මෙල්බර්න් නුවරදී ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් විසින් කොරෝනා නීති උල්ලංඝනය කිරීමක් සම්බන්ධව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවධානය (SBS සිංහල/ වාර්තා)

The Indian board has launched an investigation after players on the Indian cricket team were photographed breaching Cricket Australia's biosecurity protocols.

The Indian board has launched an investigation after players on the Indian cricket team were photographed breaching Cricket Australia's biosecurity protocols. Source: Twitter

මේ දිනවල ඔස්ට්‍රේලියාවේ තරග සංචාරය කරන ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් විසින් සිදුකරන ලද ජෛව ආරක්ෂණ ප්‍රොටෝකෝලයන් උල්ලංඝනය කිරීමක් පිළිබඳව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විමර්ශනයක් කරනු ඇති බවද සඳහන්.

Rohit Sharma සහ Rishabh Pant ඇතුළු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු මෙල්බර්න් අවන්හලක මේසයක වාඩි වී සිටින අයුරු දැක්වෙන වීඩියෝවක් Navaldeep Singh ගේ ට්විටර් ගිණුමේ පළ කර තිබේ.

අදාළ පිරිසේ බිල්පත තමන් ගෙවූ බවත් අනතුරුව Rishabh Pant ව වැළඳගත් බවත් පසුගිය සිකුරාදා (01/01) Navaldeep Singh සඳහන් කර තිබුණි.

නමුත් වැළඳගැනීමක් නොවූ බවත් ක්‍රීඩකයන් දුරස්ථව සිටින බවත් සෙනසුරාදා (02/01) ඔහු කියා සිටියේය.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


 

මෙම තරගාවලිය ටෙස්ට් තරග 4 කින් සමන්විත වන අතර ඒ සියලු තරග පැවැත්වෙන්නේ ජෛව ආරක්ෂණ නීතිරීතිවලට අනුකූලවය.

එමෙන්ම අද කණ්ඩායම් දෙකම මෙල්බර්න් නුවර සිට සිඩ්නි නුවරට පිටත්ව ගොස් ඇති අතර සිඩ්නි නුවර මේ වන විට ඇති කොරෝනා තත්ත්වය නිසා එම ජෛව ආරක්ෂණ නීතිරීති තදින්ම ක්‍රියාත්මක වන බවද වාර්තා වේ.

ඒ අනුව ක්‍රීඩකයන්ට සහ කාර්ය මණ්ඩලයට හෝටලයෙන් පිටවීමට අවසර දී ඇති නමුත් එළිමහනේ ආහාර ගත යුතුය.

සිව්වන ටෙස්ට් තරගය සඳහා කණ්ඩායම් දෙකෙහි ක්‍රීඩකයින්ට සිඩ්නි සිට බ්‍රිස්බේන් දක්වා ගමන් කිරීමට අදාළ ක්වීන්ස්ලන්ත රජයේ අවසරය ගැනීම පිණිස  Cricket Australia ආයතනයට මෙම ප්‍රොටෝකෝල උපකාර වී තිබේ.

මෙම කාර්තුවේ BBL තරගාවලියේදී Chris Lynn සහ Dan Lawrence ජෛව ආරක්ෂණ නීති උල්ලංඝනය කළා යයි පවසා Brisbane Heat  කණ්ඩායමට $50,000 ක්ද ක්‍රීඩකයින් දෙදෙනා හට එක් අයෙකුට $10,000 බැගින් දඩ නියම කිරීමට Cricket Australia ආයතනය පියවර ගත්තේය.

මේ අතර එංගලන්තයේ වේග පන්දු යවන ක්‍රීඩක Jofra Archer ද තම කණ්ඩායම හෝටල් අතර ගමන් කිරීමේදී තම නිවසේ නැවතුණා කියා ජෛව එය ආරක්ෂණ නීති උල්ලංඝනය කිරීමක් ලෙස සලකා ඔහුට එක් ටෙස්ට් තරගයක් තහනම් කෙරුණි.
Australian players congratulate India as India win the match during day four of the second Test Match between Australia and India at The MCG, Melbourne
Australian players congratulate India as India win the match during day four of the second Test Match between Australia and India at The MCG, Melbourne Source: AAP

වැරැද්දක් කළ බවට තීරණය කිරීම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අතේ

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් අදාළ දිනයේ කොරෝනා නීති උල්ලංඝනය කළාද නැතිද යන්න පිළිබඳ සොයා බලා තීරණය කිරීම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ වගකීමකි.

එහිදී යම් ක්‍රීඩකයකු කොරෝනා නීති උල්ලංඝනය කර ඇත්නම් ලබාදෙන දඬුවම පිළිබඳවත් සලකා බැලෙනු ඇත.

සිඩ්නි කොරෝනා පොකුරු ක්‍රමිකව වර්ධනය වීමත් සමග එම කලාපයේ කොරෝනා ආසාදිතයින් වැඩිවීමක් දක්නට ලැබේ.

ඒ හේතුවෙන් අද (04/01) සිට Greater Sydney කලාපයේ වැසියනට නිවසින් බැහැරව යාමේදී මුව ආවරණ පැළඳීම අනිවාර්ය වේ.

එමෙන්ම එළිමහනේ පැවැත්වෙන උත්සව සඳහා සහභාගී විය හැකි උපරිම පිරිස 2000 කි.

තෙවැනි ටෙස්ට් තරගය

ජනවාරි 07 වන දින තෙවැනි ටෙස්ට් තරගය සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වන අතර එය නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂක සංඛ්‍යාව දිනකට 20,000 ක් දක්වා කප්පාදු කර තිබේ.

මෙම තරගය නරඹන්නන් හට COVID-19 වයිරසය වැළදීම මෙම ක්‍රීඩාංගනය තුළ ඉතා ඉහළ සම්භාවිතාවකින් සිදුවිය හැකි බව ඔස්ට්‍රේලියානු වෛද්‍ය සංගමයේ සභාපති Omar Khorshid පැවසීය.

ප්‍රවේශපත්‍ර කවුළු අසල පෝලිම් සැදී සිටීම, ආහාර පාන වෙළෙඳ සැල් අතර දිගු පෝලීම් වල සිටීම වැසිකිලි භාවිතා කිරීමත් ප්‍රේක්ෂකයින් බහුතරයක් පොදු ප්‍රවාහන ජාල භාවිතා කිරීමත් එම අවදානම තවත් ඉහළ නැංවීමට පිටුවහලක් වේ.

එනිසා සෞඛ්‍යයට පළමුව ඉඩ දී තුන්වන ටෙස්ට් තරගය රූපවාහිනියෙන් නරඹමු යනුවෙන් ඔහු ප්‍රේක්ෂකයින් ගෙන් ඉල්ලා සිටියි.

Share
Published 4 January 2021 6:33pm
By Madhura Seneviratne
Source: AAP, SBS


Share this with family and friends