 135 (ඔස්ට්‍රේලියාව තුල)
+61 2 6261 3305 (phone)  +61 421 269 080 (SMS) (ලෝකයේ කොතැනක සිට හෝ )

ඔබට විදෙස් රටකදී අපරාධයක් හෝ ලින්ගික හිරිහැර සිදු වුව හොත් හෝ හදිසි සෞඛ්‍ය ගැටළු වලදීත් මෙම අංකය අමතා හෝ ඔබේ ලගම තානාපති කාර්යාලය මගින් හෝ සේවා ලබා ගන්න

පුද්ගල අතුරුදන් වීම් වලදී ත් මෙම අංකය මගින් සහය පැතිය  හැකියි 

Source: ඕස්ට්‍රේලියානු රජයේ smart traveller වෙබ් අඩවිය ඇසුරින්


Share
Published 22 February 2020 1:09am
Updated 22 February 2020 8:33am
By Charitha Adikari

Share this with family and friends