ජුනි 28: වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කිසිදු කොරෝනා ආසාදිතයෙකු හමු නොවෙයි

No new local coronavirus cases recorded in Victoria

Source: SBS Sinhala/ Madhura Seneviratne

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් කිසිදු කොරෝනා ආසාදිතයෙකු හමු නොවූ බව වික්ටෝරියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

මේ වන විට වික්ටෝරියානු ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 45 කි.

ඊයේ දිනයේදී (27/06) වික්ටෝරියානු ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 17,617 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 14,294 ක් ලබා දී තිබේ.


Share
Published 28 June 2021 10:47am
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends