Feature

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි වල කොරෝනා නීති හා සීමාවන්

ඔස්ට්‍රේලියාව පුරා පනවා ඇති කොරෝනා නීති හා සීමාවන් ඔබ ජීවත් වන ප්‍රාන්තය හෝ ටෙරිටරිය අනුව එකිනෙකට වෙනස් වේ. එම වෙනස්කම් ඒ ඒ ප්‍රාන්තය හෝ ටෙරිටරිය තුළ ඇති අවශ්‍යතා මත වෙනස් වේ.

COVID-19 measures across Australia's states

COVID-19 measures across Australia's states Source: Getty Images

SBS මාධ්‍ය ජාලය ගෙන එන ඔස්ට්‍රේලියාවේ COVID-19 පිළිබඳ ජාතික තොරතුරු .

ඔස්ට්‍රේලියාවේ කොරෝනා වසංගතය සම්බන්ධ නවතම තොරතුරු රැගත් මෙම තොරතුරු පත්‍රිකාව සිංහල භෂාවෙන් 07/12/2020 දින යාවත්කාලීන කර තිබේ.

වික්ටෝරියා ප්‍රාන්තය (කොරෝනා නීති ලිහිල් කිරීම)

සමස්ත වික්ටෝරියානු ප්‍රාන්තයට ම පහත නීති අදාළ වේ

  • ජනයා ඒකරාශී වීම:
    • නිවසින් බැහැරව යාම සඳහා කිසිදු හේතුවක් අවශ්‍ය නොවේ
    • උපරිම පුද්ගලයින් 100 කට එළිමහනේ රැස්විය හැකිය
    • එක් දිනක් තුළ එක් නිවසකට අමුත්තන් 30 දෙනෙකු දක්වා ගෙන්වා ගැනීමට අවසර ලැබේ. (එම අමුත්තන් වෙන වෙනම නිවාස වල වෙසෙන අය විය හැකි අතර වයස අවුරුද්දකට වඩා අඩු ළදරුවන් එම ප්‍රමාණයට ඇතුලත් නොවේ)
  • නත්තල් සැමරුම්: දෙසැම්බර් 14 සිට, එක් දිනක් තුළ එක් නිවසකට යාම සඳහා උපරිම අමුත්තන් 30 දෙනෙකුට අවසර ලැබේ. (වයස අවුරුද්දකට වඩා අඩු ළදරුවන් එම ප්‍රමාණයට ඇතුලත් නොවේ)
  • රෝහල් සහ සාත්තු සේවා ස්ථාන: රෝගීන් බැලීම සඳහා පැමිණෙන අමුත්තන් ගේ ප්‍රමාණයට හෝ ඔවුන්ට රෝගීන් බැලීම සඳහා ඇති කාලයට කිසිදු සීමාවක් නොමැත. ඒ ඒ රෝහල් සහ සාත්තු සේවා ස්ථාන විසින් රෝගීන් බැලීම සඳහා පැමිණෙන අමුත්තන් හට නීති සම්පාදනය කරනු ඇත. 
  • විවාහ උත්සව, අවමංගල උත්සව, ආගමික හමු: වර්ග මීටර් 2 කට එක් පුද්ගලෙයකු බැගින්වූ යන නීතිය යටතේ අමුත්තන් හට සහභාගී විය හැකිය.
 

රැකියා කටයුතු සිදු කිරීම 

ඔබේ රැකියා කටයුතු නිවසේ සිට සිදු කිරීමට හැකිනම් එය නොකඩවා එලෙසින්ම සිදුකරන ලෙස වික්ටෝරියානු ප්‍රාන්ත රජය දැන්ව සිටියි. පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් සංචරණය කිරීම මේ හරහා වැළකෙන අතර කොරෝනා වයිරසය සම්ප්‍රේෂණය වීමද මේ මගින් මන්දගාමී වේ.

රැකියා ස්ථාන වල කාර්ය මණ්ඩලයෙන් සියයට 25 කට නැවත සේවා ස්ථාන වලට යාමට අවසර ලබා දී ඇති අතර මෙහිදී වර්ග මීටර හතරකට එක් පුද්ගලයෙකු බැගින් සමාජ දුරස්ථ බව ආරක්ෂා කලයුතු වේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ කාර්යාල සහ අවන්හල් තුළ මුව ආවරණ පැළඳීම තවදුරටත් අනිවාර්ය නොවේ.

නිවසින් බැහැරව යන විට මුව ආවරණ ගෙන යා යුතු අතර පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීමේදී, ride-share කුලී රථ සේවා භාවිතා කිරීමේදී, සාප්පු සංකීර්ණ තුළදී සහ සෙනග ගැවසෙන ස්ථාන වලදී මුව ආවරණ පැළඳිය යුතුය.

ඔබට නිවසේ සිට රැකියා කටයුතු සිදු කිරීමට නොහැකි නම් ඔබට සේවා ස්ථානයට යා හැකි නමුත් සේවා ස්ථානයේදී ඔබ පහත සඳහන් යහපත් සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කළ යුතු වේ:

  • ඔබ නිවසින් බැහැරව යන විට හා සේවා ස්ථානයේ දී මුව ආවරණයක් පැළඳිය යුතු වේ
  • නිතරම දෑත් සේදිය යුතු වේ
  • ඔබට කසින හා කිවිසුම් යන විට වැලමිටින් හෝ tissue කඩදාසියකින් ආවරණය කර ගත යුතුය
  • අනෙක් පුද්ගලයින් ගෙන් අවම වශයෙන් මීටර් 1.5ක් දුරකින් හෝ ඇත්ව සිටින්න
කොණ්ඩා මෝස්තර දැමීම වැනි නිවසේ සිට මෙහෙයවන ව්‍යාපාර ඇතුළු සියලුම ව්‍යාපාර සඳහා තිබිය යුතුය.

පාසල්

  • වික්ටෝරියානු ප්‍රාන්තයේ සියලුම පාසල් සිසුන් පාසල් පන්ති කාමර තුළ අධ්‍යාපන කටයුතු ආරම්භ කර තිබේ. 

  • විශ්ව විද්‍යාල, TAFE විද්‍යාල සහ වැඩිහිටි අධ්‍යාපනය ලබන සිසුන් හට අධ්‍යන කටයුතු සඳහා තම අධ්‍යාපන ආයතන වෙත යා හැකිය.

 

සංචාරක කටයුතු සහ ගමනාගමන කටයුතු:

නිවසින් බැහැරව යන විට මුව ආවරණ ගෙන යා යුතු අතර පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීමේදී, ride-share කුලී රථ සේවා භාවිතා කිරීමේදී මුව ආවරණ පැළඳිය යුතු අතර සැමවිටම යහපත් සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කළ යුතුය. ඔබ අසනීප ගතියකින් පෙළෙයි නම් නිවසින් බැහැරව ගමන් නොකරන්න.

වැඩි විස්තර: 

නිවසින් බැහැරව යාමට හේතු සැපයීමක් හෝ යා හැකි උපරිම දුර සීමාවක් දැන් නොමැත. 

නිවාඩුව ගත කිරීම සඳහා ඔබට වික්ටෝරියානු ප්‍රාන්තයේ ඕනෑම ස්ථානයකට දැන් ගමන් කළ හැකිය. 

ඔබ එකට ජීවත්වන පුද්ගලයින් සමග, ඔබේ සමීප සහකරු සමග සහ ඔබ සමග ජීවත් නොවන මිතුරන් හෝ පවුලේ සමාජිකයින් උපරිම දෙදෙනෙකු සහ ඔවුන්ගේ යැපෙන්නන් සමග ඔබට නිවාඩුව ගත කිරීමේදී නවාතැන් පහසුකම් වෙන් කරවාගත හැකිය. 

මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපය සහ වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප අතර සංචාරය කිරීම සඳහා හේතු අවශ්‍ය නොවන අතර ඒ සඳහා සීමාවන් ද නොමැත. 

ජාත්‍යන්තර මගී ගුවන් ගමන් මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයෙන් අන් ප්‍රාන්ත වෙත හරවා යවනු ලැබේ.

 

ව්‍යාපාර හා විනෝදාස්වාද කටයුතු 

  • අවන්හල්, ආපන ශාලා සහ තැබෑරුම්: අමුත්තන් සඳහා සීමාවන් නොමැති අතර වර්ග මීටර් 2 කට එක් පුද්ගලයෙකු බැගින්වූ නීතියට යටත් විය යුතුය. අසුන්ගෙන සිටින අමුත්තන් හට පමණක් සංග්‍රහ කළ යුතුය යන නීතිය තවදුරටත් අදාළ නොවේ.
  • එළිමහන් ක්‍රීඩා, පිහිණුම් තටාක: සහභාගී වන්නන් සඳහා සීමාවන් නොමැති අතර වර්ග මීටර් 2 කට එක් පුද්ගලයෙකු බැගින්වූ නීතියට යටත් විය යුතුය.
  • කායවර්ධන මධ්‍යස්ථාන: ස්ථානයේ ප්‍රමාණය අනුව ඇතුළු විය හැකි පුද්ගල සංඛ්‍යාව සීමාවේ. සේවකයින් සිටින විට වර්ග මීටර් 4 කට එක් පුද්ගලයෙකු බැගින්වූ නීතියට යටත් විය යුතුය. සේවකයින් නොසිටින විට වර්ග මීටර් 8 කට එක් පුද්ගලයෙකු බැගින්වූ නීතියට යටත් විය යුතුය.
දඩ මුදල් පැනවීම

කොරෝනා නීති ක්‍රියාත්මක වී ඇතිවිට ඒවා උල්ලංඝනය කරන අවස්ථාවන් වලදී දඩ නිකුත් කෙරේ. උදාහරණයක් ලෙස නීතිවිරෝධී ජනයා ඒකරාශී වීම් සඳහා.

කොරෝනා පරීක්ෂාවෙන් ධනාත්මක බවට ප්‍රතිඵල ලැබීමෙන් අනතුරුව හෝ ආසාදිතයෙකු ගේ සමීපතම ආශ්‍රිතයෙකු බවට නම් කළ විට හෝ ස්වයං නිරෝධායනය විය යුතු අතර එය උල්ලංඝනය කරන්නන් සඳහා දඩ ගෙවීමට සිදුවේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

ජනයා ඒක රාශී වීමේ සීමාවන් 

  • නිවසක එළිමහන් ස්ථාන පවා භාවිතා කරන විටදී එක් නිවසකට අමුත්තන් 50 ක් දක්වා ගෙන්වා ගත හැකිය, නමුත් නිවසක එළිමහන් ස්ථානයක් නොමැතිනම් එම නිවසට අමුත්තන් 30 කට වඩා ගෙන්වා ගත නොහැකි බවට නිර්දේශ කර ඇත.
  • දෙසැම්බර් 07 සිට පොදු ස්ථාන වල එළිමහනේ 100 දෙනෙකු දක්වා උපරිම සීමාවකට යටත්ව ජනයා ඒක රාශී විය හැකිය.
  • විවාහ උත්සව, අවමංගල උත්සව සහ ආගමික සේවාවන්: දෙසැම්බර් 07 සිට උපරිම පුද්ගල සීමාව ඉවත් කර ඇති නමුත් වර්ග මීටර් 2 කට එක් පුද්ගලයෙකු බැගින් වූ නීතිය ක්‍රියාත්මක වේ.
 

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ රැකියා සහ රාජකාරී කටයුතු:

  • හැකිනම් නිවසේ සිට රැකියා හා රාජකාරි කටයුතු කිරීමට සිදුකළ නිර්දේශය දෙසැම්බර් 14 සිට අවලංගු වේ.
  • සේවකයින් සේවා ස්ථාන වෙත නැවත පැමිණීමේදී සේවා ස්ථාන වල COVID-19 ආරක්‍ෂිත සැලසුම් ක්‍රියාත්මක කිරීමට උනන්දු කෙරේ.
  • පොදු ප්‍රවාහන සේවා වලට බහුතරයක් පිරිස් එකවර යොමු නොකිරීම සඳහා කාර්ය මණ්ඩලයේ ආරම්භක හා අවසන් වේලාවන්හි එකිනෙකා හට වෙනස් කිරීමට සේවා යෝජකයින් දිරිමත් කරනු ලැබේ. පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන පුද්ගලයින් හට මුව ආවරණ පැළදීමට දිරිමත් කෙරේ.
  • යමෙකු අසනීප නම් නිවසේ රැදී සිටිය යුතු අතර කොරෝනා රෝග ලක්ෂණ ඇත්නම් COVID-19 පරීක්ෂණය සිදු කර ගත යුතුය.
 

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පාසල් කටයුතු 

  • කොරෝනා රෝග ලක්ෂණ ඇති ඕනෑම පාසල් සිසුවෙකු කොරෝනා පරීක්ෂණය සිදුකර ඍණාත්මක ප්‍රතිඵල ලබනතාක් නැවත පාසලට පැමිණීමට නොහැකිය.
  • School formals, නර්තන ප්‍රසංග, graduations සහ අනෙකුත් උත්සව පැවැත්වීම තහනම්ය.
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පාසල් පිළිබඳ වැඩි විස්තර: 
 

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සංචාරක හා ගමනාගමන කටයුතු

  • වෙනත් ප්‍රාන්තයක වෙසෙන පුද්ගලයින්ට නිවාඩුව ගත කිරීම උදෙසා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට පැමිණීමට අවසර ලැබෙන නමුත් ඔවුන් නැවත තම ප්‍රාන්තය වෙත යාමේදී එහි ඇති නීති අනුව ක්‍රියා කළ යුතුය. 
  • caravan උද්‍යාන සහ කඳවුරු බිම් (camping grounds) විවෘත කර ඇත. නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ජාතික උද්‍යාන වෙත යාමට අදහස් කරන පුද්ගලයින්  වෙබ් අඩවිය පරීක්ෂා කළ යුතුය.
  • Aged care මධ්‍යස්ථාන වලට හා සෞඛ්‍ය සේවා ස්ථාන වලට අමුත්තන් ලෙස යාම තහනම්ය.
  • වැඩි විස්තර: 
 

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ව්‍යාපාර හා විනෝදාස්වාද කටයුතු 

  • ඇතැම් වර්ග වල ව්‍යාපාර සහ සංවිධාන මහජන සෞඛ්‍ය නීති යටතේ COVID ආරක්‍ෂිත බවට ලියා පදිංචි විය යුතුය. වැඩි විස්තර:
  • කාය වර්ධන මධ්‍යස්ථාන සහ රාත්‍රී සමාජ ශාලා: වර්ග මීටර් 4 ට එක් පුද්ගලයෙකු බැගින්වූ නීතිය යටතේ කාය වර්ධන පන්ති හෝ රාත්‍රී සමාජ ශාලා වල නර්තන පරිශ්‍ර (dance floor) සඳහා උපරිම පුද්ගලයින් 50 කට සීමා කර ඇත.
  • ක්‍රීඩාංගන හා රංග ශාලා: බාහිර - ආසන ධාරිතාවෙන් 100% කට සහ විධිමත් ලෙස ස්ථාපනය නොකළ ආසන පරිශ්‍ර සඳහා වර්ග මීටර 2 කට එක් පුද්ගලයෙක් ලෙස අවසර ලැබේ. ගෘහස්ථව - ආසන ධාරිතාවෙන් 75% කට අවසර ලැබේ.
  • කුඩා ප්‍රමාණයේ hospitality ස්ථාන (වර්ග මීටර් 200 ක් දක්වා වූ ස්ථාන) වල අභ්‍යන්තරයේ වර්ග මීටර් 2 ට එක් පුද්ගලයෙකු බැගින්වූ නීතිය ක්‍රියාත්මක වේ.
  • පුහුණු සැසි සහ පුද්ගල සම්බන්ධතා තිබෙන ක්‍රියාකාරකම් ඇතුළුව ප්‍රජා ක්‍රීඩා කටයුතුවලට අවසර ඇත.
  • ව්‍යාපාර සහ උත්සව මෙහෙයවීම COVID-19 ආරක්‍ෂිත සැලසුම යටතේ ක්‍රියාත්මක විය යුතු අතර අදාළ ස්ථාන වලට ඇතුළු වන සෑම පුද්ගලයෙකුගේම තොරතුරු ලබාගත යුතුය. වැඩි විස්තර: 
 

දඩ මුදල් පැනවීම

  • කොරෝනා නීති ක්‍රියාත්මක වී ඇතිවිට ඒවා උල්ලංඝනය කරන අවස්ථාවන් වලදී දඩ නිකුත් කෙරේ. උදාහරණයක් ලෙස නීතිවිරෝධී ජනයා ඒකරාශී වීම් සඳහා.
  • 2010 මහජන සෞඛ්‍ය පනත යටතේ කරන ලද නියෝග උල්ලංඝනය කිරීම සාපරාධී වරදක් වන අතර දැඩි දඩ මුදල් පැනවිය හැකිය.
  • වැඩි විස්තර: 
 

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය

ජනයා එක්රැස්වීමේ සීමාව

නිවෙස් තුළට ගෙන්විය හැකි උපරිම අමුත්තන් සංඛ්‍යාව 50 කට සීමා කර ඇති අතර ක්වීන්ස්ලන්තය පුරා පොදු ස්ථාන වල රැස්විය හැකි උපරිම පිරිස 100 කි. 

විවාහ උත්සව: ගෘහස්ථව හා එළිමහනේ උපරිම අමුත්තන් 200 කට සහභාගී විය හැකි අතර සියලුම අමුත්තන්ට නර්තනයේ යෙදිය හැකිය. 

අවමංගල උත්සව: උපරිම පුද්ගලයින් 200 කට සහභාගී විය හැකිය. 

Residential care මධ්‍යස්ථාන: මානසික සෞඛ්‍ය සේවාවන් හෝ ඇල්කොහොල් වලට ඇබ්බැහි වුවන් ඉන් ගලවා ගැනීමේ සේවාවන් ලබන Residential care මධ්‍යස්ථාන වල වෙසෙන පුද්ගලයින්ව බැලීමට යා හැකිය. 

රෝහල් වල රෝගීන් බැලීම: සෑම රෝහලකම සාමාන්‍ය අමුත්තන්ගේ නීති රීති වලට අනුව රෝගීන් බැලීමට පැමිණෙන අමුත්තන්ගේ සංඛ්‍යාව තීරණය වේ.

 

රැකියා කටයුතු

ව්‍යාපාර:

  • සේවකයින්ට නිවසේ සිට රාජකාරී කටයුතු කිරීමට සහය දැක්විය යුතුය
  • අසනීප සේවකයින් සිටී නම් නිවසට පිටත් කළ යුතුය
  • වර්ග මීටර් 2 කට එක් පුද්ගලයෙකු සිටින සේ ක්‍රියාත්මක විය යුතුය
  • පුද්ගල දුරස්ථභාවය රැකීම සම්බන්ධව දිරිගැන්වීම සඳහා රූප ආශ්‍රිත නිර්මාණ ප්‍රදර්ශනය කළ යුතුය
  • COVID ආරක්‍ෂිත රාමුවක් ඇතුළත ක්‍රියාත්මක විය යුතුය
  • සෑම මතුපිටක්ම නිතරම හා මනාව පිරිසිදු කළ යුතුය
  • hand sanitiser සැපයිය යුතුය

සේවකයින්:

  • අසනීප නම් නිවසේ සිටිය යුතුය
  • කොරෝනා රෝග ලක්ෂණ තිබේනම් කොරෝනා පරීක්ෂණය සිදු කරගත යුතුය
  • අනෙක් අයගෙන් මීටර් 1.5 ක දුරකින් සිටිය යුතුය
  • සබන් හෝ sanitiser යොදා දෑත් නිතරම පිරිසිදු කළ යුතුය
  • කරන විට හා කිවිසුම් හරින විට ආවරණය කළ යුතුය
 

පාසල්

විදුහල්පති හෝ ගුරුවරයෙකු හෝ කාර්ය මණ්ඩලයේ කෙනෙකු හෝ සිසුවෙකු අසනීප යයි සලකා එම සිසුවාගේ දෙමාපියන්ට ඒ පිළිබඳ දැන්වූ විට ඔවුන් පැමිණ සිසුවාව පාසලෙන් රැගෙන ආ යුතුය. 

දෙමාපියන් හෝ භාරකරුවන් අදාළ දරුවාව හැකි ඉක්මණින් පාසලෙන් රැගෙන ආ යුතුය. 

වයිරසය බෝවන කාලය අවසන් වන තුරු හෝ අසනීප බවට රෝග ලක්ෂණ නැති වනතෙක් හෝ දරුවාට නැවත පාසලට පැමිණිය නොහැකිය. 

 

සංචාරක හා ගමනාගමන කටයුතු

2020 දෙසැම්බර් 01 වන දිනෙන් පසුව ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයට ඇතුළු වන විට වලංගු ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත සීමා බලපත්‍රයක් (Border Declaration Pass) පිරවිය යුත්තේ පසුගිය දින 14 ක කාලය තුළ කොරෝනා මර්මස්ථානයක වාසය කර ඇතිනම් හෝ විදෙස්ගත වී සිට ක්වීන්ස්ලන්තයට නොව වෙනත් ප්‍රාන්තයකට ගොඩබට යට පමණි.

නිව් සවුත් වේල්ස් හෝ වික්ටෝරියා ප්‍රාන්ත වලින් ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයට ඇතුළු වීමේදී රජයේ අනිවාර්ය නිරෝධායනයක සිටින අය සඳහා ඍණාත්මක කොරෝනා පරීක්ෂණ ප්‍රතිඵල ඇත්නම් සහ තමන්ගේ විස්තර හා ක්වීන්ස්ලන්ත ලිපිනය ලබා දුන් විට නිරෝධායනය හැර යා හැකිය.

ඔබට කොරෝනා මර්මස්ථානයකින් පැමිණීමට අවසර තිබේ නම් ඔබ ක්වීන්ස්ලන්තයට ගුවනින් පැමිණිය යුතුය. ඔබ ට්‍රක් රථ රියදුරෙකු, භාණ්ඩ ප්‍රවාහනය හා තෝරාගත් අත්‍යවශ්‍ය ක්‍රියාකාරකම් සිදු කිරීම සම්බන්ධ සේවකයෙක් නොවේ නම් කොරෝනා මර්මස්ථානයකින් මාර්ගයෙන් ඇතුළුවීමට ඔබට අවසර ලබා දිය යුතුය.

 

ව්‍යාපාර සහ විනෝද ක්‍රියාකාරකම්

ගෘහස්ථ ස්ථාන: වර්ග මීටර 2 කට එක් පුද්ගලයෙකු යන නීතිය අදාළ වේ (උදාහරණ: අවන්හල්, ආපන ශාලා, pubs, කෞතුකාගාර, කලාගාර, වැඳුම් පිදුම් කරන ස්ථාන, පාර්ලිමේන්තුව) පරිශ්‍රයන් තුළ ගෘහස්ථ ක්‍රීඩා පිටි විවෘත කළ හැකිය.

ගෘහස්ථ උත්සව හා ක්‍රියාකාරකම්: අසුන්ගත හැකි ස්ථාන වල ආසන ධාරිතාවෙන් 100% ක්, ප්‍රවේශ පත්‍ර ලබාගන්නා ස්ථාන වලට පැමිණීමේදී සහ පිටව යාමේදී අමුත්තන් මුව ආවරණ පැළඳිය යුතුය. (උදාහරණ: රංග ශාලා, සජීවී සංගීත ප්‍රසංග, සිනමා ශාලා සහ ගෘහස්ත ක්‍රීඩා ඉසව්) ප්‍රේක්ෂකයන්ගෙන් මීටර 2 ක දුරකින් ශිල්පීන්ට සිටිය හැකිය. ගායනා කණ්ඩායම ප්‍රේක්ෂකයන්ගෙන් මීටර් 4 ක දුරින් සිටිය යුතුය.

එළිමහන් ඉසව්: COVID Safe Event Checklist එකක් සමග එළිමහන් ඉසව් සඳහා 1500 ක පිරිසකට අවසර ලැබේ. විශාල ප්‍රමාණයේ ඉසව් ක්‍රියාත්මක කිරීමට COVID ආරක්‍ෂිත සැලසුමක් අවශ්‍ය වේ.

එළිමහන් ක්‍රීඩාංගන: COVID ආරක්‍ෂිත සැලසුමක් සමග ආසන ධාරිතාවෙන් 100% කට අවසර ඇත.

එළිමහන් නර්තන: එළිමහන් නර්තන සඳහා අවසර ඇත (උදාහරණ: එළිමහන් සංගීත සංදර්ශන, beer gardens).

 

දඩ මුදල් පැනවීම

  • කොරෝනා නීති ක්‍රියාත්මක වී ඇතිවිට ඒවා උල්ලංඝනය කරන අවස්ථාවන් වලදී දඩ නිකුත් කෙරේ. උදාහරණයක් ලෙස නීතිවිරෝධී ජනයා ඒකරාශී වීම් සඳහා, අනිවාර්ය ස්ථාන වල මුව ආවරණ නොපැළඳීම 
  • වැඩි විස්තර: 

දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය

ජනයා ඒකරාශී වීම

  • ගෘහස්ථ ස්ථාන වල වර්ග මීටර් 4 කට එක් පුද්ගලයෙකු බැගින්
  • එළිමහන් ස්ථාන වල වර්ග මීටර් 2 කට එක් පුද්ගලයෙකු බැගින්
  • පුද්ගලික උත්සව (විවාහ සහ අවමංගල උත්සව): වර්ග මීටර් 2 කට එක් පුද්ගලයෙකු බැගින් වන සේ උපරිම පුද්ගලයින් 150 කට අවසර ඇත
  • නිවසේදී: නිවසේ පුද්ගලයින් 10 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් ස්ථිරව පදිංචි වී නොමැතිනම් නිවසකට පුද්ගලයින් 10 දෙනෙකු ගෙන්වා ගත හැකිය
  • පුද්ගලික ස්ථාන: උපරිම පුද්ගල සංඛ්‍යාව 150 කි
  • නිවාඩු නිකේතන: නවාතැන් සැපයුම්කරු විසින් නියම කර ඇති පරිදි උපරිම පුද්ගලයින් 10 දෙනෙකුට එම ස්ථානයේ නිදා ගැනීමට අවසර ඇත
  • aged care මධ්‍යස්ථාන වලට යාමට අවසර නැත. වැඩි විස්තර: 
 

රැකියා කටයුතු

  • ඇතැම් කොරෝනා නීති ලිහිල් කල නමුත් හැකි සෑම විටම නිවසේ සිට රැකියා කටයුතු කිරීමට තවමත් තරයේ නිර්දේශ කෙරේ.
  • මෙම අවස්ථාවේදී සේවා ස්ථානයේ අඛණ්ඩ නම්‍යතාව දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාන්තයේ වර්තමාන COVID-19 ප්‍රතිචාරයට සහාය වනු ඇත. මෙම තත්ත්වයේදී ව්‍යාපාර අඛණ්ඩව පවත්වාගෙන යාම සහතික කිරීමට ද එය උපකාරී වනු ඇත.

පාසල්

දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ සියලු පාසල් විවෘතව පවතී. යම් හෙයකින් යම් පාසලක කොරෝනා වයිරසය නැවත ව්‍යාප්ත වුවහොත් පිවිසෙන්න: 

 

සංචාරක හා ගමනාගමන කටයුතු

  • ඔබට සංචාරය කිරීමට හෝ පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීමට අවශ්‍ය නම්, ඔබ හැකි තරම් සෘජු හා ප්‍රායෝගික මාර්ගයක් ගත යුතුය.
  • දකුණු ඕස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රදේශවල සංචාරය සීමා රහිත ය.
  • දකුණු ඔස්ට්‍රේලියාවට විදෙස් රටවලින් පැමිණෙන සියලුම දෙනා ප්‍රාන්ත රජය නම් කළ හෝටල් වල දින 14 ක් අනිවාර්යෙන් නිරෝධායනය විය යුතුය.
 

දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ ව්‍යාපාර සහ විනෝද ක්‍රියාකාරකම්

  • ස්ථානයක සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව වර්ග මීටර 2 කට එක් පුද්ගලයෙකු බැගින්වූ නීතිය නොඉක්මවිය යුතුය.
  • pubs, ආපන ශාලා, අවන්හල් වැනි ස්ථාන වල පරිභෝජනය සඳහා සපයනු ලබන ආහාර සහ පාන වර්ග ගෘහස්ථව වාඩි වී සිටියදී පරිභෝජනය කළ යුතු අතර එළිමහනේ නම් හිටගෙන සිටින විට පවා පරිභෝජනය කළ හැකිය.
  • පුද්ගලික සේවා ලබාදෙන කාර්ය මණ්ඩලය එම සේවා ලබා දීමේදී සුදුසු ආරක්‍ෂිත ඇඳුම් සහ උපකරණ පළඳා අදාළ සේවාවන් ලබා දිය යුතුය.
  • ගෘහස්ත සිනමා ශාලා, රංග ශාලා හෝ වෙනත් ස්ථානයක යම් උත්සවයක් හෝ කටයුත්තක් පැවැත්වෙන විට ඔවුන්ගේ නියමිත ප්‍රේක්ෂක ධාරිතාවෙන් 50% නොඉක්මිය යුතුය.
  • වැඩි විස්තර: 
 

දඩ මුදල් පැනවීම

  • කොරෝනා නීති ක්‍රියාත්මක වී ඇතිවිට ඒවා උල්ලංඝනය කරන අවස්ථාවන් වලදී දඩ නිකුත් කෙරේ. උදාහරණයක් ලෙස නීතිවිරෝධී ජනයා ඒකරාශී වීම් සඳහා, අනිවාර්ය ස්ථාන වල මුව ආවරණ නොපැළඳීම 
  • වැඩි විස්තර: 
 

බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය

ජනයා ඒක රාශි වීම

  • වර්ග මීටර 2 කට එක් පුද්ගලයෙකුට වඩා නොසිටින තාක් කල් නිවෙස්වල සිටින අමුත්තන්ගේ සංඛ්‍යාවට සීමාවක් නැත.
  • එක් පුද්ගලයෙකුට අවම වශයෙන් වර්ග මීටර් 2 ක ඉඩ ප්‍රමාණයක් පවතින තාක් එළිමහන් ස්ථාන වල රැස්වීමේ පුද්ගල සංඛ්‍යාවට සීමාවක් නොමැත.
  • තෝරාගත් ස්ථාන සහ පූජනීය ස්ථානවල සහ ප්‍රවේශ පත්‍ර ලබා අසුන්ගත හැකි විනෝදාස්වාදක ස්ථානවල ට වර්ග මීටර් 2 කේ නීතිය අදාළ නොවේ.
  • දුරස්ථ ආදිවාසී ප්‍රජාවන්ට පිවිසීම සීමා කර තිබේ.
  • residential aged care මධ්‍යස්ථාන වෙත පිවිසීම සීමා කර තිබේ.
 

රැකියා කටයුතු

කොරෝනා වයිරසයට අවදානම් හෝ අසනීප තත්ත්වයේ සිටී නම් හැර සෙසු බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත වාසීන් ට තම සේවා ස්ථාන වෙත වාර්තා කිරීම දිරිගන්වයි. ඔබ නැවත සේවයට පැමිණීම ගැන වද වේ නම් හෝ සැක සහිත නම්, ඔබ ඔබේ සේවායෝජකයා අමතන්න.
සේවා ස්ථානයේදී

  • යහපත් සෞඛ්‍ය පිළිවෙත් සහ පුද්ගල දුරස්ථභාවය පිළිපදින්න
  • අතට අත දීමෙන් වළකින්න
  • වැඩිපුර පුද්ගල ස්පර්ශය ලබන මතුපිට නිරතුරුවම පිරිසිදු කර විෂබීජහරණය කරන්න
  • කෑම කාමරයේ වෙනුවට ඔබේ මේසයේදී හෝ එළිමහනේදී ආහාර ගන්න
  • සේවා ස්ථානයේදී ආහාර හුවමාරු නොකරගන්න
 

පාසල්

සෞඛ්‍ය අවදානමක් ඇති සිසුන්ට හෝ සෞඛ්‍ය අවදානමක් ඇති පවුලේ සාමාජිකයෙකු සිටී නම් හෝ හැර අන් සියලු සිසුන් පාසල් වෙත වාර්තා කළ යුතුය.
තම දරුවන්ව පාසලට ඇරලවීමට හෝ පාසලෙන් රැගෙන යාමට දෙමාපියන්ට හා භාරකරුවන්ට පාසල් භූමියට ඇතුළු විය හැකිය.
 

සංචාරක හා ගමනාගමන කටයුතු

  • බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය නවතම මහජන සෞඛ්‍ය උපදෙස් මත පදනම්ව ආරක්ෂිත හා සංවේදී පාලිත ප්‍රාන්ත සීමා ක්‍රියාවලියකට මාරුවී ඇත.
  • ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකම හා ටෙරිටරියකම පසුගිය දින 14 ක කාලය තුළ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගේ සාමාන්‍ය අගය 5 ට වඩා අඩුවීම මත බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ මෙම නව පාලිත ප්‍රාන්ත සීමා ක්‍රියාවලිය හඳුන්වා දෙනු ලැබේ.
  • කිම්බර්ලි කලාපය ඇතුළුව බටහිර ඕස්ට්‍රේලියාව පුරා සංචාරය කිරීමට අවසර ඇත. ඇබොර්ජීනියානු ප්‍රජාවන් සිටින කලාප වෙත යාමට පනවා ඇති තහනම තවමත් ක්‍රියාත්මකය.
සංචාරකයින් සඳහා බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් ලබා දෙන විශේෂ අවසර පිළිබඳ දැනගන්න: 

 

ව්‍යාපාර හා විනෝදාස්වාද කටයුතු

  • Hospitality ස්ථානයක අවසර දී ඇති අමුත්තන් සංඛ්‍යාවට සීමාවක් නොමැත, නමුත් වර්ග මීටර් 2කට එක් පුද්ගලයෙකු බැගින්වූ නීතිය හා පුද්ගල දුරස්ථභාවය පවත්වාගැනීම අදාළ වේ.
  • එනම් ඒ ඒ ස්ථානයේ භූමි ප්‍රමාණය අනුව උපරිම අමුත්තන් සංඛ්‍යාව තීරණය වේ.
  • සේවකයින් ඇතුළුව විශාල Hospitality ස්ථාන වලට අමුත්තන් 500 කට වඩා කැඳවිය හැකිය.
  • එකඟ වූ තාවකාලික සීමාවන් මත casino gaming floor යළි විවෘත කෙරේ.
  • අවන්හල්, ආපන ශාලා සහ තැබෑරුම් වලට පැමිණෙන අමුත්තන්ගේ විස්තර සටහන් කරගැනීම අවශ්‍ය නොවේ.
  • විශාල ප්‍රමාණයේ සහ බහු වේදිකා යොදාගෙන සිදුකරන සංගීත ප්‍රසංග හැරුණුකොට සෙසු උත්සව හා ප්‍රසංග සඳහා අවසර ඇත.
  • Optus Stadium, HBF Park and RAC Arena හි තාවකාලිකව 50% ක ප්‍රේක්ෂක ධාරිතාවකට අවසර ඇත.
  • ප්‍රසංග ශාලා, සජීවී සංගීත පවත්වන ස්ථාන, තැබෑරුම්, pubs සහ රාත්‍රී සමාජ ශාලා වල අසුන් නොගෙන ගායනා කිරීමට හෝ වාදනය කිරීමට හෝ අවසර ඇත.
  • අසුන්ගත හැකි විනෝදාස්වාදය සපයන ස්ථාන වල ප්‍රේක්ෂක ධාරිතාව 60% කට සීමා කර ඇත.
 

දඩ මුදල් පැනවීම

  • කොරෝනා නීති ක්‍රියාත්මක වී ඇතිවිට ඒවා උල්ලංඝනය කරන අවස්ථාවන් වලදී දඩ නිකුත් කෙරේ. උදාහරණයක් ලෙස නීතිවිරෝධී ජනයා ඒකරාශී වීම් සඳහා, අනිවාර්ය ස්ථාන වල මුව ආවරණ නොපැළඳීම 
  • වැඩි විස්තර: 
 

ටස්මේනියා ප්‍රාන්තය

ජනයා ඒකරාශී වීම

  • නිවෙස් වල: අදාළ නිවසේ පදිංචි අය හැරුණු කොට එක් වරකදී අමුත්තන් 40 කට සීමා කර ඇත.
  • විවාහ උත්සව, ආගමික ස්ථාන සහ ව්‍යාපාරික ස්ථාන: භූමි ප්‍රමාණය අනුව උපරිම පුද්ගල සංඛ්‍යාව තීරණය කෙරේ. ගෘහස්තව 250 ක් සහ එළිමහනේ 1000 ක්.
  • රෝහල් වල රෝගීන් බැලීම: ඕනෑම එක් අවස්ථාවකදී එක් රෝගියෙකු බැලීමට එක් අමුත්තෙකු ලෙස සීමා කර ඇත.
 

රැකියා කටයුතු

පුද්ගල දුරස්ථභාවය රැකීම සඳහා සහ මිනිසුන් අතර සම්බන්ධතාවය සීමා කිරීම වෙනුවෙන් හැකි සෑම විටම නිවසේ සිට රාජකාරී කටයුතු කිරීමට ප්‍රාන්ත වැසියන්ව දිරිගන්වයි.

 

පාසල්

  • අසනීප තත්ත්වයෙන් පසු නොවන සියලුම සිසුන් පාසල් වෙත වාර්තා කළ යුතුය.
  • සෞඛ්‍ය අවදානම් ඇති සහ කොරෝනා වයිරසය වැළදීමට ඉහළ හෝ මධ්‍ය අවදානමක් ඇති සිසුන් හට හැකි නම් නිවසේ සිට පාසල් අධ්‍යාපනය ලැබිය හැකිය. ඒ සඳහා අවශ්‍ය කටයුතු සකස් කරගැනීමට ඔබේ පාසල සමග සාකච්ඡා කරන්න.
 

සංචාරක හා ගමනාගමන කටයුතු

  • ටස්මේනියා ප්‍රාන්තය තුළ ඕනෑම ස්ථානයකට ඔබ සංචාරය කළ හැකිය. නමුත් ජනයා එක් රැස් වීමේ සහ නිවෙස් වලට යාමේ කොරෝනා නීති වලට අනුව ඔබ කටයුතු කළ යුතුය.
  • ටස්මේනියාවේ ප්‍රාන්ත සීමා තුළ COVID-19 අවදානම කළමනාකරණය කිරීමට උදව් කිරීම සඳහා, ටස්මේනියාවට පැමිණෙන සංචාරකයින් ප්‍රාන්තයට ඇතුළු වීමට පෙර ඔවුන්ගේ විස්තර සහ ගමන් විස්තර සැපයිය යුතුය.
  • ටස්මේනියාවට පැමිණීමට පෙර අදාළ සංචාරකයින් කාලය ගත කළ ප්‍රදේශ ඔවුන් ප්‍රාන්තයට ඇතුළුවීමේ කොන්දේසි තීරණය කරයි.
  • ප්‍රාන්ත රජය විසින් නම් කරන ලද හෝටල් වල නිරෝධායනය කිරීමට අවශ්‍ය පුද්ගලයින් සඳහා නිරෝධායන ගාස්තුවක් ක්‍රියාත්මක වේ (නිරෝධායන ගාස්තු වලින් නිදහස් කිරීම් අදාළ වේ).
 

ව්‍යාපාර සහ විනෝද ක්‍රියාකාරකම්

  • සියලුම ව්‍යාපාර සහ සේවා ස්ථාන ක්‍රියාත්මක කිරීමට දැන් අවසර දී ඇත. නමුත් අවම COVID-19 ආරක්ෂණ ප්‍රමිතීන් සපුරාලීම සඳහා අදාළ පියවර ක්‍රියාත්මක කළ යුතු අතර මෙය COVID-19 ආරක්ෂිත සැලැස්මක සටහන් කළ යුතුය.
  • පුද්ගල ඝනත්වය වර්ග මීටර් 2 කට එක් පුද්ගලයෙකු බැගින් ක්‍රියාත්මක වේ.
  • ඒ ඒ භූමි ප්‍රමාණය අනුව රැදී සිටීමට අවසර ඇති පුද්ගල ප්‍රමාණය, පුද්ගල දුරස්ථභාවය, ආසාදිතයින් සමග සමීපව ගැවසුණු පුද්ගලයින් සොයා යාම, පිරිසිදු කිරීමේ සහ සනීපාරක්ෂක කටයුතු ඇතුළත් COVID- ආරක්ෂිත සැලසුම් සහිතව කායවර්ධන මධ්‍යස්ථාන දැන් විවෘතව ඇත. 
 

