සතියක් පුරා වයිරසය ආසාදනය වී තිබුණු නව කොරෝනා ආසාදිතයෙකු නිසා බ්‍රිස්බේන් නුවර යළි කැළඹෙයි (SBS සිංහල/ වාර්තා)

Brisbane City සහ Moreton Bay නගර සභා කලාප තුළ රෝහල්, aged care මධ්‍යස්ථාන සහ ආබාධිත සේවා මධ්‍යස්ථාන lockdown කිරීමට ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අගමැතිනිය නියෝග කළාය.

Queensland Premier Annastacia Palaszczuk

Queensland Premier Annastacia Palaszczuk Source: AAP

උතුරු බ්‍රිස්බේන් කලාපයේ පුද්ගලයෙකු කොරෝනා වයිරසයට ධනාත්මක බව සිදුකළ කොරෝනා පරීක්ෂණයකින් තහවුරු වී තිබේ.

වයිරසය ආසාදනය වී තිබියදී ත් එම පුද්ගලයා ප්‍රජාව අතර තම සුපුරුදු කටයුතු කරමින් සිටි බවද සඳහන්.


Highlights

  • උතුරු බ්‍රිස්බේන් කලාපයේ Stafford ප්‍රදේශයේ වෙසෙන 26 හැවිරිදි පුද්ගලයෙකු කොරෝනා වයිරසයට ධනාත්මක වී ඇත.
  • මේ හේතුවෙන් Brisbane City සහ Moreton Bay නගර සභා කලාප තුළ රෝහල්, aged care මධ්‍යස්ථාන සහ ආබාධිත සේවා මධ්‍යස්ථාන lockdown කර තිබේ.
  • ආසාදිතයා ආ ගිය ස්ථාන මේ වන විට හඳුනාගෙන ඇති ප්‍රකාශයට පත් කර ඇත.

 

බ්‍රිස්බේන් නුවරින් නව කොරෝනා ආසාදිතයෙක් නිසා lockdown කිරීමක්

උතුරු බ්‍රිස්බේන් කලාපයේ Stafford ප්‍රදේශයේ වෙසෙන 26 හැවිරිදි පුද්ගලයෙකු කොරෝනා වයිරසයට ධනාත්මක වී ඇතැයි ඊයේ සිදුකළ කොරෝනා පරීක්ෂණයකින් තහවුරු වී ඇති බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අගමැතිනී Annastacia Palaszczuk පැවසුවාය.

පසුගිය සතියේ සිකුරාදා (19/03) සිට ඔහුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවත් එදින සිට ඔහු සිය ප්‍රජාව තුළ සාමාන්‍ය අන්දමින් කටයුතු කර ඇති බවත් ඇය ප්‍රකාශ කළාය.

මේ හේතුවෙන් Brisbane City සහ Moreton Bay නගර සභා කලාප තුළ රෝහල්, aged care මධ්‍යස්ථාන සහ ආබාධිත සේවා මධ්‍යස්ථාන lockdown කිරීමට ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අගමැතිනිය නියෝග කළාය.

කොරෝනා වයිරසය සමාජය තුළ සම්ප්‍රේෂණය වීම වැළක්වීම සඳහා මෙම පියවර ගත් බව ඇය පැහැදිලි කළාය.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download)


 

ඉහත නගර සභා කලාපවල සිටින පුද්ගලයින්ට නිවසින් බැහැරව යාමේදී මුව ආවරණ පැළඳීමටත් පුද්ගල දුරස්ථභාවය තබාගැනීමටත් උපදෙස් ලබා දී ඇත.

ඉදිරි දින කිහිපය තුළ ඔබ අසනීප තත්ත්වයකින් පෙළුනහොත් නිවසේම සිටින ලෙසටත් කොරෝනා පරීක්ෂණයක් කරගන්නා ලෙසටත් ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අගමැතිනී Annastacia Palaszczuk ප්‍රාන්ත වැසියන්ගෙන් ඉල්ලා සිටියාය.

ආසාදිතයා ආ ගිය ස්ථාන

අලුතින් හඳුනාගත් ආසාදිතයා Royal Brisbane and Women's රෝහලේ ප්‍රතිකාර ලබන බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීනී Jeannette Young පැවසුවාය.

ඔහුගේ නිවසේ සිටින අනෙකුත් සාමාජිකයින්ව මේ වන විට හුදකලා කර ඇති අතර Stafford හිදීම කොරෝනා පරීක්ෂාවන්ට ලක් කර තිබේ.

මාර්තු 20 සිට 25 දක්වා කාලය තුළ අදාළ ආසාදිත පුද්ගලයා ස්ථාන කිහිපයකටම ගොස් ඇති අතර ඒවා පහත පරිදි වේ.

  • Carindale Shopping Centre
  • Newstead හි Gasworks Plaza
  • Redcliffe හි Mamma's Italian Restaurant
  • Stafford හි Bunnings
  • Stafford හි Aldi
  • Stafford හි Guzman y Gomez
මාර්තු 22 වන දින අදාළ පුද්ගලයා landscaper වරයෙකු ලෙස රාජකාරිය කරන අතරේ ඔහුට කොරෝනා රෝග ලක්ෂණ පහළ වී තිබේ.

ඉහත කාල වකවානුව තුළ ඉහත ස්ථාන වෙත ගොස් ඇති සෑම දෙනාම පාහේ කොරෝනා පරීක්ෂාවන් කරගන්නා ලෙස ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීනී Jeannette Young ඉල්ලා සිටියාය.

අදාළ ආසාදිත පුද්ගලයා සමග සමීපව ගැවසුණු පුද්ගලයින් ප්‍රමාණය කොපමණදැයි පැවසීමට තවමත් කල් වැඩි නමුත් ආසාදිතයාගේ  ආශ්‍රිතයින් ලුහුබැඳ යන කණ්ඩායම් ඔහු ආ ගිය ස්ථාන පිළිබඳ විමර්ශනය කරමින් සිටින බවත් ඇය පැවසුවාය.

ඔහුට කොරෝනා වයිරසය ආසාදනය කළ පුද්ගලයා තවමත් ප්‍රජාව තුළ සැරිසරමින් සිටිය හැකි බව ද ඇය පෙන්වා දුන්නාය.

Share
Published 26 March 2021 6:18pm
By Madhura Seneviratne
Source: AAP, SBS


Share this with family and friends