ඔස්ටේලියාව තුල තවදුරටත් "කොරෝනා අවදානම් කලාප" නැහැ, ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක් (SBS සිංහල /වාර්තා)

Federal Health Minister Greg Hunt says Australia is on track with its planned coronavirus vaccine rollout

Federal Health Minister Greg Hunt says Australia is on track with its planned coronavirus vaccine rollout. Source: AAP

ඔස්ට්‍රේලියානු ප්‍රධාන සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt අවධාරණය කොට සිටින්නේ, මේ වනවිට ඕස්ට්‍රේලියාවේ කිසිදු ප්‍රදේශයක් කොරෝනා අවදානමක් සහිත ප්‍රදේශයක් ලෙස සැලකිය නොහැකි බවයි. මෙය ඔස්ට්‍රේලියාව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළක්වීමේ කාර්යය සාර්ථකව සිදු කොට ඇති බවට සාක්ෂියක් වන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

කෙසේ නමුත් තවමත් ඔස්ට්‍රේලියාව මෙම වෛරසයෙන් සම්පුර්ණයෙන්ම මිදී නොමැති හෙයින්, ඉදිරි දින කිහිපයේදීත් කොරෝනා වරසය අසාදනය වූ පුද්ගලයින් හමුවීම සිදු විය හැකි අතර ඇතැම් විට නැවතත් විවිධ ප්‍රදේශ කොරෝනා අවදානම් කලාප ලෙසට නම් කිරීමද සිදු විය හැකි බව ඔස්ට්‍රේලියානු ප්‍රධාන සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt සඳහන් කර සිටී.


 SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා


සජීවීව සහ පසුව online අහන්න -

SBS Radio APP එකෙන් (Free download)


ඔහු පෙන්වා දෙන්නේ, මේ වනවිට ඔස්ට්‍රේලියාව කොරනා වෛරසය මැඩලීම සඳහා සාර්තක ප්‍රතිපල අත්කොටගත්තද තවමත් වෙනත් බොහෝ රටවල මෙම වෛරසය පැවතීම දැඩි අභියෝගයක් වන බවයි.

ග්‍රේටර් බ්‍රිස්බේන් සඳහා දකුණු ඕස්ට්‍රේලියාවේ නීති ලිහිල් වේ

දේශසීමා නීති ලිහිල් කිරීම මත මේ වනවිට ග්‍රේටර් බ්‍රිස්බේන් හි සිට පැමිණෙන්නන් හට, නිරෝධායන කාලසීමාවකට යටත් නොවී දකුණු ඔස්ට්‍රේලියාවට ඇතුලුවීමට අවසර ලබාදී තිබේ. කෙසේ නමුත් බ්‍රිස්බේන් හි සිට පැමිණෙන්නන් දකුණු ඔස්ට්‍රේලියාවට ඇතුලු වන පළමු දිනයේදී , 5 වැනි දිනයේදී සහ 12 වැනි දිනයේදී කොරෝනා වෛරස පරීක්ෂාව සිදු කලයුතු වේ.

ග්‍රේටර් බ්‍රිස්බේන් සඳහා වික්ටෝරියා ප්‍රාන්තයේ නීති ලිහිල් වේ

මේ අතර බ්‍රිස්බේන් හි සිරව සිටින තම ප්‍රාන්ත වැසියන් සඳහා නැවත පැමිණීම සඳහා වික්ටෝරියා ප්‍රාන්තයද සිය දේශසීමා නීති ලිහිල් කොට තිබේ.

Brisbane, Moreton Bay, the Redlands, Logan සහ Ipswich යන ප්‍රදේශ, වික්ටෝරියා ප්‍රාන්ත නව වැඩපිළිවෙලට අනුව "රතු කලාපයේ" සිට "තැඹිලි කලාපය" දක්වා අඩු කොට තිබේ. මේ අනුව පසුගිය සෙනසුරාදා සවස 6 සිට නැවතත් වික්ටෝරියා ප්‍රාන්තයට පැමිණෙන එම ප්‍රාන්ත වැසියන් සඳහා විශේෂ අවසර ගැනීමක් අවශ්‍ය නොවන බව වික්ටෝරියා ප්‍රාන්තය සඳහන් කරයි.

කෙසේ නමුත් මෙලෙස නැවත වික්ටෝරියා ප්‍රාන්තයට පැමිණෙන පිරිස සඳහා සංචාරක අවසර පත්‍රය ලබාගැනීම අනිවාර්ය වේ. ඔවුන් වික්ටෝරියා ප්‍රාන්තයට පැමිණ දින 3ක් ඇතුලත අනිවාර්යයෙන්ම කොරෝනා වෛරස පරීක්ෂාව සිදුකලයුතු අතර එහි ප්‍රතිපල පැමිණෙන තුරු සවයං නිරෝධායනයකට යටත් විය යුතුය.

ඊයේ දිනයේදීද වික්ටෝරියා ප්‍රාන්තයෙන් කිසිදු ප්‍රජා සම්ප්‍රේශනයක් වාර්තා වී නොමැති අතර එය එලෙස වාර්තා වූ අඛණ්ඩ 11 වන දිනය වේ.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA

නැතිනම් රූපවාහිනියේ channel 38


බ්‍රිස්බේන් හි Grand Chancellor හෝටලයේ පසුගියදා වූ සිදුවීමේදී, එම වෛරසය හෝටලයේ පිරිසිදු කිරීම් සිදු කල කාන්තාවට සහ ඇයගේ සහකරුට අමතරව වෙනත් පිරිසකට ව්‍යාප්ත නොවීම මත එම සිදුවීම සම්බන්ධයෙන් අවදානමක් නොපවතින බව වික්ටෝරියා ප්‍රාන්ත රජය සඳහන් කොට සිටී.


මේ සම්බන්ධයෙන් අදහස දක්වමින් වික්ටෝරියානු ප්‍රාන්ත අග්‍රාමාත්‍ය Daniel Andrews සඳහන් කොට සිටින්නේ පවතින තත්වය අනුව බ්‍රිස්බේන් හි සිටින වික්ටෝරියානු ප්‍රාන්ත වැසියන් ආරක්ෂිතව නැවත වික්ටෝරියා ප්‍රාන්තයට ගෙන්වා ගැනීමේ හැකියාවක් පවතින බවයි.

මෙම නීතීන් ලිහිල් කිරීම බ්‍රිස්බේන් හි සිට පැමිණෙන වික්ටෝරියානු ප්‍රාන්ත වැසියන් නොවන සංචාරකයින් සඳහාද බලපැවැත්වේ.

NSW ප්‍රාන්තයටත් වික්ටෝරියා ප්‍රාන්ත සීමා ලිහිල් වන ලකුණු

සිඩ්නි හි සිරව සිටින වික්ටෝරියානුවන්ද මේ අකාරයෙන්ම ඉතා ඉක්මනින් නැවතත් වික්ටෝරියා ප්‍රාන්තයට ගෙන්වාගැනීමට බලාපොරොත්තු වන අතර කෙසේ නමුත් එය විශේෂඥයින්ගේ උපදෙස් වලට අනුව සිදුවන බව ප්‍රාන්ත අග්‍රාමාත්‍ය Daniel Andrews සඳහන් කොට සිටී.

ඊයේ දිනයේදී NSW ප්‍රාන්තයෙන් නව කොරෝනා ආසාදිතයින් 6 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන්ගෙන් 5 දෙනෙකු පෙර හමු වූ කොරෝනා අසදිතයකු සමග සම්බන්ධත පැවැත්වූ එකම පවුලේ සාමාජිකයින් ලෙස වාර්තා වේ. සෙසු හඳුනාගත් පුද්ගලයාද එම පවුලේ හිතවතකු බවද මේ වන විට හඳුනාගෙන තිබේ.


Share
Published 18 January 2021 8:10am
Updated 18 January 2021 9:21am
By Nipuna Dodangoda
Source: AAP, SBS


Share this with family and friends