ඔබට ඇතිවිය හැකි මානසික ගැටලුවල මූලික ලක්ෂණ හඳුනාගන්නා අයුරු SBS සිංහල වෙතින්

මානසික ගැටලු වලින් පෙලෙන පුද්ගලයින් හට ශාරීරික රෝග වැළඳීමේ වැඩි ඉඩක් පවතී. එමෙන්ම මානසික ගැටලු සම්බන්ධයෙන් නොසලකා හැරීම ඔස්සේ එම තත්වය තවත් උග්‍ර වී වෙනත් ආබාධ ඇතිවීමේ හැකියාවක් තිබේ.නමුත් මානසික ගැටලු සඳහා නිශ්චිත කාලයේදී ප්‍රතිකාර කිරීම ඔස්සේ එය පාලනය කිරීමට හැකියාව හිමි වේ.

Mental health issues

Source: Pexels/Pixabay

Highlights
  • මානසික සෞක්‍ය ගැටලු සම්බන්ධයෙන් මුලින් හඳුනාගත් විට ඒවා මගහැරීමට පහසු වේ
  • නිසි උපකාර ලබාගැනීම ඔස්සේ මෙමගින් මිදීමට හැකි වේ
  • මානසික සෞක්‍ය ගැටළු සම්බන්ධයෙන් ආදරණීයයන් සමග කතා කිරීම යහපත් මූලික පියවරකි
 

වාර්ෂිකව, සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන්ම එක් අයෙක් විවිධ මානසික ගැටලු සඳහා මුහුණ දෙන අතර සියලුම ඕස්ට්‍රේලියානුවන්ගෙන් 45% පිරිසක් සිය ජීවිතයේ මොනයම් හෝ අවස්ථාවකදී මානසික රෝගයකින් පීඩා විඳින බවට අනාවරණය වී තිබේ.

ලොව පුරා පුද්ගලයින් සහ ඕස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් පීඩා විඳින මානසික සෞක්‍ය අබාධය වශයෙන්
Depression හෙවත් "මානසික අවපීඩනය" සහ Anxiety හෙවත් "කාන්සාව" හැඳින්විය හැක.

මානසික අවපීඩනයේ රෝග ලක්ෂණ

  • පුද්ගලයින් ඊට පෙර සිදු කල විනෝදාංශ ඇතුලු විවිධ ක්‍රියාකාරකම් මගින් තවදුරටත් සතුටක් නොලැබීම.
  • වෙනත් පුද්ගලයින් සමග සමාජගත වීමට මැලි කමක් දැක්වීම.
  • නිදාගැනීමේ රටාවේ විවිධ වෙනස්කම් ඇතිවීම.
  • වඩාත් කෝපයට පත් වීම.
  • වඩාත් කණගාටුවට පත් වීම.
  • තමාව අසාමාන්‍ය ලෙස ආරක්ෂා (defense) කරගැනීමට පෙළඹීම.
  • අන් අයගේ අදහස් වලට වඩාත් සංවේදී වීම.
  • වඩාත් ඉක්මනින් සංවේදී වීම.
විවධ පුද්ගලයින් අතර මෙම රෝග ලක්ෂණ විවිධාකාර වශයෙන් වෙනස් විය හැකි බව Macquarie විශ්ව විද්‍යාලයේ ආචාර්ය Maria Kangas පවසයි.

එමෙන්ම සමස්තයක් ලෙස ගත් කල මෙවැනි රෝගලක්ෂණ රාශියක් පැවතිය හැකි බවත් ඇය පවසයි.
Maria වැඩිදුරටත් සඳහන් කොට සිටින්නේ ඇතැම් පුද්ගලයින්ට යම් යම් වැරදි සිදු වේ යැයි පවතින බිය හේතුවෙන් කනස්සල්ල ඇති විය හැකි අතර තමන් දෙස වැරදි ලෙස සමාජයේ සෙසු පිරිස බලයි හෝ විවේචනය කරනු ඇතැයි යන බිය හේතුවෙන් සංකාව ඇතිවිය හැකි බවයි.

මෙම බිය සාමාන්‍ය නොවන අතර සාමාන්‍ය පුද්ගලයකු දක්වන බියකට වඩා විශාල බවත් ඇය පවසයි.
man depressed
Source: Pexels/Quintin Gellar
කාන්සාවේ පොදු ලක්ෂණ

