අයදුම් කර වසර ගණනාවක් බලා සිටීමට සිදුවන ඔස්ට්‍රේලියාවේ Family සහ Partner වීසා සඳහා අලුත් බලාපොරොත්තුවක් (SBS සිංහල/ වාර්තා)

ලක්ෂ සංඛ්‍යාත ඔස්ට්‍රේලියානුවන්ට බලපාන family සහ partner වීසා ප්‍රමාදවීම්, වෙනස් කොට සැලකීම් සහ දේශ සීමා ගැටළු පිළිබඳව මෙම පුළුල් පරාසයක විමර්ශනය මගින් අවධානය යොමු කෙරේ.

A passport with Australian immigration stampand visa

australian immigration passport with passport and visa Source: Getty Images

ඔස්ට්‍රේලියාවේ family සහ partner වීසා වැඩසටහනේ ඇතිවී ඇති විවිධ ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳ සෙනට් විමර්ශනයක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

ග්‍රීන්ස් පක්ෂය ඒ සම්බන්ධව ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෝසමක් පසුගිය අඟහරුවාදා (23/02) සම්මත වීමෙන් පසුව මෙම තීරණය ගෙන ඇත.


Highlights

  • Family සහ Partner වීසා වැඩසටහන යටතේ නිකුත් කෙරෙන ඇතැම් වීසා ලබාගැනීමට වසර 50 ක් පමණ බලා සිටිය යුතුය.
  • මෙම ගැටළු මගහරවාගැනීම සඳහා ඔස්ට්‍රේලියාවේ Family සහ Partner වීසා වැඩසටහන ප්‍රතිසංස්කරණය කළ යුතු බවට ග්‍රීන්ස් පක්ෂයේ නියෝජ්‍ය නායක Nick McKim පැවසීය.
  • ඔස්ට්‍රේලියාවේ Family සහ Partner වීසා අයදුම්කරුවන්ට තම වීසා බලපත්‍රය ලබාගැනීමට ඔස්ට්‍රේලියාවෙන් බැහැරව යා යුතුය යන නීතිය තාවකාලිකව අත්හිටුවයි.

ඔස්ට්‍රේලියාවේ family සහ partner වීසා වැඩසටහනේ ගැටළු

ඔස්ට්‍රේලියාවේ family සහ partner වීසා වැඩසටහන ආශ්‍රිතව හටගෙන ඇති වීසා ප්‍රමාදවීම්, වීසා ගැටළු, වෙනස් කොට සැලකීම් සහ දේශ සීමා ගැටළු පිළිබඳව මෙම සෙනට් විමර්ශනය අවධානය යොමු කරනු ඇත.

මෙම family සහ partner වීසා වැඩසටහන නැවත සකස් කරන ලෙස ග්‍රීන්ස් පක්ෂයේ නියෝජ්‍ය නායක Nick McKim දැඩිව ඉල්ලා සිටින අතර වත්මන් family සහ partner වීසා වැඩසටහන තුළ ඇති ගැටළු පරීක්ෂා කිරීම ඉතා වැදගත් බව පැවසුවේය.

"අපගේ family සහ partner වීසා වැඩසටහන අකර්මන්‍ය වෙලා, එය ඔස්ට්‍රේලියාවේ ජීවත්වන බොහෝ දෙනෙකු ගේ ජීවිත වලට අයහපත්ව බලපෑ තිබෙනවා." යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


අදාළ වීසා ලබාගැනීම උදෙසා දශක ගණනාවක පටන් පොරොත්තු ලේඛනයක් ඇති බවත් ඒ සඳහා අධික ගාස්තු අය කරන බවත් ඔහු පෙන්වා දුන්නේය.

එමෙන්ම වත්මන් වැඩසටහනේ බොහෝ මිනිසුන් තම ආදරණීයයන්ගෙන් වෙන්කොට සිටින සංකීර්ණ ක්‍රියාවලියක් අන්තර්ගත වන බවද ඔහු අවධාරණය කළේය.

" family සහ partner වීසා වැඩසටහන යටතේ නිකුත් කෙරෙන ඇතැම් වීසා ලබාගැනීමට වසර 50 ක් පමණ බලා සිටිය යුතුයි, එය හුදෙක් විකාරසහගත ක්‍රියාවක්." යනුවෙන්ද ග්‍රීන්ස් පක්ෂයේ නියෝජ්‍ය නායක Nick McKim දැඩිව කියා සිටියේය.
Greens Senator Nick McKim at a press conference at Parliament House in Canberra in May 2020.
Deputy Greens leader Nick McKim says it's crucial that issues within the family reunion visa system are examined. Source: AAP

ඔස්ට්‍රේලියාවේ family සහ partner වීසා වැඩසටහන පිළිබඳ විමර්ශනය

ඉහත ගැටළු මගහරවාගැනීම සඳහා ඔස්ට්‍රේලියාවේ family සහ partner වීසා වැඩසටහන පිළිබඳ ගැඹුරින් විමර්ශනය කළ යුතු බවත් එය වඩාත් සාධාරණ ආකාරයෙන් සහ කාලීනව උචිත ආකාරයෙන් නිර්මාණය කළ යුතු බවත් ග්‍රීන්ස් පක්ෂයේ නියෝජ්‍ය නායක Nick McKim පැවසීය.

මෙම විමර්ශනය නීති හා ව්‍යවස්ථාමය නිර්දේශ කමිටුව හරහා සිදු කෙරේ.

ඔස්ට්‍රේලියාවේ වත්මන් family සහ partner වීසා වැඩසටහන් බොහෝ ඔස්ට්‍රේලියානුවන් ගේ ජීවිත වලට බරපතල ලෙස අයහපත් අන්දමින් බලපා ඇති බව කම්කරු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී Julian Hill පැවසීය.
"වත්මන් ඔස්ට්‍රේලියාවේ බලය හොබවන ලිබරල් පක්ෂයේ family සහ partner වීසා වැඩසටහන වැරදි ලෙස කළමනාකරණය කිරීම නිසා ඔස්ට්‍රේලියානු පවුල් සිය දහස් ගණනක් කම්පාවට පත්ව සිටිනවා." යනුවෙන් ඔහු SBS පුවත් සේවයට ප්‍රකාශ කළේය.

තමන්ගේ සහකරු හෝ සහකාරිය ගේ වීසා ලැබෙන තෙක් ලක්ෂයක පමණ පිරිසක් බලා සිටින අතර කිසිදු හෝඩුවාවක් නොමැතිකමින් ඒ බොහෝ දෙනෙකු ට වසර ගණනක් එකිනෙකාගෙන් වෙන්ව සිටීමට සිදුවී තිබෙන බවද කම්කරු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී Julian Hill පෙන්වා දුන්නේය.


SBS සිංහල සේවය

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW 

නැතිනම්  රූපවාහිනියේ channel 38 


කොරෝනා වසංගතය නිසා බලපෑම්

කොරෝනා වසංගතය ඔස්ට්‍රේලියාවේ වීසා සැකසුම් ක්‍රියාවලියට බලපා ඇති බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටින පුද්ගලයින් සඳහා වීසා ලබා දීමේදී විශේෂිත පරීක්ෂාවට ලක් කෙරේ.

මෑතක් වනතුරුම family සහ partner වීසා අයදුම්කරුවන් තම වීසා අනුමත කරගැනීම සඳහා රටින් පිටව ගොස් වීසා සඳහා අයදුම් කළ යුතුව තිබුණි.
නමුත් එම අවශ්‍යතාව පෙබරවාරි 27 වන දින සිට නොසලකන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පසුගිය ජනවාරි මාසයේ අග භාගයේදී පැවසුවේය.

ඒ අනුව කොරෝනා වසංගතය පවතින කාලයේදී තමන්ගේ family හෝ partner වීසා අනුමත වීම් සඳහා අදාළ අයදුම්කරුවන්ට ඔස්ට්‍රේලියාවේ සිටම අයදුම් කළ හැකිය.
නමුත් ඔස්ට්‍රේලියාවේ family සහ partner වීසා නිකුත් කිරීමට අධික කාලයක් ගතවීම කොරෝනා වසංගතය නිසා සිදුවූ බලපෑමක් වන බවට අගමැති මොරිසන් පෙන්වීමට උත්සහ දරන නමුත් එය පිළිගත නොහැකි බව කම්කරු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී Julian Hill පැවසීය.


Share
Published 25 February 2021 10:44am
Updated 12 August 2022 3:11pm
By Emma Brancatisano, Madhura Seneviratne


Share this with family and friends