ඔබේ ක්ෂේස්ත්‍රයේ රැකියාවක් ඕස්ට්‍රේලියාව තුල සොයාගැනීමට කලයුතු දේ පිළිබඳ SBS සිංහල වෙතින්

ඕස්ට්‍රේලියාව තුල ස්ථිර පුහුණු සංක්‍රමණිකයින් සෑම සිව් දෙනෙකුගෙන් එක් අයෙකුම තම කුසලතා මට්ටමට වඩා අඩු රැකියාවන්හි නිරත වන අතර එමගින් ඕස්ට්‍රේලියානු ආර්ථිකයෙන් එම සේවකයින්ට හිමිවිය යුතු ඩොලර් බිලියන ගණනක වැටුපක් ඔවුනට අහිමිව ගොස් ඇති බව වාර්තාවක් හෙළිකොට තිබේ. නමුත් නව සංක්‍රමණිකයින් හට ඔවුන්ගේ කුසලතාවයන්ට හා පළපුරුද්දට ගැලපෙන රැකියා සෙවීම සඳහා විශේෂඥයින් විවිධ ක්‍රම යෝජනා කොට තිබේ.

white hats - Architects working on a building design

Architects working on a building design Source: Anamul Rezwan/Pexels

ප්‍රධාන කරුණු

  • ස්ථිර පුහුණු සංක්‍රමණිකයින්ගෙන් සෑම සිව් දෙනෙකුගෙන් එක් අයෙකුම පමණ ඔවුන්ගේ වර්තමාන රැකියාවට වඩා වැඩි සුදුසුකම් ලබා ඇතැයි වාර්තාවක් පවසයි.
  • ඕස්ට්‍රේලියාවේ රැකියා පළපුරුද්දක් නොමැතිකම සහ භාෂා දුෂ්කරතා බොහෝ විට විශාලතම බාධකය වේ.
  • අවශ්‍ය ඕනෑම තීරණයක් හෝ බලපත්‍රයක් ලබා ගැනීම වැදගත් වන අතර ඇතැම් විට ආරම්භය සඳහා පියවරක් පසුපසට ගැනීම අවශ්‍ය විය හැකි බව ප්‍රවීණයන් පවසයි.

electrical engineer
مهاجران فقدان تجربه کاری محلی و مشکلات زبانی را موانع اصلی استخدام خود در حوزه تخصص شان می‌دانند. Source: Pexel/Pixabay
2021 මාර්තු මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද ඕස්ට්‍රේලියානු ආර්ථික සංවර්ධන කමිටුවේ (CEDA) වාර්තාවකට අනුව, ඕස්ට්‍රේලියාවේ ස්ථිර පුහුණු සංක්‍රමණිකයින්ගෙන් සෑම සිව් දෙනෙකුගෙන් එක් අයෙකුම පමණ ඔවුන්ගේ වර්තමාන රැකියාවට වඩා වැඩි සුදුසුකම් ලබා ඇතැයි හෙළිකොට තිබේ.

එම වාර්තාව පෙන්වා දෙන්නේ නිපුණතා හා රැකියා අතර ඇති නොගැලපීම හේතුවෙන් 2013 සහ 2018 යන වසර අතර කාලය තුළදී ඕස්ට්‍රේලියානු ආර්ථිකයෙන් එම සේවකයින්ට හිමිවිය යුතු ඩොලර් බිලියන 1.25 ක පමණ වැටුපක් ඔවුනට අහිමිව ගොස් ඇති බවයි.

මෙම තත්වය මත ඕස්ට්‍රේලියානු ආර්ථිකයට ලැබීමට තිබු ඵලදායිතාව සහ නවෝත්පාදන සහායද අහිමිව ඇති අතර එමගින් ඕස්ට්‍රේලියානු ආර්ථිකයට දැඩි බලපෑමක් සිදුව ඇති බවද ඕස්ට්‍රේලියානු ආර්ථික සංවර්ධන කමිටුවේ එම වාර්තාව පෙන්වා දෙයි.

දේශීය රැකියා පළපුරුද්ද නොමැති වීම

සිය ක්ෂේස්ත්‍රයේ රැකියා සොයාගැනීම සඳහා ප්‍රධාන වශයෙන්ම ඕස්ට්‍රේලියාවේ රැකියා පළපුරුද්ද නොමැතිකම සහ මෙරට රැකියා ජාල වෙත ප්‍රවේශ වීමට වන නොහැකියාව බලපාන අතර භාෂා දුෂ්කරතාවයද බලපාන බව හඳුනාගෙන තිබේ.

රැකියා සඳහා වන මාර්ග අවබෝධ කරගැනීම

Settlement Services International හි ජ්‍යෙෂ්ඨ රැකියා මෙහෙයුම් සම්බන්ධීකාරක David Forbes පවසන්නේ, අලුතින් ඔස්ට්‍රේලියාවට පැමිණි පුහුණු සංක්‍රමණිකයින් තම රැකියා ලබාගන්නා ආකාරය ක්‍රියාත්මක වන අයුරු පිළිබඳව දැනගෙන සිටීම අතිශය වැදගත් වන බවයි.

එමෙන්ම ඔහු පවසන්නේ බොහෝ විට ඕස්ට්‍රේලියාව තුල පවතින කුසලතාවයන්ගෙන් යුත් රැකියා වඩාත් සංකීර්ණ වන බවයි.

Fred Molloy ලියාපදිංචි සංක්‍රමණ නියෝජිතයෙකු වන අතර Konnecting Group හි කළමනාකාර අධ්‍යක්‍ෂවරයා ලෙසද කටයුතු කරයි.
engineer planning a dam
An engineer planning a dam. Source: ThisIsEngineering/Pexels


Konnecting Group යනු ඔස්ට්‍රේලියාව තුල දේශීයව ලබා ගත නොහැකි කුසලතා ලබා ගැනීමට සේවා යෝජකයන්ට උපකාර කරන බඳවා ගැනීමේ ආයතනයක් වේ.

බලපත්‍ර ලබා දීම, ලියාපදිංචිය සහ පුහුණුව

ඔස්ට්‍රේලියාවට පැමිණි නව සංක්‍රමණිකයින් හට අදාළ රැකියා සඳහා විශේෂිත බලපත්‍රයක් හෝ ලියාපදිංචි වීමක් සිදු කිරීමට අවශ්‍ය නම් එය හැකි ඉක්මනින් සිදු කිරීම අත්‍යවශ්‍ය වන බව Fred Molloy පවසයි.

මෙහිදී බොහෝ අවස්ථාවන්හිදී යම් ක්ෂේස්ත්‍රයන්හි රැකියා සඳහා ඔස්ට්‍රේලියාව තුල White card හෝ Blue cards ලබාගැනීමටත් විවිධ සහතික ලබාගැනීමටත් අවශ්‍ය වන අතර දරුවන් සම්බන්ධයෙන් වන රැකියා සඳහා ඒ සඳහා වන සහතික ලබාගැනීමට අවශ්‍ය වන බව ඔහු පවසයි.

ඕස්ට්‍රේලියානු රැකියා වෙළඳපොල සඳහා සුදුසු CV එකක් සැකසීම

Nadina Benvenisti යනු CV සකසන්නියක වන අතර ඇය වෘත්තීය පුහුණුකරුවෙකු සහ NB Career Consulting හි බඳවා ගැනීමේ විශේෂඥවරියක වශයෙන් සේවය කරයි.

රැකියා සොයන පිරිස සඳහා ඇය සහාය දක්වන අතර සේවා යෝජකයින් සමග කටයුතු කොට ඔවුනට නිසි රැකියා සොයාගැනීමට උපකාර කරයි.

තම CV එක තුල අදාළ මුලික වචන නොයෙදීම බොහෝ රැකියා අයදුම්කරුවන් සේවා යෝජකයින්ගෙන් ප්‍රතික්ෂේප වීමට බලපාන බව ඇය පවසයි.

එමෙන්ම ඇය පෙන්වා දෙන්නේ රැකියා සඳහා වන දැන්වීම් පිළිබඳව දැඩි අවධානයක් යොමු කිරීම සහ ඒ තුල පවතින වචන සහ දැන්වීම පලකොට ඇති ක්‍රමයට අනුගතව CV එක සැකසිය යුතු බවයි.

Abby Josie ඉදිකිරීම් ව්‍යාපෘති කළමණාකාරිනියක සහ සංවර්ධන කළමනාකාරිනියක ලෙස කටයුතු කරයි.

ඇය වසර 16ක කාලයක් ඉන්දියාවේ සහ සෞදි අරාබියේ ගෘහ නිර්මාණ ශිල්පිනියක සහ සැලසුම් කළමණාකාරිනියක ලෙස සේවය කොට ඇති අතර සංවර්ධන හා ව්‍යාපෘති කළමනාකරණය ඇතුළු විවිධ රැකියා ස්ථාන වල කටයුතු කොට තිබේ.

Abby Josie 2020 වසරේ පෙබරවාරි මසදී ඔස්ට්‍රේලියාවට පැමිණ ඇති අතර වෘත්තීය උපදේශිකාවකගේ සහාය ඇතිව ජුනි මාසය වනවිට රැකියාවක් ලබා ගෙන තිබේ.

ඇය පවසන්නේ එම වෘත්තීය උපදේශකවරිය සිය CV එක නැවත සම්පුර්ණයෙන්ම සකස් කල අතර, රැකියාවට බඳවාගන්නන් එය කියවීමට කටයුතු නොකරන බවත් එය පරිගණක පද්ධතියක් හරහා ගමන් කරන බවත් තමන්ට පැවසූ බවයි. මේ හේතුවෙන් CV එක තුල අදාළ වචන පැවතිය යුතු බවද වෘත්තීය උපදේශකවරිය පැවසූ බව Abby සඳහන් කරයි.

Abby උදාහරණයක් වශයෙන් පවසන්නේ තමන් රැකියා සිදු කල වෙනත් රටවල 'project proposal report' ලෙස හැඳින්වූ දෙය ඔස්ට්‍රේලියාව තුල 'business case’ ලෙස හඳුන්වන බවයි.
resume writing
Source: Ron Lach/Pexels

අදාළ රැකියා සඳහා පමණක් අයදුම් කිරීම

Nadina Benvenisti සඳහන් කොට සිටින්නේ යම් අයකු අදාළ රැකියා සඳහා පමණක් අයදුම් කිරීම අත්‍යවශ්‍ය වන බවයි.

අයදුම් කරන්නා අදාළ රැකියා දැන්වීමේ එන අවශ්‍යතා, ඔවුනගේ විදේශීය පළපුරුද්දට අනුගත වන්නේද යන්න සම්බන්ධයෙන් තහවුරු කරගතයුතු බවද ඇය පවසයි.

පුද්ගලයින් දැන්වීම් පලකොට ඇති ඕනෑම රැකියාවක් සඳහා අයදුම් කිරීමට පෙළඹෙන අතර එය අයදුම්කරන්නාගේ රැකියා අපේක්ෂාව සඳහා අහිතකර විය හැකි බවද ඇය පවසයි.

එමෙන්ම යම් රැකියා අයදුම් කරන්නකුගේ CV එකක් අදාළ රැකියාව සඳහා නොගැලපෙන්නේ නම් හෝ එම අයදුම්කරන්නා රැකියා දැන්වීම නිසි ලෙස කියවා නොමැති බවට හැඟෙන්නේ නම් සේවා දායකයින් එවැනි CV blacklist කිරීමද සිදුකරන බව Nadina Benvenisti පෙන්වා දෙයි.

පියවරක් පසුපසට ගැනීම

Fred Molloy පවසන්නේ ඔස්ට්‍රේලියාවට පැමිණෙන නව සංක්‍රමණිකයින්, ඕස්ට්‍රේලියානු කර්මාන්ත ප්‍රමිතීන් සහ රැකියා සංස්කෘතිය අවබෝධ කර ගැනීම සඳහා මුලින්ම පියවරක් පසුපසට ගැනීම වැදගත් වන බවයි.

ඇතැම් අවස්ථාවන්හිදී ඔවුන් ස්ථිර පදිංචි වීසා බලපත්‍රයක් සමඟ ඔස්ට්‍රේලියාවට පැමිණීම සිදු කරයි. නමුත් ඔවුන්ට නිශ්චිත රැකියාවක හෝ වෙළඳාමක නියුතු වීමට බලපත්‍රයක් නොමැති අතර ඔවුන් මෙහිදී සහායක තනතුරු සඳහා බඳවාගැනීම සිදුවිය හැකි බවද Fred Molloy පවසා සිටී.

ඔහු පෙන්වා දෙන්නේ ඕස්ට්‍රේලියානු රැකියා සංස්කෘතිය සම්බන්ධයෙන් අවබෝධයක් ලබාගැනීමට සහ මෙරට පළමු රැකියා පියවර වශයෙන් එය හොඳ අදහසක් වන බවයි.
phone call
Source: Ono Kosuki/Pexels

රැකියා සඳහා සම්බන්ධතා ගොඩනැගීම

රැකියා අයදුම්කරුවන් අන්තර්ජාලය හරහා රැකියා සඳහා ඉල්ලුම් කිරීම වෙනුවට බඳවා ගන්නන් සමග සෘජු සම්බන්ධතා පැවැත්වීම වැදගත් වන බව Nadina Benvenisti පෙන්වා දෙයි.

ඇය පවසන්නේ LinkedIn වෙබ් අඩවිය එලෙස ව්‍යාපාර සහ සේවා දායකයින් සමග සම්බන්ධතා පැවැත්වීමට මේ වනවිට හොඳ මෙවලමක් වී ඇති බවයි.
engineers planning
Source: Pixabay
එමෙන්ම යම් රැකියා දැන්වීමක දුරකථන අංකයක් පවතී නම් එම අංකයට කතා කොට ඔවුන් සමග කතා කිරීම සහ සබඳතා ගොඩනඟා ගැනීම වැදගත් වන බවද Nadina Benvenisti පවසයි.

SSI හි David Forbes පවසන්නේ ඔස්ට්‍රේලියාවට පැමිණෙන දක්ෂ සංක්‍රමණිකයින් නිවැරදි රැකියාව සොයා ගත් පසු ඕස්ට්‍රේලියානු සංවිධාන සඳහා ඔවුන්ට ලබා දීමට බොහෝ දේ ඇති අතර විදේශීය රැකියා අත්දැකීම් ඇති නිසා තීරණාත්මක ගැටලු විසඳීමට පවා ඔවුන්ට නව ක්‍රම තිබෙන බවයි.

එමෙන්ම ඔස්ට්‍රේලියාවට පැමිණෙන දක්ෂ සංක්‍රමණිකයින් සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ආකල්ප පිළිබඳව ඕස්ට්‍රේලියානු සේවා යෝජකයින් තෘප්තිමත් වන බවද David Forbes පවසයි.


ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ "Settlement Guide" සතිපතා විශේෂාංගය ට සවන්දෙන්න සෑම අඟහරුවාදා දිනකම පෙරවරු 11 සිට


SBS සිංහල සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

  • ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 105.5 fm ACT
  • රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2
  • අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhalese
  • SBS Radio APP (නොමිලේ Download කරගන්න)
 

 


Share
Published 15 August 2021 4:59pm
Updated 12 August 2022 3:06pm
By Chiara Pazzano, Nipuna Dodangoda


Share this with family and friends