ඔස්ට්‍රේලියාවේ කොවිඩ් එන්නත ලබාගැනීම උනන්දු කරවීමට ඩොලර් මිලියනය බැගින් තෑගි දෙන ලොතරැයියක් (SBS සිංහල/ වාර්තා)

මෙම ලොතරැයියේ පළමු දිනුම් ඇදීම මේ වසරේ Melbourne Cup දිනය දා සිදුකර මෙවර නත්තලට පෙර පැමිණෙන අඟහරුවාදා දක්වා සෑම සතියකම දිනුම් ඇදීමට Grattan ආයතනය නිර්දේශ කර තිබේ.

AstraZeneca, COVID-19 vaccine roll out, blood clots

Source: AAP

ඔස්ට්‍රේලියානුවාසීන්ට කොවිඩ් එන්නත ලබාගැනීම සඳහා උනන්දු කරවීමට ලොතරැයියක් හඳුන්වා දීමට යෝජනාවක් පැමිණ තිබේ.

ඒ ඔස්සේ විශාල වශයෙන් ත්‍යාග මුදල් ලබාදීමට ද යෝජනා කර ඇත.


Highlights

  • ඔස්ට්‍රේලියාවේ කොවිඩ් එන්නත ලබාගැනීම උනන්දු කරවීමට සතිපතා ඩොලර් මිලියන 10 බැගින් තෑගි දෙන ලොතරැයියක් Grattan ආයතනය ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට නිර්දේශ කර තිබේ.
  • සෑම සතියකම කොවිඩ් එන්නත ලබාගත් ජයග්‍රාහී පුද්ගලයින් 10 දෙනෙකුට ඩොලර් මිලියනය බැගින් මෙහිදී හිමිවේ.
  • මෙම ලොතරැයියේ පළමු දිනුම් ඇදීම මේ වසරේ Melbourne Cup දිනය දා සිදුකිරීමට Grattan ආයතනය නිර්දේශ කර තිබේ.

කොවිඩ් එන්නත ලබාගැනීම සඳහා උනන්දු කරවීමට ලොතරැයියක්

ඔස්ට්‍රේලියානු ජනගහනයෙන් 80% ක් හෝ කොවිඩ් එන්නතේ මාත්‍රා ද්විත්වයම ලබාගන්නා තෙක් ඔස්ට්‍රේලියාව සිය COVID-zero තත්ත්ව උපාය මාර්ගය පවත්වාගත යුතු බවට ඔස්ට්‍රේලියාවේ ස්වාධීන බුද්ධි මණ්ඩලයක් වන Grattan ආයතනයේ නවතම වාර්තාවක් පෙන්වා දෙයි.

එහිදී වයස අවුරුදු 70 ට වැඩි පුද්ගලයින්ගෙන් 95% ක් හෝ කොවිඩ් එන්නතේ මාත්‍රා ද්විත්වයම ලබාගත යුතු බවද එම වාර්තාව නිර්දේශ කරයි.

එමෙන්ම නොවැම්බර් මාසයේ සිට සෑම සතියකම කොවිඩ් එන්නත ලබාගත් ජයග්‍රාහකයින් 10 දෙනෙකු සඳහා ඩොලර් මිලියන 10 ක ත්‍යාග මුදලක් සමඟ ඩොලර් මිලියන 80 ක ලොතරැයියක් හඳුන්වා දීමට ද Grattan ආයතනය ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට නිර්දේශ කළ බව ABC පුවත් සේවය වාර්තා කරයි.
ඔස්ට්‍රේලියාවට විදේශ රටවලින් ආනයනය කරනු ලබන කොවිඩ් එන්නත් වල ආනයනික ගැටළු විසඳුනු පසුව මෙය ක්‍රියාත්මක කිරීම සුදුසු බව එම ආයතනය පවසා ඇත.

මෙහිදී සෑම සතියකම ඩොලර් මිලියන 1 ක ත්‍යාග පිරිනැමේ.

මෙම ලොතරැයියේ පළමු දිනුම් ඇදීම මේ වසරේ Melbourne Cup දිනය දා සිදුකර මෙවර නත්තලට පෙර පැමිණෙන අඟහරුවාදා දක්වා සෑම සතියකම දිනුම් ඇදීමට Grattan ආයතනය නිර්දේශ කර තිබේ.

"මේ හරහා මිනිසුන්ට කොවිඩ් එන්නත ලබා ගැනීමට දිරිගැන්වීමක් ලබා දෙනවා, ප්‍රජාව වෙනුවෙන් නිවැරදි දේ කළ අයට ප්‍රතිලාභ ලබා දීමක් තමයි මෙහිදී සිද්ධ වෙන්නේ." යනුවෙන් Grattan ආයතනයේ ප්‍රධාන විධායිකා Danielle Wood, ABC පුවත් වෙත පැවසුවාය.