  • කලබල වීම, නොසන්සුන් වීම හෝ ආතතිය දැනීම.
  • ඉදිරියේදී සිදුවිය හැකි අනතුරක්, භීතියක් හෝ විනාශයක් පිළිබඳ හැඟීම.
  • හෘද ස්පන්දන වේගය වැඩි වීම.
  • වේගයෙන් හුස්ම ගැනීම,දහඩිය දැමීම හෝ වෙව්ලීම.
  • දුර්වල කමක් හෝ වෙහෙස දැනීම.
  • කනස්සල්ලක් හැර වෙනත් කිසිවක් සම්බන්ධයෙන් සිතීමට අපහසු වීම.
  • නිදා ගැනීමට අපහසු වීම.
Beyond Blue හි සායනික උපදේශක වෛද්‍ය Grant Blashki පවසන්නේ මානසික ආතතිය හා බිය ඇති සෑම පුද්ගලයකු හටම මානසික සෞඛ්‍ය ගැටලු ඇති නොවන නමුත් මෙම රෝග ලක්‍ෂණ ඔවුන්ගේ එදිනෙදා ජීවිතයට බලපෑම් කිරීමට පටන් ගතහොත් වහාම ඔවුන් උපකාර පැතිය යුතු බවයි.

මෙවැනි අවස්ථාවකදී රැකියාවට යාමට නොහැකිවීම සහ නිවසේ කටයුතු කළමනාකරණය කරගැනීමට නොහැකි වීම වැනි මූලික රෝග අනතුරු ඇඟවීම් දැකිය හැකි බවත් ඔහු පවසයි.
people walking
Source: Getty Images/EschCollection
වෛද්‍ය Kangas පෙන්වා දෙන්නේ මානසික අවපීඩනය සහ කාංසාව පුද්ගලයෙකු පහසුවෙන් කෝපයට පත් කිරීමට හැකි බවයි. සමහර පුද්ගලයින් ඔවුන්ගේ කෝපය හා හැඟීම් පාලනය කර ගැනීමට උත්සාහ කිරීමේදී විවිධ ගැටළු ඇතිවිය හැකි බවත් ඇය පවසයි.

එවැනි අවස්ථාවකදී එම පුද්ගලයාගේ හැසිරීම සම්බන්ධයෙන් ඔවුන්ගේ පවුල් සාමාජිකයින් සහ ඥාතීන් ව්‍යාකුල වීමටද හැකියාවක් පවතී.

මෙම ආවේග පාලනය කිරීමට යොමුවීමේදී පුද්ගලයින් සූදු සඳහා ඇබ්බැහි වීම,මත්පැන් සඳහා සහ වෙනත් ඇබ්බැහිවීම් ද සිදුවිය හැකි බව ආචාර්ය Maria Kangas පවසයි.

රෝග ලක්ෂණ කලින් හඳුනාගැනීම

මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ ගෝලීය හා සංස්කෘතික මානසික ඒකකයේ ප්‍රධානී Harry Minas පවසන්නේ මෙම රෝග ලක්ෂණ පවතින පුද්ගලයින් හඳුනාගැනීමට ඔවුන්ගේ සමීපතමයින් හට හැකියාව පවතින බවයි.

එවැනි අවස්ථාවකදී එය නොසලකා හැරීම සිදු නොකළ යුතු අතර එම පුද්ගලයා සමග සමීපව කටයුතු කල යුතු බවත් ඔහු පවසයි.
red wine
Drinking excessively can make someone's depression worst. Source: Photo by Chitokan from Pexels
එමෙන්ම Harry Minas පෙන්වා දෙන්නේ එලෙස කටයුතු කිරීමේදී එම පුද්ගලයා හට සුවපහසුවක් දැනෙන පරිදි සහ එම පුද්ගලයා සම්බන්ධයෙන් උපහාසාත්මකව නොබලන බවට දැනෙන පරිදි කටයුතු කිරීමද ඉතා වැදගත් වන බවයි.

මානසික රෝග පිළිබඳව පවතින නොදැනුවත්කම සහ ලජ්ජාව

මහාචාර්ය Harry Minas වසර ගණනාවක් පුරා පොදුරාජ්‍ය මණ්ඩල සරණාගතයින් සහ රැකවරණ පතන්නන් සඳහා උපදේශකවරයකු වශයෙන් කටයුතු කරමින් සිටී.

ඔහු පෙන්වා දෙන්නේ විවිධ සංස්කෘතික පසුබිම් සහිත බොහෝ පිරිසක් මානසික රෝග පිළිබඳ පවතින නොදැනුවත්කම සහ ඒවා මගින් තමන් අපකීර්තියට පත්වේ යැයි යන බිය හේතුවෙන් ඔවුන් ඒ සඳහා උපකාර පැතීමට නොපෙළඹෙන බවයි.
Close up of Caucasian couple holding hands in coffee shop
باز کردن در گفت‌وگو با کسانی که با مشکلات روانی دست‌وپنجه نرم می‌کنند، می‌تواند آغاز خوبی برای پرداختن به مشکل باشد. Source: (Getty Images/PeopleImages)
එවැනි අවථාවලදී ඇතැම් පවුල් ඒ සම්බන්ධයෙන් පවතින ලැජ්ජාව හේතුවෙන් සමාජය සමග සිය සබඳතා අඩු කරන අතර මානසික අබාධයකින් පෙලෙන තම පවුල් සාමාජිකයා සඳහා නිසි ප්‍රතිකාර ලබාගැනීමට යොමු නොවේ.

