Family-sponsored visa හරහා ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට ඇති අවස්ථා පිළිබඳ SBS සිංහල වෙතින්

මෙම වසර තුලදී ඕස්ට්‍රේලියානු වාර්ෂික ස්ථිර සංක්‍රමණික සංක්‍යාවෙන් අඩකටත් වඩා Family-sponsored visa හරහා ලබාදීමට නියමිතව ඇති අතර මේ ඔස්සේ විශාල පවුල් සංක්‍යාවකට ඔස්ට්‍රේලියාව තුල නැවත එක්වීමට අවස්ථාව සැලසේ. කෙසේ නමුත් මෙම කාණ්ඩයේ ඇතැම් වීසා ලබාදීමට වසර කිහිපයක් ගතවිය හැකි අතර ඇතැම් වීසා ලබාදීමට දශක කිහිපයක් ගතවීමටද ඉඩ පවතී.

SBS Malayalam

Source: Getty Images/FotografiaBasica

2021-22 මුල්‍ය වර්ෂය සඳහා වන ඕස්ට්‍රේලියානු සංක්‍රමණ වැඩසටහනේ ස්ථිර පදිංචිය සඳහා වන ස්ථාන 160,000ක් පවතින අතර ඉන් අඩක් පමණ පවුල් වීසා කාණ්ඩය සඳහා වෙන් කොට තිබේ.

ඒ අනුව Family Stream සඳහා පවතින ස්ථාන 77,300න් Partner visa කාණ්ඩය සඳහා ස්ථාන 72,300ක් සහ Parent visa කාණ්ඩය සඳහා ස්ථාන 4,500ක් පවතී. එමෙන්ම සෙසු පවුල් සාමාජිකයින් සඳහා ස්ථාන 500ක් වෙන් කොට තිබේ.


ප්‍රධාන කරුණු

  • 2021-22 මුල්‍ය වර්ෂය සඳහා වන Family Stream වීසා ප්‍රධාන වශයෙන්ම Partner visa කාණ්ඩය පිලිබන්දව අවධානය යොමු කොට තිබේ.
  • දෙමාපියන් හට වීසා අයදුම් කිරීමේ මාර්ග 7ක් පවතින අතර Balance of family test යන පරීක්ෂණ නිර්ණායක සපුරාලිය නොහැකි පිරිස සඳහා එක් වීසා අයදුම් කිරීමේ මාර්ගයක් පවතී.
  • Carer වීසා ලබාදීමට වසර 4යි මාස 6ක පමණ කාලයක් ගතවිය හැකි අතර Relative visa ලබාදීම සඳහා වසර 50ට වැඩි කාලයක් ගතවිය හැක.

Partner visa

Partner visa අයදුම්කරුවන්, එම වීසා අයදුම් කරන අවස්ථාවේදී ඔස්ට්‍රේලියාව තුල සිටී නම් 820/801 උප පන්තියේ වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කල හැකි අතර ඕස්ට්‍රේලියාවෙන් පිටත සිටී නම් 309/100 උප පන්තියේ වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කල හැක.

Visa Plan හි ප්‍රධාන සොලිසිටර් James Bae සඳහන් කොට සිටින්නේ Partner visa කාණ්ඩය සඳහා අයදුම් කරන පුද්ගලයා ඕස්ට්‍රේලියානු ස්ථිර පදිංචිකරුවකු හෝ ඕස්ට්‍රේලියානු පුරවැසියකු සමග විවාහ වී හෝ de facto සම්බන්ධතාවයක සිටී නම් එම පුද්ගලයා එම වීසා කාණ්ඩය සඳහා සුදුසුකම් ලබන බවයි.

මේ ඔස්සේ ඕස්ට්‍රේලියානු ස්ථිර පදිංචිය ලබාගැනීම සඳහා සාමාන්‍යයෙන් වසර 3ත් 4ත් අතර කාලයක් ගතවන බවද ඔහු සඳහන් කොට සිටී.

Prospective Marriage හෙවත් "අපේක්ෂිත විවාහ" 300 උප පන්තියේ වීසා ඔස්සේ ඕස්ට්‍රේලියානු පුරවැසියෙකුට හෝ ස්ථිර පදිංචි කරුවෙකුට තම අනාගත සහකරුට හෝ සහකාරියට තාවකාලිකව ඔස්ට්‍රේලියාවට ඇතුළුවීමට අවසර ලබාදිය හැක. ඉන් අනතුරුව එම පුද්ගලයාට තම සහකරුවා හෝ සහකාරිය විවාහ කරගැනීමට මාස 9ක කාලයක් ලබා දේ.
couple holding hands sunset
A partner visa can lead directly to permanent residency if a couple has lived together for 3 years or lived together for 2 years and has a child. Source: Getty Images/Tim Robberts

ඉන් අතරුව එම සහකරුවාට හෝ සහකාරියට 820/801 යන වීසා උප කාණ්ඩ හරහා Partner visa සඳහා අයදුම් කල හැක.

කෙසේ නමුත් මෙම වීසා බලපත්‍රය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී එය ව්‍යාජ නොවන බවට සහතික කිරීම සඳහා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැඩි ලෙස පරීක්‍ෂා කරන බවද James Bae සඳහන් කොට සිටී.


 මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


ඔහු වැඩිදුරටත් සඳහන් කොට සිටින්නේ මෙලෙස අයදුම් කල විසා සඳහා වන සාක්ෂි වශයෙන් ඡායාරූප සහ හවුල් බැංකු ප්‍රකාශන වලට වඩා වැඩි යමක් අවශ්‍ය වන බවයි.

Partner visa සඳහා අයදුම් කිරීමට සාමාන්‍යයෙන් පියවර දෙකක් පවතී.

ඒ අනුව පළමුවෙන්ම වීසා උප පන්ති 820 හෝ 309 යටතේ තාවකාලික Partner visa ලබාදේ. ඉන් අනතුරුව වීසා උප පන්ති 801 හෝ 100 යටතේ ස්ථිර වීසා ලබාදීම සිදු වේ.

කෙසේ නමුත් මෙම තාවකාලික සහ ස්ථිර වීසා සඳහා වන අයදුම්පත එකම පෝරමයක් මගින් සිදු වේ.

එමෙන්ම පළමුව ලබාදෙන තාවකාලික වීසා සඳහා වන අයදුම්පත පළමුව තක්සේරු කරන අතර ස්ථිර වීසා සඳහා වන අයදුම්පත එම තාවකාලික වීසා ලබාදීමෙන් මාස 24 පසුව තක්සේරු කිරීම සිදු වේ.

VisaEnvoy හි ආගමන නීතිඥ Ben Watt සඳහන් කොට සිටින්නේ ඇතැම් අවස්ථා වලදී මෙම අයදුම් කරුවන් සඳහා තාවකාලික වීසා ලබාදීමක් සිදු නොකොට සෘජුවම ස්ථිර වීසා ලබා දීමද සිදු වන බවයි. වීසා අයදුම්කරුවා සිය වීසා අනුග්‍රාහකයා සමග දිගු කාලීන සම්බන්ධතාවයක් පවත්වා ඇති බවට සාක්ෂි පවතින අවස්ථාවලදී මෙවැන්නක් සිදු වන බව ඔහු පවසයි.
male family members airport
Sponsored Parent (Temporary) Visa Subclass 870 is for families who have difficulties passing the balance of family test. Source: Getty Images/Jose Luis Pelaez Inc

Parent visa

James Bae පෙන්වා දෙන්නේ ඔබට ඔබේ දෙමාපියන් ඔස්ට්‍රේලියාවට ගෙන ඒමට අවශ්‍ය නම් එම වැඩපිළිවෙල ආරම්භ වන්නේ Balance of family test නොහොත් පවුලේ සමතුලිතතා පරීක්‍ෂණයෙන් බවයි.

මෙම පරීක්ෂණ නිර්ණායක සපුරාලීම සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණීමට නියමිත දෙමාපියන්ගේ දරුවන්ගෙන් හෝ සුළු දරුවන්ගෙන් (stepchildren) අඩකට වඩා ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය හෝ ස්ථිර පදිංචිය හිමි වුවන් විය යුතු වේ.

