2024 දී ඕස්ට්‍රේලියාවේ වීසා වලට සිදු වන ප්‍රධාන වෙනස්කම් මෙන්න

2023 වසර අගභාගයේදී,ඕස්ට්‍රේලියානු රජය සංක්‍රමණ පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ උපාය මාර්ගය එළිදැක්වූ අතර, ඒ සම්බන්ධයෙන් මෙම වසරේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන යම් යම් වෙනස්කම් පවතී. ඒ පිළිබඳව ඔබ දැනගත යුතු කරුණු මෙම ලිපිය ඔස්සේ ගෙන එයි.

A woman with curly hair looks up at a airport display of flight times.

A series of visa changes are expected to come into effect in 2024 following the release of the migration strategy. Source: SBS

2023 වසරඅවසානය වන විට, ඕස්ට්‍රේලියානු රජය මෙරට සංක්‍රමණ පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා දිගු කලක් තිස්සේ අපේක්ෂා කල උපාය මාර්ගය එළිදැක්වීම සිදු කළේය.

මේ හේතුවෙන් නව වසර තුලදී සැලකිය යුතු වෙනස්කම් කිහිපයක් සිදු වේ.

දෙසැම්බර් මස මුලදී ස්වදේශ කටයුතු අමාත්‍ය Clare O'Neil විසින් නිකුත් කරන ලද මෙම උපාය මාර්ගය සඳහා, තාවකාලික නිපුණතා සංක්‍රමනිකයින් සහ ජාත්‍යන්තර අධ්‍යාපනය හදාරන සිසුන් කෙරෙහි වැඩි වශයෙන් අවධානය යොමු විය.

ශිෂ්‍ය සහ තාවකාලික උපාධිධාරී වීසා සඳහා ඉංග්‍රීසි භාෂා දැනුම සම්බන්ධයෙන් වන අවශ්‍යතා මෙහිදී ඉහල නැංවීම කෙරෙහි අවධානයක් යොමු විය.

එමෙන්ම ඉහල ඉල්ලුමක් පවතින ක්සේස්ත්‍ර සඳහා විශේෂ වීසා බලපත්‍රයක් සම්බන්ධයෙන්ද අවධානයක් යොමු විය.

මේ අතර මින් පෙර සිදු කල නිවේදන කිහිපයක්ද මෙම වසරේදී ක්‍රියාත්මක වීමට නියමිතව ඇති අතර, පැසිෆික් කලාපීය සංක්‍රමණිකයන් සඳහා නව වීසා බලපත්‍රයක් හඳුන්වා දීම මීට ඇතුලත් වේ.

ස්ථිර නිපුණතා සංක්‍රමණය, ප්‍රාදේශීය ප්‍රදේශ වලට සිදුවන සංක්‍රමණය සහ Working Holiday වීසා වැඩසටහන වැනි වැඩසටහන් සම්බන්ධයෙන් 2024 පුරා අවධානයක් යොමු වේ.
Two silhouetted people in front of a window at an airport.
The government has released its strategy to reform Australia's migration system, which was deemed "not fit for purpose" by a major review. Source: Getty / Mark Evans

ඕස්ට්‍රේලියානු රජය සිය සංක්‍රමණ උපාය මාර්ගයෙන් ඉටුකර ගැනීමට බලාපොරොත්තු වන්නේ කුමක්ද?

Net overseas migration (NOM) හෙවත් ශුද්ධ විදේශ සංක්‍රමණය (NOM), රටකට ඇතුළු වී අවම වශයෙන් වසරක්වත් එහි රැඳී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව, එරටින් පිටවූ පිරිසෙන් අඩු කිරීම ඔස්සේ ලබාගන්නා අවසන් ප්‍රතිපලයයි.

මීට අනුව, ඔස්ට්‍රේලියාවට ඇතුළු වූ සහ ඕස්ට්‍රේලියාවෙන් පිටතට ගිය පිරිස පිළිබඳව තොරතුරු සොයාගත හැක.

