මෙල්බර්න් යළිත් lockdown කිරීමෙන් මානසික සෞඛ්‍ය ගැටලු උග්‍ර විය හැකි බවට බියක් (SBS සිංහල/ වාර්තා)

Victoria Police officers and healthcare workers line up outside a public housing tower in North Melbourne.

Victoria Police officers and healthcare workers line up outside a public housing tower in North Melbourne. Source: AAP

කොරෝනා වයිරසය පැතිරීම යළි හිස එසවීම හේතුවෙන් මෙල්බර්න් නුවරට පනවා ඇති lockdown කිරීම, මෙල්බර්න් ජනයාගේ මානසික සෞඛ්‍ය ගැටලු උග්‍ර කළ හැකිය යන බිය මතුව තිබේ.


 

SBS සිංහල සේවය

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download)


 

විශේෂයෙන් සමාජයේ අවදානමට ලක්විය හැකි ජන කොටස් මේ සඳහා දැඩිව ගොදුරු විය හැකි බව අපේක්ෂා කරයි.
A new program to dispel myths among Melbourne public housing residents about the COVID-19 vaccine
A new program to dispel myths among Melbourne public housing residents about the COVID-19 vaccine Source: AAP

මෙල්බර්න් lockdown කිරීමෙන් මානසික සෞඛ්‍ය ගැටලු උග්‍ර විය හැකි බවට බියක්

මෙල්බර්න් නුවර නගර සභා 31 ක් සහ Mitchell Shire කලාපය ඊයේ (08/07) මධ්‍යම රාත්‍රියේ සිට නැවත lockdown කර තිබේ.

ඒ අනුව පසුගිය මාර්තු මාසයේ ක්‍රියාත්මක වූ අයුරින් ඉහත සඳහන් කළ ප්‍රදේශ වල 3 වන මට්ටමේ කොරෝනා නීති සති 6 ක් යනතුරු ක්‍රියාත්මක කෙරේ.

මිලියන 5 කට ආසන්න ජනතාවක් මෙම lockdown කිරීමට නතුව ඇති අතර මෙනිසා එම ජනතාව අතර මානසික සෞඛ්‍ය ගැටලු උග්‍ර විය හැකි බවට බියක් මතුව ඇත.


 

SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)


 

දෙවන වරටත් lockdown කිරීම පහසු නොවනු ඇති බව සිඩ්නි විශ්ව විද්‍යාලයේ මොළය සහ මනස පිළිබඳ මධ්‍යස්ථානයේ මහාචාර්ය Ian Hickie පැවසුවේ ය.

"එය පහසු වනු ඇතැයි කිසිවෙකු පවසන බව මා අසා නැත" යනුවෙන් ඔහු SBS පුවත් සේවයට පැවසීය.

"සෑම දෙනාම ආරම්භයේදීම සූදානම්ව සිටියා, මන්ද අපට එක්සත් ජනපදය හෝ එක්සත් රාජධානිය මෙන් වීමට අවශ්‍ය වුණේ නැහැ.  නමුත් දැන් ආයෙමත් මුල ඉඳන් පටන් ගන්න වෙලා, මෙල්බර්න් හි මෙම දැඩි lockdown කිරීමත් සමඟ, ආර්ථික බලපෑම සහ වෙනත් දේ කඩාකප්පල් වන්නේ කෙසේද යන්න පිළිබඳව ජනතාව වඩාත් දැනුවත්" යනුවෙන් මහාචාර්ය Ian Hickie වැඩි දුරටත් පැහැදිලි කළේය.
Former national mental health commissioner Ian Hickie.
Professor Ian Hickie, the former mental health commissioner, said people needed to buy into the reasons for the lockdown. Source: SBS News

මානසික සෞඛ්‍ය ගැටළු ඇතිවීමට හේතු

තමන්ගේ රැකියා පිළිබඳ ඇති අවිනිශ්චිතභාවය ආර්ථිකය පිළිබඳ ඇති අඳුරු ස්වභාවය නිසා බොහෝ පුද්ගලයින් හට ගැඹුරු මානසික පීඩනයක්, කාන්සවක් ඇතිවෙමින් තිබෙන බව මහාචාර්ය Hickie පැවසීය.

කොරෝනා වසංගතය ආරම්භයේ සිට පසුගිය වසරට සාපේක්ෂව Lifeline සේවාව හට සහය ඉල්ලා ලැබුණු දුරකථන ඇමතුම් සංඛ්‍යාව 25% කින් පමණ ඉහළ ගිය බවද ඔහු දැක්වීය.

එමෙන්ම Beyond Blue සේවාව හටද සහය ඉල්ලා ලැබුණු දුරකථන ඇමතුම් සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව 40% කින් පමණ ඉහළ ගොස් තිබේ.

වර්තමාන තත්ත්වය සඳහා නිශ්චිත ප්‍රජාවන් ඉලක්ක කර දොස් පැවරීමෙන් වැළකී සිටීම ඉතා වැදගත් බව මහාචාර්ය Hickie පැවසීය.

මානසික සෞඛ්‍යය සම්බන්ධයෙන් ගත් කල, මිනිසුන්ට සහ විශේෂිත ප්‍රජාවන්ට දොස් පැවරීමට වඩා සාමූහිකව ක්‍රියා කිරීම සහ එකිනෙකාට සහයෝගය දැක්වීම වැදගත් බවද ඔහු පෙන්වා දුන්නේය.

ඇතැම් ඉංග්‍රීසි නොවන පසුබිමකින් යුත් කණ්ඩායම් වලට කොරෝනා වසංගතය පැතිර යාම සම්බන්ධයෙන් දොස් පවරා ඇති බවත් අප එවැනි කණ්ඩායම් පිටුපස පෙළ ගැසිය යුතු බවත් මහාචාර්ය Hickie පැහැදිලි කළේය.

ජුනි මස අග දී මෙල්බර්න් හි කොරොන වයිරසය යළි හිස එසවීම නිසා තමන්ව අපකීර්තියට පත්වූ බවටත් හුදකලා කළ බවටත් සංක්‍රමණික ප්‍රජාවන් සිය කණගාටුව පළ කළේය.

කොරොන වසංගතයට ප්‍රතිචාර දැක්වීමේ සැලසුම් සංවර්ධනය කිරීමේදී සංක්‍රමණික ප්‍රජාවන්ගෙන් උපදෙස් ලබා නොගත් බවට මධ්‍යම රජයට ද චෝදනා එල්ලවුණු නමුත් එම විවේචනවලින් ආරක්ෂා වීමට ෆෙඩරල් රජයට ද සිදුවිය.

කොරෝනා වසංගතය හේතුවෙන් මධ්‍යම රජය අමතර ඩොලර් මිලියන 500 ක මුදලක් මානසික සෞඛ්‍ය ආධාර සේවා සඳහා ආයෝජනය කර ඇත.
Sinhalese
Source: SBS Sinhala

Share
Published 9 July 2020 10:44am
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends