ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් හට නොමිලයේ ලබා දෙන ඉංග්‍රීසි පාඨ මාලාවේ විශාල සංශෝධනයක් (SBS සිංහල/ වාර්තා)

Adult Migrant English Program

Source: Getty Images

ඔස්ට්‍රේලියාවට පැමිණෙන ස්ථිර සංක්‍රමණිකයින්ට නොමිලේ ලබාදෙන ඉංග්‍රීසි භාෂා පන්ති සඳහා ප්‍රවේශය වැඩිපුර ලබා දීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර ඇත.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


 

මේ සම්බන්ධයෙන් වූ නීති සංශෝධන ඊයේ (10/12) පස්වරුවේදී ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවේ සම්මත විය.
In this file photo dated Monday, June 8, 2020, passengers wearing face masks arrive at London's Heathrow Airport. The two-week quarantine period that travelers arriving in England from a destination not on the British government’s coronavirus safe list co
Source: AAP Image/AP Photo/Matt Dunham

ස්ථිර සංක්‍රමණිකයින්ට වැඩිපුර ඉංග්‍රීසි පන්ති

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් ඔස්ට්‍රේලියාවට පැමිණෙන ස්ථිර සංක්‍රමණිකයින්ට නොමිලයේ ඉංග්‍රීසි භාෂාව ඉගෙනීමට අවස්ථාව සලසා තිබේ.

මෙය Adult Migrant English Program හෙවත් AMEP ලෙස හඳුන්වයි.

එම ඉංග්‍රීසි භාෂා පාඨ මාලාව සඳහා එක් අයෙකුට මෙතෙක් පැවතියේ පැය 510 කි.


 

SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


 

නමුත් එම පැය 510 සීමාව ඊයේ ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවේදී සම්මත කරගත් 2020 ඔස්ට්‍රේලියාවේ සංශෝධිත ආගමන පනතින් ඉවත් කෙරුණි.

AMEP වැඩසටහනට ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ සිදුකළ විශාලතම සහ කැපී පෙනෙන සංශෝධනය ලෙස ද මෙය හැඳින්වේ.

මෙම පැය 510 සීමාව ඉවත් කිරීම නිසා ඔස්ට්‍රේලියාවට පැමිණෙන ස්ථිර සංක්‍රමණිකයින්ට වැඩි පැය ගණනක් නොමිලයේ ඉංග්‍රීසි භාෂාව ඉගෙනීමට අවස්ථාව AMEP වැඩසටහන යටතේ ලැබේ.
Acting Immigration Minister Alan Tudge
Acting Immigration Minister Alan Tudge. Source: AAP

සංශෝධන අදාළ වන්නේ කා හටද හා කෙලෙසද?

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් හට ලබාදෙන ඉංග්‍රීසි අධ්‍යාපනය පුළුල් කිරීම සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය කොටස් තුනක ව්‍යාපෘතියක් දියත් කිරීමට තීරණය කළේය.

මෙම සංශෝධනය ඉන් පළමු කොටස බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු හා බහු සංස්කෘතික කටයුතු පිළිබඳ වැඩ බලන ඇමති Alan Tudge නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේය.

මේ හරහා ඉංග්‍රීසි භාෂාව ඉතා හොඳ තත්ත්වයකින් ඉගෙන ගැනීමට සංක්‍රමණිකයින්ට අවස්ථාව සැලසීම සහ මෙම පාඨ මාලාවන් සඳහා සංක්‍රමණිකයින් ගේ ඉහළ සහභාගීත්වයක් අපේක්ෂා කෙරේ.

2020 ඔක්තෝබර් 1 වන දින හෝ ඊට පෙර ඔස්ට්‍රේලියාවට පැමිණි සංක්‍රමණිකයින් සඳහා මෙම උපකාරක පන්ති ආරම්භ කිරීම සහ සම්පූර්ණ කිරීම සඳහා වන කාල සීමාවන් ද ඉවත් කර ඇත.

ඔස්ට්‍රේලියාවේදී සංක්‍රමණිකයින්ට සාර්ථක වීමට ඉංග්‍රීසි අත්‍යවශ්‍ය බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු හා බහු සංස්කෘතික කටයුතු පිළිබඳ වැඩ බලන ඇමති Alan Tudge පැවසුවේය.

"ඔස්ට්‍රේලියාවේ ඉංග්‍රීසි භාෂාව නොමැතිව රැකියාවක් සොයාගැනීම අපහසුයි, ප්‍රජාවේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වීමට අපහසුයි, අපගේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලීන්ට සහභාගී වීමට අපහසුයි" යනුවෙන් ඔහු පැහැදිලි කළේය.

ඉංග්‍රීසි කුසලතා නොමැති අයගෙන් 13% ක් පමණක් ඔස්ට්‍රේලියානු රැකියා ක්ෂේත්‍ර වල රැකියා කරන අතර හොඳින් ඉංග්‍රීසි කතා කරන අයගේ එම ප්‍රතිශතය 62% කි.

රජයේ සහ ප්‍රජා සේවාවන් වෙත ප්‍රවේශ වන්නේ කෙසේද, බැංකු කටයුතු සිදුකරන්නේ කෙසේද, සෞඛ්‍ය සහය සහ හදිසි අවස්ථාවකදී හදිසි සේවා ලබන්නේ කෙසේද මෙන්ම ඔස්ට්‍රේලියානු නීතිය හා වැසියන්ගේ අයිතිවාසිකම් පිළිබඳවද AMEP වැඩසටහන පිරිනමන සැපයුම්කරුවන් සංක්‍රමණිකයින්ට ලබා දෙයි.

Adult Migrant English Program පිළිබඳ වැඩි විස්තර .

Share
Published 11 December 2020 4:15pm
By Madhura Seneviratne

Share this with family and friends