ඔස්ට්‍රේලියාවේ කොවිඩ් එන්නත ලබාගන්නා පුද්ගලයින් ප්‍රමාණය ඉහළ දැමීම ඉතා වැදගත් බවත් ඒ සඳහා රාමුවෙන් පිටතට පැමිණ සිතිය යුතු බවත් ඇය පැවසුවාය.
Are you aware of what happens in your body after getting the COVID-19 vaccine?
Source: Gettyimages Tang MIng Tung

දිරි දීමනා මගින් එන්නත ලබාගන්නා ප්‍රමාණය වැඩි කළ හැකියි

ඔස්ට්‍රේලියාවේ මේ වන විට සැලකිය යුතු පිරිසක් තවමත් කොවිඩ් එන්නත ලබාගැනීමට තිබේ.

එයින් සැලකිය යුතු පිරිසක් එන්නත ලබාගැනීම පිළිබඳ ස්ථිර අදහසක නොමැති බවත් තවත් පිරිසක් එන්නත් විරෝධී පුද්ගලයින් බවත් හඳුනාගෙන තිබේ.

තමන් කිසි විටෙකත් කොවිඩ් එන්නත ලබා නොගන්නා බව සෑම ඔස්ට්‍රේලියානුවන් 10 දෙනෙකුගෙන් එක් අයෙකුම සමීක්ෂණ වෙත පවසා ඇත.
මේ අතර බොහෝ දෙනා දැනටමත් කොවිඩ් එන්නත ලබා ඇති බව හෝ හැකි ඉක්මනින් එය ලබා ගැනීමට උනන්දු වන බව Essential Research හි නවතම පර්යේෂණය සොයාගෙන ඇත.

එනිසා එන්නත ගන්නවාද නැතිද යන තීරණවල මැද සිටින පුද්ගලයින්ව එන්නත ලබාගැනීම සඳහා යොමු කළ යුතු බව Grattan ආයතනය පැවසීය.

"ඒ සඳහා අපි ලොතරැයියක් නිර්දේශ කරනවා, ඒකට ‘Vax Lotto' කියලා අපි කියනවා." යනුවෙන් Grattan ආයතනයේ ප්‍රධාන විධායිකා Danielle Wood පැවසුවාය.

vaccine passport එකක් පිළිබඳවද අවධානය යොමු කළ යුතු බව ඇය පැවසුවාය.

අවන්හල්, මහා පරිමාණයේ උත්සව, ක්‍රීඩා ඉසව් වැනි දේ සඳහා සහභාගී වන පිරිස කොවිඩ් එන්නත ලබා ඇතිද යන්න තහවුරු කිරීමට ද එය යොදාගත හැකි බව ඇය සඳහන් කළාය.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download)


විවිධ කොවිඩ් එන්නත් අනුපාත යටතේ ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරීම

ඔස්ට්‍රේලියාවේ පුද්ගලයින් ලබාගන්නා විවිධ කොවිඩ් එන්නත් අනුපාත යටතේ කොරෝනා වයිරසයේ ඩෙල්ටා ප්‍රභේදය පැතිර යා හැකි ආකාරය පිළිබඳ Grattan ආයතනය ආකෘති නිර්මාණය කර ඇත.

මීට පෙර Doherty ආයතනය විසින් මේ ආකාරයේම ආකෘතියක් මධ්‍යම රජයට ලබා දී ඇති අතර ඔස්ට්‍රේලියාව මෙම වසංගතයෙන් මුදවා ගැනීම සඳහා අදාළ තීරණ ගන්නන්ට එය උපකාරී වනු ඇති විශ්වාස කෙරේ.

එය මේ වන විට ජාතික කැබිනට් මණ්ඩලය විසින් සලකා බලමින් සිටියි.

ඔස්ට්‍රේලියාව යළි විවෘත කිරීමේදී ලබාගත යුතු කොවිඩ් එන්නත් ඉලක්ක පිළිබඳ එහිදී හෙළිකර ඇත.
කොරෝනා වයිරසය හේතුවෙන් බරපතල සෞඛ්‍ය ආබාධ සහ අර්බුද ඇති නොවන මට්ටමකට පැමිණීමට නම් ඔස්ට්‍රේලියානු ජනගහනයෙන් අවම වශයෙන් 80% ක් හෝ කොවිඩ් එන්නතේ මාත්‍රාවන් ද්විත්වයම ලබාගත යුතු බව Grattan ආයතනයේ ආකෘතියට අනුව පෙනී යන බව එහි ප්‍රධාන විධායිකා Danielle Wood පැවසුවාය.

වයිරසය වඩාත් සම්ප්‍රේෂණය වන මට්ටමක පැවතුනද දහස් ගණන් පුද්ගලයින් රෝහල්ගත කරන තත්ත්වයක් එහිදී උදා නොවනු ඇති බව ඇය සඳහන් කළාය. එනිසාම දැඩි සත්කාර ඒකකවල තදබදය ද නවතිනු ඇතැයි ඇය ප්‍රකාශ කළාය.

COVID-zero තත්ත්වයට පෙරාතුව ළඟා වීමේදී ද අවදානම් ඇති හෙයින් තරමක කාලයක් බලා සිටීමේ ප්‍රතිලාභ ද ඇති බව ඇය සඳහන් කළාය.

Share
Published 30 July 2021 10:00am
Updated 30 July 2021 10:05am
By Madhura Seneviratne

Share this with family and friends