ඕස්ට්‍රේලියාවේ මෙවර පාස්කු සති අන්ත නිවාඩුව ගත කිරීමේදී ප්‍රාන්ත වශයෙන් බලපාන නීති පිළිබඳව ඔබ දැනුවත්ද? (SBS සිංහල වාර්තා)

දීර්ඝ සති අන්තයන් වලදී බොහෝ ඕස්ට්‍රේලියානුවන් අතර ප්‍රසිද්ධ විනෝද ක්‍රියා සඳහා මෙවර දීර්ඝ පාස්කු සති අන්තයේදී සීමා පැනවේ. මේ ඒ පිළිබඳව SBS සිංහල සේවය ගෙන එන තොරතුරු

Police on horses enforce social distancing regulations at Bondi Beach.

Police on horses enforce social distancing regulations at Bondi Beach. Source: AAP

New South Wales - නිව් සවුත්වේල්ස් ප්‍රාන්තය
Beachgoing:

Waverley සහ Randwick යන නගර සභා යටතේ පවතින සියලුම වෙරළතීරයන් හි සිට Manly සහ Dee Why යන සිඩ්නි නගරයේ උතුරු දිග දක්වා වූ වෙරළතීරයන් දීර්ඝ පාස්කු සති අන්තය තුළදී මහජනතාවට වසා තැබේ.කෙසේ නමුත් පුද්ගලයින් දෙදෙනෙකු පමණක් සහභාගී වන ව්‍යායාමය කටයුතු සඳහා ඉඩකඩ ලැබෙන අතර Sunbaking හෙවත් ඉර අව්ව තැපීම සඳහා කිසිදු අවසරයක් නොමැති බව NSW පොලීසිය සදහන් කොට තිබේ.

Bushwalking:

ප්‍රසිද්ධ ජාතික උද්‍යාන බොහොමයක් මහජනතාවට වසා තැබේ. විවෘතව ඇති ජාතික උද්‍යාන තුළ ගැවසීම පුද්ගලයින් දෙදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම්  සඳහා පමණක් සීමා වේ. එසේම එම පුද්ගලයින් අදාළ ජාතික උද්‍යාන ආසන්නයේ පදිංචිකරුවන් විය යුතුය.

Cycling:

එකවර පුද්ගලයින් දෙදෙනෙකු සඳහා පමණක් සීමා කිරීමට පියවර ගෙන තිබේ.

Fishing:

මසුන් ඇල්ලීම සඳහා NSW ප්‍රාන්ත රජය අවසර ලබා දී තිබේ. එසේ නමුත් පවතින නීති උල්ලංඝනය කරමින් පුද්ගලයින් කණ්ඩායමක් සමග විනෝද සාදයන් පැවැත්වුවහොත්, ඒ සඳහා දඩ නියම කිරීමට තම දෙපාර්තමේන්තුව පසුබට නොවන බව NSW පොලිස් කොමසාරිස් Mick Fuller අවධාරණය කොට තිබේ.

Golf:

Golf ක්‍රීඩා කිරීමට අවසර ඇති නමුත් එය පුද්ගලයින් දෙදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සඳහා පමණක් සීමා වේ.

Tennis:

ක්‍රීඩකයින් දෙදෙනෙකු පමණක් සහභාගී වන තරඟ සදහා අවසර ලැබේ.
NSW Police officers ask a family to move on while on patrol at Rushcutters Bay park in Sydney.
NSW Police officers ask a family to move on while on patrol at Rushcutters Bay park in Sydney. Source: AAP
Northern Territory - නොදර්න් ටෙරටරිය
Beachgoing:

වෙරළතීරයන් මහජනතාවට විවෘතව පවතී. කෙසේ වෙතත් වෙරළතීරයන්හි ගැවසීම පුද්ගලයින් 10කුගෙන් යුත් පිරිස් සඳහා පමණක් වන අතර එම ඒකරාශී වීම එකම පවුලේ සාමාජිකයන් සඳහා හෝ පුද්ගලයින් දෙදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ලෙස සීමා කරන ලෙස බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටී.

Bushwalking:

Kakadu සහ Uluru Kata Tjuta ඇතුලු ජාතික උද්‍යාන බොහොමයක් මහජනතාවට වසා තැබේ. කෙසේ වෙතත් Casuarina Coastal Reserve, Charles Darwin National Park, George Brown Darwin Botanic Gardens සහ Fogg Dam යන ජාතික උද්‍යාන මහජනතාවට විවෘතව පවතී. එසේම මධ්‍යම ඕස්ට්‍රේලියාවේ Alice Springs Telegraph Station රක්ෂිතය සහ West MacDonnell ජාතික උද්‍යානයේ ඇතැම් ප්‍රදේශ පමණක් මහජනතාවට විවෘතව පවතී.

Cycling:

පාපැදිකරුවන් 10 ගෙන් යුතු කණ්ඩායමක් සඳහා මාර්ගයන් හි පාපැදි භාවිතා කිරීම සඳහා අවසර ලබා දී තිබේ. කෙසේ වෙතත් මෙය පුද්ගලයින් දෙදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ලෙස සීමා කරන ලෙස බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටී.

Fishing:

මසුන් ඇල්ලීම සඳහා බෝට්ටු වල ගමන් ගන්නේ නම් එය එකම පවුලේ පිරිසකට හෝ පුද්ගලයින් දෙදෙනෙකුට පමණක් සීමා කරන ලෙසත් මසුන් ඇල්ලීම සඳහා වන ප්‍රදේශ ජනාකීර්ණ නම් එම ප්‍රදේශ මගහැරීමට හෝ මසුන් ඇල්ලීමේ කාර්යය ජනගහනය අඩුවනතෙක් මදකට පමා කිරීමට කටයුතු කරන ලෙස බලධාරීන් ජනතාවට පවසා තිබේ.

Golf:

Northern Territory හි පවතින සියලුම Golf පිටි වසා දැමීමට බලදාරීන් පියවරගෙන තිබේ.

Tennis:

Northern Territory හි Tennis ක්‍රීඩා කිරීමට අවසර නොමැත.
A Public Health environmental health officer, NT Police officer and an Australian Defence Force member check in on those self isolating.
A Public Health environmental health officer, NT Police officer and an Australian Defence Force member check in on those self isolating. Source: NT NEWS
Queensland - ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය
ජනතාවට තම නගර සීමාවේම රැඳී සිටින ලෙසට ප්‍රාන්ත බලධාරීන් ඉල්ලා තිබේ

Beachgoing:

The Spit, Surfers Paradise සහ Coolangatta යන වෙරළ තීරයන් මහජනතාවට වසා තිබේ. කෙසේ වෙතත් අනෙකුත් වෙරළ තීරයන්ට ඉතා ආසන්නයෙන් තමන් වාසය කරන්නේ නම් පමණක් එම වෙරළ තීරයන්හි ව්‍යායාමය කටයුතු සඳහාත් surfing ක්‍රීඩාවේ නියැලීමටත් අවසර හිමිවේ.

Bushwalking:

ඇතැම් ජාතික උද්‍යාන මහජනතාවට සම්පුර්ණයෙන්ම වසා තැබෙන අතර අනෙකුත් විවෘත ජාතික උද්‍යානයන්හි ප්‍රසිද්ධ ස්ථාන පමණක් මහජනතාවට වසා තැබේ.

Cycling:

ව්‍යායාම සඳහා , රැකියා ස්ථානයට ගමන් කිරීම සඳහා , අද්‍යාපන කාර්යයන් සඳහා සහ අත්‍යවශ්‍ය සේවා සඳහා යාමට පාපැදි භාවිතයට අවසර ඇති නමුත් එය එකම පවුලේ සාමාජිකයින් සඳහා සහ පුද්ගලයින් දෙදෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් සඳහා පමණක් සීමා කිරීමට පියවර ගෙන තිබේ.

Fishing:

ආහාර සඳහා මසුන් ඇල්ලීමට සහ අත්‍යාවශ්‍ය සේවා සඳහා තම නගර සීමාවේ බෝට්ටු භාවිත කිරීමට අවසර හිමිවේ. නමුත් මේ සඳහා සහභාගී විය හැක්කේ පුද්ගලයින් දෙදෙනෙකු හෝ ආසන්නතම පවුල් සාමාජිකයින් පමණි.

Golf:

ඇතැම් Golf පිටි විවෘතව පවතින අතර තරඟ සඳහා සහබාගී විය හැක්කේ පුද්ගලයින් දෙදෙනෙකු පමණක් වන අතර Golf Cart හි එකවරකට ගමන් කලහැක්කේ එක අයෙකුට පමණි.

Tennis:

සියලුම Tennis ක්‍රීඩා මධ්‍යස්ථාන වසා දැමීමට තීරණය කොට තිබේ.

Image

South Australia - දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තය
Beachgoing:

සියලුම වෙරළතීරයන් මහජනතාවට විවෘතව පවතී. කෙසේ වෙතත් වෙරළතීරයන් හි ගැවසීමෙන් හැකිතාක් වැළකෙන ලෙසට බලධාරීන් ඉල්ලා තිබේ. ව්‍යයමයන්හි නිරතවීමට අවසර ඇති නමුත් එය පුද්ගලයින් දෙදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පමණක් ලෙස සීමා කොට තිබේ. පුද්ගලයින් 10කුගෙන් යුත් පිරිස් සඳහා පමණක් Sunbaking හෙවත් ඉර අව්ව තැපීම සඳහා අවසර හිමි වන අතර වර්ග මීටර 4 ට එක් පුද්ගලයෙකු ලෙස, සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීම අනිවාර්ය වේ.

Bushwalking:

Kangaroo Island හි Mount Lofty Botanic Gardens, Seal Bay සහ ගිණිකොන ප්‍රදේශයේ පිහිටි Naracoorte and Tantanoola Caves යන උද්‍යාන සෞක්‍ය හේතුන් මත වසා දැමේ. ජාතික උද්‍යාන බොහෝමයක් මහජනතාවට විවෘතව තැබෙන අතර පුද්ගලයින් දෙදෙනෙකුගෙන් යුත් කණ්ඩායම් සඳහා සීමා වන ලෙසත් තම නගරසීමාවේ පවතින ජාතික උද්‍යාන සදහා පමණක් ඇතුල් වන ලෙසත් මහජනතාවට බලධාරීන් සඳහන් කොට තිබේ.

Cycling:

එකම පවුලේ සාමාජිකයින් සඳහා සහ පුද්ගලයින් දෙදෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් සඳහා පමණක් පාපැදි භාවිතයට අවසර තිබේ.

Fishing:

විනෝදාස්වාදය සඳහා කරන මසුන් ඇල්ලීමට වෙරළතීර සහ බෝට්ටු භාවිතයට අවසර තිබේ.

Golf:

ඇතැම් Golf පිටි වසා ඇති අතර විවෘතව පවතින Golf පිටි හි තරඟ කිරීම 10 දෙනෙකුගෙන් යුත් පුද්ගල කණ්ඩායමක් සඳහා පමණක් සීමා වේ.

Tennis

ඇතැම් Tennis පිටි විවෘතව ඇති අතර, තරඟ කිරීම 10 දෙනෙකුගෙන් යුත් පුද්ගල කණ්ඩායමක් සඳහා පමණක් සීමා වේ.

Image

Tasmania - තස්මේනියා ප්‍රාන්තය
Beachgoing:

ජාතික උද්‍යාන සහ රක්ෂිත ආශ්‍රිතව පවතින වෙරළතීර ජනතාවට වසා දමා ඇති අතර නගර සභා යටතේ පවතින වෙරළතීර ජනතාවට විවෘතව පවතී.

Bushwalking:

සියලුම ජාතික උද්‍යාන සහ රක්ෂිත වසා දමා තිබේ.

Cycling:

පවතින සමාජ දුරස්ථතා නීතීන්ට අනුකුලව පාපැදි භාවිතයට අවසර ලැබේ.

Fishing:

මසුන් ඇල්ලීම සඳහා දෙදෙනෙකුගෙන් යුත් පුද්ගල කණ්ඩායමක් සඳහා අවසර ලැබෙන අතර ඔවුන්ගේ මුලික වාසස්ථානය සඳහා නැවත පැමිණිය යුතුය. එමෙන්ම බෝට්ටු දියත් කිරීමට අවසර ලැබෙන්නේ එම බෝට්ටුවේ හිමිකරුගේ මුලික වාසස්ථානය පිහිටි නගර සීමාවෙන් පමණි.

Golf:

සාමාන්‍ය තරග සඳහා අවසර ලැබේ. එමෙන්ම එක් තරඟ සීමාවක් සඳහා සහභාගී වියහැක්කේ තරඟකරුවන් දෙදෙනෙකුට පමණි. උදාහරණයක් වශයෙන් - තරඟ සීමා 18 ක් පවතින Golf පිටියක සිටිය හැක්කේ තරඟකරුවන් 36 දෙනෙකු පමණි.

Tennis:

සියලුම Tennis පිටි තාවකාලිකව වස දමා තිබේ.

Image

Victoria - වික්ටෝරියා ප්‍රාන්තය
Beachgoing:

St Kilda Beach, Rye Front සහ Ocean Beaches, Bells Beach, Anglesea Main Beach, Lorne Main Beach යන වෙරළතීරයන් මහජනතාවට වසා දමා තිබේ. කෙසේ වෙතත් විවෘතව පවතින වෙරළතීරයන් හි දිවීම සහ සුනඛයන් අවිද්දවීම වැනි කණ්ඩායම් වශයෙන් සිදු නොකෙරෙන ව්‍යායාම සඳහා අවසර ලැබේ.

Bushwalking:

Grampians, Alpine සහ Wilsons Promontory යන ජාතික උද්‍යාන වසා දමා තිබේ. Great Otway National Park සහ Gippsland Lakes Coastal Park යන ජාතික උද්‍යානයන්හි ඇතැම් ප්‍රදේශයන්, උද්‍යාන සීමාවේ වෙසෙන්නන් හට ව්‍යායාම කිරීම සඳහා පමණක් විවෘතව පවතී. එසේම අනෙක් උද්‍යාන දැඩි කායික දුරස්තතා නීති යටතේ මහජනතාවට විවෘතව පවතී.

Cycling:

එකම පවුලේ සාමාජිකයින් සඳහා හෝ පුද්ගලයින් දෙදෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් සඳහා පමණක් පාපැදි භාවිතයට අවසර තිබේ. නමුත් කණ්ඩායමක් ලෙස පාපැදි භාවිතයෙන් සහ පුහුණුවීම්වල නිරත නොවන ලෙස Bicycle Network ආයතනය ජනතාවට දන්වා තිබේ.

Fishing:

මසුන් ඇල්ලීම සම්පුර්ණයෙන්ම තහනම් කොට තිබේ.


Golf:

සියලුම Golf පිටි සතිඅන්තය තුලදී වසා දමා තිබේ.


Tennis:

Tennis ක්‍රීඩා කිරීමට අවසර ඇති අතර Tennis පිති සහ බෝල පොදු භාවිතයෙන් වළකින ලෙසට සීමා පනවා තිබේ.

Image

Western Australia - බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තය
Beachgoing:

යම් හෙයකින් සමාජ දුරස්ථභාවය සඳහා වන නීති කඩකළහොත් Cottesloe වැනි ප්‍රසිද්ධ වෙරළතීරයන් වසා දැමීමට කටයුතුකරන බව WA රජය අනතුරු අඟවා තිබේ. එමෙන්ම Waroona ප්‍රදේශයේ පිහිටි Preston Beach වෙරළතීරය වසා දමා ඇති අතර, එහි සිට Mandurah ප්‍රදේශයේ පිහිටි White Hills සහ Tims Thicket දක්වා වූ වෙරළතීරයන් දක්වා ප්‍රදේශයට රථවාහන ඇතුල්කිරීමද තහනම් කොට තිබේ.

Bushwalking:

ජාතික උද්‍යානහි වැඩි පිරිසක් ගැවසෙන ඇතැම් ප්‍රදේශ පමණක් වසාදමා ඇති අතර සමස්තයක් ලෙස ජාතික උද්‍යාන මහජනතාවට විවෘතව පවතී.

Cycling:

එකම පවුලේ සාමාජිකයින් සඳහා හෝ පුද්ගලයින් දෙදෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් සඳහා පමණක් පාපැදි භාවිතයට අවසර තිබේ.

Fishing:

විනෝදාස්වාදය සඳහා මසුන් ඇල්ලීමට තහනමක් නැතිමුත් පවතින තත්වය හමුවේ හැකිතාක් නිවසටම වී සිටින ලෙස බලධාරීන් දන්වා තිබේ.

Golf:

පවතින සමාජ දුරස්ථභාවය සම්බන්ධයෙන් වන නීති යටතේ බොහෝ Golf පිටි විවෘතව පවතී. නමුත් Cottesloe, Joondalup, Sun City සහ The Cut යන ප්‍රසිද්ධ ආයතන වසා දමා ඇති අතර Bremer Bay වැනි ඇතැම් ග්‍රාමීය මට්ටමේ පවතින Golf පිටි ද වසා දමා තිබේ.

Tennis:

වසාදැමීමට ගත් තීරණය පසෙකලමින් ප්‍රදේශීය රාජ්‍ය ආයතන හෝ පෞද්ගලික ආයතන මගින් පාලනය වන ආයතන, පවතින සමාජ දුරස්ථභාවය සම්බන්ධයෙන් වන නීති යටතේ විවෘතව තැබේ.


SBS  සිංහල ගුවන් විදුලියට සවන්දෙන්න - සඳුදා , අඟහරුවාදා , බ්‍රහස්පතින්දා සහ සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට 


නවතම තොරතුරු දැනගැනීමට පිවිසෙන්න Facebook පිටුවට 

 
SBS Sinhala radio
Source: SBS Sinhala radio

Share
Published 11 April 2020 11:14am
Updated 11 April 2020 11:40am
By Nipuna Dodangoda


Share this with family and friends