දඩ මුදල් පැනවීම

  • කොරෝනා නීති ක්‍රියාත්මක වී ඇතිවිට ඒවා උල්ලංඝනය කරන අවස්ථාවන් වලදී දඩ නිකුත් කෙරේ. උදාහරණයක් ලෙස නීතිවිරෝධී ජනයා ඒකරාශී වීම් සඳහා, අනිවාර්ය ස්ථාන වල මුව ආවරණ නොපැළඳීම 
  • වැඩි විස්තර: 

Northern Territory

ජනයා එක්රැස්වීමේ සීමාවන්

  • ගෘහස්ථව හෝ එළිමහනේ කිසිදු එක් රැස්වීමේ සීමාවක් නොමැත. නමුත් සැම විටම මීටර් 1.5 ක පුද්ගල දුරස්ථභාවය තබාගන්නා ලෙස වැසියන්ගෙන් ඉල්ලා සිටී.
  • මංගල සහ අවමංගල උත්සව ගත හැකිය.
  • පුද්ගලයින් 100 කට වැඩි පිරිසක් රැස් වීමේදී Covid-19 checklist එකක් පිරවිය යුතුය.
 

රැකියා කටයුතු

ප්‍රධාන වෛද්‍ය නිලධාරියා ගේ උපදෙස් මත ව්‍යාපාර, සංවිධාන හෝ ප්‍රජා කණ්ඩායම් පහත අයුරින් ක්‍රියා කළ යුතුය:

  • සැවොම අනුකූල විය යුතු සහ සෑම මාස හයකට වරක් සමලෝචනය කළ යුතු COVID-19 ආරක්ෂිත සැලැස්මක් තබා ගත යුතුය
  • පාරිභෝගික්යින්ට hand sanitiser හෝ අත් සේදීමට පහසුකම් සැපයිය යුතුය
  • පුද්ගලයෙකුට පහත සඳහන් කරුණු සලකා බැලිය යුතු බව පවසමින් මහජනයාට විවෘත හා සේවකයින්ට ප්‍රවේශ විය හැකි ප්‍රදේශවල පහත දෑ ප්‍රදර්ශනය කරන්න:
මීටර් 1.5 ක පුද්ගල දුරස්ථභාවය රකින්න
පුද්ගලයෙකුට සමීපව මිනිත්තු 15 කට අවමයෙන් සිටින්න නැතිනම් මීටර් 1.5 ක දුරකින් සිටින්න
දෑත් සෝදන්න හෝ hand sanitiser භාවිතා කරන්න
අසනීප නම් නිවසේ සිටින්න හා කොරෝනා පරීක්ෂාව සිදුකරගන්න
 

පාසල්

සියලුම සිසුන් පාසල් වෙත වාර්තා කළ යුතුය.
 

සංචාරක හා ගමනාගමන කටයුතු 

  • විදෙස්ගතව සිට NORTHERN TERRITORY වෙත පිවිසෙන පුද්ගලයින්ව අධීක්ෂණය සහිතව Howard Springs නිරෝධායන මධ්‍යස්ථානයේ අනිවාර්ය නිරෝධායනය සඳහා යොමු කෙරෙනු ඇත. 
  • Northern Territory වෙත වෙනත් ප්‍රාන්ත වලින් පැමිණීම:
    1. කොරෝනා මර්මස්ථානයක් ලෙස නම් නොකළ ස්ථානයක සිට පැමිණේ නම් ස්වයං නිරෝධායනය වීමට අවශ්‍ය නොවේ. කොරෝනා මර්මස්ථාන ලෙස නම් කළ ප්‍රදේශ: 
    2. වෙනත් ප්‍රාන්ත වලින් පැමිණෙන සියලුම දෙනා ටස්මේනියා ප්‍රාන්තයට පැමිණීමට පැය 72 කට පෙර border entry form හෙවත් ප්‍රාන්තයට ඇතුළුවීමේ පෝරමය සම්පූර්ණ කළ යුතුය.
 

ව්‍යාපාර සහ විනෝද ක්‍රියාකාරකම්

  • ව්‍යායාම් කිරීම්, එළිමහනේ රැස්වීම්, පිහිණුම් ක්‍රියා, මාළු බෑම සහ බෝට්ටු පැදීමට අවසර ලැබේ.

  • Skate parks, පිහිණුම් තටාක, ක්‍රීඩා පිටි සහ එළිමහන් කායවර්ධන මධ්‍යස්ථාන විවෘත කිරීමට අවසර ඇත. 

  • ආපන ශාලා, අවන්හල්, තැබෑරුම්, ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථාන, ගෘහස්ථ වෙළෙඳපොළ, කායවර්ධන මධ්‍යස්ථාන, පුස්තකාල, කලාගාර, හා කෞතුකාරගාර සහ අනෙක් සියලු ව්‍යාපාරික ස්ථාන විවෘතව පවතී. 

  • ප්‍රේක්ෂකයින්ව ආසනගත කිරීමේ අනුමත ආසන පටිපාටිය තුළ පමණක් ප්‍රේක්ෂකයින් සමඟ ප්‍රජා සහ ක්‍රීඩා තරඟ පැවැත්වේ. 500 කට අධික පිරිසක් සහභාගී වනවානම් වෙන වෙනම අනුමත කරන ලද COVID-19 ආරක්ෂිත සැලැස්මක් අවශ්‍ය වේ.

 

දඩ මුදල් පැනවීම

  • කොරෝනා නීති ක්‍රියාත්මක වී ඇතිවිට ඒවා උල්ලංඝනය කරන අවස්ථාවන් වලදී දඩ නිකුත් කෙරේ. උදාහරණයක් ලෙස නීතිවිරෝධී ජනයා ඒකරාශී වීම් සඳහා, අනිවාර්ය ස්ථාන වල මුව ආවරණ නොපැළඳීම 
  • වැඩි විස්තර: 

Australian Capital Territory

එක්රැස්වීමේ සීමාවන්

  • නිවසකට යාමේදී උපරිම පුද්ගල සංඛ්‍යාවේ සීමාවක් නොමැත.
  • අවමංගල්‍ය උත්සව ඇතුළු සියලුම මහජන රැස්වීම් උපරිම පුද්ගලයින් 100 කට පමණක් ඉඩ ඇත. (ගෘහස්තව සහ එළිමහනේ වර්ග මීටර් 4 කට එක් පුද්ගලයෙකු බැගින්)
 

