මෙල්බර්න් හෝටල් නිරෝධායන කටයුතු සඳහා බඳවාගත් ආරක්ෂක සේවකයින්ට පුහුණුවක් නොමැති බවත් බඳවාගෙන ඇත්තේ WhatsApp පණිවිඩ හරහා බවත් හෙළිවෙයි (SBS සිංහල/ වාර්තා)

Coronavirus quarantine guards in Melbourne

Source: Pixabay

WhatsApp පණිවිඩ හරහා මෙල්බර්න් හි COVID-19 නිරෝධායන හෝටල්වල සේවය කිරීම සඳහා ඇතැම් ආරක්ෂක සේවකයින් බඳවා ගත් හෙළිවී තිබේ.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


ඊට අමතරව තමන් සැබවින්ම සේවය කරන්නේ කවුරුන්ට දැයි ඇතැම් ආරක්ෂක සේවකයින් නොදැන සිටි බවද හෙළිවී ඇත.
Quarantine
Source: AAP

වික්ටෝරියා ප්‍රාන්තයේ නිරෝධායන නීති බිඳ දැමූ හෝටල් නිරෝධායන පද්ධතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ හෝටල් වල ක්‍රියාත්මක නිරෝධායන කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා අනියුක්ත කළ ඇතැම් ආරක්ෂක සේවකයින් බඳවාගෙන ඇත්තේ WhatsApp  පණිවිඩ හරහා බවත් ඇතැම් ආරක්ෂක සේවකයින් තමන් සැබවින්ම සේවය කරන්නේ කවුරුන්ට දැයි නොදැන සිටි හෙළිවී ඇති බව ABC පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

WhatsApp පණිවිඩ හරහා සේවය කිරීමට ඇති ස්ථානය පවසා ඇති අතර එම ස්ථානයට පැමිණෙන වේලාව, ඇඳගෙන එන ඇඳුම් වල ස්වභාවය හා පැයකට ගෙවනු ලබන ඩොලර් ගණන පමණක් දැනුම් දී ඇති බවද එම හෙළිදරව් කිරීමෙන් අනාවරණය වී තිබේ.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


වික්ටෝරියා ප්‍රාන්තයේ හෝටල් නිරෝධායන වැඩසටහන මාර්තු 28 වන දින ආරම්භ වූ අතර ඉන් මාස දෙකකට පසු ආරක්ෂක සේවකයෙකු හට වයිරසය ආසාදනය වීමේ පළමු සිදුවීම ප්‍රසිද්ධියට පත් විය.

ටෙන්ඩර් ක්‍රියාවලියකින් තොරව වික්ටෝරියානු ප්‍රාන්ත රජය, හෝටල් නිරෝධායනය සඳහා පැමිණෙන අමුත්තන් ආරක්ෂා කිරීම සඳහා පුද්ගලික ආරක්ෂක ක්‍රියාකරුවන් සමඟ ගිවිසුම් අත්සන් කර ඇති බවද ABC පුවත් සේවය වාර්තා කරයි.

ආරක්ෂක සේවකයින්ට ප්‍රමාණවත් පුහුණුවක් ලබා දී නොමැති බවත්, ප්‍රමාණවත් තරම් පුද්ගලික ආරක්ෂක උපකරණ නොමැති බවත්, සමහරු ආපසු පැමිණි සංචාරකයින් සමඟ ඇසුරු කිරීම පිළිබඳ නීති බිඳ දැමූ බවත් මෙහිදී එල්ලවූ තවත් චෝදනා වෙයි.
Returning overseas travellers are ushered into the InterContinental Hotel for the beginning of their 14-day imposed quarantine in Sydney, Sunday, March 29, 2020. (AAP Image/Jeremy Piper) NO ARCHIVING
Returning overseas travellers are ushered into a hotel for the beginning of their 14-day imposed quarantine in Sydney. (Representational image). Source: AAP/Jeremy Piper

නිරෝධායන නීති උල්ලංඝනය කිරීම

මෙල්බර්න් නුවර හෝටල් කිහිපයකට මෙලෙස නිරෝධායන නීති උල්ලංඝනය කළ බවට චෝදනා එල්ල වී තිබේ.

Carlton  හි පිහිටි Rydges on Swanston හෝටලය සහ Stamford Plaza හෝටලය ඒ අතර වන බව සඳහන්.

Stamford Plaza හෝටලයේ නිරෝධායන කටයුතු නිරීක්ෂණය කිරීමට MSS Security ආයතනයටද Rydges on Swanston හෝටලයේ නිරෝධායන කටයුතු නිරීක්ෂණය කිරීමට Unified Security ආයතනයටද ලබා දී තිබිණි.

මැයි 30 වන දින, Rydges on Swanston හෝටලය ආශ්‍රිත කොරෝනා වයිරසය පැතිරීමේ පළමු පිපිරුමෙන් දින තුනකට පසුව, හෝටලයේ නිරෝධායන කටයුතු සඳහා “ආරක්ෂකයින් 40 දෙනෙකු” කැඳවනු ලැබීය.

තම සමගම මෙම කටයුත්ත සඳහා උප කොන්ත්‍රාත්කරුවන් පස් දෙනෙකු සමඟ සම්බන්ධ වූ බවත් සියල්ලන්ම “ACN [ඕස්ට්‍රේලියානු සමාගම් අංකය], රක්ෂණ සහ ආරක්ෂක බලපත්‍ර අවශ්‍යතා වලට අනුකූල වීම සහතික කිරීම සඳහා නිසි ලෙස පරීක්ෂාවට ලක් කළ බවත් Unified Security සමාගම ABC රූපවාහිනියේ 7.30 වැඩසටහනට පවසා ඇත.

ජුනි 18 වන දින, Stamford Plaza හෝටලයේ ආරක්ෂක සේවකයෙකු හට කොරෝනා වයිරසය වැළදී ඇති බවට තහවුරු වීමෙන් දින දෙකකට පසුව, එම හෝටලයේ ආරක්ෂක සේවකයින් 10 දෙනෙකු හට සේවය කරන ලෙසට ඉල්ලීමක් විය.

එහිදී තමන්ට ගෙවනු ලබන වැටුප පිළිබඳ එක් පුද්ගලයෙකු අසා සිටියදී එහි සංවිධායකයින් පවසා ඇත්තේ ABN (Australian Business Number) එකට පැයකට ඩොලර් 25 බැගින් ගෙවන බවය.

ඒ අනුව අදාළ ආරක්ෂක සේවකයින් ABN එක යටතේ ස්වාධීන කොන්ත්‍රාත්කරුවන් ලෙස එම සේවයට බඳවාගෙන තිබේ.
A man reacts as he leaves the Crown Promenade Hotel after spending two weeks in forced quarantine in Melbourne, Sunday, April 12, 2020.
A man reacts as he leaves the Crown Promenade Hotel after spending two weeks in forced quarantine in Melbourne, Sunday, April 12, 2020. (Representational image) Source: AAP Image/Scott Barbour

පුහුණුවක් ලබා දී නැති අතර මුව ආවරණ ගෙන එන ලෙසට දන්වයි

Stamford Plaza හෝටලයේ නිරෝධායන කටයුතු සිදු කිරීමේදී ආරක්ෂක සේවකයින් හට කිසිදු විෂබීජ/ ආසාදන පාලනය කිරීමේ ප්‍රොටෝකෝලයන් නොතිබූ බව හෙළිවී තිබේ.

එමෙන්ම එහි ආරක්ෂක කටයුතු සඳහා ගිය සේවකයින්ට කිසිදු පුහුණුවක් නොතිබුණු බවත් එම පුහුණුව ලබා නොදුන් බවත් වාර්තා වේ.

මුව ආවරණ පැළඳිය යුතු බවත් අත් ආවරණ පැළඳිය යුතු බවත් පමණක් තමන්ට කියා සිටි බව එහි ආරක්ෂක සේවිකාවක් කියා සිටියාය.

පුද්ගලික ආරක්ෂක උපකරණ (personal protective equipment) භාවිතා කරන්නේ කෙසේද, දෑත් විෂබීජ හරණය කරන්නේ කෙසේද, යන්න පිළිබඳ කිසිදු පුහුණුවක් ලබා නොදුන් බවද ඇය හෙළි කළාය.

පළමු දිනය නිමවූ පසුව ඊළඟ දිනයේ පැමිණෙන විට මුව ආවරණ ඇතුළුව පුද්ගලික ආරක්ෂක උපකරණ තමන් විසින්ම ගෙන ආ යුතු බව එම කොන්ත්‍රාත්තුව බාර සංවිධායකයින් පවසා තිබේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ අකාර්යක්ෂමව ක්‍රියාත්මක වූ කොරෝනා වයිරසය පාලනය කිරීමේ හෝටල් නිරෝධායන පද්ධතිය පිළිබඳ විමර්ශනය ජූලි 20 වන දින ආරම්භ විය.

ඒ අනුව රාජ්‍ය දෙපාර්තමේන්තු, හෝටල් සහ පුද්ගලික ආරක්ෂක අංශ වල කොන්ත්‍රාත්කරුවන් මෙම විමර්ශන කමිටුව හමුවට කැඳවීමට නියමිතය.

මෙම විමර්ශනයේ මහජන අදහස් විමසීම අගෝස්තු 6 වනදා සිට ආරම්භ වන අතර මෙහි අවසන් වාර්තාව එළඹෙන සැප්තැම්බර් 25 වන දින නිකුත් කිරීමට නියමිතය.
Sinhalese
Source: SBS Sinhala

Share
Published 22 July 2020 12:30am
By Madhura Seneviratne

Share this with family and friends