ජුනි 29: නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 19ක් හමුවෙයි

Cars line up for coronavirus testing at Bondi.

Cars line up for testing at Bondi as health authorities scramble to quash a new COVID outbreak. (AAP) Source: AAP

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් කොරෝනා ආසාදිතයින් 19ක් හමු වී ඇති බව නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

එම ආසාදිතයින් අතරින් දෙදෙනෙකු හට වයිරසය ආසාදනය වූ ආකාරය පිළිබඳ පරීක්ෂණ පවත්මින් සිටියි.

මේ සමග ජුනි 16 වන දින සිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොරෝනා වයිරසය යළි හිස එසවීමත් සමග වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව 149 ක් දක්වා ඉහළ නැග තිබේ.

ඊයේ දිනයේදී (28/06) නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 67,000 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 17,976 ක් ලබා දී තිබේ.


Share
Published 29 June 2021 12:25pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends