කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ තාවකාලික වීසා ලාභීන් ට ආධාර සඳහා දැන් අයදුම් කළ හැකියි (SBS සිංහල/ වාර්තා)

Grants to support NSW vulnerable Temporary Visa Holders

Grants to support NSW vulnerable Temporary Visa Holders Source: AAP

කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ තාවකාලික වීසා ලාභීන් ට සහ විශේෂඥ migrant and settlement සංවිධාන වලට හදිසි මුල්‍ය සහන (Emergency grant funding) ලබා ගැනීමට දැන් අවස්ථාව හිමිව ඇත.

පවතින වසංගත තත්ත්වය හමුවේ ආර්ථික අපහසුතාවන්ට පත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ තාවකාලික වීසා ලාභීන් වෙත මෙම ආර්ථික සහන ලබාදීමට ඩොලර් මිලියන 4ක් වෙන් කළ බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජයේ නිපුණතා හා තෘතීය අධ්‍යාපන අමාත්‍ය Geoff Lee නිවේදනය කරයි.

කොරෝනා වසංගතය ආරම්භයේ පටන් අවදානම් වැඩි තාවකාලික වීසා ලාභීන් ආර්ථික පීඩාවන්ට මුහුණ දීම ඉහළ ගොස් ඇති බව ඔහු පවසයි.

සරණාගතයින්ට ක්ෂණික හදිසි සහන සැලසීම සඳහා දැනටමත් බෙදා හැර ඇති ඩොලර් මිලියන 2 ක ප්‍රදානයන්ට අමතරව මෙම පැකේජය නිවේදනය කර ඇත.

ආහාර, සෞඛ්‍ය සේවා, සන්නිවේදන, ප්‍රවාහන සහ අත්‍යවශ්‍ය නිවාස පහසුකම් වැනි හදිසි සේවා ක්ෂණිකව අවශ්‍ය වී ඇති තාවකාලික වීසා ලාභීන්ට මෙම ආධාර සැපයෙන බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජයේ නිපුණතා හා තෘතීය අධ්‍යාපන අමාත්‍ය Geoff Lee නිවේදනය කරයි.

එමෙන්ම සහය සේවකයින්ට (support workers), හුදකලාව සිටින ප්‍රජා සාමාජිකයින් වෙත යා කරන ප්‍රවාහන හා දුරස්ථ සේවා වලට මෙන්ම භාෂා පරිවර්තක සේවා වලට ද මෙම ආධාර ලබා දෙනු ඇත.

මේ සඳහා වන අයදුම්පත් 2020 ජූලි 27 වන දින පස්වරු 4 ට අවසන් කෙරේ.

අයදුම් කිරීමට සහ වැඩි විස්තර සඳහා මෙම වෙබ් යොමුවට පිවිසෙන්න. 
Sinhalese
Source: SBS Sinhala

Share
Published 14 July 2020 6:23pm
By Madhura Seneviratne

Share this with family and friends