ඔස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත් ලබාගන්නන් සඳහා දිරි දීමනා ලබා දීමට මධ්‍යම රජයේ සැලසුමක්

මැයි 20 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගය ලිපියක් ලෙසින් ඉදිරිපත් කෙරේ.

Incentives will be offered to get vaccinated when Australia's vaccine program opens up further

Source: AAP Image/EPA/GEORGI LICOVSKI

අවසන් පැය 24 තුළ ඔස්ට්‍රේලියාව පුරා කොරෝනා එන්නත් ලබා ගැනීමට වාර්තාගත පිරිසක් පැමිණීම

ඊයෙන් (19/05) අවසන් වූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාව පුරා කොරෝනා එන්නත් ලබා ගැනීම සඳහා වාර්තාගත පිරිසක් පැමිණ තිබෙනවා.

නමුත් එන්නත් කිරීමේ වැඩසටහන කෙරෙහි ඇති මෙම විශ්වාසය කොරෝනා එන්නත් ලබාගැනීම පිළිබඳ පැවැත්වූ මත වීමසීමට වඩා බොහෝ වෙනස්ය.

එම මත විමසුමෙන් පෙනී ගියේ ඔස්ට්‍රේලියානු වැඩිහිටියන්ගෙන් තුනෙන් එකක් කොරෝනා එන්නත ලබා ගැනීමට අකමැති බවයි.

බහු සංස්කෘතික නගරයක් වන Springvale හි පිහිටි Sandown තුරඟ තරග පිටිය ආශ්‍රිතව මහා පරිමාණ කොරෝනා එන්නත්කරණ මධ්‍යස්ථානයක් ඊයේ දිනයේදී විවෘත කෙරුණා.

ජනතාව මෙම එන්නත්කරණ මධ්‍යස්ථානය වෙත ගෙන්වා ගැනීමට ප්‍රජා නායකයින් වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇති බව Monash Health හි ආසාදන වැළැක්වීමේ වෛද්‍ය අධ්‍යක්ෂ මහචාර්ය Rhonda Stuart පැවසුවා.

කොරෝනා එන්නත ලබාගැනීම පිළිබඳව සිදුකළ නවතම මත විමසුමේ ප්‍රතිඵල

තමන් COVID-19 එන්නත ලබා නොගන්නා බව ඔස්ට්‍රේලියාවේ වැඩිහිටි පිරිසෙන් තුනෙන් එකක් පමණ පවසනවා.

Nine Entertainment විසින් ප්‍රකාශයට පත් කරන ලද අදාළ මත විමසුමේදී කොරෝනා එන්නතේ අතුරු ආබාධ පිළිබඳ ඔස්ට්‍රේලියානු ජනතාව තුළ සැක සංකා ඇති බව සොයාගෙන තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ දේශ සීමා වසා දමා තිබියදීත්, මෙම කොරෝනා එන්නත ලබා ගැනීමට ඉක්මන් නොවිය යුතු බවට බොහෝ දෙනා සිතන බවද එහිදී හෙළිවී තිබෙනවා.

කොරෝනා එන්නත ලබාගැනීම සඳහා ඕස්ට්‍රේලියානුවාසීන්ව උනන්දු කරවීමට ප්‍රචාරණ වැඩසටහන් ආරම්භ කළ යුතු කාලය දැන් එළඹ ඇති බව සිඩ්නි විශ්ව විද්‍යාලයේ එන්නත් පිළිබඳ විශේෂඥ මහාචාර්ය Julie Leask පවසනවා.

කොරෝනා එන්නත් ලබාගැනීම පිළිබඳ මෙම නව මත විමසුමේ ප්‍රතිඵල වැදගත් කොට නොසලකන බව ඔස්ට්‍රේලියානු අග්‍රාමත්‍ය Scott Morrison ප්‍රකාශ කර තිබෙනවා..

කොරෝනා එන්නත ලබා ගැනීමට අකමැති වැඩිහිටියන් සංඛ්‍යාව ගැන තමන් එතරම් තැකීමක් නොකරන බව අගමැති මොරිසන් 2-H-D ගුවන් විදුලියට පැවසුවා.

කොරෝනා එන්නත ලබා ගැනීමට ඉදිරිපත් නොවී ඇතැම් දෙනා පසු බැසීම සෑම රටකම අභියෝගයක් බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Josh Frydenberg සඳහන් කළා.

කොරෝනා එන්නත ලබාගත් පුද්ගලයින් දේශීයව හෝ ජාත්‍යන්තරව ගමන් කරන විට ඔවුන් සඳහා ඇති නීති හෝ සීමාවන් පිළිබඳ වෙනස්කම් දැකීමට අපට ඉදිරියේදී හැකිවනු ඇති බව ද ඔහු කියා සිටියා.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ එන්නත්කරණ වැඩසටහන තවදුරටත් විවෘත වන විට එන්නත් ලබා ගැනීම සඳහා පුද්ගලයින්ට දිරි දීමනා ලබා දෙන බව ඔහු Channel Nine සේවයට පැවසුවා.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


කෙසේනමුත්, ඔස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත්කරණ වැඩසටහන පිළිබඳ විශ්වාසයේ සංඥාවක් ලෙස ඊයෙන් අවසන් වූ පැය 24 තුළ වාර්තාගත 95,000 ක ජනතාවක් කොරෝනා එන්නත ලබා ගැනීමට ඉදිරිපත් වී තිබෙනවා.

මේ වන විට ඔස්ට්‍රේලියාව පුරාම එන්නත් මාත්‍රා මිලියන 3.28 ක් ලබා දී ඇති බව සඳහන්.

වයස අවුරුදු 50 ට වැඩි ඔස්ට්‍රේලියානුවාසීන්ට AstraZeneca එන්නතට වඩා Pfizer හෝ Moderna එන්නත් ලබා දීමෙන් ඇතිවී ඇති ගැටළු නිරාකරණය වේ දැයි සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt ගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියා.

අදාළ වයස් ඛාණ්ඩයේ පුද්ගලයින්ව වහාම කොරෝනා එන්නත ලබා ගැනීම සඳහා උනන්දු කරවීමට අවශ්‍ය බව ඔහු එහිදී පැවසුවා.

මේ වසර අග භාගය වන විට සෑම ඔස්ට්‍රේලියානුවාසියෙකුටම ප්‍රමාණවත් තරම් Pfizer සහ Moderna වැනි mRNA වර්ගයේ කොරෝනා එන්නත් ලබා දීමට සැපයුම වැඩි කර ඇති බව ද සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt ප්‍රකාශ කළා.

ප්‍රාදේශීය නිරෝධායන මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා වූ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජයේ යෝජනාව

Toowoomba අසල ප්‍රාදේශීය නිරෝධායන මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා වූ යෝජනාවක් සම්බන්ධයෙන් ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජය සහ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අතර මත ගැටුමක් හටගෙන තිබෙනවා.

වික්ටෝරියානු ප්‍රාන්ත රජය විසින් කරන ලද එවැනිම යෝජනාවක් ඉතා පුළුල් බව අග්‍රාමාත්‍යවරයා විසින් පසුගිය අඟහරුවාදා පැවසූ අතර ක්වීන්ස්ලන්තයේ මෙම සැලැස්මේ එතරම් විස්තර නොමැති බව ප්‍රකාශ කළා.

අගමැති මොරිසන්ට Toowoomba නිරෝධායන මධ්‍යස්ථානය පිළිබඳ වැඩි විස්තර අවශ්‍ය නොවන බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අගමැතිනී  Annastacia Palaszczuk පැවසුවා.

තමන් සහය දෙන හොඳම ප්‍රාදේශීය නිරෝධායන මධ්‍යස්ථානය පිළිබඳ අගමැතිවරයා තෝරාගැනීම් කරන බවට ද ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අගමැතිනීය චෝදනා කරනවා.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජයේ මෙම යෝජනාව අගමැති මොරිසන් විසින් වඩාත් බැරෑරුම් ලෙස විමසා බැලිය යුතු බව භාණ්ඩාගාරික කටයුතු පිළිබඳ විපක්ෂයේ නියෝජිත Jim Chalmers පැවසුවා.


ඔස්ට්‍රේලියාවේ COVID-19 වසංගතයට ප්‍රතිචාර වශයෙන් දැනට ක්‍රියාත්මක සෞඛ්‍ය සහ උපකාරක පියවර පිළිබඳ සිංහල භාෂාවෙන් දැනුවත් වීම සඳහා www.sbs.com.au/coronavirus වෙබ් අඩවියේ සිංහල භාෂා කොටස වෙත පිවිසෙන්න.


 

 


Share
Published 20 May 2021 1:08pm
By Madhura Seneviratne

Share this with family and friends