ඔස්ට්‍රේලියාවේ COVID එන්නත්කරන වැඩසටහන වේගවත් කිරීමට හමුදාව යොදාගැනීමේ රජයේ පියවරට විවේචන එල්ල වෙයි

ජුනි 21 වන සඳුදා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ කාලීන වැඩසටහනේ අන්තර්ගතය කෙටියෙන් ලිපියක් ලෙසින් ඉදිරිපත් කෙරේ...

COVID-19 Taskforce Commander Lieutenant General John Frewen.

COVID-19 Taskforce Commander Lieutenant General John Frewen. Source: AAP

Highlights
  • ඇතැම් කොරෝනා සීමා තවදුරටත් දීර්ඝ කිරීමට නිව් සවුත් වේල්ස් රජය තීරණය කිරීම
  • වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා තත්වය
  • ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ කොරෝනා තත්වය සහ දේශසීමා නීති සම්බන්ධයෙන්
  • එන්නත්කරන වැඩසටහනේ සැපයුම් සඳහා සහ එම මධ්‍යස්ථාන සඳහා ආරක්ෂක අංශ යොදවන ලෙසට වන ඉල්ලීම්

ඇතැම් කොරෝනා සීමා තවදුරටත් දීර්ඝ කිරීමට නිව් සවුත් වේල්ස් රජය තීරණය කිරීම

ඊයේ (20/06) දිනයේදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් නව කොරෝනා ආසාදිතයින් දෙදෙනකු හඳුනාගැනීමත් සමග එම ප්‍රාන්ත රජය සිය කොරෝනා සීමා තවදුරටත් දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වයස අවුරුදු 30 ක පමණ වන පුද්ගලයකු සහ ඔහු සමග වාසය කල තවත් පුද්ගලයකු කොරෝනා වෛරසයට ධනාත්මක වී තිබේ.

එමන්ම තවත් 50 හැවිරිදි කාන්තාවක සහ පිරිමි පුද්ගලයකුද කොරෝනා වෛරසයට ධනාත්මක බවට පසුව හඳුනාගෙන ඇති අතර ඔවුන් අද (21/06) දිනයේ වන කොරෝන අසාදිත පිරිසට එක් කෙරේ.

ඒ අනුව පසුගිය පැය 24 ක කාලය තුලදී සිදු කල පරීක්ෂණ ඔස්සේ අද දිනයේදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංක්‍යාව __ ලෙස වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරිය වන Gladys Berejiklian සඳහන් කොට සිටින්නේ ආරක්‍ෂිත පියවරක් ලෙස ප්‍රන්තය තුල පළාත් පාලන ආයතන 7ක් සඳහා ගෘහස්ත ස්ථාන වලදී මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය වන බවයි.

එමෙන්ම මෙම ඔරෝනා සීමා තවදුරටත් දීර්ඝ කිරීමට අනවශ්‍ය බැවින් සෑම අයකුම අවදානයෙන් පසුවන ලෙසද ඇය ඉල්ලා සිටී.

වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා තත්වය

පසුගිය පැය 24ක කාලය තුලදී වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු කල පරීක්ෂණ 16,290ක් ඔස්සේ එක් කොරෝනා ආසාදිතයකු වාර්තා වී තිබේ. මෙම පුද්ගලයා මින් පෙර වෛරසයට ධනාත්මක වූ පුද්ගලයකුගේ සමීපතමයකු වන බවද හඳුනාගෙන තිබේ.

එමෙන්ම වික්ටෝරියා ප්‍රාන්තයේ ඊයේ (20/06) සිදු කල පරීක්ෂණ19,502 ක් ඔස්ස් කිසිදු කොරෝනා ආසාදිතයකු වාර්තා නොවීය .

මෙල්බර්න් වැසියන් හට කොරෝනා සීමා නොමැතිව පසුගිය සති අන්තය ගෙවීමට හැකියාව හිමි වුවද ගෘහස්ත ස්ථාන වලදී මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය විය.

එමෙන්ම ඊයේ දිනයේදී කිසිදු අවදානම් ස්ථානයක්ද වික්ටෝරියා ප්‍රාන්තය තුල ප්‍රකාශයට පත් කොට නොමැත.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ කොරෝනා තත්වය

පසුගිය සෙනසුරාදා (19/06) දින ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් නව කොරෝනා ආසාදිතයකු හඳුනාගෙන තිබේ.

මෙම කාන්තාව පසුගිය ජුනි මස 05 වැනිදා බ්‍රිස්බේන් වෙත පැමිණ ඇති අතර ඇය හෝටල් නිරෝධායනය අවසන් වීමෙන් අනතුරුව සිදු කල කොරෝනා පරීක්ෂණයට ධනාත්මක වී තිබේ.

ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකාවක වන මෙම කාන්තාව නැවතත් ක්වීන්ස්ලන්ත ගුවන්තොටුපල වෙතද ගොස් තිබේ. ඇය වෛරසයට ධනාත්මක වීම හේතුවෙන් ඇය ගමන් ගත් ස්ථාන අවදානම් සහිත ස්ථාන ලෙස නම් කොට තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ප්‍රාන්ත ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි වෛද්‍ය Jeannette Young පවසන්නේ මෙම කාර්ය මණ්ඩල සාමාජිකාව ගමන් ගත ගුවන් යානයේ සිටි මගියකු කොරෝනා වෛරසයට ධනාත්මක වීම හේතුවෙන් මැයට නිරෝධායනය වීමට සිදු වූ අතර එහිදී මෙම කාන්තාවගේ ප්‍රතිපල වෛරසයට සෘණාත්මක වී ඇති බවයි.

එම මගියා හට Delta ප්‍රබේදය වැළඳී තිබීම සහ මෙම කාන්තාව නිරෝධායනය අවසන් වීමේදී වෛරසයට ධනාත්මක වීම හේතුවෙන් දැඩි විමසිල්ලෙන් පසුවන බවද ඇය පවසයි.

කෙසේ නමුත් සිකුරාදා දින සිට ප්‍රාන්තය තුල පවතින කොරෝනා සීමා ලිහිල් කිරීමට ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජය සැලසුම් කරමින් සිටී.


 ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්න SBS සිංහල Facebook පිටුවට  


මේ අතර ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය කොරෝනා එන්නත් ලබාගැනීම සඳහා පවතින සුදුසුකම් තවදුරටත් පුළුල් කොට තිබේ. ඒ අනුව වයස අවුරුදු 50-59 පුද්ගලයින් Pfizer එන්නත ලබාගැනීමට ලියාපදිංචි වීමේ හැකියාව හිමි වේ.

ඉදිරි පෙළ සෞඛ්‍ය සේවකයින්, වයස්ගත සත්කාරක හා ආබාදිත සත්කාරක සේවකයින්, වයස අවුරුදු 40-59 අතර ඕනෑම පුද්ගලයකු සහ වයස අවුරුදු 16-59 අතර සිටින සියලුම ආදිවාසී සහ ටොරස් සමුද්‍ර සන්ධියේ ජනතාව ද මේ සඳහා ලියාපදිංචි වීමට උනන්දු කෙරේ.

මේ වනවිට ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය තුල Pfizer එන්නත් ලබාදෙන මධ්‍යස්ථාන 60ක් පමණ පවතින අතර ඉදිරි සති කිහිපය තුලදී තවත් මධ්‍යස්ථාන ඇරඹීමට නියමිතව තිබේ.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ දේශසීමා නීති

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නිහි Waverley ප්‍රදේශය කොරෝන අවදානම් සහිත ප්‍රදේශයක් බවට ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය සඳහන් කොට ඇති අතර එම ප්‍රදේශ වෙත ගිය ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයට පැමිණෙන පිරිස අනිවාර්ය දින 14ක නිරෝධායන කාලසීමාවකට යටත් විය යුතු වේ.

මෙම Waverley නගර සභා ප්‍රදේශය සඳහා Bronte, Tamarama, Bondi, Dover Heights, Rose Bay, Queens Park, Bondi Junction, Vaucluse and Charing Cross යන ප්‍රදේශ ඇතුලත් වේ.