කෙසේ නමුත් මහාචාර්ය Harry Minas පවසන්නේ මෙවැනි තත්වයකට මුහුණ දී සිටින පිරිසට පවුල් වෛද්‍යවරයා හමුවීමට අපහසුතාවයක් පවතී නම් Beyond Blue වැනි උපකාර ලබාගත හැකි සේවා රැසක් ඕස්ට්‍රේලියාවේ පවතින බවයි.

K10 quiz

Beyond Blue හි වෛද්‍ය Grant Blashki පෙන්වා දෙන්නේ, යම් අයකුට තමන් හට මානසික සෞඛ්‍යය සඳහා උපකාර අවශ්‍ය වන්නේද යන්න පිළිබඳව නිසි ලෙස දැනගැනීම සඳහා Beyond Blue වෙබ් අඩවියේ මාර්ගගත ප්‍රශ්නාවලියක් අන්තර්ගත වන බවයි.

මෙම මාර්ගගත ප්‍රශ්නාවලිය වශයෙන් හැඳින්වෙන අතර මෙහි ප්‍රශ්න 10ක් ඇතුලත් වේ. මේ සඳහා සම්බන්ධ වන පුද්ගලයා එම ප්‍රශ්න 10 සඳහා පිලිතුරු ලබාදීමෙන් අනතුරුව වහාම රෝගලක්ෂණ සම්බන්ධයෙන් ප්‍රතිචාර ලබාදීම සිදු වේ.
මෙහිදී mild හෙවත් මෘදු සහ average හෙවත් සාමාන්‍ය පරාසයකට ඔබේ ප්‍රතිඵලය පැමිණිය හොත් කිසිවක් සිදු නොකළයුතු වුවත් මේ COVID-19 කාලය තුලදී මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් සොයා බැලීම වැදගත් වන බව වෛද්‍ය Blashki පවසයි.

ඔහු සඳහන් කරන්නේ මේ හේතුවෙන් නිතිපතා ව්‍යායාමයන්හි නිරතවීමටත් ,දැඩි ලෙස මත්පැන් පානය නොකිරීමටත් සහ නිසි නින්දක් ලබාගැනීමටත් වගබලාගන්නා ලෙසයි.

නමුත් ඔබේ ප්‍රතිඵලය moderate හෙවත් මධ්‍යස්ත ප්‍රතිඵලයක් වුවහොත් Beyond Blue උපකාරක සේවාව ඇමතිය යුතු අතර severe හෙවත් දරුණු ප්‍රතිඵලයක් නම් පවුල් වෛද්‍යවරයා හමුවිය යුතු වේ.
Exercises that people with chronic diseases are able to do during a lockdown
Exercise releases chemicals like endorphins and serotonin that improve your mood. Source: (Getty Images/Boy_Anupong)
බොහෝ පිරිසක් පවුල් වෛද්‍යවරුන් යනු රුධිර පීඩනය සහ ශාරීරික ගැටලු වැනි සාමාන්‍ය ලෙඩ රෝග සම්බන්ධයෙන් වන වෛද්‍යවරුන් වශයෙන් සලකන නමුත් ඕස්ට්‍රේලියාව තුල පවුල් වෛද්‍යවරුන්, මානසික සෞඛ්‍ය ශ්‍රම බලකායේ ඉතා වැදගත් අංගයක් වේ.

ඔවුන්ට තම රෝගීන් හට "මානසික සෞඛ්‍ය සැලැස්මක්" ලබාදීමේ හැකියාව පවතින අතර ඒ ඔස්සේ ඔවුනට Medicare ආධාර සහිතව මනෝ වෛද්‍යවරයකු හමුවීමට හැකියාව හිමි වේ.

 


 

මානසික සෞඛ්‍යය සඳහා සහය ලබා ගැනීමට 13 11 14 Lifeline අමතන්න එසේත් නොමැතිනම් 1300 224 636 ඔස්සේ Beyond Blue අමතන්න.


වැඩි විස්තර සඳහා  වෙත පිවිසෙන්න.

 මගින් සංස්කෘතික හා භාෂාමය වශයෙන් විවිධ පසුබිම්වල සිටින පිරිස සඳහා උපකාර කිරීම සිදු කරයි.

හදිසි අවස්ථාවකදී 000 අමතන්න.

 


Share
Published 3 October 2021 10:34pm
Updated 12 August 2022 3:00pm
By Chiara Pazzano, Nipuna Dodangoda


Share this with family and friends