ඕස්ට්‍රේලියානු වීසා අවලංගු කිරීමේ බලතල වැඩිකරගැනීමට රජය ගත් උත්සාහය විපක්ෂ කණ්ඩායම් විසින් පරාජය කරයි (SBS සිංහල වාර්තා)

ඕස්ට්‍රේලියානු නීතියට අනුව බරපතල වැරදි සිදු කල පුද්ගලයින්ගේ වීසා බලපත් අවලංගු කිරීම සඳහා ඕස්ට්‍රේලියානු රජයට හිමිවන බලතල වැඩි කිරීම සම්බන්ධයෙන් වන යෝජනාව සෙනට් සභාවේදී පරාජයට පත්ව තිබේ. මෙමෙ යෝජනාවෙන් ඉදිරියේදී සුලු වැරදි සහිත පිරිසගේද වීසා අවලංගු වීමට ඉඩකඩ පවතින අතර ගෘහස්ත හිංසනයට මුහුණ දුන් පිරිසට අනවශ්‍ය බලපෑම් එල්ල විය හැකි බව විපක්ෂය පවසයි.

Labor's Home Affairs spokesperson Kristina Keneally at a press conference at Parliament House in Canberra.

Labor's Home Affairs spokesperson Kristina Keneally at a press conference at Parliament House in Canberra. Source: AAP

Highlights

  • චරිත පරීක්ෂණ හරහා ඕස්ට්‍රේලියානු වීසා අවලංගු කිරීම සඳහා වන බලතල පිළිබඳව වන යෝජනාව 
  • මෙම යෝජනා පිළිබඳව විපක්ෂයේ මතය 
  • මෙම යෝජනා පිළිබඳව ආගමන අමාත්‍යවරයාගේ  මතය 
  • යෝජනා පිළිබඳව රාජ්‍යතාන්ත්‍රික වශයෙන් අවධානය

චරිත පරීක්ෂණ හරහා ඕස්ට්‍රේලියානු වීසා අවලංගු කිරීම සඳහා වන බලතල පිළිබඳව වන යෝජනාව

පුද්ගලයින්ගේ චරිතය පදනම් කරගනිමින් එම පුද්ගලයින් ගේ ඕස්ට්‍රේලියානු වීසා අවලංගු කිරීම සහ ප්‍රතික්ෂේප සඳහා වන වැඩි බලතල ලබාදීම සම්බන්ධයෙන් මෙම යෝජනාවේ පවතී.

චරිත පරීක්ෂණ ශක්තිමත් කිරීමේ අරමුණින් වන සංක්‍රමණික සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඊයේ (20) දිනයේදී ඡන්ද විමසීම පැවති අතර මෙහිදී කම්කරු සහ ග්‍රීන්ස් පක්ෂ සාමාජිකයින් සහ ස්වාධීන සෙනෙට් සභික Rex Patrick ඊට විරුද්ධව චන්දය ප්‍රකාශ කොට තිබේ.

මෙම යෝජිත නීතියට අනුව, ඕස්ට්‍රේලියානු නීතියෙන් යම් පුද්ගලයකු ගෘහස්ත හිංසනය හෝ ලිංගික අපරාධ වැනි දරුණු අපරාධ සඳහා වරදකරු බවට පත් වී ඇත්නම් එම පුද්ගලයාගේ වීසා බලපත්‍රය අහෝසි කිරීමටත් එම පුද්ගලයාට සිරදඩුවම් ලබාදීමටත් හැකියාව පවතී. එමෙන්ම මෙය ඕස්ට්‍රේලියානු පුරවැසියන් නොවන පිරිස සඳහා මෙය බලපැවැත්වේ.

ඕස්ට්‍රේලියාවේ දරුණු අපරාධ සඳහා සම්බන්ධ පුද්ගලයින් රටින් පිටුවහල් කිරීමට සහ ඔස්ට්‍රේලියාවට ඇතුළුවීම වළක්වාලීමට මෙම යෝජනාව 2019 වසරේදී ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය පළමු වරට සිදු කොට තිබේ.

මෙම යෝජනා පිළිබඳව විපක්ෂයේ මතය

කෙසේ නමුත් මේ යෝජනා ඔස්සේ සුලු වැරදි සහිත පිරිසද රටින් පිටුවහල් කිරීමේ අවදානමක් පවතින බව විපක්ෂය පවසයි.

යෝජිත නීති සම්බන්ධයෙන් සාකච්චා සිදු කිරීමට වූ යෝජනා ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය ඉවතලීමත් සමග කම්කරු පක්ෂ ස්වදේශ කටයුතු ප්‍රකාශිකා Kristina Keneally ඒ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු මධ්‍යම රජයට චෝදනා එල්ල කොට තිබේ.
එමෙන්ම මේ වනවිටත් චරිත පදනම් කරගනිමින් වීසා බලපත්‍ර අවලංගු කිරීමට අමාත්‍යවරයා හට බලතල පවතින අතර අදාළ නීතිය සම්බන්ධයෙන් වන ගැටලු විසඳි නොමැති බව Kristina Keneally සෙනට් සභාව තුලදී පෙන්වා දී තිබේ.
මේ ක්‍රියාව පවුල් හිංසනයට ගොදුරු වුවන් හට යහපත් ප්‍රතිපල ලබාදීමට වඩා, ඕස්ට්‍රේලියානු අගමැතිවරයාගේ දේශපාලන ක්‍රීඩාවක් වන බවද ඇය සඳහන් පවසයි.

කෙසේ නමුත් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය සඳහන් කොට ඇත්තේ ගෘහස්ත හිංසනයට ගොදුරු වුවන් හට නිසි සහනයක් ලබාදීම මේ තුල පැවතියේ නම් මෙම යෝජනා සඳහා පක්ෂව ඡන්ද හිමි වීමට ඉඩ තිබු බවයි.

මෙම යෝජනා පිළිබඳව ආගමන අමාත්‍යවරයාගේ මතය

මෙම යෝජනා සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු නීතියට අනුව බරපතල වැරදි සිදු කරන පුද්ගලයින් රටින් පිටුවහල් කිරීම සඳහා වන නීතියට කුමන හේතුවක් මත විරුද්ධ වන්නේද ලෙස ඕස්ට්‍රේලියානු ආගමන අමාත්‍ය Alex Hawke කම්කරු පක්ෂයෙන් ප්‍රශ්න කොට සිටී.

එමෙන්ම මේ සම්බන්ධයෙන් සෘජු විස්තරයක් සිදු කල අතර කම්කරු පක්ෂයට මේ පිළිබඳව සොයා බැලීමට ප්‍රමාණවත් කාලයක් ලබාදුන් බවත් ඔහු පවසයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ මෙවැනි බරපතල වැරදි සිදු කල පුද්ගලයින් මගින් ඕස්ට්‍රේලියානු ප්‍රජාවට දැඩි තර්ජනයක්ද එල්ල විය හැකි බවයි.
Minister for Immigration Alex Hawke.
Minister for Immigration Alex Hawke, Source: AAP
පවුල් හිංසනයක්, ශාරීරික හානියක් හෝ මානසික සෞඛ්‍යය සඳහා සිදු කරන හානියක් සම්බන්ධයෙන් මෙම අදාළ නීති ක්‍රියාත්මක වන බවට ඊයේ දිනයේදී රජය මෙම සංශෝධන ඔස්සේ ඉදිරිපත් කොට තිබේ.

මේ සඳහා කිසි ලෙසකින්වත් සුලු අපරාධ ඇතුලත් නොවන බව ආගමන අමාත්‍ය Alex Hawke පෙන්වා දෙයි.

ඊයේ පැවති ඡන්ද විමසීමේදී 25ට 25ක් වශයෙන් පක්ෂව සහ විපක්ෂව මෙමෙ යෝජනා සඳහා ඡන්ද ප්‍රකාශය සිදු වූ අතර මේ හේතුවෙන් එම යෝජනා නැවතත් පහල මන්ත්‍රී මන්ධලය වෙත යොමු කිරීමට නියමියි.

මේ වනවිට ඕස්ට්‍රේලියානු සංක්‍රමණ පනතේ 501 වන වගන්තිය යටතේ වීසා අවලංගු කිරීම් බොහොමයක් සිදු වේ. නමුත් මෙම බලතල ඔස්සේ , බරපතල වැරදි සිදු කල හෝ බරපතල වැරදි සිදු කල කණ්ඩායම් සඳහා සහාය ලබාදුන් බවට හඳුනාගන්නා ඕස්ට්‍රේලියානු පුරවැසියන් නොවන පුද්ගලයින්ගේ වීසා අවලංගු කිරීමට හැකියාව පවතී.

ඕස්ට්‍රේලියානු සංක්‍රමණ පනතේ 501 වන වගන්තිය යටතේ 2020/21 වසරේදී විසා අවලංගු කිරීම් 946ක් සිදු වූ අතර වීසා ප්‍රතික්ෂේප කිරීම් 785 සිදුව තිබේ.

නමුත් 2012/13 වසරේදී පුද්ගල චරිත පදනම් කරගනිමින් වීසා අවලංගු කිරීම් 139ක් සිදුව ඇති අතර 2016/17 වසරේදී එම ගණන 1,278 දක්වා ඉහල ගොස් තිබේ.

යෝජනා පිළිබඳව රාජ්‍යතාන්ත්‍රික වශයෙන් අවධානය

මෙම වීසා අවලංගු කිරීමේ ප්‍රවේශය සම්බන්ධයෙන් රාජ්‍යතාන්ත්‍රික වශයෙන්ද අවධානය එල්ලවෙමින් පවතී.
සිය ජීවිතයේ වැඩි කාලයක් ඕස්ට්‍රේලියාවේ ගත කළ නවසීලන්ත පුද්ගලයින් පිටුවහල් කිරීමේ ප්‍රවේශය පිළිබඳව නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය වන Jacinda Ardern ද සිය විරෝධය ඕස්ට්‍රේලියානු රජයට ප්‍රකාශ කොට තිබේ.
2020/21 කාලයේදී නවසීලන්ත වැසියන් 402කුගේ වීසා ඔස්ට්‍රේලියාව අවලංගු කොට තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කම්කරු පක්ෂ ස්වදේශ කටයුතු ප්‍රකාශිකා Kristina Keneally පෙන්වා දෙන්නේ විසා අවලංගු කිරීමේ ක්‍රියාවලිය ක්‍රමයෙන් නරක අතට පත්වන බවට නවසීලන්ත රජයද සිය කනස්සල්ල පලකරන බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ග්‍රීන්ස් පක්ෂ සෙනට් සභික Nick McKim පෙන්වා දෙන්නේ මෙම යෝජනා ඔස්සේ මහජන ආරක්ෂාවට වඩා සංක්‍රමණිකයින් අපකීර්තියට පත්කිරීමක් වන බවයි. මේ ඔස්සේ සංක්‍රමණිකයින් අධිකරණ ක්‍රියාවලියකට යොමු නොකොට නීතියේ අධිපත්‍යය මගහැරීමක් සිදු වන බවද ඔහු පවසයි.

වීසා අවලංගු කිරීමේ ක්‍රියාකාරී කණ්ඩායම ඇතුළුව උපදේශක කණ්ඩායම් ද පෙන්වා දෙන්නේ චරිත පරීක්ෂණ අසමත් වීම සඳහා වන ප්‍රවණතාවයක් මෙම යෝජනා ඔස්සේ දැකිය හැකි බවයි.

එමෙන්ම මෙම යෝජනා ඉදිරියට නොයාම සරණාගතයින් සඳහා වන සම්පත් මධ්‍යස්ථානය ද පිළිගෙන තිබේ.


 

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්න

  • SBS Radio APP එකෙන් (Free)
 


Share
Published 21 October 2021 12:51pm
Updated 21 October 2021 1:25pm
By Tom Stayner
Source: SBS News


Share this with family and friends