ලොව අංක එකේ ටෙනිස් ශූරයා වන සර්බියාවේ Novak Djokovic 2021 ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවලියේ ඒකල පිරිමි ශූරතාවය දිනාගැනීමට ඊයේ (21/02) සමත් විය.
ඊයේ පැවති ඒකල පිරිමි අවසන් තරගයෙන් රුසියාවේ Daniil Medvedev ව 7-5 6-2 6-2 ලෙස පරාජයට පත් කරමින් Djokovic 2021 ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවලියේ ටෙනිස් ශූරයා බවට පත්විය.
ඒ අනුව මෙවර ඔහු තම 9 වන ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාව ලබාගත්තේය.
මේ අතර 2021 ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවලියේ කාන්තා ඒකල අවසන් මහා තරගය ජය ගැනීමට ජපානයේ Naomi Osaka සමත් වූ අතර ඇය ලබාගත් දෙවැනි ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාව ලෙස එය සටහන් වේ.
මෙවර තරගාවලිය ආරම්භයේදී ටෙනිස් ක්‍රීඩකයින් ට පැනවූ නිරෝධායන නීති විවේචනය කිරීම සම්බන්ධයෙන් Novak Djokovic ව දැඩි කතාබහකට ලක්වූ නමුත් පසුව ඊට තමන් අනුගත වූ බව ජයග්රහණයෙන් පසුව ඔහු ප්‍රකාශ කළේය.