"ට්‍රම්ප්" ගේ සමාජ මාධ්‍ය හැසිරීමට එරෙහිව ක්‍රියා නොකිරීම නිසා Facebook සේවකයෝ තම ප්‍රධානියාට විරෝධය පළකරමින් සේවයෙන් ඉවත්වෙති (SBS සිංහල/වාර්තා)

Mark Zuckerburg

Source: Flickr

මේ වන විට මහත් ආන්දෝලනයකට ලක්ව තිබෙන ඇමරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් වන අප්‍රිකානු සම්භවයක් සහිත ඇමරිකනුවාගේ මරණය නිසා රට පුරා ඇවිල තිබෙන උද්ඝෝෂණ හේතුවෙන් ඇමරිකානු ජනපති Donald Trump විසින් නිකුත්කරන ලද සමාජ මාධ්‍ය පණිවුඩ සම්බන්ධයෙන් නීත්‍යනුකුලව පියවර නොගත් බවට සඳහන් කරමින් Facebook ආයතනයේ සේවකයින් ප්‍රධාන විධායක නිලධාරී Mark Zuckerbergට සිය විරෝධය පලකොට තිබේ.

Covid 19 වසංගතය හේතුවෙන් Facebook ආයතනයේ සියළුම සේවකයින් නිවසේ සිට රාජකාරි සිදුකරන අතර තම විරෝධය පළකිරීම සඳහා ඔවුන් තම රාජකාරී මේසයෙන් ඉවත්ව ගොස් ඇති බව සඳහන්. ඔවුන් කළු ජාතිකයින්ට සහය පලකිරීම සඳහා සමාජ වෙබ් අඩවි උපයෝගී කරමින් විරෝධතා සිදුකොට තිබේ. COVID-19 වසංගතය හේතුවෙන් සියලුම Facebook සේවකයින් දුරස්ථව සේවය කරන අතර ඇමරිකාවේ මේ සිදුවීම සම්බන්දයෙන් විරෝධතවයෙහි යෙදෙන කළු ජාතිකයින්ට සිය සහාය පලකිරීම සඳහා "virtual walkout" යන වචනය ඔවුන් තම Twitter පණිවිඩ වල සඳහන් කරමින් සේවයෙන් ඉවත්ව තිබේ.

***************************************************************************************

සවන්දෙන්න SBS  සිංහල සේවයට , සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC, 97.7 fm NSW, 93.3 fm QLD, 96.9fm WA, 105.5 fm – ACT, 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38

සජීවීව සහ පසුව SBS  සිංහල සේවයට සවන්දෙන්න SBS Radio APP නොමිලේ Download කරගන්න..

****************************************************************************************

Facebook හි News Feed අංශයේ සැලසුම් අධ්‍යක්ෂ Ryan Freitas සිය Twitter ගිණුමේ සඳහන් කොට ඇත්තේ Mark Zuckerberg වැරදි මතයක සිටින අතර ඔහුගේ මතය වෙනස් කිරීම සඳහා තමන් සෑම උත්සාහයක්ම දරන බවයි.

ඇමරිකානු ජනාධිපතිවරයාගේ get the facts ලෙස සඳහන් කොට තිබු Twitter පණිවුඩ සම්බන්ධයෙන් Twitter සමාගම මැදිහත්වීමත් සමග පසුගිය සතියේදී මෙම මතබේධකාරී තත්වය උද්ගත විය. කෙසේ වුවද මීට ප්‍රතිචාර දක්වමින් Mark Zuckerberg සඳහන් කොට ඇත්තේ සමාජ මාධ්‍ය වලට, අන්තර්ජාලයේ පලවන සෑම දෙයකම සත්‍යයේ බේරුම්කරුවා ලෙසට පෙනී සිටිය නොහැකි බවයි.
Jack Dorsey
Twitter boss Jack Dorsey Source: Matt Crossick/PA Images via Getty Images
ජීවිතක්ෂයට පත්වූ නිරායුධ කලු ජාතික තරුණයාගේ මරණය හේතුවෙන් විරෝධතාවයේ යෙදෙන පිරිස ඉලක්කකරමින් ඇමරිකානු ජනපතිවරයා විසින් පසුගියදා තවත් Twitter පණිවුඩයක් නිකුත් කල අතර එහි "when the looting starts, the shooting starts" ලෙස සඳහන් විය. මේ සම්බන්ධයෙන් නැවතත් Twitter සමගම සිය විරෝධය පලකොට ඇති අතර Donald Trumpගේ පණිවුඩය අවහිරකරමින් Twitter සමාගම සඳහන් කොට ඇත්තේ, ප්‍රචණ්ඩත්වය පිළිබඳව පවතින ආයතන නීතීන් එම පණිවුඩය මගින් උල්ලංඝනය කොට ඇති බවයි.

මෙම පණිවුඩය Faceebook හිද පලකොට තිබු නමුත් ඒ සම්බන්ධයෙන් එම සමාගම කිසිදු ක්‍රියාවක් ගෙන නොමැත.

Mark Zuckerberg මේ සම්බන්ධයෙන් සඳහන් කොට ඇත්තේ පෞද්ගලිකව තමන් ජනාධිපතිවරයාගේ Twitter පණිවුඩ වෙත ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් සිතන නමුත් ආයතනයක් වශයෙන් විශේෂිත හානියක් හෝ අන්තරායකර තත්ව පිලිබඳ අවදානමක් නොපවතී නම් සියලු ප්‍රකාශන සක්‍රීයව තැබිය යුතු බවයි.

කෙසේ වුවද Twitter සහ Facebook යන සමාගම් දෙක තුලම සාවද්‍ය සහ භයානක තොරතුරු එළිදැක්වීම සම්බන්ධයෙන් සහ ප්‍රචණ්ඩත්වයට පෙළඹවීම වැනි කරුණු පිළිබඳව විරෝධය පලකිරීම සඳහා නීතී පවතී.
President Donald Trump
US President Donald Trump Source: AAP Image/AP Photo/Patrick Semansky
ඇමරිකානු ජනපතිගේ Twitter පණිවුඩය සෘජු ලෙසම ප්‍රචණ්ඩත්වය සහ වර්ගවාදය පදනම්කරගනිමින් සිදුකොට ඇති බව Faceebook සමාගමේ සැලසුම් කණ්ඩායම් සාමාජිකයකු වන David Gillis සඳහන් කොට තිබේ. එමෙන්ම එම සමාගමේ නිෂ්පාදන කළමනාකරුවකු වන Nate Butler සඳහන් කොට ඇත්තේ Facebook සමාගම මේ වනවිට සිටින්නේ වැරදි තීරණයක වන අතර කිසිවක් සිදු නොකර සිටීම නිර්භීතකමක් නොවන බව සෑම දෙනෙකුම අනුමත කරන බවයි.

***********************************************************************************

සවන්දෙන්න SBS  සිංහල සේවයට , සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා 

ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට

***********************************************************************************

කෙසේ වුවද පසුගිය සිකුරාදා ඇමරිකානු ජනාධිපතිවරයාගෙන් Mark Zuckerbergට දුරකථන ඇමතුමක් ලැබී ඇති ඇමරිකානු මාධ්‍ය අනාවරණය කොට තිබේ. ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එම දුරකථන සංවාදය සාර්ථක ප්‍රතිපල අත්කරදුන් බවට නිර්නාමික සේවා සනාථ කොට ඇති බවයි.

මෙම මාධ්‍ය හෙලිකිරීම පිළිබඳව මේ වනතෙක් Facebook සමාගම විසින් අනුමත කිරීමක් හෝ විරෝධය පළකිරීමක් සිදුකොට නොමැත.

සාමකාමීව විරෝධතාවයේ නියැලෙන ලෙස මියගිය George Floyd සහෝදරයා විරෝධතාකරුවන්ගෙන් ඉල්ලයි.

ඇමරිකානු පොලිස් නිලධාරීන් අතින් ජීවිතක්ෂයට පත් වූ George Floyd ගේ සහෝදරයා වන Terrence Floyd ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ විරෝධතා සාමකාමීව සිදුකරන ලෙසයි. තම සහෝදරයා සමාජයට ආදරය කල පුද්ගලයකු වන අතර ඔහු කිසිදු විටක සමාජය විනාශ වනවා දැකීමට කැමති නොවූ බව ඔහු පැවසීය.
Terrence Floyd
George Floyd's brother Terrence Floyd addresses the protesters as they gather at the spot where George Floyd was arrested. Source: AAP Image/EPA/CRAIG LASSIG
සිය සහෝදරයා ජීවිතක්ෂයට පත් වූ ස්ථානයට පැමිණ විරෝධතාවයේ නිරතව සිටි පිරිස අමතමින් Terrence Floyd මේ බව සඳහන් කළේය.
තම පවුල ඉතා සාමකාමී පවුලක් වන අතර මෙවැනි ආකාරයේ අවේගකාරී ක්‍රියාකලාපයක් මියගිය තම සහෝදරයා කිසිසේත්ම බලාපොරොත්තු නොවන බවද ඔහු සඳහන් කළේය.
George Floyd's brother Terrence Floyd
George Floyd's brother Terrence Floyd. Source: Flickr
සිය කතාව අවසන් කරමින් Terrence Floyd අවධාරණය කොට ඇත්තේ එක් පොලිස් නිලධාරියකුට නිසි දඩුවම් ලැබී ඇති අතර සෙසු පොලිස් නිලධාරීන් හටද නිසි දඩුවම් ලැබියයුතු බවයි.



Share
Published 3 June 2020 9:32am
By Nipuna Dodangoda

Share this with family and friends