COVID 19 update 10 August: NSW ආසාදිතයින් 356 ක්, Regional වික්ටෝරියා යන මෙල්බර්න් වැසියන්ට $5,000 ක දඩයක්

2021 අගෝස්තු 10 වනදා ඔස්ට්‍රේලියාවේ කොරෝනා වයිරස තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Watu wakufanya usafi waingia ndani ya shule ya umma ya Bondi Beach, Bondi, Sydney, Jumanne, 10 Agosti, 2021

Watu wakufanya usafi waingia ndani ya shule ya umma ya Bondi Beach, Bondi, Sydney, Jumanne, 10 Agosti, 2021 Source: AAP Image/Dan Himbrechts

Highlights

  • ප්‍රාන්ත වැසියන් කොරෝනා නීති වලට අනුගත නොවන නිසා NSW හි ආසාදිතයින් ඉහළ යන බව NSW ප්‍රාන්ත අගමැතිනිය පවසයි.
  • වික්ටෝරියානු ප්‍රාන්ත වැසියන් වැඩි ප්‍රමාණයක් කොවිඩ් එන්නත ලබාගනියි.
  • ක්වීන්ස්ලන්තයෙන් වාර්තා වන නව ආසාදිතයින් වයිරසය ආසාදනය වී තිබූ කාලයේ නිරෝධායනය වී සිටි බව සඳහන්.
  • Moderna කොවිඩ් එන්නත ඔස්ට්‍රේලියාවේ භාවිත කිරීම සඳහා චිකිත්සක භාණ්ඩ පරිපාලනය විසින් තාවකාලික අනුමැතිය ලබා දී ඇත.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොරෝනා ආසාදිතයින් 356 ක් හමුවී තිබේ.

ඔවුන්ගෙන් අවම වශයෙන් තුනෙන් දෙකක් පමණ වයිරසය ආසාදනය වී තිබියදී ප්‍රජාව තුළ සිටි බවට විශ්වාස කෙරේ.

ඊට අමතරව කොරෝනා මරණ 3ක් වාර්තා වන අතර ඔවුන් තිදෙනාම වියපත් පුද්ගලයින් බවත් කොවිඩ් එන්නත ලබා නොගෙන සිටි බවත් සඳහන්.

එම මරණ 3 ත් එක්ව ඩෙල්ටා ප්‍රභේදය සමග ඇතිවූ කොරෝනා පැතිරීමත් සමග නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ හටගත් කොරෝනා මරණ සංඛ්‍යාව 32 දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර Byron Shire, Richmond Valley, Lismore  සහ Ballina Shire යන නගර සභා කලාප අගෝස්තු 17, අඟහරුවාදා අලුයම 12:01 තෙක් lockdown කර තිබේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොරෝනා ආසාදිතයින් වැඩි වීමට ප්‍රධානතම හේතුව ප්‍රාන්ත වැසියන් කොරෝනා නීති වලට අනුගත නොවීම බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian පැවසුවාය.

එමෙන්ම කොවිඩ් එන්නත ලබාගත හැකි සෑම දෙනාගෙන්ම එන්නත ලබාගන්නා ලෙසත් ඇය ඉල්ලා සිටියාය.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ 


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


වික්ටෝරියා ප්‍රාන්තය

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 20 ක් හමුවී තිබේ.

ඒ සියලු ආසාදිතයින් දැනට හඳුනාගෙන ඇති කොරෝනා පොකුරට සම්බන්ධ බව හෙළිවී ඇති අතර එයින් 15 දෙනෙකු වයිරසය ආසාදනය වී තිබියදී ප්‍රජාව තුළ සිටි බවට විශ්වාස කෙරේ.

ලබන මාසය තුළදී කොවිඩ් එන්නත ලබා ගැනීම සඳහා වේලාව වෙන්කරවා ගැනීම් 333,000 ක් මේ වන විට ප්‍රාන්ත වැසියන් විසින් ලබාගෙන ඇති බව වික්ටෝරියානු ප්‍රාන්තයේ සෞඛ්‍ය අමාත්‍ය Martin Foley පැවසීය.

අද සිට වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප වල lockdown කිරීම ඉවත්කළ බැවින් වලංගු හේතුවක් නොමැතිව වික්ටෝරියානු ප්‍රාදේශීය කලාපවලට සංචරණය කරන මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාප වැසියන් හට $5,000 දක්වා දඩ නියම කෙරේ.

මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපය සහ වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප වෙන් කරන සීමාවේ පොලිස් නිලධාරීන් 200 ක් පමණ සේවයේ යොදවා ඇත.

වික්ටෝරියානු ප්‍රාන්තයේ 


පසුගිය පැය 24 දී ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වී ඇති තොරතුරු:

  • ගතවූ පැය 24 තුළ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 3 ක් හමුවී තිබේ. ගිනිකොනදිග ක්වීන්ස්ලන්තය සඳහා පනවා ඇති 
  • Moderna කොවිඩ් එන්නතෙන් මාත්‍රා මිලියන 25 ක් ඇණවුම් කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සමත්වී ඇති අතර 2021 වසර අවසන් වීමට පෙර මාත්‍රාවන් මිලියන 10 ක් පැමිණෙනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

නිරෝධායනය, සංචාරක, පරීක්ෂණ සායන සහ වසංගත ආපදා ගෙවීම්

ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් මගින් නිරෝධායන සහ කොරෝනා පරීක්ෂණ අවශ්‍යතා කළමනාකරණය කිරීම සහ බලාත්මක කිරීම සිදු කරයි.

ඔබට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවශ්‍ය නම්, ඔබ පහත සඳහන් ඛාණ්ඩ වලින් එකකට අයත් විය යුතු අතර පිටව යාම සඳහා අවසර ගැනීමට online මාර්ගයෙන්  කළ යුතුය.

වැඩි තොරතුරු සඳහා  වෙබ් අඩවියේ යාවත්කාලීන වන තොරතුරු වෙත පිවිසෙන්න.


භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : 
ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ :  .  
ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : .


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:

එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා වසංගත ගෙවීම් තොරතුරු සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


Share
Published 10 August 2021 1:32pm
By Madhura Seneviratne


Share this with family and friends