ICC යෙන් MCG තණතීරුවට අයහපත් වාර්තාවක්.

The MCG pitch used for the fourth Test has been labelled poor by the ICC.

Source: AAP

ඔස්ට්‍රේලියාවේ පළමු ටෙස්ට් ක්‍රීඩාංගණය මෙන්ම ලොව පැරණිතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාංගණයක් වන මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණතීරුව ටෙස්ට් තරග සඳහා තිබිය යුතු මට්ටමට වඩා ‘දුර්වල’ මට්ටමක ඇති බවට අන්තර්ජාතික ක්‍රිකට් සභාව වාර්තාවක් නිකුත් කරමින් පවසා තිබේ.

අළු බඳුන ටෙස්ට් තරගාවලිය යටතේ ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවති සිවුවැනි තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීමෙන් අනතුරුව දෙපිලේම නායකයින් විසින් තණතීරුව පිළිබඳ විවේචන එල්ල කළේය.

මෙල්බර්න් තණතීරුවෙන් පන්දු යවන්නන්ට කිසිම ආකාරයේ සහයෝගයක් නොලැබුණු බවට ඔවුන් දෙදෙනා ම චෝදනා එල්ල කළේය.
The MCG pitch used for the fourth Test has been labelled poor by the ICC.
Source: AAP
මෙල්බර්න් තණතීරුවේ පන්දුව ඉපිලීම මධ්‍යම මට්ටමේ තිබුණු බවත් තණතීරුව දිනෙන් දින මන්දගාමී වු බවත් මෙවර අළු බඳුන ටෙස්ට් තරගාවලියේ තරග තීරකවරයා වශයෙන් කටයුතු කරන රන්ජන් මඩුගල්ලේ මහතා සිය වාර්තාවේ සටහන් කර තිබිණ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් නිසි ප්‍රතිචාර දැක්වීම සඳහා ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයට සති දෙකක කාලයක් දී තිබේ.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නවතම නීති රීති වලට අනුව කිසියම් ක්‍රිකට් ක්‍රීඩාංගණයක තණතීරුවක් හෝ හතරේ සීමාව ඇතුළත පිටිය, ටෙස්ට් තරගයකට සුදුසු මට්ටමේ නොවේ නම් එම ක්‍රීඩාංගණ වලට අගති ලකුණු සටහන් කෙරේ.

ඒ අනුව  ‘below average’ තත්ත්වයේ පසුවනවානම් අගති ලකුණු දෙකක්ද ‘poor’ මට්ටමේ පවතිනවානම් අගති ලකුණු 3 ක්ද  ‘unfit’ මට්ටමේ පවතිනවානම් අගති ලකුණු 5 ක්ද අදාළ ක්‍රීඩාංගණයට ලැබේ.

වසර 5ක් තුළදී මෙවැනි අගති ලකුණු 5 ක් එක්වූවොත් එම ක්‍රීඩාංගණයේ අන්තර්ජාතික තරග පැවැත්වීම වසරකට තහනම් කිරීමට ICC යට හැකියාව පවතින බවද වාර්තා වේ.

කෙසේවෙතත්, අළු බඳුන ටෙස්ට් තරගාවලියේ අවසන් හෙවත් 5 වන ටෙස්ට් තරගය සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (04/01) ආරම්භ විය.


Share
Published 4 January 2018 12:00pm
Updated 4 January 2018 12:04pm
By Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends