වික්ටෝරියා ප්‍රාන්තයට අද බලපෑ රික්ටර් මාපාංකයේ 5.9 ක භූමිකම්පාව තවත් ප්‍රාන්ත වලටද පැතිර ගිහින්

භූමිකම්පාවේ කේන්ද්‍රය මෙල්බර්න් නගරයට ඊසාන දෙසින් 180 ක් දුරින් පිහිටි Mansfield වේ.

Damage to the exterior of Betty’s Burgers on Chappel Street in Windsor following the earthquake.

Damage to the exterior of Betty’s Burgers on Chappel Street in Melbourne following the earthquake. Source: AAP

අද - සැප්තැම්බර් 22 දා ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර සම්මත වේලාවෙන් පෙරවරු 9.15ට පමණ වික්ටෝරියා ප්‍රාන්තයේ රික්ටර් පරිමාණ 5.9 ක භූමිකම්පාවක් වාර්තා විය. 

භූමිකම්පාවේ බලපෑම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි, ACT හි කැන්බරා මෙන්ම තස්මේනියා ප්‍රාන්තයේ ලොන්සෙස්ටන් නගරය ට ද දකුණු ඔස්ට්‍රේලියාවට ද දැනී ඇතැයි වාර්තා වේ. 

මෙම භූමිකම්පාවේ කේන්ද්‍රය මෙල්බර්න් නගරයට ඊසාන දෙසින් 180 km ක් පමණ ඈතින් පිහිටි මෑන්ස්ෆීල්ඩ් නම් ප්‍රදේශයේ වූ බව ඕස්ට්‍රේලියාවේ භූ විද්‍යා ආයතනය පවසයි.

පළමු කම්පනය සිදුවී විනාඩි 15 - 20 ත් අතර කාලයකපසුව තවත් සුළු පසු කම්පන දෙකක් මෙල්බර්න් හි ඇතැම් ප්‍රදේශ වලට දැනී ඇතැයි වාර්තා වේ. 

මෙල්බර්න් නගර සීමාවට අයත් Chapel Street සහ South Yarra ප්‍රදේශ වල ගොඩනැගිලිවලට සිදුවුණු හානි සමාජ මාධ්‍ය ඔස්සේ මෙලෙස වාර්තා වී තිබිණ.
මෙය මේ දක්වා ඔස්ට්‍රේලියාවට බලපෑ ප්‍රභලම භූමි කම්පාව බවද වාර්තාවේ.

මීට පෙර 1989 වසරේදී නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ නිව්කාසල් ප්‍රදේශයට බලපෑ රික්ටර් දර්ශකයේ 5.6 ක් ලෙසට සනිටුහන්වුනු භූ කම්පනය මෙතෙක් වාර්තා වුනු ප්‍රභලම භූමි කම්පාව ලෙසට වාර්තා වී තිබිණ. එම සිදුවීමෙන් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණු බවද අතීත තොරතුරු වාර්තා සනාථ කොට සිටී. 

මෙම භූමි කම්පාවෙන් කිසිඳු සුනාමි අවදානමක් නොමැති බව ඕස්ට්‍රේලියානු කාලගුණ විද්‍යා කාර්යාංශය නිවේදනය කොට සිටී.

මෙම සිදුවීමෙන් කිසිඳු පුද්ගල ජීවිත හානියක් හෝ තුවාල සිදුවීමක් පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැත. 

UPDATE

අද පෙරවරුවේ ඊසානදිග වික්ටෝරියා ප්‍රාන්තයට බලපෑ රිච්ටර් මාපක 5.9 ක භූ කම්පනයේ පසු භූ කම්පන දින කිහිපයක් හෝ සති ගණනක් පැවතිය හැකි බවට වික්ටෝරියා හදිසි කළමනාකරණ කොමසාරිස් ප්‍රාන්ත වැසියන්ට අනතුරු අඟවයි.

වික්ටෝරියා ප්‍රාන්ත නියෝජ්‍ය අගමැති James Merlino පවසන පරිදි මෙම භූමි කම්පාවෙන් Kensington, Ascot Vale, Prahran, Balwyn, Elsternwick, Northcote සහ West Melbourne යන නගරවල ගොඩනැගිලි වලට සුළු අලභාහනි සිදුව ඇතැයි වාර්තා වී තිබේ.

එසේම Dandenong, Mansfield සහ Benalla යන නාගරික ප්‍රදේශ වල සිද්ධි පාලන කළමනාකරණ මධ්‍යස්ථාන පිහිටුවා තිබේ.

එසේම අද උදෑසන සිදුවුණු මෙම භූමි කම්පාවෙන් විදුලි පාරිභෝගිකයින් 35,000 කට පමණ විදුලිය විසන්ධි වීම් වලට මුහුණ දීමට සිදුව තිබේ. ඒවා බොහොමයක් මේ වන විට යතා තත්වයට පත්කොට ඇත. එසේම ඇතැම් ප්‍රදේශ වල TELSTRA දුකථන වලද යම් විසන්ධි වීමක් සිදුව ඇති අතර එයද මේ වන විට යතා තත්වයට පත්කොට ඇති බව ද සඳහන්.


ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්න

  • SBS සිංහල Facebook පිටුවට
  • SBS සිංහල වෙබ් අඩවියෙන්
  • SBS Radio APP එකෙන් (Free)

Share
Published 22 September 2021 12:58pm
Updated 12 August 2022 3:00pm
By Dijana Damjanovic, Dinesha Dilrukshi Wijesuriya
Source: SBS News


Share this with family and friends