කොවිඩ් සඳහා අනුමැතිය ලද "Paxlovid ඖෂධ පෙති" ළඟදීම ඕස්ට්‍රේලියානුවන්ට (SBS සිංහල / වාර්තා)

Paxlovid ඖෂධ පෙති භාවිතය සඳහා පසුගිය ජනවාරි මසදී ඕස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරිය අනුමැතිය ලබා දුන් අතර මෙම ඖෂධ පෙති මැයි මස පළමු වැනිදා සිට ඕස්ට්‍රේලියානුවන්ට ලබාදීම සිදු වේ.

Paxlovid Pfizer oral antiviral anticovid in tablets.

Paxlovid Pfizer oral antiviral anticovid in tablets. Source: AAP

Highlights

  • Paxlovid ඖෂධ පෙති ඕස්ට්‍රේලියානුවන්ට ලබාදීම
  • Paxlovid ඖෂධ පෙති සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ

COVID-19 වෛරසය හේතුවෙන් රෝහල් ගතවීමේ වැඩි අවදානමක් සහිත මෘදු සහ මධ්‍යස්ථ COVID-19 අසාදිත පිරිස සඳහා Paxlovid ඖෂධ පෙති ප්‍රබල ලෙස නිර්දේශ කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. "nirmatrelvir" සහ "ritonavir" යන ඖෂධ පෙති වල සංකලනයකින් Pfizer සමාගම මෙම Paxlovid ඖෂධ පෙති නිෂ්පාදනය කොට තිබේ.

Paxlovid ඖෂධ පෙති ඕස්ට්‍රේලියානුවන්ට ලබාදීම

මෙම Paxlovid ඖෂධ පෙති භාවිතය සඳහා පසුගිය ජනවාරි මසදී ඕස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරිය අනුමැතිය ලබාදීම සිදු කළේය. මේ අනුව COVID-19 ඖෂධ පෙති සඳහා අනුමැතිය ලබාදුන් පළමු රටවල් වන බ්‍රිතාන්‍යය, ඇමරිකාව, කැනඩාව සහ ජපානය යන රටවල් අතරට ඔස්ට්‍රේලියාවද එක් විය.
Paxlovid, a Pfizer's coronavirus disease (COVID-19) pill.
Paxlovid, a Pfizer's coronavirus disease (COVID-19) pill. EPA/PFIZER INC. Source: PFIZER INC.
මෙම Paxlovid ඖෂධ පෙති මැයි මස පළමු වැනිදා සිට ඕස්ට්‍රේලියාව තුල බෙදා හැරීම සිදු කරන අතර Pharmaceutical Benefits Scheme (BPS) නොහොත් ඖෂධීය ප්රතිලාභ යෝජනා ක්‍රමය ඔස්සේ මෙය සිදු කෙරේ.

ඖෂධීය ප්රතිලාභ යෝජනා ක්‍රමයේ ලැයිස්තුගත Lagevrio සහ Paxlovid සඳහා වන සායනික නිර්ණායක:

  • දරුණු රෝග වර්ධනය සඳහා අතිරේක අධි අවදානම් සාධක දෙකක් සහිත වයස අවුරුදු 65 හෝ ඊට වැඩි පුද්ගලයින්
  • දරුණු රෝග වර්ධනය සඳහා එක් අමතර අවදානම් සාධකයක් සහිත වයස අවුරුදු 75 හෝ ඊට වැඩි පුද්ගලයින්
  • එන්නත් කිරීමේ තත්ත්‍වය නොසලකා, මධ්‍යස්ත සහ දැඩි ලෙස ප්‍රතිශක්තිය අඩු පුද්ගලයින්
  • දරුණු රෝග වර්ධනය සඳහා අමතර අධි අවදානම් සාධක දෙකක් සහිත වයස අවුරුදු 50 හෝ ඊට වැඩි ආදිවාසී සහ ටෝරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන්
 


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


 

ප්‍රමුඛතාවය ලබා දෙන ප්‍රජා:

පහත සඳහන් ඉහළ සායනික අවශ්‍යතා ඇති පිරිසට මෙම ඖෂධ පෙති බෙදාහැරීමේදී ප්‍රමුඛත්වය ලබා දෙයි.

  • නේවාසික වයස්ගත සත්කාරක පහසුකම්වල ජීවත් වන පුද්ගලයින්
  • ග්‍රාමීය සහ දුරස්ථ ප්‍රජා
  • ආදිවාසී සහ ටෝරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන්
  • ආබාධිත පුද්ගලයින්
Paxlovid ඖෂධ පෙති ඕස්ට්‍රේලියාව තුල ලබාදීම සම්බන්ධයෙන් වැඩි විස්තර සඳහා

Paxlovid ඖෂධ පෙති සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ

Paxlovid ඖෂධ පෙති දරුණු නොවන COVID-19 අසාදිත පිරිස සඳහා දැඩි ලෙස නිර්දේශ කරනු ලබයි. මෙමගින් එන්නත් නොකළ, වැඩිහිටි හෝ ප්‍රතිශක්තිකරණය අඩාල පිරිස රෝහල්ගත කිරීමේ අවදානම අවම කරයි.
කොවිඩ් ආසාදිතයින් 3078 දෙනෙකු යොදාගනිමින් සිදු කල පරීක්ෂණ දෙකක නව දත්ත පදනම් කරමින් Paxlovid ඖෂධ පෙති සම්බන්ධයෙන් මෙම නිගමනයට එළඹ ඇති අතර මෙමගින් 85%කට පිරිසකට රෝහල්ගත වීමේ අවදානම අඩු වී ඇතැයි හෙළිව තිබේ.
Phizer tablet
In this photo provided by Pfizer, a lab technician visually inspects Paxlovid tablet samples in Freiburg, Germany in December 2021. Source: (Pfizer via AP)
මින් පෙර, ආසාදනයේ බරපතලකම නොසලකා සෑම කොවිඩ් ආසාදිත පුද්ගලයකු හටම මෙම Paxlovid ඖෂධ පෙති භාවිත කරන ලෙසට ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කලද මේ වනවිට මෘදු සහ මධ්‍යස්ථ වශයෙන් COVID-19 අසාදිත පිරිස සඳහා මෙය නිර්දේශ කරන බව ඔවුන් පවසයි.

Share
Published 25 April 2022 6:28pm
By Nipuna Dodangoda

Share this with family and friends