ඔස්ට්‍රේලියාවට පැමිණීමට බලාපොරොත්තු වන දෙමාපියන් හට වීසා අයදුම් කිරීමේ මාර්ග 7ක් පවතින අතර Balance of family test යන පරීක්ෂණ නිර්ණායක සපුරාලිය නොහැකි පිරිස සඳහා ඒ අතර එක් වීසා විකල්පයක් පවතී.

එම විකල්පය විසා උප පන්ති 870 Sponsored Parent (Temporary) Visa කාණ්ඩය වන අතර එය 2019 වසරේදී හඳුන්වාදීම සිදු විය.
මෙම වීසා බලපත්‍රය වසර 3 සිට 5 දක්වා කාලයකට හිමි විය හැකි අතර අයදුම්කරුවන් හට $5,000 සහ $10,000 ක මුදල අනුපිළිවෙලින් වාරික දෙකක් යටතේ ගෙවීම සිදු කල හැක.

Balance of family test පරීක්‍ෂණයේ නිර්ණායක සපුරන දෙමාපියන් සඳහා වීසා අයදුම් කිරීමේ මාර්ග 6ක් පවතින අතර ඒවා දෙමාපියන් ඔස්ට්‍රේලියාව තුල හෝ පිටත සිටීම සහ වයස / මුල්‍ය තත්වය මත පදනම්ව පවතී.

Contributory Parent visa නොහොත් දායක වීසා මාර්ග සඳහා වසර 5ක වැනි කෙටි කාලීන සැකසුම් කාලයක් පවතින අතර එහි පිරිවැය අයදුම්කරුවකු සඳහා $48,000 පමණ වේ. එමෙන්ම මෙහිදී අයදුම් කරුවන් හට වීසා පියවර දෙකක් තෝරාගත හැක.

අඩු වියදමක් සහිත වීසා මාර්ගය වශයෙන් වීසා උප පන්ති 103 (Parent Visa) සහ වීසා උප පන්ති 804 (Aged Parent Visa) තෝරාගත හැකි අතර එහි පිරිවැය $6,415 පමණ වේ. කෙසේ නමුත් මෙම වීසා සැකසීමේ කාලය අවසන් වීමට වසර 30ක පමණ කාලයක් ගතවේ.

විශ්‍රාම යාමේ වයසට වඩා වැඩි සහ ඔස්ට්‍රේලියාව තුල රැඳී සිටින දෙමාපියන් හට Parent visa අයදුම් කල හැකි වේ.

VisaEnvoy හි ආගමන නීතිඥ Ben Watt පවසන්නේ ඕස්ට්‍රේලියාව සමඟ අන්‍යෝන්‍ය සෞඛ්‍ය ආරක්ෂණ ගිවිසුම් ඇති රටවල සිට Visitor visa යටතේ ඔස්ට්‍රේලියාවට පැමිණි දෙමාපියන් හට වීසා උප පන්ති 804 (Aged Parent Visa) යටතේ අයදුම් කිරීම හොද විකල්පයක් විය හැකි බවයි.

ඔහු පවසන්නේ කෙසේ නමුත් ඉන්දියාව සහ චීනය වැනි රටවල් ඕස්ට්‍රේලියාව සමඟ අන්‍යෝන්‍ය සෞඛ්‍ය ආරක්ෂණ ගිවිසුම් වලට එළැඹී නොමැති බවයි.

මෙලෙස ඕස්ට්‍රේලියාව සමඟ අන්‍යෝන්‍ය සෞඛ්‍ය ආරක්ෂණ ගිවිසුම් සඳහා එළඹි රටවල් 11ක් පවතින අතර එම රටවල සංචාරය කරන ඕස්ට්‍රේලියානුවන් හට වෛද්‍ය වියදම් පියවීම සිදු නොවේ.

බෙල්ජියම, ෆින්ලන්තය, ඉතාලිය, මෝල්ටාව, නෙදර්ලන්තය, නවසීලන්තය, නෝර්වේ, අයර්ලන්තය, ස්ලෝවේනියාව, ස්වීඩනය සහ එක්සත් රාජධානිය එම රටවල් වේ.
asian young family on the bed
There are 3 permanent options for children: child visa, orphan relative visa and adoption visa Source: Getty Images/seksan Mongkhonkhamsao

Child Visa

බොහෝ අවස්ථා වලදී දරුවන් දෙමාපියන්ගේ වීසා සඳහා ඇතුලත් කල හැකි වේ.

නමුත් Partner visa අයදුම් කරන්නන්, ඔස්ට්‍රේලියාව තුල රැඳී සිටින සහ ඔවුන්ගේ දරුවා ඕස්ට්‍රේලියාවෙන් පිටත රැඳී සිටින අවස්ථාවකදී, Partner visa අයදුම් කල පුද්ගලයා හට තාවකාලික වීසා ලබාදීමෙන් අනතුරුව වීසා උප පන්ති 445 (Dependent Child Visa) යටතේ දරුවාට තාවකාලිකව ඔස්ට්‍රේලියාවට ගෙන්විය හැක.

කෙසේ නමුත්, දරුවා සහ වීසා අනුග්‍රාහකයා අතර පවතින සම්බන්ධතාවය මත පදනම්ව අයදුම් කරන්නා හට ස්ථිර විකල්ප තුනක් පවතී. ඒවා child visa, orphan relative visa, and adoption visa වේ.
old woman embracing younger woman
Processing time for carer visa applications is approximately 4 ½ years Source: Getty Images/Jasmin Merdan

Relative Visa

ඔබේ තත්වය මත පදනම්ව ඥාතීන්ට ඕස්ට්‍රේලියාවේ පදිංචිය සඳහා පැමිණීමට අනුග්‍රහාය දැක්වීමටද හැකියාව පවතී.

ඔබට යම් සෞඛ්‍යමය ගැටලුකාරී තත්වයක් පවතී නම් Carer visa සඳහා ඔබේ ඥාතියකු හට ඔස්ට්‍රේලියාවට පැමිණීමට අනුග්‍රහාය දැක්වීමට හැකියාව පවතී. කෙසේ නමුත් ඒ ඔස්ට්‍රේලියාව තුල සිටින ඔබේ පවුලේ වෙනත් අයකුට ඔබට රැකවරණය ලබාදීමට හෝ ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍යසේවා වලින් ඔබට ප්‍රතිකාර ලබාදීමට නොහැකි අවස්ථා වලදී වේ.

ඒ අනුව වයස අවුරුදු 18 වඩා වැඩි ඥාතියකු හට වීසා උප පන්ති 116 සහ 836 යටතේ අනුග්‍රහාය දැක්විය හැක.

මෙම රැකවරණ වීසා බලපත්‍ර සැකසීම සඳහා දල වශයෙන් වසර 4යි මාස 6ක පමණ කාලයක් ගතවේ.

Relative සහ Aged Dependent Relative යන සෙසු වීසා අයදුම් කිරීමට ඕස්ට්‍රේලියාවේ පදිංචි ඥාතීන් හට හැකියාව පවතී.

නමුත් මෙම වීසා බලපත්‍රය සඳහා ඕස්ට්‍රේලියාව තුල සිට සහ ඕස්ට්‍රේලියාවෙන් පිටත සිට අයදුම් කල හැක.

කෙසේ නමුත්, මේ වනවිට පවතින වීසා බලපත්‍රයේ 'no work' කොන්දේසිය පවතී නම් Relative Visa අයදුම් කිරීමෙන් පසු ඉදිරියේදී ලැබෙන bridging visa බලපත්‍රයටද එම කොන්දේසිය අදාළ වීම මත ඒ සම්බන්ධයෙන් අයදුම් කරන්නන් සැලකිලිමත් විය යුතු වේ.

ඇතැම් Relative Visa බලපත් සැකසුම් කාලය අවුරුදු 50ට වඩා වැඩි විය හැකි හෙයින් එය අභියෝගාත්මක විය හැක.


 මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


ඔබේ පවුල් වාතාවරණයට වඩාත් සුදුසු වීසා බලපත්‍රය කුමක්දැයි දැන ගැනීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ පිවිසෙන්න.

 

 


Share
Published 9 August 2021 8:28am
Updated 12 August 2022 3:06pm
By Josipa Kosanovic, Nipuna Dodangoda


Share this with family and friends