මෑතකදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සංචාරය කර පැමිණි වික්ටෝරියානුවාසීන් අනිවාර්යෙන් දැනගත යුතු කරුණු (SBS සිංහල/ වාර්තා)

Queues of vehicles have formed in southern NSW as Victorians try to return home before the interstate border closes.

Queues of vehicles have formed in southern NSW as Victorians try to return home before the interstate border closes. Source: SBS

සිඩ්නි කලාපයේ කොරෝනා පොකුරු වර්ධනය වීමත් සමග නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට ගොස් සිටි සියලුම වික්ටෝරියානු ප්‍රාන්ත වැසියන්ට ජනවාරි 01 වන දින මධ්‍යම රාත්‍රී 12 ට පෙර යළි වික්ටෝරියානු ප්‍රාන්තයට පැමිණෙන ලෙස වික්ටෝරියානු ප්‍රාන්ත රජය විසින් නියෝග කරන ලදී.

එලෙස මෑතදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට ගොස් යළි වික්ටෝරියානු ප්‍රාන්තයට පැමිණි හා ස්වයං නිරෝධායනය විය යුතු වික්ටෝරියානු වැසියන්ට මෙම තොරතුරු  වැදගත් වේ.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


ස්වයං නිරෝධායනය යනු කුමක්ද?

ස්වයං නිරෝධායනය යනු ඔබ නිවසට පැමිණි දින සිට දින 14 ක් නිවසේම රැදී සිටීම වේ.

හදිසි අවස්ථාවක් හෝ වෛද්‍ය පහසුකම් හෝ ලබා ගැනීමට හැර වෙනත් කිසිදු හේතුවක් නිසා ඔබට එම කාලයේ නිවසින් බැහැර වීමට අවසර නැත.

ඔබට එම කාලය තුළ අමුත්තන් නිවසට ගෙන්වා ගැනීමටද නොහැකිය.

නිවසේදී ස්වයං නිරෝධායනය වන ලෙස ඉල්ලා සිටින්නේ ඇයි?

ඔබ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සංචාරය කරන අතරේ කොරෝනා වයිරසයට නිරාවරණය වීමේ වැඩි ඉඩක් තිබූ නිසා ඔබට ඔබේ නිවසේදී ස්වයං නිරෝධායනය වන ලෙස ඉල්ලා සිටී.

ඔබ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිට යළි වික්ටෝරියා ප්‍රාන්තයට පැමිණ පැය 24 ක් ඇතුළත කොරෝනා පරීක්ෂණයක් සිදුකරගත යුතුවේ. එම පරීක්ෂණයෙන් අනතුරුව ඔබ ඔබේ නිවසට සෘජුවම යා යුතු අතර දින 14 ක් ස්වයං නිරෝධායනය විය යුතු වේ. කොරෝනා පරීක්ෂාවෙන් අනතුරුව ඔබට වෙනත් ස්ථාන වල සැරිසැරිය නොහැකිය.

ඔබට ආහාර පාන ලබාගැනීමට අවශ්‍ය නම් නිරෝධායනය නොවන ඔබේ පවුලේ සාමාජිකයෙකු හට හෝ මිතුරෙකු හට කියා ඒවා ඔබේ නිවසේ දොර අසලින් තබා යන ලෙස උපදෙස් දිය හැකිය.

ඔවුන් කිසිදු අවස්ථාවක ඔබේ නිවස තුළට ඇතුළු නොවිය යුතුය. අවශ්‍ය අය සඳහා හදිසි සහාය ද ලබා ගත හැකිය.

කොරෝනා පරීක්ෂාව සෑම දෙනාටම නොමිලයේ කරගත හැකිය. ඒ සඳහා ඔබ ඔස්ට්‍රේලියානු පුරවැසියෙකු හෝ ස්ථිර පදිංචිකරුවෙකු හෝ වීම අවශ්‍ය නැති  අතර Medicare කාඩ් පතක්ද තිබීම අවශ්‍ය නොවේ.

වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා පරීක්ෂාව සිදුකරන ස්ථාන පිළිබඳ සම්පූර්ණ ලැයිස්තුව .
Stranded Australians have filed legal action with the UN against the Morrison government.
Stranded Australians have filed legal action with the UN against the Morrison government. Source: pexels

මම නිවසේ ස්වයං නිරෝධායනයක යෙදී සිටින අතර වෙනත් පුද්ගලයින් සමඟ ජීවත් වන්නේ නම් කුමක් කළ යුතුද?

නිරෝධායනය වීමට අවශ්‍ය නොවන වෙනත් පුද්ගලයින් සමඟ ඔබ ජීවත් වන්නේ නම්:

  • ඔබ හැකි තරම් වෙනත් කාමරයක නැවතී සිටිය යුතු අතර එහිම නිදා ගත යුතුය.
  • තිබේ නම් ඔබ වෙනම නාන කාමරයක් භාවිතා කළ යුතුය.
  • ඔබේ නිවස තුළ හෝ නවාතැන තුළ ඔබව බැලීමට මිනිසුන් ගෙන්වා නොසිටින්න.
  • නිවසේ සිටින අන් අය සමග මීටර් 1.5 ක දුරකින් සිටින්න.
  • නිවසේ සිටින අන් අය සමග කෑම බීම බෙදා නොගන්න. හැඳි ගෑරුප්පු, පිහි, පිඟන් හෝ වතුර බොන වීදුරු වැනි ගෘහ භාණ්ඩ නිවසේ සිටින අන් අය සමග බෙදා නොගන්න.

SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


නිවසේදී ස්වයං නිරෝධායනය වීම වැදගත් වන්නේ ඇයි?

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොරෝනා ආසාදිතයින් හා ඔවුන් ආ ගිය ස්ථාන වැඩිවෙමින් පවතී. එහි ප්‍රතිඵලයක් ලෙස නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සංචාරය කළ පුද්ගලයින් කොරෝනා වයිරසයට නිරාවරණය වීමේ වැඩි සම්භාවිතාවක් පවතී.

එවැනි පුද්ගලයින් කොරෝනා පරීක්ෂාව සිදුකර නිවසේදී ස්වයං නිරෝධායනය වීමෙන් වික්ටෝරියානු ප්‍රජාව අතර කොරෝනා වයිරසය පැතිරීම වළක්වා ගැනීමට උපකාර වනු ඇත.

කොරෝනා රෝග ලක්ෂණ ඇති වුවහොත් කුමක් කළ යුතුද?

ඔබට කොරෝනා රෝග ලක්ෂණ ඇතිවුවහොත් ඔබේ කලින් කොරෝනා පරීක්ෂාවේ ප්‍රතිඵල negative වුවද ඔබ වහාම යළි කොරෝනා පරීක්ෂාවක් සිදුකරගත යුතුය.

එලෙස ඔබ යළි කොරෝනා පරීක්ෂාවක් සිදුකරගන්නා විට ඔබ මෑතකදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සංචාරය කර පැමිණි බවත් මේ වන විට නිවසේ ස්වයං නිරෝධායනය වන බවත් හෙළි කළ යුතුය.

මුව ආවරණයක් පැළඳ ඉන් අනතුරුව හැකි ඉක්මණින් නිවසට පැමිණෙන්න.

හුස්ම ගැනීමේ අපහසුතාව වැනි බරපතල ගනයේ රෝග ලක්ෂණ ඇත්නම් වහාම 000 මතා ගිලන් රථයක් ගෙන්වා ගත යුතුය. ඒ අවස්ථාවේදී ද ඔබ මෑතකදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සංචාරය කර පැමිණි බවත් මේ වන විට නිවසේ ස්වයං නිරෝධායනය වන බවත් හෙළි කළ යුතුය.

මුල්‍ය සහය

ඔබ නිවසේ සිටීම හේතුවෙන් ඔබට සහය සේවා රැසක් හිමිවේ.

එහිදී ලබා දෙන මුල්‍ය සහය සහ අනෙකුත් උපකාරක සේවා පිළිබඳ විස්තර.

ඊට අමතරව 1800 675 398 අංකයෙන් ඔබට coronavirus hotline එකට ඇමතිය හැකි අතර එහිදී 0 අමතා භාෂා පරිවර්තකයෙකු ගේ සහය ද ලබාගත හැකිය.

Share
Published 6 January 2021 8:56pm
By Madhura Seneviratne

Share this with family and friends