ඔස්ට්‍රේලියාවේ ශුද්ධ විදේශ සංක්‍රමණ අගය 2022-23 දී 510,000 දක්වා ඉහළ ගොස් ඇති බව දත්ත අනුව අනාවරණය වී තිබේ.

COVID-19 වසංගතය හේතුවෙන් පැනවූ සීමාවන් ලිහිල් කිරීමෙන් පසු ජාත්‍යන්තර සිසුන් සහ සංචාරකයින් නැවත පැමිණීම මීට ප්‍රධාන හේතුවක් බවට පත්ව තිබේ.

ශුද්ධ විදේශ සංක්‍රමණය තම ඉලක්කයක් නොවන බව මේ සම්බන්ධයන් රජය සඳහන් කලද නව උපායමාර්ගය අනුව මෙම සංක්‍රමණය 510,000 සිට 2023-24 මූල්‍ය වර්ෂයේදී 375,000 දක්වා අඩු කිරීමට අපේක්ෂිතයි.

එමෙන්ම 2024-25 මූල්‍ය වර්ෂයේදී එය 250,000 දක්වා අඩු කිරීම සිදු කරන බව රජය සඳහන් කොට සිටී.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ස්වදේශ කටයුතු අමාත්‍ය Clare O'Neil කියා සිටියේ සංක්‍රමණය තිරසාර මට්ටමක් කරා ගෙන ඒම රජයේ ඉලක්කය වන බවයි.
Clare O'Neil, wearing a white shirt and dark blue jacket, speaks in parliament.
Home Affairs Minister Clare O’Neil says the government's migration strategy is "a bold plan to get migration working again for all Australians". Source: AAP / Lukas Coch
Carina Ford Lawyers හි පිළිගත් ආගමන නීති විශේෂඥයෙකු වන Leah Perkins සඳහන් කොට සිටින්නේ සංක්‍රමණ පද්ධතිය සමඟ ඇති ගැටළු "දිගුකාලීන හා අර්ථවත් ආකාරයෙන්" විසඳීමට මෙම උපාය මාර්ගය උපකාරී වනු ඇති බවයි.

ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා බලපත්‍ර මතම සිටීම සිදු කරන පිරිස අඩු කරමින් “permanent temporariness" තත්වය අඩු කිරීම ප්‍රධාන කරුණක් බවත් ඇය පැවසුවාය.

පුළුල් ලෙස, මෙම උපාය මාර්ගය දිගුකාලීන තාවකාලික වීසා බලපත්‍රලාභීන්ගේ ප්‍රමාණය අඩු කිරීමට සහ ස්ථිර පදිංචිය සඳහා මාර්ග වැඩි කිරීමට උත්සාහ කරයි.

අවසානයේ වඩා හොඳ නිපුණතා සංක්‍රමණයක්, තාවකාලික සංක්‍රමණයට වඩා ස්ථිර සංක්‍රමණයේ වැඩි වීමක් මෙන්ම සංක්‍රමණිකයන් සූරාකෑම මැඩලීමක් මෙම නව උපායමාර්ග ඔස්සේ සිදු වනු ඇති බවත් Leah කියා සිටී.

ඔස්ට්‍රේලියාව තුල සේවා වැඩිදියුණු කිරීමට සහ ආර්ථිකය නංවාලීමට තීරණාත්මක අවශ්‍යතාවයක් පැවතීම හේතුවෙන් වෘත්තීය සමිති සහ ව්‍යාපාරික කණ්ඩායම් මේ සඳහා දැඩි සහයක් දක්වයි.

ඉහල ඉල්ලුමක් සහිත රැකියා ක්ෂේස්ත්‍ර සඳහා නව වීසා

Leah කියා සිටින්නේ සේවා යෝජකයාගේ අනුග්‍රහය ලබන වීසා මෙහිදී ප්‍රධාන වන බවයි.

රජය මගින් නව සිව් අවුරුදු තාවකාලික පුහුණු සේවක වීසා බලපත්‍රයක් හඳුන්වා දෙමින් සිටින අතර එමඟින් සේවකයින්ට තම සේවායෝජකයා වෙනස් කිරීමට සහ ස්ථිර පදිංචිය සඳහා මාර්ග සලසා දීම සිදු කරයි.
LISTEN TO
Environmental Friendly kids int image

ඕස්ට්‍රේලියාවේදී ඔබේ දරුවාත්, සොබාදහමට ආදරය කරන්න හුරු කරන්නේ මෙහෙමයි

SBS Sinhala

01/01/202408:42
මේවා ක්‍රියාත්මක වූ පසු නව වීසා වැඩසටහන මගින් Temporary Skill Shortage visa යන වීසා වැඩසටහන තිබූ ස්ථානය ගන්නා අතර, ඒ ඔස්සේ අනුග්‍රාහක සේවා යෝජකයා සඳහා පූර්ණ කාලීනව සේවය කරන අතරතුර සේවකයාට ඕස්ට්‍රේලියාවේ ජීවත් වීමට ඉඩ සලසා දෙයි.

මෙය 2024 වසර අග භාගය වන විට සිදු වනු ඇතැයි මේ වනවිට තොරතුරු වාර්තා වේ.

මෙම වීසා බලපත්‍රය මාර්ග තුනකට බෙදීම සිදු වේ,

මෙහි පළමුවැන්න ඉහළ නිපුණතා සහිත සංක්‍රමණිකයන්ගෙන් අයදුම්පත් කඩිනම් කරන විශේෂඥ කුසලතා මාර්ගයකි.

වෙළඳ සේවකයන්, යන්ත්‍රෝපකරණ ක්‍රියාකරුවන්, රියදුරන් සහ කම්කරුවන් හැර, වෙනත් රැකියාවකින් අවම වශයෙන් වසරකට ඩොලර් 135,000ක් උපයන අයට මෙම වීසා ලබා ගත හැක.

මෙම වීසා සැකසීමේ මධ්‍ය කාලය දින හතක් බව රජය පවසයි.

Leah Perkins කියා සිටින්නේ වේගවත් වීසා සැකසුම් කාලය ඉහළ නිපුණතා ඇති සේවකයන්ට ආකර්ශනීය වනු ඇති බවයි.

ලෝකයේ සෙසු රටවල් හා සසඳන විට ඕස්ට්‍රේලියාවේ පවතින employer-sponsored වීසා වැඩසටහන සංකීර්ණ වන බවත් මේ හේතුවෙන් පුහුණු ශ්‍රමිකයන් අහිමි වීම සිදු වන බවත් Leah කියා සිටී.
ඕස්ට්‍රේලියාවේ Skills Occupation List යන රැකියා ලැයිස්තුවේ ලැයිස්තුගත කර ඇති බොහෝ රැකියා ඔස්සේ සංක්‍රමණිකයින් හට අයදුම් කල හැක.

නමුත් ඔවුන්ට අවම වශයෙන් ඕස්ට්‍රේලියාවේ Temporary Skilled Migration Income Threshold (TSMIT) යන ආදායම් සීමාවට අදාලව අදායමක් තිබිය යුතු වේ.

මීට පෙර 2023 වසරේදී රජය TSMIT සීමාව ඩොලර් 53,900 සිට ඩොලර් 70,000 දක්වා ඉහළ නැංවීම සිදු කොට තිබේ.

අත්‍යවශ්‍ය කුසලතා සහිත අඩු වැටුප් ලබන සේවකයින් සඳහා සංක්‍රමණය නියාමනය කිරීමේ අරමුණින් වන තුන්වන වීසා මාර්ගය - 2024 පළමු භාගයේදී ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ.

ඉහල ඉංග්‍රීසි භාෂා කුසලතා සහ ශිෂ්‍ය වීසාවල වෙනත් වෙනස්කම්

ජාත්‍යන්තර සිසුන් සහ උපාධිධාරීන් - නව සංක්‍රමණ උපාය මාර්ගයට අනුව, ඕස්ට්‍රේලියාවේ "permanently temporary" සංක්‍රමණිකයන්ගෙන් විශාලතම කොටසක් වශයෙන් සැලකේ.

රජයේ ප්‍රතිසංස්කරණ මගින් මේ සම්බන්ධයෙන් විශාල අවධානයක් යොමු කරයි.

තම අධ්‍යාපනය හදාරන ක්ෂේස්ත්‍ර මගින් ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාගැනීමට හැකියාවක් නොමැති නම් ඔවුන් ඔස්ට්‍රේලියාවට පැමිණීම අධෛර්යමත් කිරීම රජයේ අපේක්ෂාවයි.

ඉංග්‍රීසි භාෂා අවශ්‍යතා ඉහළ නැංවීම සෙසු අවශ්‍යතා අතර වේ.

මෙම වසර මුල සිට, ශිෂ්‍ය වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කරන පිරිසට ජාත්‍යන්තර ඉංග්‍රීසි භාෂා පරීක්ෂණයේදී (IELTS) ලකුණු 6.0 ක් ගතයුතු වේ.මෙය 5.5 සිට ඉහළ දමා තිබේ.

නොමැතිනම් මේ වනවිට ප්‍රචලිත ඉංග්‍රීසි භාෂා පරීක්ෂණයක් වන Pearson Test of English (PTE) වැනි පරිෂණයකට මුහුණ දිය යුතු වේ.
LISTEN TO
sinhala_29122023_consumerrights_podcast image

මේ උත්සව සමයේදී ඔබත් භාණ්ඩ මිලදී ගත්තාද? ඕස්ට්‍රේලියාවේදී පාරිභෝගිකයකු ලෙස ඔබට තිබෙන අයිතිවාසිකම් මෙන්න

SBS Sinhala

29/12/202305:12
තාවකාලික උපාධි වීසා බලපත්‍රයක් සඳහා අවශ්‍ය IELTS පරීක්ෂණ ලකුණු 6.0 සිට 6.5 දක්වා වැඩි වේ.

මෙමගින් සිසුන්ගේ අධ්‍යාපනික අත්දැකීම්වල ගුණාත්මක භාවය ඉහළ නැංවීමට සහ රැකියා ස්ථාන සූරාකෑම අවම කිරීමට හැකිවනු ඇති බව රජය පවසයි.
  • 'Genuine Student Test'

ඕස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ උපාය මාර්ග ඔස්සේ, සියලුම ජාත්‍යන්තර සිසුන් සඳහා දැනට පවතින Genuine Temporary Entrant හෙවත් "අව්‍යාජ තාවකාලික ඇතුළත් වීමේ" අවශ්‍යතාවය වෙනුවට නව "Genuine Student Test වශයෙන්පරීක්ෂණයක්" හඳුන්වා දෙනු ඇත.
LISTEN TO
sinhala_01012024_workfromhome_officce_pod .mp3 image

රැකියාවේ සහ නිවසේ රාජකාරි වෙන් කරගැනීම ඔබටත් හිසරදයක් වෙලාද? මානසික නිදහසක් ගන්න උපදෙස් මෙන්න

SBS Sinhala

01/01/202405:18
මේ ඔස්සේ සැබෑ සිසුන් යොමු කරන අයදුම්පත් දිරිමත් කරන අතර, අධ්‍යයනයට වඩා රැකියා පමණක් කිරීමට බලාපොරොත්තු වන ජාත්‍යන්තර සිසුන් අධෛර්යමත් කරයි.

මෙය 2024 මුල් භාගයේදී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ.

පසුගිය වසරේ අගභාගයේදී ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ student visa integrity unit හෙවත් ශිෂ්‍ය වීසා අඛණ්ඩතා ඒකකය ශක්තිමත් කිරීමට රජය පියවර ගත් අතර මේ ඔස්සේ 2024 දී "වගකීමෙන් තොර වූ අධ්‍යාපන සැපයුම්කරුවන් ඉවත් කිරීම අරමුණයි.
  • ශිෂ්‍ය වීසා සැකසීමේ ප්‍රමුඛතා

රජය ශිෂ්‍ය සහ ශිෂ්‍ය භාරකාර වීසා අයදුම්පත් සඳහා නව සැකසුම් ප්‍රමුඛතා හඳුන්වා දී තිබේ.

මේවා අධ්‍යාපනය සපයන්නන් සම්බන්ධයෙන් වන ශ්‍රේණිගත පද්ධතියක් මත පදනම්ව තිබෙන අතර දෙසැම්බර් 15 දින හෝ ඊට පසු අයදුම් කල පිරිස මීට අදාළ වේ.

තාවකාලික උපාධිධාරී වීසා සඳහා තවත් වෙනස්කම්

2024 මැද භාගයේ සිට රජය තාවකාලික උපාධි වීසා "ශක්තිමත් කිරීමට සහ සරල කිරීමට" පියවර ගැනීමට නියමිතයි. ඒ සඳහා පහත වෙනස්කම් ඇතුලත් වේ:
  • වීසා අයදුම්කරුවන් සඳහා වයස් සීමාවක් පැනවීම

නව සැකසුම් යටතේ, අයදුම්කරුවන් වයස අවුරුදු 35 ට අඩු විය යුතු වේ.
  • ලබාදෙන වීසා කාලය අඩු කිරීම

ඉගෙනීමෙන් අනතුරුව ලබා දෙන Temporary graduate visa කාලයද, Bachelor සඳහා වසර 2ක් Master's degree සඳහා වසර 2ක් සහ Master's degree by coursework සඳහා වසර 3ක් දක්වා අඩු කොට තිබේ.

————————————————————————————————————————————-

ඕස්ට්‍රේලියාවේ නවතම තොරතුරු දැනගන්න 
පිවිසෙන්න

————————————————————————————————————————————-

ප්‍රාදේශීය ප්‍රදේශ වල සිටින සිසුන් ඔවුන්ගේ ස්ථානය අනුව එක වසරක සිට වසර 2ක් දක්වා දෙවන වීසා බලපත්‍රයක් සඳහා සුදුසුකම් ලබයි.

මේ සියල්ල දිගුකාලීන තාවකාලික වීසා බලපත්‍රලාභීන් අඩු කිරීමේ පියවර වන බව Leah කියා සිටී.

රජය දැනටමත් ප්‍රකාශ කර ඇත්තේ කුමක්ද?

  • COVID සහන ඉවත් කර තිබේ.

2023 සැප්තැම්බරයේදී රජය නිවේදනය කොට සිටියේ, COVID-19 වසංගතය අතරතුර තාවකාලික වීසා බලපත්‍රලාභීන්ට ඕස්ට්‍රේලියාවේ රැඳී සිටීමට හැකි වන පරිදි 2020 දී නිර්මාණය කරන ලද Pandemic Event වීසා බලපත්‍රය ක්‍රමානුකූලව ඉවත් කරන බවයි.

සැප්තැම්බර් 2 සිට මෙම වීසා සඳහා නව අයදුම්කරුවන් සුදුසුකම් නොලබන අතර පෙබරවාරි මාසයේ සිට අයදුම්පත් සම්පුර්ණයෙන්ම අවසන් කෙරේ.

Pandemic Event වීසා බලපත්‍රය අහෝසි කිරීම සහ ජාත්‍යන්තර සිසුන් සඳහා රැකියා කාලය සිමා කිරීම ඔස්සේ සංක්‍රමණ සංඛ්‍යාව කොවිඩ් තත්වයට පෙර පැවති මට්ටමට ගෙන ආ හැකි බව උපායමර්ගයේ සඳහන් වේ.
  • පැසිෆික් සංක්‍රමණිකයන් සඳහා නව වීසා බලපත්‍රයක්

පැසිෆික් කලාපිය රටවල සහ Timor Leste සිට සුදුසුකම් ලත් සංක්‍රමණිකයන් සඳහා නව වීසා බලපත්‍රයක් ද මේ වසරේ හඳුන්වා දීමට නියමිතය.

Pacific Engagement Visa (PEV) මගින් සෑම වසරකම මෙම රටවලින් පුරවැසියන් 3,000ක් දක්වා ස්ථිර පදිංචිකරුවන් ලෙස ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කරවීම අරමුණයි.
LISTEN TO
sinhala_28122023_travel_insurance _pod_thursday.mp3 image

ඔබත් විදෙස් සංචාරයකදී රක්‍ෂණාවරණක් ලබාගත යුත්තේ ඇයි? වාසි - අවාසි මෙන්න

SBS Sinhala

28/12/202303:14
ඔක්තෝම්බර් මාසයේදී සෙනෙට් සභාව විසින් සම්මත කරන ලද නීති මගින් මෙම වීසා කාණ්ඩය සඳහා අහඹු ලෙස අයදුම්කරුවන් තෝරා ගැනීමට ඡන්ද ක්‍රියාවලියක් භාවිතා කිරීමට ඉඩ ලබා දේ.

ඔවුන් සාර්ථක අයදුම්කරුවන් වුවහොත් ඕස්ට්‍රේලියාවේ රැකියාවක් කිරීම ඇතුළුව ඇතැම් නිර්ණායක සපුරාලීමට ඔවුනට අවශ්‍ය විය හැක.

පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී නිකුත් කරන ලද නිවේදනයක් ඔස්සේ, ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Andrew Giles සහ ජාත්‍යන්තර සංවර්ධන සහ පැසිෆික් පැසිෆික් අමාත්‍ය Pat Conroy කියා සිටියේ ඉතිරිව ඇති සියලුම ව්‍යවස්ථාදායක සහ පරිපාලන විධිවිධාන අනුමත වූ පසු, මෙම වැඩසටහන 2024 දී ආරම්භ වන බවයි.
  • Protection Visa හෙවත් ආරක්ෂණ වීසා සඳහා සැකසුම් ප්‍රමුඛතා

රජය මගින් සරණාගත වීසා පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා ඩොලර් මිලියන 160 ක පැකේජයක් ඔක්තෝම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කිරීම සිදු විය.

මෙම වීසා පද්ධතිය අව භාවිතා කරන පිරිස නැවැත්වීමට උපකාර කිරීමේ අරමුණින් ආරක්ෂණ වීසා අයදුම්පත් සැකසීම කඩිනම් කිරීම සඳහා ඩොලර් මිලියන 54ක මුදලක් එයට ඇතුළත් විය.

මෙහිදී බොහෝ පිරිසකගේ වීසා බලපත්‍ර ඉක්මනින් සැකසීම සහ ඉක්මනින් ප්‍රතික්ෂේප වීම සිදු වන බව Leah කියා කියා සිටී.

2024 සංක්‍රමණ න්‍යාය පත්‍රය කුමක්ද?

අත්‍යවශ්‍ය කුසලතා ඇති නමුත් අඩු වැටුප් ලබන සේවකයින් සඳහා සංක්‍රමණය නියාමනය කිරීම සම්බන්ධයෙන් සහ ස්ථිර පුහුණු සංක්‍රමණය නැවත සකස් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කොට තිබේ.

ප්‍රාදේශීය ප්‍රදේශ වල සේවකයින්ට සහාය වීම සඳහා Working Holiday Maker වැඩසටහන සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීමට රජය සැලසුම් කරයි.

ඒ සඳහා වූ සාකච්ඡා පත්‍රිකාවක් මේ වසරේ මුලදී නිකුත් කිරීමටද නියමිතව තිබේ.

*******************************************************************************

SBS සිංහල ගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා  --- පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA

රූපවාහිනියේ channel 38 (SBS Radio 2)

රූපවාහිනියේ channel 305 (SBS Pop Desi)

අන්තර්ජාලයෙන් www.sbs.com.au/sinhala

SBS Audio APP (Free)

SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය 

*******************************************************************************

Share
Published 2 January 2024 3:37pm
Updated 2 January 2024 3:40pm
By Emma Brancatisano, Nipuna Dodangoda
Source: SBS


Share this with family and friends