කොරෝනා අර්බුදය හමුවේ ජාත්‍යන්තර සිසුන්ව අහිමි වුවහොත් ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල බරපතල ආර්ථික අර්බුදයකට මුහුණ පාන බවට අනතුරු ඇඟවීම් (SBS සිංහල/ වාර්තා)

International students

Source: Flickr

ජාත්‍යන්තර සිසුන් විශාල ලෙස අහිමි වුවහොත් ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල බරපතල ආර්ථික අර්බුදයකට මුහුණ පාන බව ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ මහාචාර්ය Andrew Norton අනතුරු අඟවයි.


 

SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download)


 

කොරෝනා වසංගතය හමුවේ ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන ජාත්‍යන්තර සිසුන් පිළිබඳ මේ දිනවල හටගෙන ඇති සාකච්ඡා තීව්‍ර වීමත් සමග ඔහු මේ බව පවසා තිබේ.
International students
Source: Flickr

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් පත්වී ඇති වත්මන් අර්බුදය

කොරෝන වසංගතය හමුවේ ආර්ථික වශයෙන් තමන්ට ඔස්ට්‍රේලියාව තුළ රැදී සිටීමට අපහසු ජාත්‍යන්තර සිසුන්ට නැවත තම මව් රටවලට යාමට හැකි බව පසුගිය සතියේ ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් පැවසුවේය.

මෙම ප්‍රකාශය මහත්වූ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් වූ අතර ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන ජාත්‍යන්තර සිසුන්ගෙන් බහුතරයක් මේ හේතුවෙන් දැඩි කම්පනයකට පත්වී ඇති බව වාර්තා වේ.

කොරෝන වසංගතය හේතුවෙන් රැකියා සහ අහිමිවූ ඔස්ට්‍රේලියානුවාසීන් අතර ජාත්‍යන්තර සිසුන් ද ප්‍රධාන ස්ථානයක් ගනී.

ඒ අනුව මධ්‍යම රජයෙන් ලබාදෙන වැටුප් සහන හෝ යම් සුබ සාධන දීමනාවක් ජාත්‍යන්තර සිසුන් හටද ලබාදෙන මෙන් ඉල්ලීම් රාශියක් මධ්‍යම රජයට ලැබෙන්නට විය.

නමුත් මෙවේලෙහි ජාත්‍යන්තර සිසුන් සිටින්නේ තාවකාලික වීසා ඛාණ්ඩයක් වන ශිෂ්‍ය වීසා ඛාණ්ඩයේ බැවින් මධ්‍යම රජයට ඔවුන්ට උදව් කිරීමට අවස්ථාවක් නොමැති බවත් ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට සහ ස්ථිර පදිංචිකරුවන්ට මෙවේලෙහි රජයේ ප්‍රමුඛමත්වය ලැබෙන බවත් අගමැතිවරයා ප්‍රකාශ කළේය.

මේ තත්ත්වය මත ජාත්‍යන්තර සිසුන් ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමක් සිදු වුවහොත් එය ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල වලට බරපතල ආර්ථික අර්බුදයක් උදා කරන සාධකයක් වන බව ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ මහාචාර්ය Andrew Norton අනතුරු අඟවයි.

මන්ද ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන සෑම එකක්ම පාහේ ආර්ථිකව ලාභ ලබන්නේ සහ පවත්වාගෙන යන්නේ ජාත්‍යන්තර සිසුන් ගෙන් පැමිණෙන මුදල් වලිනි.s

යම් හෙයකින් එම ආදායම ඔවුන්ට විශාල ලෙස අඩුවුවහොත් එම ආයතන පැවතගෙන යාමට ඉතා අසීරු තත්ත්වයක් උදාවන අතර එම බරද අවසානයේ රජය මත පැටවීමට විශාල සම්භාවිතාවක් පවතී.
International students in NSW
Source: SBS

ජාත්‍යන්තර සිසුන් ගේ වියදම්

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් ගේ ප්‍රධානතම වියදම වන්නේ තම පාඨමලා ගාස්තුය.

ප්‍රමුඛ පෙළේ ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලයක උපාධි පාඨමලාවක සෙමෙස්ටරයක පාඨමලා ගාස්තුව සාමන්‍යයෙන් ඔස්ට්‍රේලියානු ඩොලර් 12,000 ත් 17,000 ත් අතර ප්‍රමාණයක් බව වාර්තා වේ.

ප්‍රමුඛ පෙළේ ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලයක ඩිප්ලෝමාවක සෙමෙස්ටරයක් සඳහා පාඨමලා ගාස්තුව සාමන්‍යයෙන් ඔස්ට්‍රේලියානු ඩොලර් 8,000 ත් 10,000 ත් අතර ප්‍රමාණයක් බව වාර්තා වේ.

1999 වසරේ සිට 2009 වසර දක්වාවූ පසුගිය දශක දෙකක කාලය තුළ ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල වල ජාත්‍යන්තර සිසුන් ගේ පාඨමලා ගාස්තු විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බව සඳහන්.

එය ප්‍රතිශතයක් ලෙස 87.5% ක වැඩි වීමකි.

මේ අතර තම වාසස්ථාන සඳහා වන කුලී ගෙවීම්, විදුලිය, ජලය, ගෑස්, දුරකතන හා අන්තර්ජාල පහසුකම් සඳහා බිල්පත් ගාස්තු මෙන්ම ප්‍රවාහන කටයුතු සඳහා ද අධික වියදමක් දැරීමට ඔවුන්ට සිදුවේ.
International students
Source: AAP

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන්

ඉංග්‍රීසි කතා කරන රටවල් අතරින් තෙවැනියට වැඩිම ජාත්‍යන්තර සිසුන් පිරිසක් අධ්‍යාපනය ලබන්නේ ඔස්ට්‍රේලියාවේ බව සඳහන්.

ඒ අනුව ඔස්ට්‍රේලියාව දෙවැනි වන්නේ ඇමෙරිකාවට හා එක්සත් රාජධානියට පමණි.

ජාත්‍යන්තර සිසුන් නිසා ඔස්ට්‍රේලියාවට වසරකට ඩොලර් බිලියන 32 ක පමණ වාර්ෂික ආදායමක් ලැබෙන බව වාර්තා වේ.

එමෙන්ම එය ඔස්ට්‍රේලියාවට වැඩිම ආදායම සපයන ප්‍රමුඛතම ආදායම් මාර්ග පහෙන් එකකි.

මේ අතර ඔස්ට්‍රේලියාවේ අර්ධ කාලීන සහ අනියම් රැකියා වලින් සැලකිය යුතු ප්‍රතිශතයක් ජාත්‍යන්තර සිසුන් ගෙන් ආවරණය වන බවද සඳහන්.

විශේෂයෙන්ම වැඩිහිටි සුරැකුම්, සුපිරි වෙළෙඳ සැල්, සිල්ලර වෙළෙඳ ක්ෂේත්‍රය, hospitality, භාණ්ඩ බෙදා හැරීමේ සේවා, පිරිසිදු කරන ක්ෂේත්‍රය වැනි ක්ෂේත්‍ර වල බහුතරයක් අර්ධ කාලීන සහ අනියම් රැකියා වල නියුතු වන්නේ ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් බව පැවසේ.


Share
Published 7 April 2020 10:46am
By Madhura Seneviratne

Share this with family and friends