නිවාඩුවට නවාතැන්ගන්නා ස්ථානයේ රහස් නිරීක්ෂණ කැමරා තිබේදැයි පරීක්ෂා කරන්නේ කෙසේද? (SBS සිංහල/ වාර්තා)

How to check your holiday rental for hidden surveillance cameras

Source: Pixabay

ග්‍රීෂ්ම කාලය එළඹෙත්ම ඔස්ට්‍රේලියානුවාසීන් නිවාඩුව ගත කිරීම සඳහා විවිධ ප්‍රදේශ වල සංචාරය කිරීමට පෙළඹේ.

කොරෝනා වසංගතය හේතුවෙන් මෙම ග්‍රීෂ්ම නිවාඩුවේදී විදෙස් රටවල සංචාරය කිරීමට නොහැකි නිසා රට තුළ සංචාරය කිරීමට ඔස්ට්‍රේලියානුවාසීන්ට සිදුව තිබේ.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


 

මෙවැනි සංචාර වලදී නවාතැන්ගන්නා හෝටල් කාමරයේ හෝ නිවාඩු නිකේතනයේ හෝ පුද්ගලික නිවසේ හෝ රහස් කැමරා සවි කර ඇති බවට ඇතැම් සංචාරකයෝ චෝදනා කරති.

ඔබේ සංචාරක නවාතැන්පොළේ හිමිකරු ඔබ ගැන දැඩි සෝදිසියෙන් සිටීමට මෙවැනි රහස් කැමරා සවි කරනවා විය හැකිය.

එවැනි රහස් කැමරා සොයාගැනීමට ඔබට අනුගමනය කළ හැකි ක්‍රියා මාර්ග මොනවාද?
How to check your holiday rental for hidden surveillance cameras
Source: Pixabay

01. Wi-Fi ජාලයට සම්බන්ධවී ඇති උපකරණ පරීක්ෂා කරන්න

සාමාන්‍ය ඉලෙක්ට්‍රොනික වෙළඳසැල් වල අලෙවි කරන බොහෝ කැමරාවලට අන්තර්ජාල සම්බන්ධතාවක් අවශ්‍ය වේ.

ඒ හරහා ඒවා පරිගණකයකින් හෝ app එකකින් දුරස්ථව බැලීමට හැකිය. මේ මගින් ඔබට හෝඩුවාවක් ලබා දේ.

එක්තරා නවසීලන්ත පවුලක් Airbnb නවාතැනක නවාතැන්ගැනීමේදී එහි තිබුණු smoke alarm එකක රහස් කැමරාවක් සඟවා ඇති බව හසුවිය.

අදාළ පවුලේ සාමාජිකයෙකු එම නවාතැනේ wi-fi ජාලයට සම්බන්ධවීමට යාමේදී එහි "IP Camera" යනුවෙන් සටහන් වී තිබීම නිසා ඔවුන්ට ඒ පිළිබඳ හෝඩුවාවක් ලැබුණි.


 

SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


 

එනිසා ඔබ නවාතැන් ගන්නා ස්ථානයේ ඇති Wi-Fi ජාලයට සම්බන්ධවී ඇති උපකරණ පිළිබඳ පරීක්ෂා කිරීම ඉතා වැදගත් වේ.

ඔබ සතුව පරිගණකයක් ඇත්නම් Wi-Fi ජාලයට සම්බන්ධවී ඇති උපකරණ නිරීක්ෂණය කිරීමට Nmap වැනි open source network scanner එකක් භාවිතා කළ හැකිය.

එසේ නොමැතිනම් Fing වැනි apps හරහා ද එම කාර්යය කරගැනීමට හැකි බව ABC පුවත් වෙබ් අඩවිය පවසයි.
How to check your holiday rental for hidden surveillance cameras
Source: Pixabay

02. කැමරා කාචය හඳුනා ගැනීමට උත්සාහ කරන්න

ඔබේ smart ජංගම දුරකතනයේ flashlight එක දල්වමින් කාමරය හෝ නවාතැනේ අනෙකුත් ස්ථාන වටේට එල්ල කරන්න.

මෙය ඉතා සෙමින් සහ සංයමයෙන් සිදු කළ යුතුය.

එහිදී ඔබේ flashlight එකේ එළිය පෙරළා පැමිණේ නම් (පරිවර්තනය වේ නම්) එතැන බොහෝ විට කැමරා කාචයක් තිබිය හැකිය.

ඇතැම් රහස් කැමරා වල night vision පහසුකම සක්‍රීය කර තිබිය හැකිය. එහිදී අඳුරේ ඇති වස්තූන් ආලෝකමත් කිරීමට එම කැමරා අධෝරක්ත කිරණ භාවිතා කරයි.

ඔබ කාමරය අඳුරු කළහොත් කැමරාව විසින් නිකුත් කරන අධෝරක්ත කිරණ හඳුනාගත හැකිය.

ඔබට අධෝරක්ත හැකියාවන් ඇති කැමරාවක් තිබේ නම්, ඔබට කාමරය පරිලෝකනය කර කැමරා තිරය මත දීප්තිමත් ආලෝක ප්‍රභවයක් සොයා ගත හැකිය.

ඇතැම් smartphone කැමරාවල ඉදිරිපස කාචයේ අධෝරක්ත පෙරහන් නොමැත. ඒ අනුව ඔබට කාමරය පරිලෝකනය කිරීමටද ඒවා භාවිතා කළ හැකිය.
How to check your holiday rental for hidden surveillance cameras
Source: Pixabay

03. Power points පරීක්ෂා කරන්න

රහස් කැමරාවලට අඛණ්ඩ විදුලිය අවශ්‍යය. එනිසා Power points වලට සම්බන්ධ කර ඇත්තේ කුමන උපකරණ ද යන්න පිළිබඳ පරීක්ෂා කිරීම සුදුසුය.

එවැනි සම්බන්ධ කර ඇති ඇතැම් උපකරණ සැක සහිත නම් ඒවා පරීක්ෂා කළ යුතුය. උදාහරණයක් වශයෙන් සිදුරක් සහිත විදුලි ලාම්පුවක්, නාන කාමර ගතහොත් ඒවායේ එතරම් ඉලෙක්ට්‍රොනික් උපකරණ සවි කර නොමැත.
How to check your holiday rental for hidden surveillance cameras
Smoke Detector Source: Pixabay

04. අමුතු ලෙස තබා ඇති උපකරණ පිළිබඳ සොයා බලන්න

රහස්‍ය කැමරා ඕනෑම වස්තුවකට යෙදිය හැකි අන්දමට නිර්මාණය කළ හැකිය.

සිවිලිමේ ඇති smoke detector වැනි උපකරණ වල පහසුවෙන් රහස් කැමරා සවි කළ හැකිය.

එනිසා smoke detector එකක් නොතිබිය යුතු ස්ථානයක smoke detector එකක් තිබුණහොත් එය පරීක්ෂා කිරීම යෝග්‍ය වේ.

Pinhole කැමරාවන් හඳුනා ගැනීම දුෂ්කර විය හැකිය. ඒවා බොහෝ විට ඔරලෝසුවක් හෝ පින්තූරයක් හෝ පිටුපස රඳවා තබා ඇත.

ඇතැම් ස්ථාන වල ඇති රාක්ක වලද Pinhole කැමරා රඳවා තැබිය හැකිය.

Share
Published 29 December 2020 9:55am
By Madhura Seneviratne

Share this with family and friends