එමන්ම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට සංචාරය කිරීමට සිටින ක්වීන්ස්ලන්ත වැසියන් හට ඒ සම්බන්ධයෙන් නැවත සලක බලන ලෙසද ප්‍රාන්ත රජය සඳහන් කොට සිටි.

එමන්ම මෙල්බර්න් හි වැසියන් හටද ක්වීන්ස්ලන්ත දේශසීමා තවත් සතියක පමණ කාලයකට වසා තැබේ.

එන්නත්කරන වැඩසටහනේ සැපයුම් සඳහා සහ එම මධ්‍යස්ථාන සඳහා ආරක්ෂක අංශ යොදවන ලෙසට වන ඉල්ලීම්

එන්නත්ක්රන වැඩසටහනේ සැපයුම් සහ එම මධ්‍යස්ථාන සඳහා ඕස්ට්‍රේලියානු ආරක්ෂක අංශ යොදවන ලෙසට ඉල්ලීම් පවතී.

වැඩපිළිවෙල වේගවත් කිරීමේ අරමුණින් රජය ඉහල පෙලේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු පත්කිරීමත් සමග මෙම ඉල්ලීම් ලැබෙමින් පවතී.

ආරක්ෂක සේවා අංශ මේ සඳහා භාවිත කලයුතු නැති බවට ආරක්ෂක අංශ අභ්‍යන්තර ප්‍රකාශකයින් සඳහන් කලද මෙම පිරිසේ ධාරිතාවය සම්පුර්ණයෙන්ම භාවිත කල යුතු බව වසංගත රෝග විද්‍යාඥ Mary-Louise McLaws පවසයි.

ඕස්ට්‍රේලියානු රජය ලුතිනන් ජෙනරාල් Frewen මෙහෙයුම් ප්‍රධානියා වශයෙන් අලුතින් පත් කොට තිබේ. ඔහු පවසන්නේ ඒ සඳහා තමන් හට රජය ආරාධනා කල බවයි.

තමන් මෙම එන්නතකරණ වැඩසටහන කාර්යක්ෂම කිරීම සිදු කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කොට සිටී 


 SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


Australian Medical Association වැනි ඕස්ට්‍රේලියානු වෛද්‍ය විශේෂන්ඥයින් ඔහුගේ නව පත්කිරීම සම්බන්ධයෙන් සිය එකඟත්වය පලකොට තිබේ. එහි ප්‍රධානි වෛද්‍ය Omar Khorshid පවසන්නේ මෙය රජය මේ සඳහා දක්වන උනන්දුව සම්බන්ධයෙන් වන තවත් සාධකයක් බවයි.

ලුතිනන් ජෙනරාල් Frewen සමග කමාන්ඩර් Eric Young ද එන්නත්කරන වැඩසටහන සඳහා එක්ව සිටි. මෙය අත්‍යවශ්‍ය බවට රජය පැවසුවද අවශ්‍ය තරමට වඩා ආරක්ෂක නිලධාරීන් යෙදවීම ගැටළු ඇතිකළ හැකි බව ඕස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ ආරක්ෂක විශේෂඥ John Blaxland පවසයි.

මිට පිල්යමක් වශයෙන් වෙනත් පෞද්ගලික ආයතන යෙදවීම යෝග්‍ය බවද ඔහු පවසයි

කෙසේ නමුත් ඕස්ට්‍රේලියානු රජය සඳහන් කොට සිටින්නේ ආරක්ෂක අංශ මේ සඳහා යෙදවීම වඩාත් සුදුසු වන බවයි. එමන්ම ඔවුන් ඕස්ට්‍රේලියානුවන්ට සහාය අවශ්‍ය සෑම විටකදීම එය සිදු කිරීමට ඕස්ට්‍රේලියානු ආරක්ෂක අංශ වගබලාගත් බව ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් ලුතිනන් ජෙනරාල් Frewen පවසන්නේ මෙම එන්නත්කරන වැඩසටහනේ ක්‍රියාත්මක වන බොහෝ අංශ පිළිබඳව ආරක්ෂක අංශ සතුව දැනුමක් පවතින බවයි.


Share
Published 21 June 2021 1:30pm
Updated 21 June 2021 1:36pm
By Nipuna Dodangoda
Source: SBS News

Share this with family and friends