සංචාරක 

  • වෙනත් ප්‍රාන්තවලට සහ ටෙරිටරි වලට ගමන් කරන ACT පදිංචිකරුවන්: මේ වන විට වික්ටෝරියා සහ Greater Sydney ඇතුළු කොරෝනා වසංගතය පැතිරෙමින් පවතින ප්‍රදේශ වලට සංචාරය නොකරන ලෙස ACT රජය තම වැසියන්ගෙන් ඉල්ලා සිටී. 
  • නිව් සවුත් වේල්ස් හෝ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වල සිට ACT වෙත සංචාරය කිරීම: Greater Sydney ප්‍රදේශයේ සිටි පුද්ගලයින් ACT වෙත පැමිණ දින 14 ක් යනතුරු aged care, රෝහල් වැනි ඉහල අවදානම් සහිත ස්ථාන වලට පැමිණීම හෝ සේවය නොකරන ලෙස උපදෙස් දී තිබේ. එවැනි පුද්ගලයින්ට නිරෝධායනය වීමට අවශ්‍ය නොවේ.
  • වික්ටෝරියා ප්‍රාන්තයේ සිට ACT වෙත සංචාරය කිරීම: ACT වාසියෙකු හැර වික්ටෝරියානු ප්‍රාන්තයේ සිට ACT සෞඛ්‍ය අංශයෙන් අවසරයක් නොමැති පුද්ගලයින් හට ACT වෙත ඇතුළුවීමට නොහැකිය. වික්ටෝරියානු ප්‍රාන්තයේ සිට ACT වෙත ගමන් කළ හැක්කේ ගුවනින්, කැන්බරා ගුවන් තොටුපොල හරහා පමණි.
  • වික්ටෝරියා ප්‍රාන්තයේ සිට ACT වෙත පැමිණෙන ACT වාසීන් දින 14 ක් නිරෝධායනය විය යුතු අතර පැමිණීමට පැය 72 ට පෙර බලධාරීන්ව දැනුවත් කළ යුතුය.
 

ව්‍යාපාර සහ විනෝද ක්‍රියාකාරකම්

  • කොරෝනා වයිරයෙන් ආරක්‍ෂිත පරිසරයක හෝ COVID ආරක්ෂණ සැලසුමක් යටතේ හෝ  නර්තන හා සටන් කලාවන් ඇතුළුව සම්පූර්ණ පුද්ගල ස්පර්ශයන් සිදු කෙරෙන ක්‍රීඩා තරඟ නැවත ආරම්භ කර තිබේ. 
  • පිහිනුම් තටාක සඳහා උපරිම එක් රැස්වීම් වලට අනුකූලව පිහිනුම් තරඟ සහ සංචිත පිහිනීම නැවත ආරම්භ කර ඇති අතර එක් මංතීරුවකට පිහිනුම් ක්‍රීඩකයින්ගේ සංඛ්‍යාවට සීමාවක් නොමැත.
ACT හි ව්‍යාපාර සඳහා මාර්ගෝපදේශ: 



  • කැන්බරා නුවර අවන්හල්, ආපනශාලා සහ තැබෑරුම් වල ඉඩ ප්‍රමාණය නොසලකා පුද්ගලයින් 25 දෙනෙකුට සත්කාර කළ හැකිය.
  • තැබෑරුම්, pubs සහ සමාජශාලාවල වෙන්කරවා ගත් මේසයක 10 ක් දක්වා වූ කණ්ඩායමකට ආහාර වේලක් ඇණවුම් කර හෝ නොකර මත්පැන් ලබා දිය හැකිය.
  • ක්‍රීඩා, නර්තනය සහ සටන් කලාව සඳහා පූර්ණ සම්බන්ධතා පුහුණුවට දැන් අවසර ඇත.
  • පුද්ගලයන් 100 ක් දක්වා (කාර්ය මණ්ඩලය ඇතුළුව) වර්ග මීටර 4 කට එක් පුද්ගලයෙකු බැගින් පහත සඳහන් ස්ථාන විවෘත කළ හැකිය:
      • ආගමික ස්ථාන සහ ආගමික උත්සව.
      • සිනමා ශාලා.
      • ගෘහස්ථ හා එළිමහන් විනෝද මධ්‍යස්ථාන සහ ක්‍රීඩා මධ්‍යස්ථාන.
      • කායවර්ධන මධ්‍යස්ථාන, නර්තන සහ health clubs.
      • ප්‍රජා ක්‍රීඩා සහ සංවිධිත ක්‍රීඩා ක්‍රියාකාරකම්
      • Choirs, සංගීත කණ්ඩායම් සහ වාද්‍ය වෘන්ද
      • පුද්ගලික සේවා (රූපලාවණ්‍ය හා නිය අලංකරණ, පච්ච කෙටීම, සම්බාහන මධ්‍යස්ථාන)
      • Caravan උද්‍යාන, කඳවුරු බිම්.
සෞඛ්‍ය මධ්‍යස්ථාන ආරක්ෂණය 

යමෙකුට සෞඛ්‍ය පහසුකම් ලබාදෙන ස්ථානයකට ඇතුළු වීම ආරක්ෂිත දැයි තීරණය කිරීම සඳහා නව ඩිජිටල් පරීක්ෂණ මෙවලමක් තිබේ. එහිදී සරල ප්‍රශ්න මාලාවකට පිළිතුරු සැපයීම අවශ්‍ය වේ. කොළපාට "හරි" සළකුණ හෝ රතු පාට "කතිර" සළකුණ හෝ ඇතුල් වීම ආරක්ෂිතද නැද්ද යන්න දක්වනු ඇත:

සෞඛ්‍ය මධ්‍යස්ථාන වෙත පැමිණෙන අමුත්තන්ගේ සීමාවන්: 

  • දිනකට එක් රෝගියෙකු සඳහා එක් අමුත්තෙක් පමණි.
  • රෝහල්ගත කළ ළදරුවන්ට හෝ දරුවන්ට එක් දෙමාපියෙකු / රැකබලා ගන්නෙකු සිටිය හැකිය.
අධ්‍යාපනය 

  • රජයේ පාසල් වල සියලුම පන්ති වල සිසුන් හට පාසලේදී ඉගැන්වීම් කටයුතු නැවත ආරම්භ කර තිබේ.
 

වැඩි විස්තර

*********************************************************

ඔස්ට්‍රේලියාවේ වෙසෙන සියලුම පුද්ගලයින් අනෙක් උදවිය සමග මීටර් 1.5 ක දුරස්තභාවයකින් සිටිය යුතුය. ඔබේ ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ ජනයා ඒක රාශි වීම් පිළිබඳ ඇති නීති සඳහා ඔබේ ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ කොරෝනා නීති පරීක්ෂා කරන්න.

ඔබ සෙම්ප්‍රතිශ්‍යාව හෝ උණ රෝග ලක්ෂණ අත්විඳින්නේ නම්, නිවසේ රැඳී සිටිමින් ඔබේ වෛද්‍යවරයා අමතා පරීක්ෂණයක් සිදුකරගැනීමට ක්‍රමයක් සකස් කරගන්න, නැතිනම් 1800 020 080 අංකයෙන් කොරොන වයිරස් සෞඛ්‍ය තොරතුරු ඇමතුම් අංකයට සම්බන්ධ වන්න.

කොරෝනා වයිරසය හා සම්බන්ධ ප්‍රවෘත්ති සහ තොරතුරු භාෂා 63 කින්  වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.

https://education.nsw.gov.au/covid-19/advice-for-families#School2 


Share
Published 15 May 2020 12:48pm
Updated 12 August 2022 3:08pm
By SBS/ALC Content, Madhura Seneviratne
Source: SBS


Share this with family and friends